රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, December 24, 2015

පැවිදි බිමට පිවිසෙන භික්ෂූන් වහන්සේලා තිස්නමකට ඇද ඇතිරිලි සමගින් තණකොළ කපන යන්ත්‍රයක් වෙහෙරගල ආරණ්‍ය සේනාසනයට පූජාකල වගයි ....




2015 ෙදසැම්බර් 17,18,19 යන දිනවල හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනයට තණකොළ කපන යන්ත්‍රයක් සමග පැවිදිබිමට පිවිසෙන භික්ෂූන් වහන්සේලා 30 නමකට අවශ්‍ය ඇද ඇතිරිලි (බෙඩ් ශීට් ) පූජා කලා.

මේ සදහා පූර්ණ දායකත්වය දැරුවේ මනෝද ගුණරත්න මහතා සහ ප්‍රියංකා විතාණ මහත්මියයි. ඒ වෙනුවෙන් රු 60,000.00 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය වූ බව දැනගන්නට ලැබුනා.

මේ වැඩ සටහන සදහා පහත නම් සදහන් පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

සේපාලිකා නංගී රු 10,000/-
නිරෝෂන් තිලකරත්න මහතා රු 10,000/-
පුබුදුනී අක්කා රු 8000/-
රාජිකා හර්ෂණී මහත්මිය  රු 5555/-
නුවන් කරුණාවර්ධන මහතා රු 5000/-
රුවිනි වික්‍රමරත්න මිය රු 3000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 2800/-
ඉෂාන් උදය මහතා රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000/-
තිළිණ විජේවර්ධන මහතා රු 1000/-
ශෙහානි බොතේජු මිය රු 1000/-
-----------------------------------------
එකතුව රු 50,355/-

ආරණ්‍යවාසී හිමිනමට සූර්ය පැනලය ලබාදෙන්නට ගිය වියදම රු 16980.00

බෙඩ් ශීට් සදහා ගිය වියදම එකක් රු 260/- X  30 = 7800.00
තණකොළ කපන යන්ත්‍රයට වියදම රු 11,250.00
වයර් ආදිය සදහා වියදම් රු 960.00
-------------------------------------------------------------
වියදම් වූ මුදල රු 20010.00

ඉතිරි මුදල රු 13,365.00

ඉතිරි මුදල් වනවාසී හිමියන්ට කුටියක් ඉදිකිරීම සදහා වෙන් කලා.



පින්වත් මිතුරනේ ඔබ සිදුකලේ මහා පිනක්. ඒ බව පහත වීඩියෝවෙන් පැහැදිලි වෙනව.

විශේෂයෙන්  ආමණ්‍යය ශුද්ධ පවිත්‍ර කිරීමට  තණකොල කපන යන්ත්‍රය විශාල පිටුවහලක් වේවි. එසේම අලුතින් මහණවන ස්වාමීන් වහන්සේලාට ඇද ඇතිරිලි ලබාදීමත් අවන් ම සතපුරුෂ දානයක්. පෙර පින්කමට පරිදිම මේ පින්කමටත් මම ඔබ වෙනුවෙන් පින් ලබාදෙන්නම්.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.


වීඩියෝව නරඹන්න ...


චායාරූප නරඹන්න ...













Wednesday, December 23, 2015

ඝන කැලෑවක ගල් ගුහාවක තනිව බවුන් වඩනා පූජණීය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ආලෝක පූජාවක් සිදුකල වගයි...


;2015 ෙදසැම්බර් 17,18,19 යන දිනවල හම්බන්ෙතාට තණමල්විල ප්‍රදේශයේ මහා ඝන කැලෑවක තනිව බවුන්වඩනා පූජණීය ස්වාමීන්වහන්ෙස් නමත් වෙනුවෙන් සූර්ය පැනලයක් පූජා කලා.

මේ සදහා පූර්ණ දායකත්වය දැරුවේ මනෝද ගුණරත්න මහතා සහ ප්‍රියංකා විතාණ මහත්මියයි. ඒ වෙනුවෙන් රු 60,000.00 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය වූ බව දැනගන්නට ලැබුනා.

