රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, May 5, 2016

2016 වර්ෂයේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් චෛත්‍ය රාජයන් වහන්සේලා හය නමක් සුදු පිරියම් කල වගයි ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


2016 වසරේ වෙසක් පොහොය නිමිත් කරගෙන මෙවර චෛත්‍යරාජයන් වහන්නේලා සය නමක් සුදු පිරියම් කෙරුනා.  වෙසක් පොහොයට සුදු පිරියම් කිරීමට නියමිතව තිබූ මේ චෛත්‍යරාජයන් වහන්සේලා අධික වර්ෂාව නිසා සුදු පිරියම් කරන්නට පමා උනා. ඒත් ඇසල පොහොය වන විට නොයෙක් කරදර මැද, වර්ෂාවේ බාධක මත සුදු පිරියම් කර අවසන් කලා. පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙන් චෛත්‍යරාජයන් වහන්සේ, පොල්ගහවෙල පනලිය රන්සිරි විජයාරාම චෛත්‍යරාජයන් වහන්සේ, පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම විහාරස්ථ චෛ්‍යෛරාජයන් වහන්සේ, පොල්ගහවෙල වෑවල විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ, කුරුණෑගල කොන්පොල සුමනාරාම විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ මහව ඇඹෝගම චෛත්‍යරාජයන් වහන්සේ යන චෛත්‍යරාජයන් වහන්සේලා සය නමම මේ අයුරින් සුදු පිරියම් කෙරුනා. පහත දැක්වෙන්නේ ඒ සදහා මුදලින් දායක වූ පින්වත් පිරිසයි.

මලින්ද රුක්මාල්ද සිල්වා මහතා රු 22,000.00
සේපාලිකා ගමගේ සොයුරිය රු 10,000.00
රුක්ශාන් ප්‍රනාන්දු මහතා රු 8300.00
කපිල විමලරත්න මහතා රු 7586.00
පුබුදුනි රූපසිංහ සොයුරිය රු 5000.00
ලයනල් ගුණතිලක මහතා රු 5000.00
ජගත් නිශාන්ත පෙරේරා මහතා රු 5000.00
එච්. පත්මන්ත මහතා රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ක්‍රිශාක්ත සමරවීර මහතා රු 3000.00
නෙව්ශිකා හේරත් සොයුරිය රු 2500.00
ශොහානි බොතේජු සොයුරිය රු 2000.00
රුවන් ධනුෂ්ක මහතා රු 2000.00
තරිදු චමල් මහතා රු 2000.00
චන්දන මදුරංග මහතා රු 1500.00
හිරන්ත මදුසංක මහතා රු 1000.00
චමිල රත්නායක මහතා ඇතුලු මිතුරු කැල රු 1000.00
හර්ෂණී ගුණතිලක සොයුරි රු 1000.00
චාමික සදරුවන් මහතා රු 1000.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
රංග වේරගොඩ මහතා රු 300.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 200.00

---------------------------------------
එකතුව රු 91086.00

වියදම්

තින්ත සදහා රු 33050.00
ශ්‍රම වියදම ( රු 23,000.00 + 1500 ) = රු 24500.00
ප්‍රවාහන වියදම් රු 1900.00
------------------------------
වියදම රු 59,450.00

වියදම අඩුවීමට හේතුව විහාරස්ථාන තුනක සුදු පිරියම් සිදුකිරීම දායකයන් විසින්ම සිදු කෙරුන නිසා අපිට ශ්‍රම වියදම වැය වූයේ චෙචත්‍යරාජයන් වහන්සේලා තුන් නමකට පමණයි.

ඒ අනුව ඉතිරි මුදල් රු 91086.00 -  රු 59,450.00  = රු 31636.00   පමණ වේ.

ඉදිරි ප්න්කම් සදහා යෙදවීමට අරමුදලට බැරකල අතර මේ සියල්ල විගණන වාර්ථා මගින් අනාවරණය වනු  ඇත.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.


මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් ... ... තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

දැක්ක නේද? මෛත්‍රී බුදුන් දකින්නෙ කවුද කියල.

 මේ බලන්න ...

මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ සුධා පිණ්ඩියයන නමින් ද හඳුන්වන ලදහ.

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ චණ්ඩ ඵුල්ලයන්ථෙරයන නමින් හඳුන්වන ලදහ.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
7.සක්විති රජ පදවිය හිමි වේ
8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
11.නිර්වාණය අවබෝධ වේ
12.එතෙක් කිසිදු දුගතියක නූපදී

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මේ තරම් මහ පින්කමක් කල මගෙ මිතුරු මිතුරියන් මෙවන් පින්කමකට අපවත් සම්බන්ධ කරගැනීමෙන්ද අපමණ පින් රැස්කරගත්ත.

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.


ඉතින් පින්වත් යාලුවනේ. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්රාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්රාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.


මම එරන්ද ලක්මාල්





































වීඩියෝව බලන්න මැද ඊතලය ක්ලික් කරන්න ......




No comments:

Post a Comment