රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, May 15, 2018

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල නවවන පැන් පූජාව ...



පසු ගිය දිනක අපි දැරනියගල වනවාසී ආරාමයකට පැන් පූජාවක් සිදුකලා. මේ අපේ නවවන පැන් පූජාවයි. මේ සදහා අප සම්බන්ධීකරනය සිදුකලේ දැරණියගල ධම්මසාර හිමියන් විසින්. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

අකිල මල්ලි ------------------රු 35,000.00
ජනක මහතා -----------------රු 33,000.00
පුබුදුනි අක්කා ----------------රු 20,000.00
උදිත නානායක්කාර මහතා--- රු 3840.00
හිරන්ත මදුසංක මහතා --------රු 1000.00
ගයාන් ගුණතිලක මහතා------ රු 1000.00
චාමර මහතා -------------------රු 1000.00
රංග ගමගේ මහතා -------------රු 500.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------රු 95,340.00


වියදම්
පලමු බිල ---------------------රු 27,780.00
දෙවන බිල ----------------------රු 9030.00
-----------------------------------------------
එහි එකතුව ---------------------රු 36810.00

ආපසු ලබාදුන් ඉතිරි බට වලට=  (රු 5800.00)
-------------------------------------------------
එහි අඩුකිරීම් වලින් පසුව      = රු 31,010.00

තුනවන බිල----------------------- රු 2410.00
හතරවන බිල ( කන්ටැක්ට් ස්විචය) = 1,700.00
ෆ්ලෝටර් ස්විච සදහා ------------= රු 3050.00
පස්වන බිල ------------------------ රු 17,250.00
ඉහත භාන්ඩ ප්‍රවාහන හා ගමන් වියදම       =   රු 8550.00


Monday, May 14, 2018

අටවන පැන් පූජාව අවිස්සාවේල්ලේදී සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසු ගිය දිනක අපි අවිස්සාවේල්ල දුන්කල හේන විහාරස්ථානයේ පැන් පූාවක් සිදුකලා. මේ අපේ අටවන පැන් පූජාවයි.ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

අකිල මල්ලි -------------------රු 35000.00
පෙරේරා මහත්මිය -----------රු 20,000.00
ප්‍රසාද් කුලරත්න මහතා -----රු 15,000.00
ලියනගේ මහතා -------------රු 10,000.00
නිශාන් සුරංග මහතා --------රු 10,000.00
අනුර සම්පත් මහතා ---------රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා ----රු 10,000.00
නිරන්ජන් විතානාරච්චි ------රු 3,000.00
හිරන්ත මල්ලී -----------------රු 1500.00
-----------------------------------------------
මුලු ලැබීම් ----------------- රු 114,500.00

වියදම් ( බිල් පහත දැක්වේ )

වතුර මෝටර කේබලය ආදියට රු 33,300.00
වතුර ටැංකි, බට ආදිය සදහා 
-- පලමු බිල රු 27,747.00
-- දෙවන බිල රු 24,855.00
-- තෙවන බිල රු 4255.00
කන්ටැක් ස්විචය සහ වයර් (හතරවන බිල ) රු 3910.00
ප්‍රවාන වියදම රු 10,500.00
කම්බි කනු සදහා රු 8,000.00
එස්ලෝන් බට ආදිය සදහා රු 3500.00
වෙනත් වියදම් රු 1,800.00
-----------------------------------------
මුලු වියදම රු 117,867.00

ඉතිරි මුදල රු 114,500.00 - රු 117,867.00 = හිග මුදල ( රු 3367.00 )

ඒ මුදල පදනම් ගිනුමින් ගෙව්වා ...


Wednesday, May 9, 2018

අටවන රෝද පුටු පූජාවද සිදුකල වගයි ...


වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ මොලයට විෂ බීජයක් යාමෙන් රෝගී වී සිටින මේ සොහොයුරිය වෙනුවෙන් රෝද පුටුවක් අවැසි බව පුණ්‍ය සිරි කුමාර මහතාගේ දැනුම් දීම අනුවයි අපි මේ පරිත්‍යාගය කලේ. මේ වෙනුවේන පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ චානක සිරිනුවන් මහතා විසින්. ඒ වෙනුවෙන් එතුමා රු 14,100.00  ක් ලබා දුන් අතර රන්දිමා ධර්මසේන නංගිත් රු 1300/-ක් ලබා දුන්නා. මුලු මුදල රු 15,400.00ක්.

රෝද පුටුව සදහා රු 11172.00
ප්‍රවාහන වියදම     රු 3600.00
--------------------------------------
වියදම රු 14,772.00

ඉතිරි මුදල රු 628.00

එම මුදල පදනම් අරමුදලට බැර කලා.

පින්වත් චානක මහතාත්, රන්දිමා නංගිත් සිදුකලේ පුදුම පිනක්. මේ බලන්න

Tuesday, May 1, 2018

සිවුරු ආදිය සේදීම පිනිස පිරිවෙන් විහාරස්ථානයක් වෙනුවෙන් රෙදි සෝදන යන්ත්‍රයක් ලබාදුන් වගයි ...


පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. මේ වෙනුවෙන් රු 30,000/- කට ආසන්න වියදමක් දැරූ අතර ඒ වියදම දරන ලද්දේ චානක සිරිනුවන් මහතා විසිනි. අදාල රෙදි සෝදන යන්ත්‍රය පූජා කලේ වේයන්ගොඩ, කීනවල බොරුක්ගමුව විහාරස්ථානයට වන අතර එහි සිටි කවුඩුමුල්ල පිරිවෙන් විහාරස්ථානයට එය රැගෙන යනු ඇති.

මේ පිරිවෙන් විහාරස්ථානයේ තිස් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හදාරන අතර කුඩා ස්වාමීන් වහන්සේලාගේ සිවුරු අදන ආදිය සෝදා දෙන්නේ විහාරස්ථානයේ වයෝවෘද්ධ ලොකු ස්වාමීන් වහන්සේ විසින්. උන් වහන්සේ සිය අපහසුතාව අපට පලකල නිසා ඒ ‍සදහා කල දැනුම් දීමක් අනුව චානක සිරිනුවන් මහතා අදාල රෙදි සෝදන යන්ත්‍රය අපිට ලබා දුන්නා ...