රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, January 20, 2015

අසරණ දරුපවුලක් වෙනුවෙන් සෙවිළි තහඩු සහ කොන්‍රක්‍රීට් කණු ලබාදුන් වගයි ...


පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. ඒ පිලිබද විස්තර මේ බෝග් එකෙ පුරාවට තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එකෙම්ක.


දින කිහිපයකට අපි සිදුකලේ මහ පින්කමක්.  ඒ දැඩිලෙස අබලන් වූ නිවසක ජීවත් වූ අසරණ දරැ පවුලක් වෙනුවෙන් මුහුණුපොතේ පින්වත් සේපාලිකා නංගියාත්, එරන්ද මහතාත් විසින් තහඩු විස්සක් සහ කොන්ක්‍රීට් කනු හයක් පරිත්‍යාග කිරීමයි. කොන්ක්‍රීට් කණු සිටුවා ඒ මත වහලය ඉදිකර ඔවුන්ගේ නිවස තනා ගන්නයි ඒ අය උත්සාහ කරන්නේ.

මේ සදහා තහඩු වලට ගිය වියදම = රු 9,600.00
කොන්ක්‍රීට් කණු සදහා ගිය වියදම = 11,275.00
ප්‍රවාහවය සදහා ගිය වියදම = රු 1000.00
___________________________________
 මුලු වියදම = රු 21875.00


පින්වත් යාලුවනේ නිවාසයක් ඉදිකිරීම කියන්නෙ මහා පුණ්‍ය කර්මයක්. අසරණ දරැපවුලක් වෙනුවෙන්  හිසට නිවහනක් හදනව කියන්නෙ පුදුමාකාර පිනක් වගේම මහා සමාජ සත්ක්‍රියාවක්.  මගමානවක වගේ උතුම් පුද්ගලයන් තවුතිසා දෙව්ලොව ඉපදුනේ මෙවන් මහ පින්කම් නිසයි.

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්කවත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.
             
පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් නංගියේ. සොහොයුර. . ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. මෙපින් බලෙන් තබන තබන අඩියක් පාසා ඔබේ ඉදිරි ගමන් සාර්ථක වේවා.   එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ....

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා ...

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...




No comments:

Post a Comment