රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, January 10, 2015

මුහුණුපොතේ මිතුරියගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් මවත්, පියාත් අහිමි වූ ආර්ථික අපහසුකම් ඇති ළදරුවෙකුට කිරි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍යාධාර ලබාදුන් වගයි.


පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. ඒ පිලිබද විස්තර මේ  බ්ලොග් එකෙ පුරාවට තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එකෙම්ක.


මවත් පියාත් අහිමි වූ ආර්ථික අපහසුකම් ඇති පවුලක කිරිදරුවෙක් වෙත අද දින අපි කිරිපිටි හා සනීපාරක්ෂක ද්‍රව්‍යාධාර ලබාදුන්න. ඒ අතර සබන්, දත්බේත්, ක්‍රීම් වර්ග ආදිය ඇතුලත් උනා. මේ පුංචි පුතාගේ පියා ඔහුව දාල ගිහින්. පුතාගේ අම්ම ඩෙංගු උන හැදිල හදිස්සියේම මිය ගියා. දැන් පුතා ඉන්නෙ සීය ගාව. ඉතින් පුංචි පුතාට තියෙන ආර්ථික අපහසුකම් දැනිල අපි මේ පරිත්‍යාගය කලේ.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
සේපාලිකා ගමගේ නංගියාත්, එරන්ද මහතාත්, උදාරි නංගියාත් විසින්.

මේ සදහා වැයවූ මුදල රු 3010.00 පමණ.
අදාල බිල්පත පහල ඇති ඡායා රූපවලින් පෙන්වා තිබෙනව.

මේ පින්කම වෙනුවෙන්ද ඔබට කලින් පින්කමේ අයුරින්ම පින් ලබාදෙන්නම්.

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්වත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.
             
පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ඥානය ලබන්නට මහා වාසනාවක් තියෙන්නට ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එතුලින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා ...

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...









No comments:

Post a Comment