රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, January 15, 2018

නවවසරේ කිරිගවයන් තිදෙනෙක් මරණයෙන් නිදහස් කරගතිමු ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

නවවසර ආරම්භයේම අපි කිරි ගවයන් තිදෙනෙක් මරණයෙන් නිදහස් කරගත්තා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

ජනක මහතා රු 50,000/-
අසංක ඉන්ද්‍රජිත් මහතා සහ සුරේන්දු ප්‍රභාත් මහතා රු 41110/-
සේපාලිකා නංගි රු 10,000/-
ලලින්ද්‍ර මහතා රු 10,000/-
ප්‍රදීප් ගුනසේකර මහතා රු 10,000/-
ප්‍රදෟප් පෙරේරා මහතා රු 8355/-
සජිත් විදුශාන් මහතා සහ මිතුරා රු 8000/-
කොලිත අංජක මහතා රු 6000/-
නම් සදහන් නොකල රු 5760/-
මොශාන්ත නිරන්ජන් මහතා රු 5605/-
ලහිරු කුරුකුලසූරිය මහතා රු 5000/-
ඉශන්ක යහන්පත් මහතා රු 5000/-
කල්පනී සේනානායක සොයුරිය රු 5000/-
නදීශා රණවකා මහත්මිය රු 5000/-
කුමාරසිරි පියතිලක මහතා රු 5000/-
රිද්මා ධර්මසේන රු 2020/-
ශෙහානි බොතේජු නංගි රු 2000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2000/-
යුරේනි සිල්වා මහත්මිය රු 1000/-
ප්‍රියාන් ග්‍රේෂ්ත සොයුරා රු 1000/-
රුවන් ජයසිංහ අයියා රු 1000.00
පුලනී වෑවලගේ මහත්මිය රු 1000/-
රජිත හෙට්ටිආරච්චි මහතා රු 1000/-
කෝසල දිසානායක මහත රු 1000/-
සුමිත් සිරිවර්ධන මහතා රු 1000/-
බුද්ධික මහතා රු 1000/-
‍කේෂලී නංගි රු 1000/-
තරිසු සේනාධීර මහතා රු 1000/-
හිරන්ත මදුසංක මහතා රු 650/-
චරිත් මහතා රු 500/-
අශාන් චතුරංග මහතා රු 200/-
පදනමින් රු 2800.00
-------------------------------------------
200,000/-

මුදල් ප්‍රමාණය 205,000/-ක් ලෙස කලින් සදහන් උවත් එකම මුදල දෙවරක් සටහන් කිරීම නිසා ඒ මුදල් ගැටලුව මතුවී තිබුන බව කරුණාවෙන් සලකන්න. හිග මුදල පදනමින් පියෙව්වා ...
මේ කිරි ගවයන් නිදහස් කිරීමත් නව හිමිකරුට බාර දීමත් ග්‍රාම නිලධාරී තුමිය ඉදිරි පිටදී සිදුවූ අතර සියලු විස්තර පහත චායාරූප  වලින් බලාගන්න පුලුවන්.


මේ මහා පින්කමේ ආනිසංස මොනවාද?

පංචශීල ප්රතිපදාවේ පළමු ශික්ෂා පදය වන පාණාතිපාතා වේරමණී ශික්ෂාවෙන් අදහස් කරන්නේ සත්ව හිංසනයෙන් පරපණ නැසීමෙන් වැළකීම යන්නයිලෝකයේ වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට පිරය කරයිඅනතුරටවිපතට බිය වෙයිනිරතුරුවම තම තමන්ගේ සුරක්ෂිත බව සඳහා කටයුතු කරයි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
 හනෙය්යන ඝාතයේ

යනුවෙන් ධම්මපද පාලියෙහි දක්වන්නේ සියලු සත්වයින් දඬුවමට බිය නිසා තමා උපමාවට ගෙන අන් සතුන් මරණයට පත් නොකළ යුතු බවයිඅවිහිංසාවාදී නායකයාණෝ වූ අපගේ ශාස්තෘවරයාණෝ වූ බුදුරදුන් හිංසනය කිසිවිටෙක අගය කර නැතතමන් භාවිත කරන වචනයෙන් පවා කිසිවෙකු වේදනාවටඅසහනයට පත් නොකළ යුතු බව උන්වහන්සේ ගිහි පැවිදි දෙපිරිසටම ප්රකාශ කර ඇත.

එසේම අන් සත්වයෙකුගේ යහපත සතුට උදෙසා දුකක් උහුලන්නට පුලුවන් යමෙකු සිටී නම් ඔහු උතුම් පුද්ගලයෙකිබෝධිසත්ව උතුමන් සිරිසඟබෝ රජ දවස හිස දන් දුන්නේ තව කෙනෙකුගේ සතුටක් පිණිසයිඑසේම වෙස්සන්තර රජ දවස දරු දෙදෙනා දන්දෙන්නේ ලෝක සත්වයාටම විමුක්තිය පසක් කරදීමේ පරම පවිත් චේතනාවෙනියමෙකුගේ සැපය පිණිස දුකක් උහුලන්නට හැකි කෙනෙකුට සුගතියේ දොරකවුළු විවරවනු සැබෑවකි.

