රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, July 17, 2015

රු 114,899.00 වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදුන් වගයි ...


අද ( 2015/07/17 )දින රු 114,899.00 වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදෙන්න අපිට පුලුවන් උනා. මහරගම පිළිකා රෝහලෙන් සිදු කරන ලද කාරුණික ඉල්ලීමක් මත අප මේ පරිත්‍යාගය සිදුකලා. පින්වත් ඔබට මතක ඇති ජූනි මාසයේ 25 වැනි දින අපි පිළිකා රෝහලට තැඹිලි, රෝගීන්ට තෑගි සහ අත්‍යාවශ්‍ය උපකරණ දානයක් ලබාදුන්නා. ඒ විස්තර මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

ඒ අනුව කලින් මේ වෙනුවෙන් දායක වූ අය රූපසිංහ මිය , රූපසිංහ අක්කා, ජනක පී ලියනගේ මහතා, රොෂාන් ප්‍රගීත් මහතා, උදාරා ධර්මසේන මෙනෙවිය, සේපාලිකා සොයුරිය, අරවින්ද බණ්ඩාර මහතා, එරංග සෙනෙවිරත්න මහතා,  සුනිල් පතිරණ මහතා, අසංක බස්නායක මහතා, සෙනුදි දම්සර පුංචි දුව,
කැලූම් සම්පත් මහතා, දිලාන් ලක්මාල් මහතා, ආන්යා එන්.පෙරේරා මහත්මිය, හිරාන් මදුසංඛ මහතා, අජේ මහතා, සමීර මධුරංග මහතා, බියන්කා මිය, වත්සලා ජීවපානී මෙනෛවිය, නෙව්ශිකා හේරත් මිය, ඩබ්.එම්.කේ.මදුසංක මහතා,  සත්සර ගාමිනී මහතා,  ඩී. චාමර අසේල මහතා, එම්.ජී. රොහාන් මහතා, රසික එරංග සෙනෙවිරත්න මහතා , කේෂව පීරිස් මහතා, පී.එච්.සිරිමල් මහතා, චාමර චමින්ද මහතා, ඩිලානි පෙරේරා මිය,එම් ඒ කරුණාරත්න මහතා, ‍ෙක්.එල්.සිරිල් පෙරේරා මහතා, කේ.එල්.අසංක මහතා, රාජ් චන්ද්‍රා මිය, නම් සදහන් නොකල ලැබීම්

ඒ අනුව තැඹිලි දානය දින ඉතිරි මුදල රු 105,890.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1000.00
තිළින විජේවර්ධන මහතා රු 500.00
ක්‍රිශාන් කාන්ගර මහතා ඇතුලු මිතුරු කැල රු 7509.00

 මුලු එකතුව 114,899.00

වියදම රු 114,899.00

මේ වායු සමීකරණ යන්ත්‍රය පරිත්‍යාග කලේ විකිරණ ප්‍රතිකාර ඒකකයටයි. එහි දැනට භාවිත වන යන්ත්‍රය පැරිණි මෙන්ම ධාරිතාවය අඩු වගේම අබලන් උන යන්ත්‍රයක්. ඉතින් ඒ වෙනුවටයි මේ ඉතාම කාර්යක්ෂම යන්ත්‍රය පරිත්‍යාග කෙරුනේ. ඉදිරි නිවාඩු දින කිහිපය මග හැර බොහෝවිට සදුදා සවස් වනවිට අපිට නව යන්ත්‍රය සවිකර ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබේවි. බිල් පත හා කොන්දේසි සහිත ලිපි මේ ලිපිය අවසානයේ බලාගන්න පුලුවන් වේවි.

ඉතින් මුලින් නම් සදහන් කල අය වගේම සැබැවින්ම මේ වෙනුවෙන් මහා වෙහෙසක් දරමින් සිය පුද්ගලික කාලය, ශ්‍රමය,ධනය වැයකරමින් කටයුතු කල මා හිතවත් සොහොයුරු කොළඹ සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාරය මණ්ඩලයේ සේවය කරන ක්‍රිශාන්ත කාන්ගර පින්වත් මල්ලියා මේ අවස්ථාවේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි. ඔහු නිසා තමයි අපිට මේ පින්කම මේ තරම්  හොදින් ඉක්මනින් සිදුකරගන්න ලැබුනෙ.
ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරා පිළිකා රෝගියෙක් දකින්නටවත් නොලැබේවා. එවන් දුක් විදින රෝගියෙකුගේ කිසිදු පීඩාවක් නොවේවාත ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා ...

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා....

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.













No comments:

Post a Comment