රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, April 12, 2015

දුගියන්ගේ කුසගිණි නිවමින් නව වසරට සූදානම් වීමු ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ ගුවන් විදුලිය
www.ifbcradio.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
https://www.facebook.com/buddhist.foundation

පින්වත් යාලුවනේ අපි අප්‍රේල් 11 වෙනිද ලොකු පින්කමක් කලා ආර්ථික අපහසු කම් ඇති පවුල් 25කට රු. 2,000.00 කට ආසන්න වියලි සහනාධාර මල්ලක් ලබා දුන්න.

මේ සදහා පහත සදහන් පින්වතුන් පින්වතියන් දායක උනා ...

නමක් සදහන් නොකල අයෙක් මුදල් එවා තිබුනා රු 15,000.00
රොෂාන් ප්‍රගීත් මහතා රු 6500.00
තක්ෂිලා චන්ද්‍රණි සොයුරිය රු 5152.00
ඒ කොටුපිටිය රැ 5000.00
මේනක විතාරණගේ මහතා රු 2500.00
තිළිණ විජේවර්ධන මල්ලියා රු 1000.00
අමිල රුවන් මහතා රු 2500.00
හිරාන් මධු සංඛ මහතා රු 500.00
සේපාලිකා නංගියා රු 5000.00
ඩබ්.සී. දිල්ෂාන් මහතා රු 5000.00
රජිත් තෙන්නකෝන්,මහතා,
සුලන්ති ද කොස්තා මහත්මිය(බිරිඳ)
 සහ දීප්ත ප්‍රේමසිංහ මහතා                     රු 2000.00
අමිල එරංග                                           රු 2500.00
                                                             ---------
                                         එකතුව       52652.00



වියදම්
ප්‍රවාහන ගාස්තු 1900.00
බඩු මලු 24ක් සදහා 1914 X 24 = 45936.00
ප්‍රමාදවී ලද මුදල් වෙනුවෙන් තවත් මල්ලක් සකස් කලා = 1990
ඉටි උර වෙනුවෙන් වියදම 750
වෙනත් වියදම් ( ලණු ආදිය) 70
මහව සිට පැමිණි සියලු දෙනා හට ආපසු යාටට ගමන් වියදම් ලබා දුන්නා  652.50
51298.50

ඉතිරි මුදල 1343.50

ඉතිරි මුදල් සියල්ල ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයන් වහන්සේ (දමුණුගොඩ රන් බෝධිය ) ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වෙන් කලා.

දානයේ ආනිසංස මොනවාද ?

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග් දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

එය ඇසූ තථාගතයන් වහන්සේ සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් දානය ක්රමානුකූලව සියතින්ම සාදා ශ්රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේයැයි සිටුතුමාට වදාළා.

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්රමයෙහි බවයි. වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන.

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. වගේම දානය හොඳින් සකස් කර ක්රමානුකූ®ලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. වගේම ශ්රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

තථාගතයන් වහන්සේ මේ සූත්රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාව බ්රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත් අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත් අසූහාර දාහක රන්පුරවා , ලෝහ පාත් අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ් රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. සූ අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් කාලයේ ඉදළා නැහැ කියලා.

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ් වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, දුගි මගී යාචකයන්ට දෙන දානය.

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත් සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්රතිපත්ති දානය දියුණු කළ නො හැකියි. දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත් යැයි කියමින් අනිත් මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි. වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්රද්ධාවෙන් දෙන දානය උතුම්.



සාන්දෘෂ්ටික
(මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

දායක තෙමේ බොහෝ දෙනාට පිරයමනාප කෙනෙක් වේ.
දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
යහපත් කල්යාණ මිත ආශරය ලැබේ.

එසේම දානානිසංස සූතරයට අනුව,

ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.
තව මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනි, තව සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූතරයට අනුව මෙසේ . සත්පුරුෂ දාන ආනිසංස පහ

රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් රද්ධාවෙන් දන් දෙත්වා !
සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුතරයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)
ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.
ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
තමා අන් අය වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා .

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්යයන් ඊට සහභාගී කර නො ගනී. හේතුවෙන් අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
තමා දන් නො දෙන අතර දෙන දානයකට සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙක නො ලැබේ.
තම ධනය යොදා අන් අය ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙකම ලැබෙනු ඇත.
රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.


බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ ම මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්‍යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්‍යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ම‍ාගේ ප්‍රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව. ඒ වගේම ඉතාම සුදුසු අහිංසක දුප්පත් අය තෝරලයි මේ උපකාරය සිදු කලේ.

පින්වත් සොයුරනි, සොයුරියනි. ඔබ මේ සිදුකල දානමය පුණ්‍ය ක්‍රියාව නිසා අද අසරණ පවුල් කීයක්නම් සතුටින් අවුරුද්දට මුහුණ දෙනව ඇතිද? කුස පිරෙන්න ආහාර ගන්නව ඇතිද?
මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. ඒ අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්‍යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් ඒ අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. ඔබට අයහපතක් සිදුවන ඔබේ සියලු ප්‍රාර්ථනාවන්ට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා. එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා ...


මෙපින් බලෙන් සසර කතරේ දුක්විදින අනන්ත සත්වයන් නිවන් මගට ගෙන යාම සදහා මා පතන බෝධියෙන් නිවන් සුවයම ලැබේවා ...






********************************************************



**************************************************



****************************************************



*************************************************



****************************************************



**********************************************



****************************************************



*************************************************




**************************************************



**************************************************


*****************************************************



*********************************************


***************************************************



**************************************************



************************************************



***********************************************



******************************************************



***************************************************


********************************************************



***************************************************


*********************************************************

***********************************************************


**************************************************************


********************************************************


******************************************************************













No comments:

Post a Comment