රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, May 28, 2015

බුදු පිළිම වහන්සේගේ අව් වැසි ආවරණය ( කොන්ක්‍රීව් වහලය ) දක්වා ඉපැරණි බෝධි සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියරේ මුල් කොටස නිමකල වගයි ...

වසර දෙදහසකටත් වඩා ඉපැරණි ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය ඔබ පසුගිය කාලය පුරාවට දකින්නට ඇති. එම සංවර්ධන කටයුතු වල දෙවන අදියරේ පළමු කොටස පසුගිය දා නිමාවට පත් උන බව ඔබ දුටුවා නොදැක්ක අයට ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

දෙවන අදියර ලෙස බුදුපිලිම වහන්සේගේ කුටිය සෑදීමේ කටයුතු සිදුකල අතර පළමු අදියරෙන් ඉතිරි වූ රු 65001.00 මුදල සමග දෙවන අදියරට මුදල් ලැබීම් පිලිබද විස්තර පහත දැක්වෙනව.

පළමු පියවරෙන් ලද ඉතිරි මුදල   රු 65001/-
සේපාලිකා සොයුරිය රු 40 000/-
රොෂාන් ප්‍රගීත් මහතා රු 15 000/-
සුමිත් නන්දන  රු11 000/-
තිළිණි හෙට්ටිආරච්චි නංගියා ( පියා වෙනුවෙන්) රු 4000/-
තිළිණ විජේවර්ධන රු 500/-
මදුසංක  රු 500/-

එකතුව රු 136,001/-


බාස්වරුන් සදහා කුලී රු 42400/-
සැටලිමට රු 5000/-
සිමෙන්ති  රු16830/-
කොන්ක්‍රීට් ගල්  රු 13400/-
ප්‍රවාහන  රු 5600/-
වැලි රු 8500/-
කම්බි  රු 22680/-
විදුලි උපකරණ ( බුදුගෙය වෙනුවෙන් ) රු 1040/-
කොන්ක්‍රීට් කණු   රු 9700/-
ඇණ, ලණු ආදිය සදහා  රු 2840/-
සුලු වියදම්  රු 1675/-
-----------------------------------------------------

මුලු වියදම  129665.00

ඉතිරි  රු 6336.00 ඉදිරි වැඩ කටයුතු සදහා යොමු කලා

කෝසල බිම්බ වර්ණනාවේදී බුදු පිලිම නිර්මාණයේ ආනිසංස බුදුහිමියන් දේශනා කල  ආකාරය මෙසේ දැක්වෙනව;

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්
මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,
මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,
මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.
ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

 ඉතින් මේ බෝධිරාජයාණන් වහන්සේ සංවර්ධනයට  දායක වූ බුදුපිලිම වහන්සේ නිර්මාණය කිරීමට දායක වූ සියලු දෙනාටම අනන්තවත් පින්සිදු වේවා. අපිට නිර්න්තරයෙන් නිතර උදව් පදව් කරන සේපාලිකා නංගියාටත්,  වැඩ කටයුතු නිතර සොයා බලා උපදෙස් දෙන රොෂාන් මහත්මාටත්, අපි අපහසුතාවන්හි වැටුනු තැන්වලදී නිතර උදව් උපකාර කරන සුමිත් මහතාටත්, සිය පියා වෙනුවෙන් මහ පින්කමට දායක වූ  තිළිණි හෙට්ටි ආරච්චි නංගියාටත්, සඍම පින්කමක් වෙනුවෙන් හැකි පමණින් ආධාර කරන තිළිණ මල්ලියාටත්,  නම පලකරනවාට පවා අකමැතිව පුණ්‍ය කටයුතු වෙනුවෙන්ම මුදල් වෙන්කල මදුසංඛ මහතාට යන සියලු දෙනාට අනේක වාරයක් පින්සිදුවේවා.

විශේෂයෙන්ම අපි පිලිබද විශ්වාස කොට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලබාදීම පිලිබද අනේක වාරයක් පින්සිදු වෙනව. මේ පින්වල නොඉදුල් කොටස අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අලේලේශාක්‍ය මහේශාක්‍ය සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ට හිමිවේවා. මේ මුදල් ලබාදුන් ඔබ සැම මෙලොවට පිහිකල පින්බර දෙමාපියන්ට මේ පින් ඉහලින්ම හිමිවේවා. විශේෂයෙන්ම  තිළිණි හෙට්ටි ආරච්චි නංගියා තමන්ගෙ පියාට අප්‍රමාණ කුසල් ප්‍රාර්ථනා කරමින සිදුකල මේ පිනෙන් එතුමටත් අප්‍රමණව පින් හිමිවේවා. පින්කම සිදුකරන්නට සිත් පහල කරගත් අවස්ථාවේ පටන් පින්වත් ඔබ වෙත පුණ්‍ය සංස්කාරයන් ගලාගෙන එන්නට ඇති. බුදුපිලිම වහන්සේ නමකට සෙවන සෑදෑම ඔබට සසර පුරා ලොව්තුරු සම්බුදු සසුනේ සෙවන ලබන්නට හේතුවේවි.

