රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, January 29, 2018

අසරණ දරුවන් වෙන්වෙන් පාසැල් උපකරණ ලබාදීම 2018




පින්වත් ඔබේ දායකත්වයෙන් 2018 නව වසරේ පාසැල්වාරය සදහා අසරණ දරුවන් වෙත පොත් පත් ලබාදෙන්නට කටයුතු කලෙමු. පහත දැක්වෙන්නේ ඊට දායක වූවන්ගේ නාම ලේකනයයි.

චින්තක ප්‍රනාන්දු මහතා රු 16,000.00
පුබුදුනි අක්කා රු 12,000.00
සේපාලිකා නංගි රු 10,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 9000.00
තිලිණ විජේවර්ධන මල්ලි රු 3000.00
විජිතා වීරසිංහ මාතාව රු 3000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා රු 7740.00
හිරන්ත මල්ලි රු 500.00
ශෙහානි බොතේජු මහත්මිය රු 500.00
-----------------------------
ලද මුලු මුදල රු 61740.00


වියදම්
සුදු ඇදුම් - රු 7775.00
සපත්තු සදහා වියදම රු 24018.00
පොත් පත් හා පාසැල් උපකරණ රු 12,842.00
ප්‍රවාහන වියදම් රු 750.00
තිස්ස මහාරාම දරුවන්ට යැවූ මුදල රු 10,000.00
ආවරණ සදහා ගිය මුදල රු 400.00
-----------------------------------------------
වියදම් වූ මුදල රු 55,785.00

ඉතිරි මුදල රු 5900.00 ( 61740.00 – 55785.00)

* තිස්සමහාරාමයේ අසරණ දරුවන්ට යැවූ මුදල් නිර්වාණ පටිපදා පදනම මගින් එහි අසරණ දරුවන් සිව්සෙනෙකු අතර බෙදා දෙන ලදි. එහි චායාරූප පහත දැක්වේ.

* සමහරවිට අපි පින්කම සූදානම් කල පසුවයි ඒ පින්කමට මුදල් ලැබෙන්නේ. ඉතින් මේ ඉතුරුවූ මුදල හිමිවරුන් සිරිපා වැඩමවන පින්කම වෙනුවෙන් යොමු කලා.



ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මියපරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වාසැපවත්තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවාකෙලවර අමා මහ නිවන අත්වේවාමේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබරමෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවාමියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම්  යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවාධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයිමෙපින් බලෙන් ප්රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රටජාතියආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවාවිශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්විශේෂයෙන්ම ප්රවාහන වියදම් අඩුවෙන්ලබාගනිමින්  සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලාදායකකාරකාදීන්  ආදීසියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවාඅපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින්හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම  ඔබ ලද මහා භාග්යයක්යමෙක් දෙවියෙකු කරන්නේදතිරිසනෙකු කරන්නේද මේ සිතයිඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවාසසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවාකෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.
පින්වත් යාලුවනේපංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවාසියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවාව්යාපාරඅධ්යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවාවැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවාමේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවාසතර දිගින් සතර මහා වස්තු පහල වේවාසිව් දිගින් කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසිවැටේවාපොළවෙන් මුතු මැණික් මතුවේවාසසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවාමෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.
ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්,කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ,ආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලුසර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සී,පදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛී,වෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින්සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේදමෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේද,රන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතුබුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂක,ලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණු,කතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයටඅධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක්දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරටජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලුදෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාකෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.
පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.
  

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.




















No comments:

Post a Comment