මේ වැඩ සටහන සදහා පහත නම් සදහන් පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

සේපාලිකා නංගී රු 10,000/-
නිරෝෂන් තිලකරත්න මහතා රු 10,000/-
පුබුදුනී අක්කා රු 8000/-
රාජිකා හර්ෂණී මහත්මිය  රු 5555/-
නුවන් කරුණාවර්ධන මහතා රු 5000/-
රුවිනි වික්‍රමරත්න මිය රු 3000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 2800/-
ඉෂාන් උදය මහතා රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000/-
තිළිණ විජේවර්ධන මහතා රු 1000/-
ශෙහානි බොතේජු මිය රු 1000/-
-----------------------------------------
එකතුව රු 50,355/-

වියදම්
ප්‍රවාහනය ඇතුලු ගමන් වියදම රු 16,600.00
වෙනත් වියදම් රු 380.00

---------------------------------------------
මුලු වියදම් රු 16980.00

ඉතිරි මුදල රු 33,375.00

‍නායක හිමියන්ගේ විහාරස්ථානයට තණකොළ කපන මැෂිමන් සහ ඇද ඇතිරිලි 30ක් ලබාදෙන්නට එම මුදල් යෙදෙව්වා. ඒ විස්තර ඊලග ලිපියෙන් එලිදක්වන්නම්.



ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැ. ලාම්පු කුප්පියක්  සහ පුංචි ටෝච් එකක් පමණක් තියාගෙන අතිශය දුෂ්කර දිවියග් ගෙවන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආලෝකය ලබාදීමේ පින මෙපමණයි කියල නිම කරන්න බැහැ.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

වීඩියෝව නරඹන්න ...

චායාරූප නරඹන්න









































Monday, December 14, 2015

භික්ෂූන් වහන්සේ සය නමකට ඇතුලුව වැඩිහිටියන් පනස්දෙනෙකු උපහාරයෙන් පිදුම් ලැබූ වගයි ...


2015 දෙසැම්බර් 12 දින අපි වැඩිහිටි උපහාර උළෙලක් පැවැත්තුව. ඒ පොල්ගහවෙල මැටිකුඹුර, හොදැල්ල ජයසුන්දරාරාම විහාරස්ථානයේදියි. ම් පින්කම වෙනුවෙන් පහත පින්වතුන් දායක උනා.

සමිල විජේසිංහ මහතා 12000/-
ජනක ලියනගේ මහතා රු 10345/-
අරවින්ද රත්නාය මහතා
වසිත පෙරේරා යන මිතුරන් රු 10,000/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000/-
රොෂාන් අල්විස් මහතා රු 5000/-
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3500/-
සමීර අබේවික්‍රම මහතා රු 2000/-
කසුන් ජයනාත් මහතා රු 2000/-
ඉෂාන් උදය මහතා රු 2000/-
ක්‍රීශාන්ත සමරවීර මහතා රු 2000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1500/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චන්දන මදුරංග මහතා500/-
--------------------------------------------------------
මුලු ලැබීම්           රු 56,345/-

වියදම්

සුදු ඇදුම් සදහා රු 38,000.00
බෙහෙත් මංජුසා සදහා රු 22,000.00
උපහාර තිළිණ සදහා රු 8,000.00
පටිගතකල පිරිත්පොත්වහන්සේ රු 8,000.00
විදුලි ලාම්පු (ත්‍යාග ) රු 3,300.00
බැනර් සහ තේපැන් සංග්‍රහ සදහා රු 2525.00
ප්‍රවාහන වියදම් රු 1200.00
---------------------------------------------
මුලු වියදම් රු 83,025.00

හිග වූ මුදල 26280.00

 හිග මුදල සජී ආරච්චිගේ මිතුරිය විසින් කඨින පින්කම වෙනුවෙන් ලබාදී ඉතුරු වූ මුදලින් පියෙව්වා.

සිය ජීවිත කාලයම සසුන වෙනුවෙන් කැපකල ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ප්‍රමුකව වැඩිහිටියන් පනස් දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උපහාර උලෙල ඉතාම උත්කර්ශවත් අයුරින්පඅවඅත්වූවා. ජීවිත කාලයම දරුවන් වෙනුවෙන්, රට වෙනුවෙන් කැපකල රත්තරන් පියවරුන් අතර සමහරු අදවන විට නොයෙක් ආබාධ වලින් පෙලෙමින් සිටියා. ඒ අයගෙන් සමහරුන් දරුවන්ගෙන් නිසි සැලකුම් නොලබන දෙමාපියන්.
ඉතින් එවන් දෙමාපියන් වෙනුවෙන් මෙවැනි උපහාර උලෙලක් සංවිධානය කිරීමට ශක්තිය ලබාදුන් ඔබ සියලු දෙනාට අපමණ පින්සිදු වේවා.

