රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, August 20, 2013

බෝධීන් වහන්සේනමක් අසල පහන් ගෙයක් ඉදිකිරීමට කළණ මිතුරන්ගේ දායකත්වයෙන් මුදල් පරිත්‍යාග කලෙමි



පිනවත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් මේ සසුන බ්ලොග් අඩවියෙන්. අනිත් ලින්ක් ටිකත් බලන්නකෝ.

හොදයි පින්වත් යාලුවනේ අපිට මේ පින්කම් වලට ආධාර ලැබෙන්නෙ විදෙස්ගත පින්වත් යහලුවන්ගෙන්. මම ඒ අයට සියලුම විස්තර නිතර යවනව ඒ පින්කම් පිලිබදව. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ මුදල් ලද බවට සහතික කල ලිපි, ඣායාරූප ආදිය සියල්ල යවනව. හදවතට එකගව එයාලගෙ මුදල් වලට නියම වටිනාකම ලබාදෙනව. අපිත් ඒ පින්කම්වලට පොඩි මුදලක් හරි වියදම් කරනව විනා ඒ මුදල් අයුතු පරිභොජනයක් කරන්නෙ නැ කියල දිව්රල කියන්න පුලුවන්. එයාල පින්කමකට සල්ලි දුන්න කියන්නෙ ඒක බුද්ධ දේපල ක්. බුද්ධ දේපල අයුතු පරිභොජනය කරන ඇත්තන්ට ආයි ඉතින් ආත්මයක්නම් නෑ. ඒ ඇත්තො දහදිය මහන්සියෙන් හම්බුකරන මුදල් පින්කම්වලට වියදම් කරන්න දීපුවම ඒව අපි ගසා කෑවොත් වැහි නැති අකුණු වදීවි අපිට. ඒ නිසා ඒ මුදල් අපි අයුතු පරිභොජනයක් කරන්නෙ නැතිව පුලුවන්නම් අතිනුත් මුදල් දාලයි ඒ පින්කම සම්පූර්ණ කරන්නෙ. ඒ අය සල්ලි දුන්න වෙලාවෙම වගේම පින්කමින් පසුවත් සතුටු සිතින් ඉන්නවනම් පින්කම හරියට කෙරුන කියල අන්න එතනයි අපි ලබන සතුට තියෙන්නෙ.

හොදයි, අද මම තවත් පින්කමක් පිලිබදව දැනුම් දෙන්නම්. ඔයාලට මතක ඇති පූජනීය බෝධීන්වහන්සේ නමක් වටා ගල් බැම්මක් බදින්න මුදල් පරිත්‍යග කලා.

මෙන්න ඒ ලින්ක් එක.
http://www.sasuna.blogspot.com/2013/08/blog-post_6.html

අන්න ඒ බෝධීන්වහන්සේගේ ආරක්ෂාවට තමයි මේ පහන්ගේ ඉදිකරන්නෙත්. මොකද බෝධිය වටා පහන් පත්තු කරද්දි ඒවගෙ තෙල් බෝධීන් වහන්සේගේ මුල් අසල හැලෙනව. ඒව බෝධියේ පැවැත්මට අහිතකරයි. ඒ විතරක් නෙවෙයි. පහන් එළියෙන් නැගෙන උෂ්ණය බෝධියට ඒතරම් සුදුසු නෑ. අනිත් කාරනේ වැසි දවස්වලට පහන් පත්තු කරන්න ඉඩකුත් නෑනෙ.
              ඔය කාරනේ නිසයි පහන් ගෙයක් ඉතිකරන්න තීරණය කලේ. මේ සදහා මගෙ යාලුවො තුන් දෙනෙක් මුදල් පරිත්‍යාග කලා.

දිනුෂ විජේතුනංග                                  -           10,000/-
ශිරන්ත ඉලංගරත්න මහත්මයා             -             5,000/-
කල්පන අතුරුගිරිය                              -             5,000/-

විශේෂයෙන්ම දිනුෂ මහත්මයගෙ 29 වැනි උපන්දිනය වෙනුවෙන් මේ මුදල් දස දහසක මුදලක් පරිත්‍යාග කලේ.

හොදයි යහලුවනේ මේ සිදුකල පින්කමේ ආනිසංස ඔබ දන්නවද ? මෙතනදි සිදුකලේ පහන් ගෙයක් පූජා කිරීමයි. මේක ගැන බලන්න ඉස්සරල පහන් පිදීමේ අනුසස් පොඩ්ඩක් බලමු.


දීපදෝ හෝති චක්ඛුදෝයනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.

අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. උපාසකය! එය සදහා ප්රදීපදානය දෙන්නට වටනේයයි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,

කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වායි සිතූවාය.

එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ප්රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. පහන් පසුදින හිර උදාවන තෙක් දැල්විණ.
පසු කාළයේ කළු්රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.

පිනෙන් අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්රකාශනයකි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර කාලයේ මම යම් ප්රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.

