රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, June 22, 2014

මුහුණුපොතේ මිතුරු මිතුරියකගේ දායකත්වයෙන් පැන් පොකුණක් නිර්මාණය කල සම්බුදු සසුනට පූජාකල වගයි ...




පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

විහාරස්ථානයේ මල් පැන් දොවනය කිරීම සදහා ඉදිකල පැන් පොකුණ පසුගියදා සම්බුදු සසුනට පූජා කලා. ඒ ගලිගමුවේ ඥානදීප පිල්වත් ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනය අවස්ථාවේදීයි.
       පින්කම සදහා රු. 35.000කට ආසන්න මුදලක් වැයවූ අතර ඒ සදහා දායකත්වය ලබා දුන්නේ බහරේන් වල සේවය කරනා මංජුලා මහත්මියයි.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක උන අපේ දයාබර පින්බර සොයුරිය මේ සිදුකලේ මහ පිනක්. විහාරස්ථානයට ගෙනෙන මල්වලට පැන් දෝවනය කරනව කියන්නෙ මල්වල ඇති දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කිරීමක්. බුදු හිමියන්ට පූජා කිරීමට පෙර මල් පිරිසිදු කිරීමක්. ඉතින් ඒ සදහා පහසුකම් සැලසීම කියන්නෙ මහා වටින පින්කමක්. බුදුහිමියන්ට රන්වන් පැහැති සමක් ලැබුනෙ සසර පුරාම මේවගේ මහ පින්කම් සිදුකල නිසා. ඒ විතරක් නෙවෙයි. කුණු දූවිලි නොරදන සමක් ලැබුනෙත් මෙවන් මහා පින්කම් සිදුකල නිසයි. ඉතින් මේ පින්කමමේ බලය මෙපමණයි කියල කියන්න බැහැ. මේ මහා පින්බලෙන් ඔබවන් දරුවකු බිහිකල මව සුගති ගාමි ආත්මයක සිටීනම් යස ඉසුරු වර්ධකය වේවා. අභව්‍ය ස්ථානයක සිටීනම් මේ පින් ලැබී සුගති ගාමී ආත්මයක උපදීවා. පියාටත්  මේ පින් ඒකාකාරවයම ලබේවා. දීර්ඝායුෂ වේවා. ඔබේ දරු මුනුබුරන් මෙන්ම සොයුරු සොයුරියන්ද මේ පින් බලෙන් සැපතින් සැපතට පත් වේවා. විශේෂයෙන් ඔබට පින්බර දරුවන් බිහිකරන්නට  මේ පින් හේතුවාසනා වේවා ...
        මෙපින් බලෙන් ඔබටත් නිවන් දකිනා ජාති දක්වාම පින්බර උප්පත්තියක් හිමිවේවා. උපතේදී කිසිදු දුකක් කරදරයක් ඇති නොවේවා. පිරිපුන් සිරුරු ඇති තේජවන්ත ශක්තිමක් පුද්ගලයන් බවට පත්වේවා. උපදින හැම භවයකදීම යස ඉසුරු සහිත ජීවිතයක් හිමිවේවා. අවසනදී ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ...

ඔබත් මෙවයන් මහ පින්කම් වෙනුවෙන් දායක වන්න. ආරාමයක දුෂ්කර මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ පින්කම වෙනුවෙන් දායක වන්නට කැමතිනම් මා අමතන්න.
071-2933180

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

No comments:

Post a Comment