රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, January 17, 2014

පින්වත් කළණ මිතුරන් තිදෙනෙකුගේ දායකත්වයෙන් ආරාමයකට යන මාර්ගයක් ප්‍රතිසංස්කරණයට රු. 104,500/= ක මුදලක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි ...



පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  ඒ පිලිබදව මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.


මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.

ඉතින් අපි වැඩිදුරටත් මේ පින්කම් සිදුකරල මේ සසුන වෙනුවෙන් රැකවරණයක් සැදිය යුතුයි. ඒ නිසා අපි සංවිධානයක් විදිහට එක්වෙන්න කල්පනා කලා. සංවිධාන මොනතරම් තිබුනත් ප්‍රායෝගිකව වැඩකරන්නෙ සංවිධාන කිහිපයයි. එයිනුත් සසුන වෙනුවෙන් යමක් කෙරෙනවනම් අතලොස්සක් පමණයි. දැනට අපි කිහිපදෙනෙක් සංවිධානයට අදාල වැඩ කටයුතු සිදුකරගෙන යනව. ඉතින් වෙබ් සයිට් එකක් කරන්නත් කටයුතු සැලසුම් කලා. දැනට වැඩ ආරම්භ කරලයි තියෙන්නෙ. අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.


ඉතින් යාලුවන් අපි මාර්ගයක් කොන්ක්‍රීට් කරන්න මුදල් පරිත්‍යාගයක් අද සිදු කලා. රු104,500/=ක්.  මේ විශාල මුදල් කන්දරාව අපිට ලබාදුන්නෙ මුහුණුපො‍තේ යහලුවන්. මේ තියෙන්නෙ ආධාර ඉල්ලපු  පොස්ට් එක.



මේ පින්කම වෙනුවෙන් පින්වත් යාලුවො බොහෝදෙනෙක් මුදල් පරිත්‍යාගයන් කලා.:

කැලුම් සම්පත් මහතා -                               20,000/-
සංජය ජයතුන්ග මහතා                                1,000/-
ශ්‍රියාණි පතිරාජ මෙනෙවිය                         3,000/-
නෙව්ශිකා හේරත් මිය                                 2,000/-
ඉදුනිල් ලියනගේ මහතා                              10,000/-
*******                                                    3,000/-
දුල්මිනි සිල්වා මිය                                       5,000/-
දමිත් නියාල් පෙරේරා මහතා                       15,000/-
චමිලාකි ජයවික්‍රම මිය                                 2,500/-
දිල්හාන් ප්‍රබෝධ මහතා                               25000/-
දිලූකා පෙරේරා මිය                                    18,000/-
                                                                ----------------
                                                                104,500/=
                                                                 ----------------
මේ කරුවක් දාල තියෙන්නෙ මේ මුදල් එවපු කෙනා මට මැසේජ් එකක් දාල නොතිබුන නිසා නම ලියාගන්න බැරි උන නිසා. කරුණාකරල ඒ ඔබනම් මුදල් දුන් දිනයත් එක්ක මට කියන්න.

පින්වත් යාලුවනේ ඔබ මේ සිදුකරගෙන තියෙන්නෙ මහ පින්කමක්. මේ අටමහා කුසල් ගණයට වැටෙනව. ආරාම ආදිය තනවා සගසතු කිරීම අටමහ කුසලයට අයිතියි. එතකොට මේ කරල තියෙන්නෙත් ඒ හා සමාන පින්කමක්. ඉතින් අටමහ කුසල් වලට පුලුවන් ආනන්තරිය පාප කඒම පහ ( මව මැරීම, පියාමැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ආගේ ලේ සෙලවීම, සංඝභේදය )  හැර ඔබ කර ඇති අැති සියලු අකුසල් යටපත් කරන්නට. ඉතින් එවන් මහ පින්කමක් මේ ඔබ සිදුකරන් තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි මේ බලන්න.

ආරාමරෝපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහි පිහිටි, ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.

මේ පින්කම් වලින් සැමදාම පින් වැඩෙනව. මොකද අපි මැරුනත් මේ පාරවල්වල මහා සංගරත්නය වැඩම කරනව. ඉතින් ඒ වඩිනගානෙ අපිට පින් රැස්වෙනව. ඡත්ත මානවකය තවුතිසා දෙව්ලොවට යන්න හේතුඋනේ මේවගේ පින්කම් සිදු කිරීමෙන්.

ඉතින් මේ මහ පින්කම තුලින් රැස්වන කුසල් ඔබවන් දූපුතුන් බිහිකල ඒ පින්වත් දෙමාපියන්ට පලමුකාට පූජා වේවා. ඒ අය මියගොස් ඇත්නම් සුගතිගාමීවේවා. ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් ලැබේවා. ඔබේ පින්වත් දරුපැටවුන්ට, බිරිදට හෝ ස්වාමියාටත් මේ පින් ලැබේවා.  ඒ අයත් නිදුක් නිරෝගී වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඔවුන් විශිෂ්ඨ ප්‍රතිඵලම ලබත්වා. රටට දැයට වාසනාවන්ත දරුවන් වේවා. ඔපේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන් මේ පින් ලබත්වා සැපවත් වේවා.
                  මේ මහ පින්කම සිදුකල ඔබට යහපතම වේවා. සතුරු කරදර දුරුවේවා. සියලු දෙනාටම ප්‍රිය ජනක වේවා. රැකියා කටයුතු, වෙලහෙලදාම් ආදී සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු පැතුම් ඉටුවේවා. මතු අමාමහ නිවනින් සැනසීම ලබත්වා.
                    මේපින් ලෝක පාලන දෙවියෝද , ශාසනාරක්ෂක දෙවියන්ද, ඒ ආරාමයට හා බෝධින්වහන්සේට අධිගෘහිත සෙවියන්ට ද මේ පින් අනුමෝදන්ව ඔබට ආරක්ෂාව සලසත්වා. මේපින් බලෙනේ අපටත් සම්බුදු සසුන ලොව පුරා රැගෙන යන්නට ශක්තිය ලැබේවා...

මෙවන් මහ පින්කමකට දායක වන්න ඔබත් කැමතිනම් මා අමතන්න.
071 - 29331870

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල් ද සිල්වා ...

.

මුදල් පරිත්‍යාග කල මොහොත ...



 ඉදිරියේදී පාර්ගය හදන ඡායාරූප පලවේ ...

No comments:

Post a Comment