දැන් ඔය කිව්වෙ පහනක් පිදීමේ අනුසස්. එතකොට පහන් ගෙයක්ම පිදුවම මොනතරම් අනුසස්ද ? මොකද පහනක් පිදුවම ඒක පත්තු වෙලා එතනින් ඉවර වෙනව. හැබැයි පහන් ගෙයක්ම පිදුවම මොනතරම් ආනිසංසයක් ලැබේවි කියල හිතෙනවද?  අනිත් කාරනේ මේ පහන්ගෙය දශක කීයක්නම් පවතීද? ඒ හැම ගතවෙන බොහෝ දිනවල මෙතන පහනක් පත්තුවෙනව. ඒ විතරක්ද? පහන් පත්තු කරන්නට සෙවන සලසනව. පිහන නිවෙන්න පලිබෝදක වන සුලගින්, ජලයෙන්, කොලඅතු වලින් ආරක්ෂාව සලසනව. තෙල් වැටිල, උෂ්ණෙ වැදිල සිදුවන උවදුරු වලින් බෝධින් වහන්සේ ආරක්ෂාවෙනව.  ඉතින් මේ හැම කාරනයකටම ආනිසංස කියල නිම කරන්න බැහැ. ඔබ සිදුකර ගත් මේ කුසලයේ බලය වචනවලින් කියන්න තරම් මම දක්ෂයෙක් නෙවෙයි.

මේ සිදුකල මහත්ඵල මහානිසංස කුසලයේ බලයෙන් පළමුකොට ඔබ තිදෙනාගේම දෙමාපියන්ට අනන්තවත් දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී ජීවිතයක් මෙන්ව වයෝවෘද්ධභාවය නිසා ඇතිවන ඇස්නොපෙනීම ආදී සියලු ස්වාභාවික ආපදා පවා මග හැරේවා. මොකද පහන් පූජාව කියන්නෙ ඇස් දන්දුන්නා හා සමාන නිසා. සියලු අපහසුකම් දුරුවී පරමායුෂ විදීමට ඔබ තිදෙනාගේම දෙමාපියන්ට මේ පින හේතු වේවා. ඔබේ අනිකුත් ඤාතීන්ටත් විශේෂයෙන්ම ඔබ විවාහකනම් ආදරණීය බිරිදටත් දරුවන්ටත් මේ පින මෙලෝ වශයෙන්ම විපාක දෙන මහා කුසලයක්ම වේවා. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මේ පහන් ආලෝක පූජාවේ අනන්ත ගුණ බෙලෙන් ආශ්චර්යමත් ලෙස වර්ධනය වේවා.. විශේෂයෙන්ම නුවණපහන් දැල්වී අසාමන්‍ය අයුරින් බුද්ධි වර්ධනය වේව‍ා. නුවණ පහලවේවා.
පින්වත් යහලුවනේ. ඔබ මාකෙරේ තැබූ විශ්වාසයට ඔබට ස්තුති කිරීමට වචන මා නොදනිමි. මගේ රූපය හෝ නොදැක, කටහඩවත් නොඅසා, මා ඉන්න තැනක් හෝ නොදැන, ඔබ දහදිය මහන්සියෙක් ඉපයූ මේ මුදල් මාවෙත එවීමට කටයුතු කිරීම මට ඔබ ලබාදුන් මහා ගෞරවයකි. ඔබ කල මේ පින් ඔබට මෙලෝ වශයෙන්ම විපාක ගෙන දේවා. අනන්ත  නව අරහාදී බුදුගුණ බලයෙන් ඔබට ඔබේ ඉදිරි ගමන් සදහා ඇති බාධක මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වාම  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. ඔබට ඇති සතුරු බාධාවෝ මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වාම දුරු‍වේවා. ඔබ කරන කියන සෑම කටයුත්තක්ම විශේෂයෙන් බුද්ධිය මෙහෙයවා සිදුකරන වැඩ කටයුතු සියල්ල මේ පහන් ගෙය පූජාවෙන් ලැබෙන අනන්ත ආනිසංස බලෙන් ආශ්චර්යමත් අයුරින් සාර්ථක වේවා. බුද්ධිය, ප්‍රඥාව, මතක ශක්තිය ආදී සියලු කාරණා මේ මහා පහන් පූජාවේ අනුහසින් අසීමිතව වර්ධනය වේව‍ා. විශේෂයෙන් බෝධි යනු බුද්ධියට කියන නමක්. ඒ සර්වඥයන් වහන්සේ බුදුවීම‍ට පිටදුන් බෝධීන්වහන්සේ සිහිපත් කරන මේ බෝධීන්වහන්සේ ආරක්ෂා කිරීම ඔබ සිදුකල මේ පින්කමේ වක්‍ර ප්‍රතිඵලයක් උනා. මේ සියල්ල ඔබට නිවන් දක්නා ජාත දක්වාම කල්ප කෝටි ගනන් සැප විපාක බලාදේවා. කෙළවර ඔබ පතන බෝධියෙන් බුදු, පසේබුදු, මහරහත් උතුමන් නිවී සැනසී වදාල අමා මහ නිවනින් සැනසීමට මේ කුසල ධර්මයෝ හේතු වේව‍ා... වාසනාවේව‍ා ...

මේ පින්කමින් මා ලබන  උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහට ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් යහපත් වචනයෙන් මට ශක්තිය දෙන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා... ... ...

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා ... ... ...

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

'


ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දෙනලද පුණ්‍යානුමෝදනා කිරීමේ ලිපිය ...


පහන් ගෙය ඉදිකල පසු ...


බිම සැකසූ අවස්ථාව 

ගරු ස්වාමීන්වහන්සේ හා බාසුන්නැහැ



මෙහි පොළවට කොන්ක්‍රීට් දැමීම සිදු කිල පසු මේ පින්කමට අදාල කටයුතු අවසන් වේ.

No comments:

Post a Comment