රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, April 26, 2014

පින්වත් කළණ මිතුරෙක්ගේ දායකත්වයෙන් වෙසක් පුනු පොහොය වෙනුවෙන් විහාරස්ථානයක් වෙනුවෙන් නාම පුවරැවක් පූජාකල වගයි ...



අද වෙසක් පුන් පෝ දා පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් විහාරස්ථානයකට නාමපුවරැවක් පූජා කල වගයි ...

                                                                                                  

පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  ඒ පිලිබදව මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.






මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න  පුලුවන්. පන්දහසකට අධික පිරිසකට දෙනුලබන වෙසක් මහ දන්සැලට  දැයක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.



අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






අද වෙසක් පුන් පෝදා මේ පින්කමට දායකත්වය ලබා දුන්නේ විදෙස් රටක සේවය කරන දුලිප් දෙනවක මහතායි. බොහොම ඕනෑකමෙන් අපිට දායකත්වය ලබාදෙන්නට එතුමා කාරැණික උනා. මාකෙරේ විශ්වාසය තබමින් එතුමා විසින් රු 32,000/- ක මුදලක් මාවෙත ලබා දුන්න.  ඉන් අදාල නාම පුවරැව සදහා රු. 31,430/- ක මුදලක් වැය උනා. විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා විසින් අදාල නාම පුවරුව සදහා බට දෙකක් පරිත්‍යාග කලා. මේ නාම පුවරැවේ දිග අඩි හතරක් වන අතර පලල අඩි තුනක්.



නාම පුවරැව සදහා වියදම් පහත පරිසි වෙනව.



නාම පුවරැව නිර්මාණයට - රු. 27,000/-

වැඩ කුලී රු. 1850/-

වැසි ආවරණ තහඩුවට රු. 825/-

එල් පට්ටම් තුනට ( වහලය සදහා ) රු. 1125/-

කාල පට්ටමක් සදහා රු. 180/-

ප්‍රවාහවයට රු. 450/-



එකතුව -  රු. 31,430/-   



( ලද මුදල  - 32000/-
  විහයදම   - 31480/-

                 -------------

  ඉතිරිය -   - රු. 520/- 


 ඉතිරි මුදල චෛත්‍යරාජයක් වහන්සේ වෙනුවෙන් යොමු කලා.)



මෙහි බිල්පත් පහතික් දත්වා ඇත.



මේ පින්කම වෙනුවෙන් විහාරස්ථානයේ හාමුදුරුවරු දෙනම සමග ගිහි පින්වතුන්ද ශ්‍රමයෙන් දායක උනා. ඊට අමතරව සුලු වියදම් අපි දරාගත්ත.



ඉතින් පින්වත් දුලිප් දෙනවක මහතා ලබාදුන් දායකත්වය නිසා අද විහාරස්ථානයට අමුතු ආලෝකයක් ලැබිල. විහාරස්ථානයට ලොකු ගාම්භීරබවක් ලබාදෙන්නට මේ නාම පුවරුව සමත් උනා. පින්වත් දුලිප් මහතාණෙනි, ඔබ සිදුකලේ මහා පින්කමක්. වෙසක් පුනු පෝදා ගෞතම බුදු සසුනට පිදුන මේ නාම පුවරුවෙන් ලද ආලෝකය, ගාම්භීර බව ලෙසින්ම ඔබේ ජීවිතයත් ආලෝකමත් වේවා. ශක්තිමත් වේවා.  ඔබ පෙර භවයන්හිදී සිදුකල පින්කම්වල ආනුභාවයෙන්මේ භවයේ සාර්ථක ජීවිතයක් ගත කරනව. එලෙසින්ම මේ පින්කමේ ආනුභාවයෙන් මේ භවයේ පටන්ම නිවන් දක්නා ජාති දක්වාම ඔබට යහපත් ජීවිතයක්ම ලැබේවා. කවර කලෙකවත් නැහැයි බැහැයි කීම ඇසෙන්නටවත් නොලැබෙන තැන්වලම උපත ලබත්වා. ආයුෂ, ධනය, බලය, වර්ණය, නිරෝගී බව මෙන්ම ප්‍රඥාවෙන් අග්‍ර වේවා. කෙතරම් සම්පත් ලැබුනද කිසිකලෙක ඒවාට නොඇලී ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබට ඥානය පහල වේවා.



ඔබවක් පින්වත් දරුවන් හැදූ වැඩූ පින්වත් දෙමාපියන්ටද මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සවපත් ජීවිතයක් උදාවේවා. සැපතින් සපිරි ජීවිතයක් උරුම වේවා.මෙලොව උපදින කවුරුත් ස්වභාවිකව ජාති ජරා මරන ආදියට ගොදුරුවන බව සත්‍යයක්. කෙදිනක හෝ අපිට ඒ දෙයට මුහුණ දෙන්න වෙනවා. නමුත් ශතවර්ශාධික කාලයක් උතුම් දහමින් නැගෙන දම්රස විදිමින් හරවත් ජීවිතයක් ගත කරන්නටත්. අපමණ පින් රැස් කරගන්නටත් මේ පින ‍ෙහ්තුවාසනා වේවා. යම් දිනෙක මෙලොවින් සමුගන්නට අනත් මරණයෙන් නැගෙන කටුක වේදනා පවා දුරුකරමින් ඒ පින්වත් දෙමාපියන්ට මරන මංචකය සුව යහනක්ම වේවා. නිදා සිට පිබිදියාක් මෙන්ම සුගතිගාමී වීමටත් අපමණ පින්දම් කරමින් දෙව් මිනිස් සැප කෙළවර  අමා මහ නිවන් ලැබීමට මේ පින හේතු වාසනා වේවා. ...



 පිනවත් ඔබටත් මේ පින සිදු කිරීමෙන්ද අප කෙරේ විශ්වාසය තබමින් අපත් මේ පින්කමට සම්බන්ධ කරමින්ද රැස්කල කුසල් බෙලෙන් දෙව් මිනිස් සැප කෙළවර  අමා මහ නිවන් ලැබීමට මේ පින හේතු වාසනා වේවා. ...



මේ පින්කමට අදාල ඡායාරූප මෙන්ම බිල්පත් පහත පලවන අතර මේ පින්කමට අදාල සියලු කටයුතු මින් අවසන් වන බව දන්වා සිටිමි.



‍අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ....


.
කලින් තිබූ නාම පුවරුව


නාම පුවරු රැගෙන ආ අවස්ථාව


ගරු ස්වාමීන් වහස්සේලාගේ දායකත්වය ලැබුන මොහොහත



සවිකල නාම පුවරුව ඈතට පෙනෙන අයුරු






 වියදම් දැරූ බිල්පත්.