රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, January 20, 2015

අසරණ දරුපවුලක් වෙනුවෙන් සෙවිළි තහඩු සහ කොන්‍රක්‍රීට් කණු ලබාදුන් වගයි ...

පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. ඒ පිලිබද විස්තර මේ බෝග් එකෙ පුරාවට තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එකෙම්ක.

දින කිහිපයකට අපි සිදුකලේ මහ පින්කමක්.  ඒ දැඩිලෙස අබලන් වූ නිවසක ජීවත් වූ අසරණ දරැ පවුලක් වෙනුවෙන් මුහුණුපොතේ පින්වත් සේපාලිකා නංගියාත්, එරන්ද මහතාත් විසින් තහඩු විස්සක් සහ කොන්ක්‍රීට් කනු හයක් පරිත්‍යාග කිරීමයි. කොන්ක්‍රීට් කණු සිටුවා ඒ මත වහලය ඉදිකර ඔවුන්ගේ නිවස තනා ගන්නයි ඒ අය උත්සාහ කරන්නේ.

මේ සදහා තහඩු වලට ගිය වියදම = රු 9,600.00
කොන්ක්‍රීට් කණු සදහා ගිය වියදම = 11,275.00
ප්‍රවාහවය සදහා ගිය වියදම = රු 1000.00
___________________________________
 මුලු වියදම = රු 21875.00

පින්වත් යාලුවනේ නිවාසයක් ඉදිකිරීම කියන්නෙ මහා පුණ්‍ය කර්මයක්. අසරණ දරැපවුලක් වෙනුවෙන්  හිසට නිවහනක් හදනව කියන්නෙ පුදුමාකාර පිනක් වගේම මහා සමාජ සත්ක්‍රියාවක්.  මගමානවක වගේ උතුම් පුද්ගලයන් තවුතිසා දෙව්ලොව ඉපදුනේ මෙවන් මහ පින්කම් නිසයි.

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්කවත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.
             
පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් නංගියේ. සොහොයුර. . ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. මෙපින් බලෙන් තබන තබන අඩියක් පාසා ඔබේ ඉදිරි ගමන් සාර්ථක වේවා.   එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා ...

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...

Saturday, January 10, 2015

මුහුණුපොතේ මිතුරියගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් මවත්, පියාත් අහිමි වූ ආර්ථික අපහසුකම් ඇති ළදරුවෙකුට කිරි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍යාධාර ලබාදුන් වගයි.

පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. ඒ පිලිබද විස්තර මේ  බ්ලොග් එකෙ පුරාවට තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එකෙම්ක.

මවත් පියාත් අහිමි වූ ආර්ථික අපහසුකම් ඇති පවුලක කිරිදරුවෙක් වෙත අද දින අපි කිරිපිටි හා සනීපාරක්ෂක ද්‍රව්‍යාධාර ලබාදුන්න. ඒ අතර සබන්, දත්බේත්, ක්‍රීම් වර්ග ආදිය ඇතුලත් උනා. මේ පුංචි පුතාගේ පියා ඔහුව දාල ගිහින්. පුතාගේ අම්ම ඩෙංගු උන හැදිල හදිස්සියේම මිය ගියා. දැන් පුතා ඉන්නෙ සීය ගාව. ඉතින් පුංචි පුතාට තියෙන ආර්ථික අපහසුකම් දැනිල අපි මේ පරිත්‍යාගය කලේ.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
සේපාලිකා ගමගේ නංගියාත්, එරන්ද මහතාත්, උදාරි නංගියාත් විසින්.

මේ සදහා වැයවූ මුදල රු 3010.00 පමණ.
අදාල බිල්පත පහල ඇති ඡායා රූපවලින් පෙන්වා තිබෙනව.

මේ පින්කම වෙනුවෙන්ද ඔබට කලින් පින්කමේ අයුරින්ම පින් ලබාදෙන්නම්.

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්වත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.
             
පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ඥානය ලබන්නට මහා වාසනාවක් තියෙන්නට ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එතුලින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා ...

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...

Wednesday, January 7, 2015

මුහුණුපොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් එක් දරුවෙකුට ශිෂ්‍යත්වයක්ද සමග ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකුට පාවහන්, නිල ඇදුම් ඇතුලුව අවශ්‍ය සම්පූර්ණ උපකරණ ලබාදුන් වගයි.

පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. ඒ පිලිබද විස්තර මේ බ්ලොග් එකෙ පුරාවට තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එකෙම්ක.

ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා.
මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
සේපාලිකා  නංගියාත්, එරන්ග විතාරණ මහතාත්, උදාරි නංගියාත්, තව නම සදහන් නොකල පින්වත් සොයුරියක් යන මේ පිරිසයි.

නිල ඇදුම් සදහා -  රු 976.00
ලිපිද්‍රව්‍ය - රු 2040.00
උපකාරක පොත් රු 640.00
පාවහන් සදහා රු 2680.00 ( මේ වෙනුවන් රු 1000.00 වටිනා වවුච් දෙකක් ලද බැවින් අමතරව ගෙවන ලද්දේ 680.00 පමණි.)
ආවරණය සදහා කවර වෙනුවෙන් රු 15.00
               _____________
මුලු මුදල. රු. 6351.00
              _____________

වවුචර් හැර අතින් දුන් මුදල රු 4351.00

ඔවුන් වෙනුවෙන් පාවහන්,  නිල ඇදුම්, හා අනිකුත් පාසැල් උපකරණ මෙහිදී පිරිනැමුන. ඒ පිලිබද සියලු බිල්පත් පහතින් දක්වා තියෙනව.

පින්කම වෙනුවෙන් සහය දැක්වූ සේපාලිකා නංගී  මෙවන් පින්කම් රාශියක් සදහා මේවන විට රු. ලක්ෂයකට අධික මුදල් කන්දරාවක් මා වෙත එවා තියෙනව. මාව පුද්ගලිකව හදුනන්නෙත් නැතිව, මා කවුරුන්ද කියා දන්නෙත් නැතිව, අඩුම තරමින් මගේ කටහඩවත් අහන්නෙ නැතිව ඔබ මා කෙරේ තැබූ විශ්වාසය මට මහත් අභිමානයක්.

එසේම එරන්ද මහත්මා මීට පෙර පින්කම් කිහිපයකට දායක වෙන්න හැදුවත් එතුමාට ඒ වෙනුවෙන් ඉඩක් ලැබුනෙ නැහැ. එතුමා අවසානයෙදි මේකක් හරි පින්කමකට යොදවන්නයි කියමින් විශාල මුදලක් මාවෙත එව්වා.

එසේම අපිට නිරන්තර උදව් උපකාර කරන උදාරි නංගියාත් මේ පින්කම වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. දරුවන්ගේ පාවහන් ලබාදුන්නෙ උදාරි නංගියා විසින්.

ඒ වගේම ශිෂ්‍යත්වය ලබාදුන්නේ නම සදහන් නොකල පින්වත් සොයුරියක් විසින්.

ඉතින් සේපාලිකා නංගිගේත් එරන්ද මහතාගේත් මුදල් වලින් අසරණ පවුලක් වෙනුවෙන් තාවකාලික නිවහනක් ඉදිවෙනව. ඉතිරි උන මුදල් තමයි මේ දරැවන් දෙදෙනා ගේ පාසැල් උපකරණ අවශ්‍යතා යොමුකලේ.

ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්රමාන ආනිසංශ ලැබෙනව. දරැවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් අත දීම පුංචි පින්කමක් නෙවෙයි. අනිත් අතින් ඒක ඔබ රට වෙනුවෙන් කල මහා පරිත්‍යාගයක්. විශේෂයෙන්ම සිංහල අපි වදවෙලා යන යුගයක මෙවන් උත්තරීතර පරිත්‍යාගයනක් තුලින් සිංහලයාගේ පැවැත්මට සිදුවන්නේ මහා මෙහෙවරක්..

