රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, October 15, 2014

රු. 55,200/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.




පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. පිලිබදව මේ බ්ලොග් එන පුරාවටමබලන්න පුලුවන්.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක මේක. https://www.facebook.com/buddhist.foundation



පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල පොතුහැර ගම්මන ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 55,200/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.



මේ සදහා කොළඹ ප්‍රදේශයේ පින්වත් මහත්මයෙකු රු 55200/- ක් පරිත්‍යාග කලා .





ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරුකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...





මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා


අප සමග මෙවන් මහ පින්කමකට එක්වන්න. අමතන්න 0712933180


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

































No comments:

Post a Comment