විශේෂයෙන්ම ඔබගේ පින්වත් පියවරුන් හෝ මවුවරුන් මියගොස් සිටීනම් ඒ අයට හිමිවේවා. ඒ අය සිදුවූ අත්වැරදීමකින් හෝ චුතිසිත කුමන් හෝ හේතුවකින් නරකට යොමු වීමෙන් දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. දිව්‍ය මාලිගා පහල වේවා. තව්තිසා දෙව්ලොව වැනි නිතර බුදුබණ ඇසෙන තැනකම උත්පත්තිය සිදුවෙන්වාත ඒවන් තැනක සිටීනම් යස ඉසුරු වඩා වර්ධනය වේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. පින්වත් දෙමාපියන් සුජීවත්ව සිටීනම් මේ පින් බලෙන් අය නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා.  ජාති, ජරා, ව්‍යාධි, මරණ අපි හැමෝටම පොදු උවත් ඒ සියල්ල ඉතාම සිහිනුවණින් ජයගන්නටත්, ස්වභාවිකව ලැබෙන වේදනා අනන්ත තුනුරුවන් ගුණ බලෙන් අවම කරගැනීමටත් මේ පින් හිමිවේවා.
ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්.. 
එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, සියලු දෙනා ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.


 ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ඔබ ලද මහා භාග්යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.  
ව්යාපාර, අධ්යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ශාසනාරක්ෂක, ලෝකපාලක, දෙවියන් මෙන්ම සතර වරම් දෙවියන්ද මේ පින් අනුමොදන්ව ඔබට සතර වටින් ආරක්ෂාව සලසත්වා. උතුම් රත්නත්රයේ ආනුභාවයෙන්ද, ජයසිරි මහ බෝ හිමියන්ගේ අනුහසින්ද, වාම,දක්ෂිණ දන්තධාතූන් වහන්සේලාගේ බලයෙන්ද, ලලාට දාතුන් වහන්සේ, ග්රීවා ධාතූන් වහන්සේ ඇතුලු සිලුමින සෑයේ, නාගලොවේ වැඩ සිටින මෙන්ම තුන්ලෝකය පුරා වැඩ සිටින සර්වඥ ධාතුන්වහන්සේලාගේ බලයෙන්, අරහත් මහ ධාතූන් වහන්සේලාගේ බලයෙන්, තුන්ලෝකයේ වැඩ සිටින බුදුපිලිම වහන්සේලා, චෛත්යරාජයන් වහන්සේලා. ඇතුලු ශාරීරික, පාරිභෝගික, උදේදේසිය චෛත් ආනුභාවයෙන් සියලු ග්රහ දෝෂ, කර්ම දෝෂ, අමනුෂ් දෝෂ, භූමි දෝෂ ආදි සියලු දෝෂයන් හිරු දුටු අදුර මෙන්, දුරුවී යේවා. මරනින් මතු නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී වීමෙන් කෙලවර බුදු පසේබුදු මහරහත් උතුමන් නිවී සැනසී වදාල ජාතියක්, ජන්මයක්, මරණයක්, දුකක්, සෝකයක් නැති ශාන්ති ලක්ෂණ පැතූ බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා..


මෙවන් මහ පින්කමක් සිදුකරගන්නට මට භාග් ලබාදුන් සියලු දෙනාට පින් අනුමොදන් කරන අතර මගේ හෘදයාංගම ස්තුතියි පුදකරමි. මෙපින් බලෙන් මෙවන් මහ පින්කම් තව තවත් සිදුකරගන්නට මට ශක්තිය ලැබේවා. දිවා රෑ ප්රාර්ථනා කරන ඉලක්කය වෙත ලගාවී අසරණ සත්වගට පිහිටක් ලබාදෙන්නට හැකියාව ලැබේවා. කෙලවර මා පතන බෝධියෙන් නිවන් ලබන්නටත් සසර කතරේ අනේක දුක් විදින අසරණ සතුන් ජාතියක් ජරාවක් මරණයක් නැති අමා මහ නිවන් අවබෝධ කර දෙන්නටත් මෙපින් ගංගාවෝ හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.



වීඩියෝව නරඹන්න



චායා රූප නරඹන්න

ත්‍යාග දීම පිණිස බෙහෙත් මංජුසා