ඔබවන් පින්වත් දරුවන් මෙලොවට බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඒ ඇත්තන් කොහි සිටියත් මේ පින් ඒකාකාරවම ලැබී ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදි සියල්ල ලබත්වා.  ඔබේ පවුලේ සැමටත් මලගිය ඥාතීන්ටත් මේ පින් ලැබේවා . සැපතින් සැපතට පත්වේවා. ඇත්තන්ට මේ පින්කමේ බලෙන් අනන්තවත් දිව් සලු, දිව් ආභරණ, දිව් ආහාර ලැබේවා ...
පින්වත් ඔබට නිවන් දක්නා ජාති දක්වාම කිසිදු  අඩුපාඩුවක් නොවේවා ... සියලු සැප සම්පත් පහල වේවා ...
ඔබේද   දූ දරුවන්ගේඇතුලු පවුලේ සමීපයන් සියලු දෙනාටද මේ පින් ලැබේවා. සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ... සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා...

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්කවත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.
             
පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ඥානය ලබන්නට මහා වාසනාවක් තියෙන්නට ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එතුලින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා ...

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...

Sunday, January 4, 2015

උතුම් දුරුතු පෝදා පින්වත් මුහුණුපොතේ මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් රු 58,000/-ක් වටිනා කොට්ට,මෙට්ට, ඇද ඇතිරිලි සහිත අංග සම්පූර්ණ ඇදන් තුනක් ගෞතම බුදුසසුනේ සැරියුත් මුගලන්පරපුරේ මහ සග පරපුර වෙනුවෙන් පූජා කල වගයි ...

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

පින්වත් යාලුවනේ අද දින උතුම් දුරුතුපෝය වෙනුවෙන් ගෞතම බුදුසසුනේ සැරියුත් මුගලන් මහ සග පරපුර වෙනුවෙන් ශ්‍රෙෂ්ඨ පූජාවක් සිදු කලා. ඒ කොට්ට,මෙට්ට, ඇද ඇතිරිලි සහිත අංග සම්පූර්ණ ඇදන් තුනක් පූජා කිරීමයි. මින් ඒක ඇදක් ඩබල් ඇදක් නිසා මේ ඇදන් තුනෙහි ස්වාමීන් වහන්සේලා හතර නමකට මෙහි සැතපෙන්න පුලුවන්. මේ විහාරස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල නගරයට ආසන්නවයි.  

මේ වෙනුවෙන් දායක වුනේ

ජනක ලියනගේ මහතා - රු 50,000.00
නන්දන මහතා රු 8500.00
                  ___________
මුලු මුදල රු 58,500.00

ඩබල් පටි  ඇද සදහා -                       රු 13,000.00
මෙට්ටය සදහා -                                    රු 5200.00

සින්ගල් හැඩ ඇදන් දෙකට 13,500 X  2 = 27,000
මෙට්ට දෙ සදහා                  4500.00 X 2 = 9000

කොට්ට 03 X 350.00 =  1050.00

ඇද ඇතිරිලි (බෙඩ් ශීට්)
බඩල් ශීට් එක - රු 400.00
සින්ගල් ශීට් 02 X 350 = රු 700.00

ප්‍රවාහන වියදම රු 1,500.00

මුලු වියදම රු 57850.00

( 58500 – 57850 = රු  650.00  වෙනත් පින්කමක් වෙනුවෙන් යොමුකෙරේ.)

මේ සියලු බිල්පත් ෆොටෝ සහ අනිකුත් විස්තර පහලින් බලන්න පුලුවන්.

