රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, April 7, 2015

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් හාස්කම් පිරි වසර දහස් ගණනක් ඉපැරණි බෝධියක් කල එළිවූ වගයි ...


එන්න අපේ වෙබ්අඩවියට

අපේ ගුවන් විදුලිය

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍

යාලුවනේ අපි අද ඉතාම වටිනා පින්කමක් සිදු කලා. කැලෑ වැහිල තිබුනු හාස්කම් පිරි වසර දහස් ගණනක් ඉපැරණි බෝධීන් වහන්සේ නමක් ශුද්ධ පවිත්‍ර කරල සුදු වැලි අතුරන්න අපිට පුලුවන් උනා. වංශ කථා වල මෙන්ම ඓතිහාසික මූලාශ්‍ර අනුව දුටුගැමුණු රජුගේ නැගනියකගේ ( ඥාති නැගනියක් විය හැකිය) පුතෙකු වන පුෂ්ප දේව කුමාරයා විසින් මේ ප්‍රදේශය පාලනය කල බව කියවෙනවා. ඔයු විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්, මහ රහතුන් වෙනුවෙන් ගල්ලෙන්, වැවක් සාදා එමෙන්ම මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙනවා. පුෂ්ප දේව කුමාරයා පසුව මලියදේව නමනින් පැවිදිව මහ රහතු‍ භාවයට පත්වෙනවා.  ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ ලෙසින් ප්‍රසිද්ධ වන්නේ මේ මලියදේව මහ රහතන් වහන්සේයි. මෙහි යම් පරස්පර තැන් ඇතත් දැනට අපිට ලැබී ඇත්තේ මේ තොරතුරුයි. ඉතින් මේ බෝධීන් වහන්සේ දුටුගැමුණු රාජ පරම්පරාවේ සිට පැවත‍ගෙන එන්නක්. මහ රහතුන් වහන්සේලාගේ මෙන්ම අප්‍රමාණ බැතිමතුන්ගේද වැදුම් පිදුම් වලට ලක් වූ ‍බෝධියක්. කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක්නොවී පිලිල හැදී විනාශ වන තත්වයට ඇවිත් තියෙන අතරේයි මට මේ පණිවිඩය ලැබුනේ. ඒ අනුව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව අපිට මේ බෝධීන් වහන්සේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉදිරිපත් වන්නට පුලුවන් උනා. වැල් වලින් පිරී, මුල ප්‍රදේශය තණකොලවලින් වැසී තිබූ බෝධීන් වහන්සේ අද වනවිට සුදුවැලි වලින් වටවූ නිදහස් බිමක විරාජමානව වැඩ සිටිනව.

මේ සදහා මුදල් පරිත්‍යාගයන් සිදුකලේ

රොෂාන් ප්‍රගීත් මහතා  - රු 15,000.00

මාලක එම්. ආරියරත්න මහතා රු 600.00

===========================
එකතුව රු 15,600.00

වියදම්

වැලි ටිපර් එක සදහා රු 8,000.00
දෙදෙනෙකු සදහා ශ්‍රමය සදහා රු 2000.00
--------------------------------------------
එකතුව 10,000.00

ඉතිරිය 15,600 – 10,000 = රු 5600.00

මීට අමතරව එම ස්ථාවයට යාම සදහා ත්‍රි රෝද රථ භාවිතා කල අතර ඒ සදහා ඔවුන් ඉතාම සුලු මුදලක් ගෙන අපිට පූර්ණ සහයෝගයක් ලබා දුන්නා.

බෝධීන් වහන්සේ අසල පොල් අතු වසා ඇති නිවසට තහඩු සෙවිලි කිරීමටත්, වයරින් කිරීම් හා විදුලිය ලබා ගැනීමටත්, විදුලි පහන් කණු සිටවීම සදහාත් බෝධි ආරක්ෂක බැම්ම ඉදිකිරීම සදහාත් ඔබටත් දායක වන්න පුලුවන්.

