රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, June 25, 2014

මුහුණුපොතේ පින්වත් මිතුරන් තිදෙනෙකුගේ දායකත්වයෙන් චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන්, මුරගල් හා කොරවක්ගල් නිර්මාණය වූ වගයි ...






පින්වත්
යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

මේ පින්කමට දායක උනේ

දිල්ශාන් ප්‍රබෝධ මහතා      - රු. 60,000/=
සම්පත් ජයසුන්දර මහතා    - රු. 10,000/=
මංජුල සිල්වා මහතා           - රු 5,000/=
---------------------------------------------
මුලු මුදල              - රු. 75,000/=

ඉහත සදහනි මුදල් වියදම් උනේ මේ ආකාරයටයි.

සදකඩ පහන් දෙකට හා මුරගල් හතරට  රු.  37,000/=
(සදකඩ පහනක් - 11,000/=, මුරගලක් - රු. 3750/=)

ප්‍රවාහවයය සදහා ගිය වියදම  -    රු. 5000/=

කොරවග්ගල් සදහා වැලි කියුබ් ½ හා සිමෙන්ති කොට්ට 04 රු. 7080/=

ගඩොල් සදහා ගිය වියදම            -    2800/=
චෛත්‍යයට‍ අවශ්‍ය තින්ත සදහා වියදම  - රු. 2750/=

කොරවග්ගල් නිර්මාණයට බාස් හා ගෝල කුලිය - රු .9600/=
                               __________________
මේ සදහා ගිය වියදම් වල එකතුව  -රු. 64230/=

ඉතිරි මුදල 75000.00 64230.00 = රු. 10770/=

(ඹට අදාල බිල්පත් ලිපිය අවසානයේ පලකර තිබෙනව.)

තවදුරටත් කොරවග්ගල් වල මූර්ති නිර්මාණ සිදු කිරීමට ඇති අතර ඒ සදහා දළ වශයෙන් රු. 30,000/=ක පමණ මුදල් වැය වේ. ඒ නිසා ඉතිරි රු. 10,770/= ගව මස් කඩ ටෙන්ඩරය මිලදී ගැනීම වෙනුවෙන් යොමු කරනව.


ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා. (Kavindu Abeysinghe ගේ කමෙන්ටුවක් ඇසුරිනි..)

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා. සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.


බෞද්ධ සන්නිව්චනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන්  එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි ...






No comments:

Post a Comment