පින්වත් යාලුවනේ අදවන් දුරුතු පුන් පෝ දවසකයි මෙවන් මහ පින්කමක් සිදුකලේ.   මේ පින්කම වෙනුවෙන් මුදල් වෙන්කල අවස්ථාවේ සැබැවින්ම මගේ ඇගේ හිරිගඩු පිපුණ. අහෝ...! මේ කෙතෙරම් වටිනා අනුසස් ඇති පින්කමක්ද කියා. පින්වත් නන්දන මහතා මට මුලින්ම කථා කරල කිව්ව ඉක්මනින් මුදලක් එවන්නම් පින්කමට සම්බන්ණ්‍ධ කරගන්න කියල. ඒ අතරෙ පින්වත් ජනක ලියනගේ මහතා මේ පින්කම පිලිබද දැගල විනාඩි 10ක් යන්නත් කලින් මට රු 50,000/- ක් එවන්න තරම් නිර්ලෝභී උනා. මේකට කීයක් යනවද? සම්පූර්ණම මුදල මම දෙන්නම් කියල මට ඒ මුදල් එව්වෙ. ඒත් අද පෝය නිසාත්, ඊයෙ දවස සෙනසුරාද නිසත් අපිට හදිස්සියේ පෝයදිනයට පූජ කරන්න ඇදන් හොයාගන්න බැරි උනා. ඒ නිසා ද්විත්ව (ඩබල් ) ඇදකුත් එක්කයි ඇදන් තුන ගන්න උනේ. එහෙම ගන්නකොට මිල තව ටිකක් ඉහල ගියා. ඒ නිසා පින්වත් නන්දන මහතා රු 8500/-ක මුදලක් පරිත්‍යාග කලා. ඒ අනුවයි අපිට මේ පින්කම ඉතාම ලස්සනට  කරගන්නට හැකි උනේ.
මේ පින්කමේ අනුසස් කොපමණද කියල කියන්න අපේ පුහුදුන් මනසට හැකියාවක් නැහැ. එහෙත් පොත පතින් උපුටා අරන් මේ අනුසස් මෙතනදි සදහන් කරනව.

ඇඳන් පිදීමේ ආනිසංස ....

ඇඳන් පිදීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් අගතියක නොඉපිද සත්රුවන් හිමි සක්ව්ති රජව උපන් අප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මගපල ලැබූ සසනදායක ථෙර ආපදානය නිදසුන්වේ.

මෙට්ට පිදීමේ ආනිසංස

01. සම ශරීර ඇත්තේ වේ
02. ගරැ බුහුමන් ලබයි
03. මෘදු ශරීර ඇත්තේ වේ
04. ඥානය හා පිරිවර ලබයි
05. රනි, රිදී ආදී ඇතිරිලි ලබයි
06. මෘදු වූද, අදුන් දිවි සමින් කලා වූද ඇතිරිලි ලබයි
07.නුවණ ලැබූ තැන් පටන් ධ්‍යානයෙන් හිස් නොවේ

කොට්ට පිදීමේ ආනිසංස

01. ලොමින් කරන ලද්දා වූද,  පද්මාකාර වූද, ලෝහිත චන්දනයෙන් කරන ලද්දා වූද, කොට්ටවල හැම කල්හි හිස තැබීම
02. උත්තම ආර්යෂ්ඨාංගික මාර්ගයෙහිද, සතරක් වූ ශ්‍රමණ ඵලයෙහිද, යන මේ ධර්මයන්හි ඥානය එළවා හැම කල්හි වාසය කරිම
03. ඉන්ද්‍රිය දමනයෙහිද, සිත සමාධියෙහිද, අප්‍රමාණයන්හිද, රූප ධානයන්හිද, හැම කල්හි ඥානය එළවා වාසිය කිරීම,
04. සක්මනෙහිද, සම්‍යප්‍රදානයෙහිද, වීර්යයෙහිද, බෝධි පාක්ෂික ධර්මයන්හිද, රිසි සේ ඥානය එළවා වාසය කිරීම.
05. සීල, සමාධි, ප්‍රඥා,අනුත්තර විමුක්තිය යන මේ ධර්මයන්හි රිසිසේ ඥානය එළවා වාසය කිරීමට ලැබීම

