රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, November 12, 2013

මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් කොත් වහන්සේලා දෙනමක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...

පිනවත් යාලුවනේ ‍අපි තවදුරටත්  පින්කම් කිහිපයක් කලා. කල සියලු පින්කම් මේ බ්ලොග් එක පුරාවටම තියෙනව.
පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි කොත් වහන්සේලා දෙනමක් පූජාකලා. මේ කොත් වහන්සේලා දෙනම පූජා කලේ පොල්ගවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයටමයි. හරියටම  කියනවනම් චෛත්‍යරාජයන් වහන්සේ පූජාකල පන්සලට. මේ විහාරස්ථානයේ ධාතුමන්දිරය පමණයි තිබුනෙ. ඒ අවස්ථාවදි පුස්ථකාලයක් නිර්මාණය උනා. ඉතින් පින්වත් යාලුවනේ මේ පුස්තකාලය සහිත ධාතු මන්දිරයට කොත් වහන්සේලා දෙනමක් පූජා කරන්නට අපිට හැකි උනා. ඒ සදහා දායක උනේ
01.  මොශාන්ත නිරන්ජන් මහතා - රු. 6750/=
02.  රුවන් එස් ජයසිංහ මහතා - රු.6750/=

රු. 13500/= කට මේ කොත් වහන්සේල අපිට ලැබුන. මේ පිලිබද විස්තර සහිත ඡායාරූප  මෙහි ඡායාරූපවලින් බලන්න පුලුවන්.

ඉතින් මේ පින්කමේ වටිනාකම ඉහලම එකක්. හරියටම කියනවනම් ත්‍රිවිධ රත්‍නත්‍රයට ඔටුන්නක් පැලදුවා හා සමානයි. නැතිනම් තුන්රුවන ඔටුන්නකින් පිදුවා හා සමානයි. ඉතින් මේ මහ පින්කම්වල බලය මෙපමණයි කියන්න බැහැ. අනිත් අතින් කඨිනය දවසෙ සිදුකල මේ පූජාව කඨින පූජාවක් වෙනව. ඊලගට මේ කොත් වහන්සේලා පිත්තල නිසා අවුරුදු සිය ගණනක් පවතිනව. ඉතින් එතෙක් කල් අඛණ්ඩව පින් ගලාගෙන එනව. මේවට කියන්නෙ සදා පින්වැඩෙන පින්කම් කියල. අනික වෙහෙර විහාරස්ථාන හදන එක ඒවට දායක වෙන එක සදා පින්වැඩෙන පින්කමක්.

ඉතින් මේ සිදුකල මහ පින්කම් බෙලෙන් පින්වත් ඔබ දෙපලගේ සියලු යහපත් පැතුමන් ඉටුවේවා. කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. මොශාන්ත අයියාගේ දෙමාපියන්  ජීවත්ව සිටිනවානම් ඒ අයට දීර්ඝායුෂ ලැබේවා. පරලෝගාමි වී ඇත්කම් යහපත් ආත්මභාවයන් ලැබී සුඛී සුවපත් බව ලැබේවා. රුවන් අයියාගේ පින්බර පියා සී.පීත ජයසිංහ පින්වත් පියානන්ට මෙපින් බෙලෙන් වඩ වඩාත් සුඛිත මුදිත ආත්මභාවයන් ලැබී සුවපත්භවට පත්වේවා. මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා.  ඔබගේ දරු මුණුබුරුන්ගේද සියලු යහපත් පැතුමන් ඉටුවේවා. කරන කියන සෑම සියලු දෙයක්ම ත්‍රිවිධ රත්නත්‍රයේ ආනුභාවයෙන්ද, සතරවරම්, සතර මහා දෙවියන් ආදී සම්‍යදෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වේවා. කෙළවර ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සැනසීම ලැබේවා.

මම එරන්ද ලක්මාල්ද සිල්වා.

කොත් වහන්සේ සවිකිරීමට පෙර ධාතු මන්දිරය සහිත පුස්ථකාලය ...
 

කොත් වහන්සේලා රැගෙන ආ මොහ‍ොත ...

 ගරු ස්වාමීන් වහන්සේ බාරගත් අවස්ථාව

 කොත් වහන්සේලා සවිකල අවස්ථාව



වැයඋනු මුදල සහිත බිල්පත
 

මේ පින්කමට අදාල සියලු කටයුතු මින් අවසන් වන අතර සහය දැකවූ සියලු දෙනාටද, වචනයෙන්, ලයික්, ශෙයා කිරීමෙන් ආදියෙන් සහය දැක්වූ සැමට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ...

No comments:

Post a Comment