සත්වයින්ට හිංසා කරනප්රාණඝාත සිදුකරන පුද්ගලයාට ලැබෙන්නේ දුක්ඛ විපාකයන් පමණිඅඩු ආයුෂ ලබමින් උත්පත්ති ලබන්නේද ප්රාණඝාත සිදුකළ අයයිසත්ව හිංසනයට යොමුවුවෙකු ඉන් මුදාගත හැකිනම එය උතුම් ක්රියාවක්ම වෙයිනමුත් පර පණ නැසීමෙන් තම වෘත්තිමය ආර්ථිකය ශක්තිමත් කරගන්නා පුද්ගලයින් පාපයෙන් මුදවා ලීම අසිරුයදෙව්රම් වෙහෙර ආසන්නයේම සිටි සතුන් ඝාතනය කරන්නෙකු වූ චුන්දසූකර ඉන් ඉවත්කරලීමට බුදුරදුන්ටද නොහැකි වූයේ ඔහුගේ කර්මශක්තියේ බලපැවැත්වීමෙනිපාපයෙන්නරකෙන්මුදාගත හැකි අයෙක් ලොව කොහේ සිටියත් බුදුරදුන් ඔහු නපුරෙන් ඉවත්කරගත් බව සැබැවකි‘ අංගුලිමාල’ නම් දරුණූ භයානක පුද්ගලයාදමනය කිරීමආලවක යක්ෂයා දමනය කිරීමසුචිරෝම කරරෝම යන යකුන් දමනය කිරීමාදියෙන් එය කදිමට පසක් වෙයි.

බෝධි සත්වයෝ පෙර භවයක කුසගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කන්න හචන සිංහ ධේනුවකගේ කටට පනින්නේ අනුන්කරන්න ගිය ප්රාණඝාතයකින් මුදාලනු පිණිසයි.

සතුන් මැරීමටත්මස් අනුභව කිරීමටත් සමහරුන් දහසක් සාධාරණ කරණු ඉදිරිපත් කරයි.සැමදෙනා ප්රාණ ඝාතයෙන් ඉවත්  සිටීම බෞද්ධ දර්ශනය තුළ උතුම් ක්රියාදාමයක් ලෙස සලකයිසත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමේ බරපතළ පාපකර්මයට බිය වන තමාගේත් අනුන්ගේත් ජීවිත සමාන ලෙස සලකන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්යඑවන් පුද්ගලයින්ට ධර්මයම ආරක්ෂකයෙක් වනු නියතයඅභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසයමරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.

අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ 

මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි එනම්,

01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම
02. නිරෝගී සම්පත්තිය ලැබීම
03. දීර්ඝායු සම්පත්තිය ලැබීම
04. රාජ රාජ මහාමාත් සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
05. දිව්යලෝක බ්රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
06. කීකරුපුණ්යවන්ත පිරයශීලි අඹුදරුවන් ලැබීම
07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග් ලැබීම

ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයිපර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්අනුන්ටත් සැලසෙන්නේ යහපතකිඑවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයිසැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි.

ඉතින් දායක වූ පින්වත් ඔබසැමට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියවනොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවාසතර වටින් මහා කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසි වැටේවාපොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවාඅපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණටමහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවාසීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්ත් ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය  අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධකමාරක බාධකසතුරු උපද්ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්යයන්ගෙන් තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්උණුසුමෙන්බඩගින්නෙන්පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්වාතයෙන්පිතෙන්සෙමෙන් තුන්දොසින්රාගදෝෂමෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්බියෙන්තැතිගැන්මෙන්රෝම උද්ගමනයක් හිස්සාවක්පීඩාවක් ඉදුලක්කිලුටක්කිල්ලක්,ඇත්නම්  සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසාගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්මස්ලේ නහරඇටඇට මිදුලුදක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගීආයුවර්ණසැපබලප්ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවාපඨවි ආපෝතේජෝවායෝසතර දෝෂ සමනය වේවා,කර්මඍතුආහාරචතු සමුට්ඨානිකඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැයවිනාඩියෙන් විනාඩියතත්පරයෙන් තත්පරයචිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයසුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්සක්දෙවිදුන්සුමන සමන්දෙවියන්විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්යදෘෂ්ඨික දෙවියෝදනොපෙනෙන බලයන්ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්කරන කියන රැකියාතමන්ගේ දුවා දරුවන්ගේඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.
ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ් ක්රියා සිදුකරමින්සිල සමාධි ප්ාව ආදිී ත්රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.


අපද පතන බෝධියෙන් නිර්වාණ සුවය අවබෝධ කරගන්නට මේ පින හේතුවාසනා වේවා ...






























No comments:

Post a Comment