වස්ත් පිදීමේ අනුසස් - (ඇද ඇතිරිලි)

රන්වන් සිරුරු ඇත්තෙක් විම
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
ප්රතාප ඇත්තේ විම
සිනිදු සිරුරක් ඇත්තේ වීම
හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත් දරා සිටීම

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරන්නට දායක වූ ජනක මහතාත්, සුමිත් මහතාත් සිදු කලේ පුංචි පින්කමක් නොවෙයි. පින්කමක් සිදු කිරීමේදී පින්ක සිදුකරන්නට සිත පහල කරගැනීම, පින්කම සිදු කිරීම, පින්කම සිදුකල පසු මතක් කර සතුටු වීම යන තුන් කාලෙදිම අප්‍රමාණ පින් රැස් වෙනවත  අපි පින්කමක් වෙනුවෙන් දායක වෙනව කියල සිතන සිතිවිල්ලෙන් පවා ගොඩ නැගෙන්නෙ මහා පුණ්‍යස්කන්ධයක්. ඉතින් ඒ අනුව

පින්වත් ජනක මහතාණෙනි : - ඔබතුමා මීට පෙර අවස්ථාවකත් මෙවන් මහ පින්කමකට දායක උනා. ඒ චෛත්‍යයක ආරක්ෂාවට සුදු යගඩ ගේට්ටු දෙකක් සකස් කරන්න. අදත් සිදුකලේ මහ පින්කමක්. මේ සියලු පින්කම් ඔබතුමා කරන්නෙ ඉතාම ශ්‍රද්ධාවෙන්. ඒබව මම හොදින්ම දන්නව.

පින්වත් නන්දන මහතාණෙනි : - මගෙ සම්පූර්ණ නම දාන්න එපා. ඔයාට ඕනිනම් විතරක් නමින් කෑල්ලක් දාගන්න මේ ඔබතුමා මට දුන්න උපදෙස්.  තමන්ගෙ නමවත් මේ පින්කම් වලට ගාව ගන්න එතුමා කැමති උනේ නැහැ. ඔබතුමා දායක වූ පින්කම් ගණනවත් මටනම් මතක නැහැ. ඒ තරමින්ම මහා පින්කම් රාශියකට ඔබතුමා දායක උනා.ඒ විතරක් නෙවෙයි. පින්කමට සල්ලි ඇතිද කියල නැවත වරක් අහන්නත් ඔබතුමා  අමතක කරන්නෙත් නැහැ.

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්කවත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.
               ඔබවන් පින්වත් දරුවන් මෙලොවට බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඒ ඇත්තන් කොහි සිටියත් මේ පින් ඒකාකාරවම ලැබී ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදි සියල්ල ලබත්වා.  ඔබේ පවුලේ සැමටත් මලගිය ඥාතීන්ටත් මේ පින් ලැබේවා . සැපතින් සැපතට පත්වේවා.

පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කොන්ද, හිස, දනහිස් ආදී ප්‍රදේශවල ඇතිවන සියලු රෝග දුරුකරන්න තරම් මහා බලයක් ඇති පින්කමක් මේ. ඔබට කවද හරි එවන් රෝගයක් වැලදුනොත් මේ පින්කම සිහිකල පමණින් ඒ රෝගය යටපත් කරන්න හැකිවෙන තරම් මහ පුදුම බලයක් ඇති පින්කමක් මේ.  ඒ වගේම ඇදක් කියන්නෙ විවේක ගන්න තැනක්. මහන්සි දුරුකරන තැනක්. එසේම ඔබටත් සසර පුරාම කලබලකාරී වටපිටාවන්ගෙන් තොර බොහොම සැනසිලි දියත ජීවිත ගෙවන්න ලැබේවි.  නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එත්ලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....