සිදුකල අපමණ කුසල් බලෙන් ඔබගේත්, දූ දරුවන්ගේත්, සැමියා බිරිද ආදී ඔබේ ලබැදියන්ගෙත් සියලු ග්‍රහ අපල, අනවින කොඩිවින දෝෂ දුරුවේවා. අමනුෂ්‍ය උපද්‍රව දුරුවේවා. කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව අපමණ හිමිවේවා.  කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසීම උදාවේවා ...

මෙවන් පින්කම් සිදුකිරීම තුලින් අප බලාපොරොත්තු වන්නා වූ බෝධියෙන් නිවී සැනසෙමින් අසරණ සත්වයන් දුකින් මුදවාලීමට මේ පින් හේතුවාසනා වේවා ...

බෞද්ධ සන්නිටව්දනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...


Saturday, May 16, 2015

සම්බුදු සසුන ඉරහද පවතිනතාක්කල් සුරැකේවායි අධිෂ්ඨාන කරමින් මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් බෝධි රන් වැඩක් වෙනුවෙන් රු 135,000/- ක මුදලක් පරිත්‍යාග කල වගයි ...




පසුගිය 11 වෙනිද (2015/05/11) සහ ඊයේ  (2015/05/15) දින යන දින දෙකේදී අදියර දෙකක් වශයෙන් විහාරස්ථානයක බෝධි රන්වැට වෙනුවෙන් රු 135,000/- ක මුදලක් පරිත්‍යාග කලා. විහාරස්ථානය වන්නේ කුරුණෑගල බෝගමුව මාපාරමයයි.
 මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් අය මෙසේයි.

නදීර රූපසිංහ මහතා  රු 15000/-
දීප්ත ප්‍රේමසිංහ මහතා  රු 10000/-
ලයනල් ගුණතිලක මහතා  රු 10000/-
ක්‍රිෂාන් ඩයස් මහතා  රු 5000/-
ලක්මින් වික්‍රමසූරිය මහතා   රු 5000/-
නලින්ද රත්නායක මහතා  රු 5000/-
අචලා වික්‍රමසිංහ මහත්මිය   රු 5000/-
සන්ක දර්ශන මහතා   රු 5000/-
කසුන් චතුරංග මහතා   රු 5000/-
රුමේෂ් වික්‍රමතිලක මහතා  රු 5000/-
සුලන්ති ද කොස්තා මහත්මිය    රු 5000/-
රන්ජනී පෙරේරා මහත්මිය   රු 5000/-
අයිරාන්ගනී තෙන්නකෝන් මහත්මිය  රු 5000/-
රජිත් තෙන්නකෝන් මහතා  රු 5000/-
රජිත් පළන්සූරිය මහතා  රු 5000/-
කැලූම් සම්පත් මහතා රු 5000/-
දුෂාන්තිද කොස්තා මහත්මිය රු 5000/-
චන්ද්‍රසේනද කොස්තා මහතා රු 5000/-
ඉරුෂ පතුවතවිතාන මහතා රු 5000/-
අනුරංග විජේසිංහ මහතා රු 5000/-
සුජීව පෙරේරා මහතා රු 5000/-
ශාමේන්ද්‍ර වික්‍රමඅාරච්චි මහතා රු 5000/-
බෙනට් රූපසිංහමහතා හා කමල් රෑපසිංහ මහත්මිය රු 5000/-

මුළු මුදල රු 135,000/-

‍ෙබා්ධියට පූජා පැවැත්වීම ඉතාම ආනිසංස දායක කරුණක්. මේ බලන්න සාමාන්‍ය පූවන්හි ආනිසංස.

මලුව ඇමදීමේ ආනිශංස
මේ ගැන මම කලින් කියල තියෙන නිසා වැඩිය කියන්නෙ නෑ. මම දින කිහිපයකට කලින් දාපු ලිපියක් තියෙනව බලන්න. කිහිපයක් කියනවනම් මැදපු රන් පතක් සේ රන්වන් පැහැති සිනිඳු සමක් ලැබෙනවා. ශරීරයේ දූවිලි සහ කුණු තැවරෙන්නෙ නෑ. හරියට නෙලුම් කොළයකට දිය බින්දුවක් දැම්මම නිකම්ම ලිස්ල යනව යාලුවො දැකල ඇති නේද? අන්න වගේ ශරීරය මතුපිට දූලි රදන්නෙත් නෑ. විතරක්ද උෂ්ණය, අව්රශ්මිය, ගිණිරශ්මිය, ආදිය නිසා දාදිය ගලල ශරීරය අපිරිසිදු වන්නෙත් නෑ. කොටින්ම ශරීරය මොනවිදියකින්වත් අපිරිසිදු වෙන්නෙම නෑ. සමාජයේ ජනපිරය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග, දද, කැලලි, වණ, පිළිකා ආදිය ශරීරයේ ඇති වන්නෙත් නෑ. රෝගපීඩා වැලදීම පවා සිදුවෙන්නේ නෑ. කොටින්ම නියාම ධර්ම නිසා ඇතිවන රෝග පීඩාදීන පවා මග හැරෙන්න පුලුවන් තරම් මහ පින්කමක් මේක. විතරක් නෙවෙයි. චිත්ත පීඩා දුරුවනව. සිත පිරිසිදුවෙනව. සැහැල්ලු වෙනව. අසහනයන් දුරුවෙනව. සතුරන් ඇතිවෙන්නෙත් නෑ. සතුරන් මිතුරන් බවට පත්වෙනව. කිසිකලෙක ආහාරපාන ආදී දේවලිනුත් කිසිම අඩුවක් වෙන්නෙත් නෑ.

