රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, May 7, 2014

අනතුරකින් අතක් අහිමි වූ තරුණයෙක් වෙනුවෙන් රු. 100,000/=ක මුදලක් පරිත්‍යාග කල වගයි ...

ආයුබෝවන් පින්වත් යාලුවනේ. පහුගිය කාලෙ සිදුකල පින්කම් නැවත මතක් කරන එකනම් අවහය නැහැ. නමුත් එයින් ඔබ කල කුසලයන් පිලිබද අප්‍රමාන සතුටක් ජනිත වෙනව නේද? අන්න ඒක තමයි යාලුවනේ කුසලයක තියෙන බලය. බලන්න ඔබ නරක ක්‍රියාවක් කරල හිතින් දුක් විදිනවට වඩා මෙවන් යහපත් ක්‍රියා කලාම මොන තරම් සිතට සතුටක් ජනිත වෙනවද කියල. ශිෂ්ඨ සමාජය ඔබවැනි අයට සලකන්නෙ ඉතාම ඉහලින්.

  අපේ මේ බ්ලොග් එක පුරාම තියෙන්නේ අපි කල පින්කම්.

ඔතන තියනව අපි සිදුකල සියලුම පින්කම් සහ කෙරීගෙන යන පින්කම්.
මේ සියලු පින්කම් වලට පින්වත් යාලුවො බොහොම දෙනෙක් දායක උනා. මේ සියලු පින්කම් වල විස්තර සමග ඡායාරූප ඔබට දක්වල තියෙනව ඔබට බලන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි වියදම් උන මුදල්වල බිල් පවා පුලුවන් පුලුවන් විදිහට දක්වල තියෙනව.

ඔයගොල්ල දහදිය මහන්සියෙන් හරි හම්බකරන මුදල් පිනට දෙන්නෙ පිනක් බලාපොරොත්තුවෙන්. ඒ මුදල් අපි නිකරුනේ පරිහරණය කරන එක මහ අපරාදයක්. ඒ නිසා ඔබේ මුදල් වලට අපිත් රුපියලක් හරි දාලයි මේ පින්කම්වලට මුදල් බා‍ර දෙන්නෙ. ඔබ මේ පින් වැඩකට මුදල් වෙන් කලා කියන්නෙ ඒක බුද්ධ දේපලක් වෙනව. ඒව අපි අයුතු පරිහරණයක් කලොත් ඒක මහ අපරාධයක්. ඒ විතරක් නෙවෙයි. ඒක මහා භායානක දෙයක්. හරියට ගින්දර එක්ක වැඩ කරනව වගෙයි බුද්ධ දේපලත් එක්ක කරන පයුරු පාසානම.

මේ තියෙන්නෙ අපේ ෆේස්බුක් පිටුව
https://www.facebook.com/buddhist.foundation

යහලුවනේ අදත් අපිට මෙවැනි පින්කමකට මැදිහත් වෙන්න පුලුවන් උනා. ඒ අනතුරකින් අතක් අහිමි වෙච්ච තරුණයෙකුට මුදල් පරිත්‍යාගයක් කිරීම. මේ මුදල් පරිත්‍යාගය සිදුකලේ විදෙස් රටක සේවය කරන දිල්ෂාන් ප්‍රබෝධ පින්වත් සොහොයුරායි. තමන් දහදිය මහන්සියෙන් උපයන මුදල් මේවගේ පින්වැඩ වලට යොදවන අය හරිම අඩුයි. ඒත් පින්වත් දිල්ශාන් අයිය ඒ යුතුකම ඉටුකලා තමන්ගෙ රට වෙනුවෙන්. මේ පින්කමට සම්බන්ධ වීමට අපටත් අවස්ථාව ලැබුන. මේ රූපයේ දැක්වෙන්නේ මුදල් පරිත්‍යාග කරන්නේ හොදැල්ල ජයසුන්දරාරාම විහාරාදිපති පූජ්‍ය දලුපතේ ගෙදර මේධංකර හිමියන්. ඒ වගේම දිල්ශාන් අයිය නියෝජනය කරමින් පැමිනියේ ( වමේ සිට ) පල්ලේගම දම්මරතන හිමි, උරියාවේ සිරිනන්ද හිමි යන හිමිවරුන් දෙදෙනායි.
ඉතින් මේ පින්කම හරියටම කියනවනම් දාන උප පාරමිතාවනට සමානයි. මොකද අතක් කියන එක ගලවල දෙන්න බැහැනෙ. නමුත් අතක් වෙනුවෙන් ආධාර කලා කියන්නෙ අතක් දුන්න හා සමාන මහ පින්කමක්. අප මහා බෝසතාණන් වහන්සේද ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාග කරමින් සම්පූර්ණ කලේ මේ දාන පාරමිතාවයි. ඒ විතරක් නෙවෙයි ඔබ සිදුකරන මහ පින්කම් තවත් අප්‍රමාණයි. ඒවයින් ලැබෙන ආනිසංස ගණනය කරන්න බැරිතරම්. ( අර අපි ප්‍රතිසංසකරණය කරන චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙනුත් ආධාර කලේත් දිල්ශාන් අයියම තමයි.)
ඒ වගේම මේ පින්කම වෙනුවෙන් කැපඋන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුන් නමටත් මේ පින් ඒකාකාරවම හිමිවෙනව.

ඉතින් දයාබර දිල්ශාන් අයියේ ඔබ සිදුකල මේ පින්කමේ බලයෙන් ඔබට නිවන් දක්නා ජාති දක්වාම නිදුක් නිරෝගී ජීවිතයක් උරුම වේවා ... ඔබ ලබා ඇති යස ඉසුරින් පිරි ජිවිතය තව තවත් වර්ධනය වේවා. කිසිදු කලක ශාරීරිකව හෝ මානසිකව පීඩාවක් ඇති නොවේවා. මේ පින්කමට අපවත් සම්බන්ධ කරගැනිම ඔබට මේ කුසලය මහත් ඵල මහානිසංස එකක් කරාවි.
එසේම ඔබවන් දරුවෙක් මෙලෙවට බිහිකල පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකරව ලැබේවා. ඔවුන්ටද සසර පුරාවටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් ලබේවා. ඔබ සියලු දෙනාමට දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේපින හේතුවාසනා වේවා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

.

No comments:

Post a Comment