රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, December 28, 2013

රජරට බොදුහඩ සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදුන් වගයි

පින්වත් යාලුවනේ අපි අදවෙනකොට පින්කම් සෑහෙන ප්‍රමාණයක් කරල තියෙනව. සම්පූර්ණ විස්තරය මෙන්න මේ බ්ලොග් එකෙන් බලන්න පුලුවන්.

ඉතින් අපි පහුගිය දවසක ඔබෙන් ඉල්ලීමක් කලා රජරට දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදෙන්න කැමති අය අපිට උදව් කරන්න කියල. මෙන්න මේ පෝස්ට් එකෙන් තමයි ඉල්ලීම කලේ.

www.facebook.com/photo.php?fbid=636544913062052&set=a.341796045870275.80280.100001196487578&type=1&relevant_count=1

ඒ වෙනුවෙන් අපිට ලයනල් ගුණතිලක මහතා රුපියල් 5000/= ක පරිත්‍යාගයකුත් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නම සදහන් කිරීමට අකමැති වූ පින්වත් සොහොයුරියක් පාසැල් උපකරණ එවීමෙනුත් දායකත්වය ලබා දුන්න.

ඉතින් ඒ අසරණ දරුවන්ට ඉගෙනීමට ඔබ ලබාදුන් ශක්තියෙන් අප්‍රමාණ කුසල් ජනිත වෙනෙව. ඉන් ලබන කුසල් ඔබ වන් පින්බර දූපුතුන් හැදූ වැඩූ ඒ දයාබර දෙමාපියන්ටත් පින්පඩුරක් ලෙසින් පූජා වේවා. ඔබේ දරුවන්ටත් සොයුරු සොයුරියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔබේ නමින් පරලෝ සැපත් යම් ඥාති ප්‍රේතයන් කොටසක් පින් බලාපොරොත්තු වේනම් ඒ අයටත් මේ පින් ලැබිල සුගති ගාමී වේව‍ා. මෙවන් පින්කමක් සිදුකල ඔබටත් මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු ඇතුලු සියලු වැඩ කරගන්නට ඉතාම හොදින් කරලන්නට හැකියාව ලැබේවා. බුද්ධිය, ප්‍රඥාව පහල වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැ‍ෙබ්වා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

අපි IFFBC සාමාජිකයෝ වෙමු.
www.facebook.com/buddhist.foundation
.












.

Sunday, December 1, 2013

මුහුණු පොතේ මිතුරු දයාබර මෑණියකගේ දායකත්වයෙන් එළිමහන් බුද්ධ ප්‍රතිමාවක් ඉදිවන වගයි ...



පින්වත් යාලුවනේ ‍අපි තවදුරටත් පින්කම් කිහිපයක් කලා. කල සියලු පින්කම් මෙන්න බ්ලොග් එකෙන් බලාගන්න.
පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි එඵිමහන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීමට අද දින මුල්ගල තැබීම. රියන් පහකට ආසන්න එනම් අඩි අටක් පමණ උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීම සදහා අපි මුල්ගල තැබුවෙ. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ජනවාරි මාසයේ 16 වැනි දින වන විට මූලික කටයුතු අවසන් කර ජනතාවට වැදුම් පිදුම් සදහා විවෘත කෙරෙන අතර මාර්තු 16 වන විට සියලු කටයුත්‍ර අවසන් කර ගෞතම බුදු සසුනට පූජා කෙරෙනව. මේ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පින්වත් මෑණියන් කෙනෙක් දායකත්වය දරනව. එතුමිය නියෝජනය කරමින් පැමිණි මහත්මයෙක් විසින් ඒ මුල්ගල සුභ මොහොතින් තැන්පත් කලා. මේ පිලිබද ආධාර ඉල්ලල දාපු පෝස්ට් එක 


 ඒ ඉල්ලීම කල ලිපිය මෙතන ක්ලික් කරල බලන්න පුලුවන්.



බුදුපිලිම නිර්මාණයේ ආනිසංස මෙන්න
පිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්.
බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.
නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා. 

ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.
සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.
මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා. 

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව "සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ" කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා. 

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා "ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති" කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා. 

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.

ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.


ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක වු දායාබර පින්වත් මවගේ සියලු යහපත් පැතුමන් ඉටුවේවා ... ඔබට ලැබුන දරු මුනුබුරන් ඇතුලු ඔබ සැමගේ  සසර ගමන යහපත් වේවා. ඔබේ දෙමාපියන් ජීවත්ව සිටීනම් දීර්ඝායුෂ ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම් ඒ භවය සුගතිගාමී වේවා.  කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට හේතුවේවා වාසනාවේවා.

ඔබේ සියලු ව්‍යාපාර, ආදී කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේව‍ා. උපදින හැම භවයකදීම අප්‍රමාණ වස්තු සම්පත් ලැබී වැඩි වැඩියෙන් පින්දහම් කිරිමට ලැබේවා. නෑ බෑ නොකියා සියල්ලම ලැබෙන යහපත් අනාගතයක් උදාවේවා. සතරවරම් දෙවියන්ගේ රැකවරනය ලැබේවා. ගින්නෙන් ජලයෙන්. සොරසතුරු ආදී සියලු උපද්‍රවයන් දුරුවේවා. කෙලවර අමා මහ නිවනින් සැන‍ෙස්වා...

එසේම මේ පින්කම වෙනුවෙන් නොයෙක් අයුරින් දායක වෙමින් තිරය පිටුපස සිට විශාල ශක්තියක් වූ අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේටත්, ප්‍රධාන දායක තුමන් ඇතුලු සියලු දායක මහත්වරුන්ටත් මෙහි ඉදිකිරිම් වෙනුවෙන් නන් අයුරින් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් මෙපින් බලෙන් සියලු දුක් කරදර දුරුවි නිදුක් නිරෝගි සුවබර ජීවිතයක් උදාවේවා. සසර පුරා නෑ බෑ නොකියා අතපුරා හිත පුරා දන්දිය හැකි වස්තු සම්පත් දන සම්පත් ලැබ්වා. මතු නිවනින් සැනසීම පිණිස මේ පින්කම් හේතු වාසනා වේවා ...

බෞද්ද සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

පිළිමයට දායක වන පින්වත් පිරිස විහාරස්ථානයට පැමිනි අවස්ථාව


දෙවියන්ගෙන් ආශිර්වාද ලබමින්

නැකතට නූල් ගසමින්

නැකතට පාදම කපන අවස්ථාව









මුල්ගල තැබීමට පෙර පිරිත් සජ්ජායනය කල අයුරු

මුල්ගල තබන අයුරු






ආසනය ඉදිවන අයුරු











පිළිම වහන්සේ විහාරස්ථානයට රැගෙන ඒම

ලොරි රථය මතදී


විහාරාධිපති ස්වාමීන් වහන්සේ
 

‍බර ඔසවන රථය ( ක්‍රේන් එක) පැමිණේ



එසවීමට සූදානමින්















පිළිම වහන්සේ ඔසවන අවස්ථාව
 











පිළිමවහන්සේ තීන්ත ආලේපණය කල අවස්ථාව

 විජයබා රෙජිමේන්තු රණවිරුවන් ශ්‍රම දානයකින් දායක වූ අයුරු



































ඉදිවෙමින් පවතින ආවරණය






2014/ 11/02 දින අව්වැසි ආවරණයද ඉදිකිරීම් නිම කොට ගෞතම බුදු සසුනට පූජාකල වගයි ...