බෝධියට පවන් සැලීමේ ආනිසංශ

සුමනවිජනිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
විපස්සී බුදුරජුන්ගේ උතුමි බෝධි වෘක්ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.

(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)

බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ

එක සංඛිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.

ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ් කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර් වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.

යලි එහි සප්තාංගීක තූර්යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්යවූ හෝ, මනුෂ්යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.

ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)

බෝධියට මල් පිදීමේ අනුසස්

තිපුප්ඵිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.

මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)

බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්

ගන්ධාදකිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.

සර්වඥ තෙම ආශ්චර්යයකි. ධර්මය ආශ්චර්යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ් කර්මයාගේ මෙ විපාකයයි.

දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)

බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.

ධජදායක ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි.

බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි.

දෙවියන් අතර බොහෝවූ දිව් සෞභාග් සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.

කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර් ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. )

බෝධි රෝපණයේ ආනිසංශ

අසනබෝධිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.

ලෝක ජ්යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්රකාශ කරන්නේ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග් පුද්ගලවූ, තිස්ස සර්වඥ තෙමෙ භික්ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්රකාශ කරන්නෙමි. ප්රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.

හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව් රාජ්යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව් මනුෂ් සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.

විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය. ථෙරාපදානය.)


මේ පින්කම සදහා විශේෂයෙන්ම අතරමැදි දායකත්වය ලබාදුන්නේ රජිත් තෙන්නකෝන් මහතා විසින්. එතුමා විසින් බොහොම වෙහෙස මහන්සියෙන් මිතුරන් දැනුවත් කරමින් රු 120,000/-ක පමණ මුදලක් ලබාදුන්නා. ඉතිරි මුදල් අපගේ මිතුරන් විසින් රවනු ලැබුවා.
මෙවන් මහ පින්කම සිදුකරගත් පින්වත් මිතුරනේ. ඔබ සියල්ලන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. ඔබට මෙලොව උත්පත්තිය ලබාදුන් දයාබර මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට වගේම ඔබගේ බිරිදටදූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. විශේෂයෙන්  රජිත් මහතා මා කළ්‍යාණ මිත්‍රයා නිරන්තරයෙන් මා හට කථා කරමින් සෑම විටම අප දිරිමත් කරනවා. ඔබතුමා මා කෙරේ තබා ඇති විශ්වාසයට අනේක වාරයක් පින් සිදුවේවා. එතුමාගේ මිතුරන් ඇතුලු ඔබ සියලුදෙනා විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට සිත් පහලවීමම ඔබ ලද මහා භාග්‍යයක්.. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. මේ සියලු පින් ඔබටත්පවුලේ  සියලු දෙනාටත් දෙව් මිනිස් සැප කෙළවර ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නොමැති පරම ශාන්ත නිවන්මග පතන බෝධියෙන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාටම සසර පුරාවට රන්පැහැයෙන් දිදුලන සිරුරින් යුත් මනා රෑ සපුවක් හිමිවේවි. රන් කණුවල දීප්තියමෙන් බැබලෙන සිතක් පහලවේවි. කොතැනට ගියත් තරැ මැද දිදුලන චන්ද්‍රයි මෙන් හැමදෙනා අතරම දිස්වේවි.
නිවන් දක්නා ජාති දක්වා මේ පින් බලෙන් කර්ම රෝග හෝ භයානක වෙනත් රෝග ඇති නොවේවා. සුලු දුලු රෝග පීඩාදීන් අපි සියලුදෙනාටම පොදු දේවල්. ඒහෙත් සසර පුරාවට ඔබට නිදුක් නිරෝගී ජීවිතයක්ම හිමිවේවා. නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. සසර පුරාවට කරන කියන සෑම වැඩක්ම අතිශයින් සාර්ථක වේවා. සතර වරම් දෙවියන් සතර වටින් ආරක්සා කෙරේවා. විශේෂයෙන් ඔනෙත් රෑපසිංහ නම් පින්වත් පුංචි පුතාට ඇති සියලු අපල, ග්‍රහ දෝෂ දුරුවේවා. පුතාට යම් කිසි කර්ම දෝෂයක්වේනම් ඒ සියල්ල මේ පින්බලෙන් දුරුවේවා. සියලු දෙවියන්පුතාට ආරක්ෂාව සලසත්වා.

මේ පින් බලෙන් ඔබ අ සියලු දෙනාටම ජාතියක් ජරාවක්, ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා ...

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා.


මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ...