රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, June 23, 2014

ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන නගාසිටුවීමට රු. 20,000/= මුදලක් ගලිගමුවේ ඥානදීප හිමියන් වෙත පූජා කල වගයි ...


පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.


පසුගිය විසිවෙනිදින පැවැත්වූ ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ ධර්ම දේශනය අවස්ථාවේදී රු. 20,000/= ක මුදලක් උන්වහන්සේ වෙත ප්‍රදානය කිරීම සිදු උනා. උන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථාන නගා සිටුවීමේ අරමුණින් දියත්කරන වැඩසටහනට ශක්තියක් වීමටයි මේ මුදල ප්‍රදානය සිදු උනේ.
        ඉතින් මේ මුදල පූජා කිරීම සිදු උනේ බහරේන්වල සේවයේ නියුතු මංජුලා මහත්මියගේ දායකත්වයෙන්. පින්වත් සොහොරුරිය විසින් සිදුකල මේ පින්කම ඉතාම පින්වත් විපාක ලැබෙ පිල්කමක්. විශේෂයෙන්ම විහාරස්ථානයක් ප්‍රතිසංස්කරනයට දායක වීම ඉතාම පින්වත් ක්‍රියාවක්. කල්ප ලක්ෂ ගණන් විපාක ලැබෙ පින්කමක්. අනිත් අතින් මේ සදා පින්වැඩෙන පින්කම්. ඒ කියන්නෙ අපි මිය ගිය දවසක පවා නිතර පින් රැස්වෙන පින්කම්. ඊලගට අට මහා කුසල් වලට පවා අයත් වන මහා බලගතු පින්කමක්. අපි සිදු කල ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න මේ පින්කමට පුලුවන්.
         ඉතින් එවන් මහ පින්කමකට දායක වූ මංජුලා මහත්මියගේ මියගිය පින්වත් මවට මේ පින් ලැබි සුගතිගාමී ස්ථානයක සිටීනම් ඒ යස ඉසුරු තව තව වර්ධනය වේවා. අත්වැරදීමකින් හෝ දුක්ඛිත ස්ථානයක සිටීනම් ඒ දුක් දුරුවී යහපත් ස්ථානයකට යොමුවේවා. පින්වත් පියාට දීර්ඝායුෂ වේවා. ඒ දෙදෙනාටම කෙලවර අමා‍ මහ නිවන් ලබන්නට මේ පින් හේතුවාසනා වේවා.
 පින්වත් පුතාටතත් මේ පින් ලැබී ඉගෙනීම් ආදී සියලු කටයුතු සාර්ථක වේවා. සියලු දුක් කරදර විනාශ වේව‍ෙ. යස ඉසුරු වර්ධනය වේවා.
         පිනවත් ඔපේ සියලු අපල කරදර ආදිය දුරුවී සැපත සතුටම උදාවේවා. දිව්‍ය මනුෂ්‍ය ආදී සියලු සැප සම්පත් කෙලවර ඔබටත් පවුලේ සැමටත් අමා මහ නිවන් ලබන්නට මෙ පින් හේතු වාසනා වේවා ...

ඔබත් මෙවයන් මහ පින්කම් වෙනුවෙන් දායක වන්න. ආරාමයක දුෂ්කර මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ පින්කම වෙනුවෙන් දායක වන්නට කැමතිනම් මා අමතන්න.
071-2933180

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

'

No comments:

Post a Comment