රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, September 17, 2015

මුහුණුපොකේ පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් හෙළ දිව සංස්කෘතික කවයේ සභාපති වෛද්‍ය දහම් රත්වත්තේ මැතිතුමාගේ ජන්ම දිනය සමරා කතරගම මහ පින්කම් සිදුකල වගයි ...


මුහුණුපොතේ පින්වත් මිතුරෙකු රොෂාන් ප්‍රගීත් මහතාත් පින්වත් මිතුරියක වූ වත්සලා ජීවපානී මෙනෙවියගේත් පූර්ණ මූල්‍ය දායකත්වයෙන් හෙළදිව සංස්කෘතික කවයේ සභාපති වෛද්‍ය දහම් රත්වත්තේ මැතිතුමාට දීර්ඝායුෂ පතා කතරගම කිරිවෙහෙර, අෂ්ඨපල බෝධිය, දේවලාය යන ස්ථානයන්හි පින්කම් පුද පූජා පැවැත් වුනා.

රොෂාන් ප්‍රගීත් මහතා රු 10,000.00කින්ද වත්සලා ජීවපානී මෙනෙවිය රු 1000.00ක්ද දායකත්වය ලබා දුන්නා.

අට පිරිකර සහ සිව්රු පිරිකර වෙනුවෙන් වියදම රු 9.000
නෙලුම් මල් වෙනුවෙන් රු 1 000.00
කතරගම දේව පූජාව රු 1250.00
-------------------------------------------------
මුලු වියදම රු 11,250.00

අය වැය පියවීම රු 250.00 අප විසින් සිදු කලා.

මෑතකාලයේදී මුහුණුපොතින් හැමදෙනාම පින්වත් දහම් රත්වත්තේ මහතා  දුකින් පෙලෙන සත්වයන් හට සැනසීම ලබාදෙන සාදුවරයෙක් බවට ඉක්මනින් පත්වුනා. අපි විසින් පුද්ගලිකව දන්නා පරිදි බොහෝ පිරිසකට සැනසීම ලබාදෙන්නට එතුමා සමත් උනා. ඒ වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන්නට හැකිවීම අප ලද සුවිශේෂ පිනක්. කෙසේ උනත් එතුමා පිපිලබද වැඩි දුර තොරතුරු එතුමා විසින් පැවසීම ප්‍රතික්ෂේප කිරීම නිසා අප එතුමා පිලිබද දන්නේ ඉතාම අල්ප තොරතුතු ප්‍රමාණයක්. කොහොම නමුත් සැප්තැම්බර් 17 වැනිදාට එතුමාගේ ජන්මදිනය යෙදී තිබුනා. ඒ වෙනුවෙන් එතුමාට ආශිර්වාද පතා සැප් 16 වැනි දින රාත්‍රියේ කතරගම දෙවියන් අභියස විශේෂ පූජාවක් සිදුකලා. පසුදින කිරි ආහාර පූජාවක්, නෙලුම්මල් පූජාවක්, අෂ්ඨපරිෂ්කාර පූජාවක් සිදුකල අතර කතරගම පිහිටි අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේට චීවර පිරිකර පූජාවක් සිදු කෙරුනා. එපින්  පින්වත් රත්වත්තේ නිලමේතුමන්ටද හිමිවීම තුලින් එතුමා‍ෙග් දේවාත්මය තවදුරටක් ශක්තිමත් වේවා. වඩ වඩාත් දිව්‍ය ඉසුරු හිමිවේවා.
දහම් රත්වත්තේ මැතිතුමාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවබර ජීවිත කාලයක් උදාවේවා. තව තවත් ලෝක සත්වයාට අපමණ සේවය කිරීමටත් කෙලවර පතන බෝධියෙන් නිවන් සුව ලබන්නටත් මේ පින් හේතුවාසනා වේවා.

මේ පින්කම සිදුකල පින්වත් රොෂාන් මහතාගේත් වත්සලා මෙනෙවියගේත් නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. ඔබට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්,නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
 ඔබටත් පවුලේ  සියලු දෙනාටත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා ...
 මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා....

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.













































No comments:

Post a Comment