රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, June 24, 2018

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල නමවැනි රෝද පුටු පරිත්‍යාගය ...


පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල නමවැනි රෝද පුටු පරිත්‍යාගය ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

2018 ජූනි මස 23 වැනිදා අපි නවවන රෝද පුටු පෟජාව සිදුකලේ අවිස්සාවේල්ලේදී. ඒ වෙනුවෙන් නම් සදහන් කිරීමට අකමැති පින්වත් මහත්මයෙක් මුදල් ලබාදුන් අතර එතුමා අපේ පහසුව වෙනුවෙන්
ගමගේ ’’ මහතා ලෙසින් හදුන්වමු.  අදාල පුන්‍ය කටයුත්ත පිලිබද දැනගත් මොහොතේම අදාල මුදල් ලබාදීම සිදුකලා. එහි අයවැය පාර්ශවය මෙසේයි.


Wednesday, June 20, 2018

ගෞතම බුදු සසුනේ එකොලොස්වන පැන් පූජාවද සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් අපි පහුගිය දිනෙක ජලය ගැටලුවක් ඇති ආරාමයක පානීය ලිං පූජාවක් සිදු කලා. ඒ වෙනුවෙවෙන් දායකත්වය මෙසේයි.

ලැබීම් -

ප්රශාන්ත මහතා රු 170,000.00
පින්කම සදහා සහභාගී වූ දර්ශන ජයතිලක මල්ලි රු 3500.00 ක් සිමෙන්ති කැට සදහා පරිත්යාග කලා.
----------------------------------------

අනුව මුලු ලැබීම් රු 173500.00

වියදම් -

ජෙනරේටරයට රු 37500.00
වතුර මෝටරයට රු14,500.00
ටැංකි බට ආදිය රු 15,790.00
ලිං වලලු රු 30,400.00
බැකෝ යන්ත්රයට රු 22,000.00
ට්රැක්ටර් වලට රු 8,000.00
ප්රවාහන කුලිය - ලොරිය - රු 12,420.00
ත්රිවිලරය රු 650.00
ජෙනරේටරයට ප්රෙට්රල් රු 500.00
අනිකුත් වියදම් රු 8,500.00
----------------------------------
මුලු වියදම් රු 150080.00

ඉතිරි මුදල රු 173,500.00 - 150080.00 = රු 23,420.00


== පැන් පිදීමේ අනුසස් ==



මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත මහ සඟන ඇත දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් රූපශෝභාවෙන් සැපයෙන් පිරිවරින් ආධිපත්යයෙන් රූපයෙන් ශබ්ධයෙන් ගන්ධයෙන් රසයෙන් ස්ප්රෂ්ටව්යයෙන් යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ් දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව කඳු මුදුනකදී වුව පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්රසිද්ධ වූවා ය.

එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං

මේ ස්ථවිරියගේ ප්රකාශනයෙකි.

මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය යනු එහි තේරුම යි.

(ආපදාන පාළියෙන්)


Wednesday, June 13, 2018

දසවන පැන් පූජාව නිකවැරටියේදී සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පසු ගිය දිනක අපි දසවන වරටත් පැන් පූජාවක් සිදුකලා. ඒ නිකවැරටිය ප්‍රදේශයේයි. මේ සදහා අප යොමු උනේ කමල් චාමර  විසින් පලකල ලිපියකින්.. වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

සන්තුසිත ස්වාමීන් වහන්සේ රු 30,000.00
ජනක මහතා                      රු 145,100.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------රු 175,100.00


වියදම්

නල ලිද සදහා වියදම රු 90,000.00
මෝටරය හා කේබල් සදහා රු 34,050.00
ජලය ඇති තැන පරික්ෂාවට රු 25,000.00
බට සහ සොකට් ආදිව සදහා රු 14,998.00
ඉහත භාන්ඩ ප්රවාහන හා ගමන් වියදම       =   රු 6900.00
වඩට සහය වූ බාසුන්නැහැ දෙදෙනාට        = රු 3,000.00
වෙනත් වියදම් හා සුලු වියදම                       =රු 1400.00
-------------------------------------------------------------------
මුලු වියදම රු ------------------------------------- 175,348.00

හිග මුදල (175,100.00- 175,348.00) = රු 248.00

හිග මුදල පදනමින් දැරුවා ...

මහමිතව පඤ්ඥාරතන හිමියන්  විසින් විහාරස්ථානට පරිත්‍යාග ලෙස ලැබී තිබුන ජල ටැංකිය ලබා දුන් අතර අප විසින් සූර්ය බල ආ‍ලෝක පූජාවට ගෙනා මීටර 35කට ආසන්න ඇම්පයර් 15ක වයරය, ඇන සහ අනිකුත් සුලු උපකරන  මේ වෙනුවෙන් යොදා ගත්තා.