රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, July 19, 2013

කළණ මිතුරෙකුගේ මුදල් පරිත්‍යාගය මත තවත් දොළොස්මහේ පහණක් පූජා කලෙමි.



ආයුබෝවන් පින්වත් යාලුවනේ අදත් මම ඔබට දැනුම් දෙන්නෙ අපි කල පින්කමක් පිලිබදවයි. මේ පින්කම තවත් දොළොස් මහේ පහන් පූජාවක්.
ඔයාලට මතක ඇති කාලෙකට ඉස්සර පින්කම් ගොඩක් සිදුකලා. මෙන්න මෙතනින් බලන්න පුලුවන් පින්කම් පිලිබදව.


ඉතින් මේකෙ සදහන් වෙනව නේද සැරියුත් මුගලන් පිළිම පූජාවක් පිලිබදව. පිළිම වලට රුපියල් 48,500ක් මේවනවිට වියදම් වෙලා තියෙනව. තව ඒ පිළිම වහන්සේලාගෙ පින්තාරු කටයුතු කරන්න තියෙනව. ඊට අමතරව පාදමක් මත තියල තියෙන ඒ පිළිම වහන්සේලාගෙ පාදම සකස් කරල කපරාරු කරන්න වගේම ඒකෙ පිනතාරු කටයුතුත් තියෙනව.. මුදල පරිත්යාග කලේ මැදපෙරදිග රැකියා කරන පින්වත් මල්ලි කෙනෙක් සහ එයාගෙ පවුලේ උදවියයි. මේ තියෙන්නෙ ලින්ක් එක.


ඉතින් පින්වත් පින්වත් මල්ලි කෙනෙක් සහ එයාගෙ පවුලේ උදවියම තමයි මේ පහන පරිත්යාග කලේ. පන්සල තමයි ඔය පිළිම වහන්සේලා පරිත්‍යාග කල පන්සල. කුරුණෑගල බෝයගනේ නයිලිය සිරි නාගංගනාරාම විහාරස්ථානය. පන්සලේ හාමුදුරුවො මට දැන්වුව පන්සලට මේ පහණක් තිබුනොත් හොදයි කියල. මේ පින්වත් යාලුව ඒ පහණ අපි අද  දවසෙ ඒ කියන්නෙ  2013/07/19 පහණ පරිත්යාග කලා. ඔයාලට පින්තූෙරන් පෙන්වන්නෙ එවන් පහණක් තමයි. මේකෙ වටිනාකම රුපියල් 40,000ක්. නමුත් මේ පහණ හදපු කෙනා මගෙ මිත්‍රයෙක්. නිසා එයාගෙ මහන්සිය අඩුකරල පහණ රුපියල් 30,000කට ලබාදෙන්න එයා කාරුණික උනා. මුදල ලබාදුන්නෙ මම කියපු යහලුව.
මුහුණුපොතේ මගෙ යහලුවෙක් වෙන මේ සොහොයුරා මගෙ මූණවත් දැකල නෑ. එහෙත් එයා මා ගැන විශ්වාස කරලයි මේ පින්කම් වලට මුදල් ලබා දෙන්නෙ.

පින්වත් යාලුවනේ පහන් පූජාවේ ආනිශංස මොනවද පොඩ්ඩක් බලමු.
පහන් පූජාවේ අනුසස්,
"දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය.

පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් පූජාවේ අනුසස් -
ප්රඥාව ලැබීමට හේතු වීම
හො ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත් වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

ඉතින් පින්වත් යාලුවනේ මේ මහා අනර්ඝ පින්කම් දෙකම සිදුකල දයාබර යාලුවගෙ නම මම මෙතන හෙලි කරන්නෙ නෑ. මොකද ඒක එයාගෙ පුද්ගලිකත්වයට බාදාවක් වෙන්න පුලුවන් නිසයි.

නමුත් මම මේ පහණ පරිත්‍යාගයට දායක උන අයගෙ නම්ටික මෙතන දාන්නම්.

රන්ජනී කලුආරච්චි
නිලූකා තුෂාරි
කල්පන අතුරුගිරිය
නන්දනී අතුරුගිරිය
ශ්‍රියාණි ධම්මිකා
රොෂානි සමරසිංහ
වීනාවි රුක්ෂිකා
නිලූකා මන්ත්‍රිවිතාන
කියන පින්වත් ඇත්තන් තමයි මේ කටයුත්තට දාය උනේ

මුදල් පරිත්‍යාග කල දයාබර යහලු පින්වතුනේ, මේ සිදුකල පින්කම් බෙලෙන් ඔබවන් දරුවන් බිහිකල දයාබර පින්වත් දෙමාපියන් දීර්ඝායුෂ ලැබේවා. සියක් වසරකට වැඩි කාලයක් ආයුෂ ලබන්නටත් නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කරන්නටත් හැකියාව ලැබේවා. මහලුවියට පත්වනවිට ස්වභාවිකව සිදුවන ඇස්පෙනීම අඩුවීම වගේ රෝග ඔබ කල පහන් පූජාවේ ආනිසංශයෙන් දුරුවෙලා මිය යන තුරුම ඉතාම තියුණු පෙනීමක් ඇතිවේවා. අනිකුත් සියලු ආබාධ දුරුවේවා. සියක් වසරකටත් වඩා ආයු වලදා සතුටින්ම මිය යන්නටත් සුගතිගාමී වෙන්නටත් කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නටත් දයාබර දෙමාපියන්ට හැකිවේවා.

එසේම දයාබර ඔබලාටත් ඔබේ බිරිදටත් ස්වාමි පුරුෂයන්ටත් ඔබේ දරුවන්ටත් අනිකුත් ඔබේ සමීපතමයන්ටත් නිදුක් නිරෝගී ජීවිතයක් ඇතිවේවා. ඔබ කරන කියන සියලු වැඩ කටයුතු අතිශයින් සාර්ථක වේවා‍. සොරකම් නොකර, අසාධාරණයෙන් හම්බ නොකර දාඩිය මහන්සියෙන් උපයාගත් ධනය වැයකර සිදුකල මේ මහා පින්කම් ඔබටත් පවුලේ සැමටත් මේ ජීවිතය තුල පමණක් නොව නිවන් දකිනා ජාති දක්වාම සැප විපාක ලැබේවා. කෙලවර ඔබ සියලු දෙනා පතන බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින්කම් හේතුවේවා ... මුහුණුපොතේ සියලු මිතුරන් සමග අපි ඔබට මෙලෙස පුණානුමෝදනා කරමු.

පින්වත් යාලුවනේ, අපි විසින් සිදුකරගෙන යන තවත් පින්කමක් තියෙනව. පැරණි චෛත්යයක් ප්රතිසංස්කරණය කිරීමක්. මෙන්න මෙතනින් පිලිබද විස්තර ලබාගන්න පුලුවන්.


ඔබත් කැමතිනම් මේ පින්කම් වලට දායක වන්න පුලුවන්. මේ පින්කමට ලැබුනු මුදල් ප්රමාණවත් නැති නිසා ඔබ කැමතිනම් මේ පින්කමට දායක වන්න. පුලුවන් කෙනෙක් මට මැසේජ් එකක් එවන්න. මම ඔබට සියලු විස්තර ලබාදෙන්නම්. ඔබේ අතින්ම පරිත්යාගයන් කරන්න අපි අවස්ථාව සලසල දෙන්නම්.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා ... ... ...

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්

,
බිල්පත
 

No comments:

Post a Comment