රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, June 21, 2014

මුහුණුපොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් ආර්ථික අපහසුතා ඇති මව්වරුන්ට අවශ්‍ය උපකරණ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අතින් පරිත්‍යාගකල වගයි ...



පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

පින්වත් ඔබට මතක ඇති පහුගිය කාලෙ අපි බත් දන්සැලක් වෙනුවෙන් මුදල් එකතු කලා.
අපට දන්සැල වෙනුවෙන් රු. 46500/-ක මුදලක් ලැබුන. පහත නම් සදහන් අයයි ඒ මුදල් පරිත්‍යාග කලේ.

නිම්මි නදී මිය                        -     රු. 10,000/=
නිශාන් සුරංග මයා හා දර්ශණ මයා     -     රු. 11,000/=
මහිල් උදයංග මයා                    -     රු. 10,000/=
රුවන් විජේසංහ මයා                  -     රු.  5000/=
මදු මංචනායක මිය                   -     රු.  3000/=
ලයනල් ගුණතිලක මහතා              -     රු.  2500/=
පසිදු චිරන්ත මයා                    -     රු.  2000/=
මංජුලා මහත්මිය                     -     රු.  2000/=
නදීශා රනවක මිය                    -     රු.  1000/=
                                       ............................
ලද මුදල                            -     රු. 46,500/=

මේ මුදලින් රු. 20,000/=ක් පමණ පරිත්‍යාග කලේ. ඉන් ඉතිරි උන රු 26500/- ක මුදල අපි මේ ගැබිණි මව්වරුන්ට අවශ්‍ය වන උපකරණ පරිත්‍යාග කලා. දරුවාට අවශ්‍ය උපකරන වගේම මවට අවශ්‍ය උපකරණ රාශියක් අපි ප්‍රදානය කලා. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ ඉහත මිුරු මිතුරියන්ම තමයි.

උපකරණ වලට - රු. 24,700/=
ප්‍රවාහන වියදම - රු. 300/=
බ්‍රවුන් පේපර් ආදිය සදහා - රු.200/=
---------------------------------------------
එකතුව - රු 25,200/=
---------------------------------------------
26500 - 25200= රු. 1300/=

මේ ඉතිරි මුදල ගව ඝාතනය වැලැක්වීම සදහා මස් කඩවල ටෙන්ඩර් ලබා ගැනීම සදහා යොමු කරනව.


        යහලුවනේ ගැබිණි මව්වරුන්ට ලබාදෙන දානය හරිම වටින එකක්. ඔබ අහල ඇති ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලද සීවලී මහ රහතන් වහන්සේ. උන්වහන්සේ වරක් පිණ්ඩපාතෙ ගිහින් ඉවරවෙලා දානය වැලදුව. වළදල ඉවර උනාට පස්සෙයි දැක්කෙ පැටව් ගහපු බැල්ලියක් කෑම ටිකක් ලැබන තුරු බලන් ඉන්නව. මොනව කරන්නද? ආයි පිණ්ඩපාතෙ වඩින්නත් බැහැ. උන්වහන්සේ ගිරියට ඇගිල්ල ගහල වමනය කලා. අර බැල්ලි ඒ වමනය ආහාරයට ගෙන කුස පුරව ගත්ත. ඒ පින්බලෙන් තමයි ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර ලැබුනෙ. බුදුහාමුදුරුවො පවා දුර ගමන් යන අවස්ථාවලදි සීවලී හාමුදුරුවො වැඩ ඉන්නවද කියල බලල තමයි ගමන් කරන්නෙ. ඒවගේම අපිට නිතර අම්මල කියන දෙයක් තමයි ගැබිනි සත්තු බලන් ඉද්දි කෑම කන්න එපා කියල. ඒව මහ පව්වැඩ. ඒව ඉක්මනින් පඩිසන් දෙන පව්. වරක් ගැබිණි මවක් කෑම ගනිද්දි ගැබිණි බැලි කික්කියක් ඇවිත් බලන් හිටියලු. අර අම්ම ඒ බැල්ලිව පැන්නුවලු. ඒ බැල්ලි හිතේ වේදනාවෙන්නෙ යන්න ඇත්තෙ. කොහොම නමුත් දසකඩ මසක් අවසානයෙදි අර අම්මට බලු මුහුණු තියෙන බබාල හම්බ උනා කියල ජනප්‍රවාදයේ සදහන් වෙනව.ඒ කොහොම නමුත් විශේෂයෙන් අපේ සිංහල ජාතිය වදවෙමින් පවතින මොහොතක ගැබිනි මව්වරුන් වෙනුවෙන් යමක් කරනව කියන්නෙ ජාතිය රැකගන්න කල පිනක් හා සමානයි.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක උන අපේ දයාබර පින්බර සොයුරු සොයුරියන් මේ සිදුකලේ මහ පිනක්. ඒ පින්කමමේ බලය මෙපමණයි කියල කියන්න බැහැ. මේ මහා පින්බලෙන් ඔබවන් දරුවන් බිහිකල මව් දෙමාපියන්ට මේ පින් ඒකාකාරවයම ලබේවා. ඒ ඇත්තන් මියගොස් ඇත්නම් සුගතිගාමීෘ වේවා. ජීවත් වේනම් නිදුක් නිරෝගී සුවබර ජීවිත උදාවේවා. ඔබේ දරැ මුනුබුරන් මෙන්ම සොයුරු සොයුරියන්ද මේ පින් බලෙන් සැපතින් සැපතට පත් වේවා. විශේෂයෙන් ඔබට පින්බර දරුවන් බිහිකරන්නට  මේ පින් හේතුවාසනා වේවා ...
        මෙපින් බලෙන් ඔබටත් නිවන් දකිනා ජාති දක්වාම පින්බර උප්පත්තියක් හිමිවේවා. උපතේදී කිසිදු දුකක් කරදරයක් ඇති නොවේවා. පිරිපුන් සිරුරු ඇති තේජවන්ත ශක්තිමක් පුද්ගලයන් බවට පත්වේවා. උපදින හැම භවයකදීම යස ඉසුරු සහිත ජීවිතයක් හිමිවේවා. අවසනදී ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ... අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා ...

ඔබත් මෙවයන් මහ පින්කම් වෙනුවෙන් දායක වන්න. ඔබත් මෙවයන් මහ පින්කම් වෙනුවෙන් දායක වන්න.
www.facebook.com/buddhist.foundation/photos/a.179385288934645.1073741827.179290992277408/252358928303947/?type=1&relevant_count=1


අමතන්න.
071-2933180




බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

No comments:

Post a Comment