ඉතින් රොෂාන් සහ මාලක යන මහත්වරුන් සිදුකරගත්තේ අපමණ කුසලයක්.


බෝධීන් වහන්සේ නමක් පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික බලන්නකො. බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2.සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6.ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9.කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10.චිත්ත පීඩා ඇති නොවීම
11.සතුරන් ඇති නොවීම
12.භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15.පරමායුශ විඳීමට ලැබීම
16.ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

මේ තියෙන්නෙ බොධීන් වහන්සේ ඇමදීමේ අනුසස්. එසේනම් බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීමට සිදුකරන යමකට කොතරම් පිනක් රැස් වෙයි කියල ඔබ හිතනවද?

 මේ පින්කම සිදුකල  මාලක මහතාගේත් රොෂාන් මහතාට සහ එතුමාගේ සුදර්ශනී සොහොයුරියට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් එසේම  දයාබර බිරිද  සුමේදා. මහත්මියට  මෙලොව උත්පත්තිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, කියන කාරනා අපි හැමෝටම මුහුණ දෙන්න සිදුඋනත් මෙපින් බලෙන් ඒ ඇත්තන්ට අවම පීඩා ඇතිව  ඒවන් දේවල් වලට මුහුණ දෙන්න ලැබේවා.  මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.
තෙනුක පුංචි පුතා ඇතුලු පවුලේ සියලු දූ පුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.


පින්වත් මාලක මහතාණෙනි, රොෂාන් මහතාණෙනි. මුහුණුපොතේ ලිපියක් පලකල පමණින් ඔබ මාකෙරේ අපමණ විශ්වාසයකින් මෙවන් මහ පින්කමක් සිදුකලේ සැබැවින්ම සසුන කෙරෙහි ඇති අපමණ භක්තිය නිසාමයි. ඔබ සිදුකගේ බෝධියක් ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි. වසර දෙදහස් ගණනක් ඉපැරණි ඉතිහාසයක් යලි මතුකරමින්, දැයට දායාදයක් වූ මහානර්ඝ වස්තුවක් ආරක්ෂා කරගැනීමට කල මහගු සේවයක් මේ. මෙපින් බලෙන් ඔබ කරන සියලු දේ අතිෂයින් සාරථක වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මේ සියල්ල ඔබට හිරුරැස් මෙන් ගලා ඒවා. ඔබට ඇති සියලු බාධාවෝ දුරුවේවා. සසර කතර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා. ඔබ මේ බෝධීන් වහන්සේ ආරක්ෂාවට දායක උනා සේම ඔබවත් සසර පුරාවටම සතරවරම් දෙවියන සතර වටින් ආරක්ෂා කරත්වා. යක්ෂ, ප්‍රේත, ඉරි,වැල් පැන්නුම්, දිෂ්ඨි ආදි නොයෙක් දුෂ්ට බලවේග ඔබ දුටුතැන පලායන තරම් මහා ආරක්ෂාවක් ඔබ වටා ජනික වේවා. යන යන තැන කිරි ඉතිරේවා, සැමට ප්‍රිය ජනක වේවයා. කිසිදින හිග නොවන මහා භාණ්ඩාගාර, ධාන්‍යාගාර පහල වේවා. ඒවා අපමණ දන් දෙන්නටම සිත් පහල වේවා. සසර පරාවට අපමණ පින් කරමින් ඔබ පතන බෝධියෙන් නිවන් පුර යන්නට මේ පින හේතුවාසනා වේවා.

මෙවන් පින්කම් සිදුකරමින් සසර සැරිසරන මටත් මෙපින් අනුහසින්  අපමණ සතුන් දුකින් මුදවමින්, අපමණ සතුන්ට නිසි මග පෙන්වා දෙමින්,  සසර කතරින් එතෙර කරවීමට  මා පතන අති උත්තම බෝධියෙන්න් නිවන් දකින්නට හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.















No comments:

Post a Comment