රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, August 6, 2013

ඉපැරණි බෝධීන් වහන්සේ නමක් රැකගැනීමට දායක වූ වගයි ...

                        
පින්වත් යාලවො හැමෝම දන්නව අපි මේ කාලය තුල විශාල පින්කම් රාශියක්ම කලා. මගෙ සහෝදර සහෝදරියො වගේ ඉන්න මේ යාලුවො සියලු දෙනා මා පිලිබද තැබූ විශ්වාසයට මම නයගැති වෙන්න ඕනි. ඔබ මාවෙත එවූ සියලු ම මුදල් සතයක්වත් අඩුවක් නොවෙන්න මගෙ අතිනුත් වැයදම් කරල ඔබ එවූ සියලු පින්කම් සම්පූර්ණ කලා. අපි කල පින්කම් දැක බලාගන්න තියෙන බ්ලොග් අඩවිය ඔබ දන්නවනෙ. නොදන්න අයට බලාගන්න මම ලින්ක් එක දාන්නම්


මේ බ්ලොග් අඩවියෙ අපි කල සියලු පින්කම් සියලු විස්තර එක්කම දාල තියෙනව. ආයි අටුවා ටිකා මොකටද ගොහිල්ලම බලන්ටකෝ.
            පින්වත් යාලුවනේ ඔන්න අපිට තවත් පින්කමක් කරගන්න ලැබුන. අපේ විහාරස්ථානයේ බෝධින් වහන්සේ අවුරුදු 200කට වඩා පරණයි කියල අපේ හාමුදුරුවො අද මා එක්ක කිව්ව. ඉතින් මේ බෝධින් වහන්සේ වටා ඇති පස් තට්ටුව වැස්සට දියවෙලා ගිහින්. දැන් මුල් විතරක් උඩට ඇවිත් තියෙනව. ඉතව කාලයක් ගියොත් බෝධින් වහන්සේට ලොකු හානියක් වෙන්න ගොඩක් ඉඩ තියෙනව. ඉතින් මේ බෝධීන් වහන්සේ රැකගන්න අපිට උදව් කරන්න කියල අපි ඉල්ලීමක් සිදු කලා. ඒ ඉල්ලීම කල පෝස්ට් එක මෙන්න තියෙනව. බලන්නකෝ.

ඉතින් අපි බෝධීන්වහන්සේ රැකගන්න අපිට උදව් කරන්න කියල කල ඉල්ලීම සාර්තක උනා. අපිට පින්වත් අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අපිට මේ සදහා දායක උනා. පින්වත් අක්කා විසින් රුපියල් 50,000/- ක මුදලකුත් පිනවත් ව්‍මල්ලිය විසින් රැපියල් 4200/-කට ආසන්න මුදලකුත් ලබාදුන්නත එකතු උන මුදල රු. 54200/-ක්. නමුත් මම මේ පින්වත් අත්තගෙයි මල්ලිගෙයි නම මෙතන දාන්නෙ නෑ. මොකද එයාලට පස්සෙ ගැටලු එන්න පුලුවන් එක් එක් අය මුදල් ඉල්ලල. ඒනිසා මම නම් දානේනෙ නෑ.
හොදයි යාලුවනේ මේ පින්කම මොනතරම් මහත්ඵල මහානිසංශ ලැබෙන පින්කමක්ද කියල බලමු.
පින්වත් මිතුරනේ බොධීන් වහන්සේ නමක් පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික බලන්නකො. බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2.සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6.ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9.කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10.චිත්ත පීඩා ඇති නොවීම
11.සතුරන් ඇති නොවීම
12.භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15.පරමායුශ විඳීමට ලැබීම
16.ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

මේ තියෙන්නෙ බොධීන් වහන්සේ ඇමදීමේ අනුසස්. එසේනම් බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීමට සිදුකරන යමකට කොතරම් පිනක් රැස් වෙයි කියල ඔබ හිතනවද?

ඉතින් මේ පින්කමට සහය දැක්වූ දයාබර සොහොයුරියේ, සොහොයුර, ඔබ මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන් ජීවත්ව සිටීනම් ඔවුන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, කියන කාරනා අපි හැමෝටම මුහුණ දෙන්න සිදුඋනත් මෙපින් බලෙන් ඒ ඇත්තන්ට අවමවශයෙන් ඒවන් දේවල් වලට මුහුණ දෙන්න ලැබේවා. කෙළවර අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. ඒ පින්වත් දෙමාපියන් මිය ගොස් ඇත්නම් ඔවුන් සිටින භවයන් ඉතාම සුවබර භවයන් බවට පත්වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන් පිරි ජීවිත ලබේවා. ඔබේ සමීපතමයන්ටත් මෙපින් බෙලෙන් යහපතක් උදාවේවා. මෙවන් උදාරතර පින්කමක් සිදුකල දයාබර ඔබටත්, ඔබේ සිවාමි, භාර්යා දරුවන් ඇතුලු ඔබගේ පවුලටම අප්‍රමාණ කුසල් සම්පත් හිමිවේවා. ගෞතම බුදුසසුන තුල විරාජමාව පරම පවිත්‍ර බෝධීන්වහන්සේට නැවත ජීවය දුන් පින ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා. සියලු දුක් කරදර පහවී යේයා. සියලු නරක ග්‍රහ බලපෑම් මෙන්ම කර්ම බලපෑම් දුරුවී අනන්ත බුදුගුන බෙලෙන් එබට යහපතම උදාවේවා. ඔබේත්, දූ දරුවන්ගේත් සියලු යහපත් ප්‍රාර්ථනා සියල්ල සාර්තක වේවා. කෙළවර සියලු දෙනාමටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ පින් හේතු වාසනා වේවා.

පින්වත් යහලුවනේ අපි තවත් පින්කමක් සිදුකරනව. මෙන්න මේ ලින්ක් එකෙන් තොරතුරු ලබාගන්න පුලුවන් ඒ ගැන.


ඔබත් මේ සදහා හැකි අයුරින් දායක වෙන්නත

මේ සම්බුදු සසරුන රැකගන්න ඔබත් දායක වන්නත අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා ....

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා ... ... ...

ඉපැරණි බෝධීන්වහන්සේ

මුදල් පරිත්‍යාග කලෙමි

ගෞරවනීය ස්වාමීන් වහන්සේ හා දායක මහතෙක්


ස්වාමීන් වහන්සේ මුදල් ලද බවට දුන් ලිපිය සහ  පුණ්‍යානුමෝදනාව



රැගෙන ආ ගල් බෝධීන් වහන්සේ අසලට දමා ඇති අයුරු



උවැසි උවැසියන් ශ්‍රමයෙන් දායක වෙමින්
 

තරුණයන් කොන්ක්‍රීට් අනන අයුරු

බාසුන්නැහැ විසින් වැඩ කරන අයුරු

වැඩ අවසන් වෙමින් පවතින බැම්ම


 වැඩ අවසන් වෙමින් පවතින අයුරු

වැඩ කටයුතු අවසන් විය ...





කඨින පින්කම දින බෝධි ප්‍රාකාරය ගෞතම බුදුසසුනට පූජා කල වගයි ...




දායක වූ, සහභාගිවූ, වචනයෙන් හෝ ලයික්, කොමෙන්ටි, ශෙයා කරමින් හෝ සහය දුන් සැමට මේ මහ පින් බෙලෙන් සසර දුක් දුරුවී නිවන් සුවයම ලැබේවා ...






No comments:

Post a Comment