රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, October 2, 2018

පින්වත් මිතුරු මිතුරියන් සමගින් කල දෙවන මහා සෙනෙසුන් පූජාව ...

.

එන්න අපේ වෙබ්අඩවියට
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
සියලු වීඩියෝ නරඹන්න

පසුගිය දිනෙක අපි පින්වත් මිතුරු මිතුරියන්ගේ පූර්ණ දායකත්වයෙන් මහා පින්කමක් සිදු කලා මහා සෙනෙසුන් පූජාවක් සිදු කිරීමයි ... මේ වෙනුවෙන් පහත සදහන් පිරිස් දායකත්වය ලබා දුන්නා ...


නෙව්ශිකා අක්කා  රු 206,500.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 173,420.00
යමුනා බටුවන්ගල මහත්මිය රු 20,000.00
කුමෝෂා අබේවීර මහත්මිය රු 25,000.00
සවනි චන්ද්රතිලකා මහත්මිය 20,000.00
මදුර ජයසිංහ මහතා රු 20,000.00
ගයාෂි අබේවීර මහත්මිය රු 15,000.00
සංජය ඉරේෂ් මහතා 12,000.00
ජිවේන්ද්රා චන්ද්රාණි මහත්මිය රු 10,000.00
සුමිත් මහතා රු 10,000.00
ලලින්ද් පෙරේරා මහතා රු 5000.00
ඉශාන් වික්රම මහතා රු 4,000.00
නදුන් විශ්වනාත් මහතා රු 3,000.00
අසංක මනෝජ් මහතා රු 2200.00
හිරන්ත මදුසංඛ මල්ලි රු 500.00
--------------------------------------------
මුලු ලැබීම් ----------------රු 526,620.00




මුලු මුදල් වියදම්

කුටිය නිර්මාණය සදහා ලබා දුන් මුදල රු 495,000.00
මේසය සහ පුටුව සදහා රු 18,000.00
බුද්ධ පූජාව සදහා ගෑස් ලිපට රු 6,000.00
ප්රවාහන වියදම රු 8,000.00
-------------------------------------------------
මුලු වියදම රු 527,000.00

526,620.00 – 527,000 =  හිග මුදල රු 380.00. පදනමින් පියෙව්වා ...

 බව සහතික කල ලිපිය පහත දක්නට ලැබෙන අතර එහි සියලු වැඩ කටයුතු කරන ලද්දේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් යුතු නිර්වාණ පටිපදා පදනම විසිනිවැය විස්තරය ඔවුන් විසින් සාදා නොබෝ දිනකින් මා වෙත එවනු ඇති.

කුටි පූජාවේ ආනිසංස

කුටි සෙනසුන් පිදීම හා කඨිනානිසංස 
අතිපූජ් නාඋයනේ අරියධම්ම මහ නාහිමි (2005) විසින් සිදුකල කුඩා ධර්ම දේශනයක් මෙලෙස පල කරමි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි 
සිරිංසපේ  මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

දදෙය් උජුභූතේසු විප්පසන්නේන චේතසා
තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං
යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති

ශ්රද්ධාවන්ත පිංවතුනි,

තුන්ලෝකාග් වූභාග්යවත් වූඅරිහත් වූසම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජා වාර කීපයකදී දේශනා කළසේනාසන දානානිසංස ගාථා පෙළක් මේ ප්රකාශ වුණේමේ ගාථා පෙළවිනය පිටකයේ චුල්ල වග්ග පාලියේසේනාසනක්ඛන්දකයේ පහසුවෙන් දැකගන්න පුළුවන් දේශනා කළේ ජේතවනාරාම පූජාව පිණිසයිඑදා ජේතවනාරම විහාර පූජාවේදී අසූහාරදහසක් තරම් පිරිස  පින අනුමෝදම් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තාමුලින්  විහාර පූජාවක් කෙරුණේ රජගහ නුවර බිම්බිසාර මහ රජ්ජුරුවන් විසින් කරන ලද වේළුවන මහා විහාර පූජාවයි දවසේ මහා පොළොව  කම්පා වුණා විහාර පූජාවට අනතුරුවමාස දෙකක් ඇතුළත විසි දහසකට වඩා රහතන් වහන්සේලා බුදු සසුණේ පහළ වූ නිසාමහා විහාරස්ථාන දහ අටක් රජගහ නුවර අවට බොහෝ දෙනෙක් ඉදි කරලා සඟ සතු කොට පූජාකරන්නට යෙදුනාඒවගේම සැවැත් නුවර පූර්වාරාමය නමින් දෙමහල් ප්රාසාදයක් කාමර දාහක් ඇති විහාරයවිසිහත් කෝටියක ධනය වැය කිරීමෙන් විශාකා මාතාව විසින්  පූජා කරන්නට යෙදුනා පූජාවසානයේ එතුමිය තමන්ගේ දරු මුනුපුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැඟිල්ල වටේ ප්රදක්ෂිණා කරමින් පුදුම විදිහේ ප්රීති වාක් කිය කියා පිං අනුමෝදම් වුණා.

පිංවතුනිඅපේ බෝසතාණන් වහන්සේ කාශ්යප බුද්ධශාසන කාලයේදී දෙවෙනි වරට ප්රදේශයක සිටුවරයෙක් වෙලා ඉපිද සිටිද්දී තමංගේ මාලිගාව අළුත්වැඩියා කරගන්න වටිනා දැව සොයාගෙන වනාන්තරයකට ගියා යනකොට දැක්කා ආරණ් සේනාසනයේ වෙසෙන සිල්වතුන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනවාඋන්වහන්සේ ගේ දර්ශනයෙන් හිත පහදවාගත් මේ බෝසතාණන් වහන්සේබෝසත් සිටුවරයා අඩිපාර දිගේ ආරණ්යට ගියා කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නෙ බලන්ඩබැලුවාම කුටියක් සෙනසුණක් නෑගල් ගෙයක්-බිංගෙයක් නෑගහක් මුළ ඉඳලා තියෙන්නෙමෙතුමා කල්පණා කළාමේ ස්වාමීන් වහන්සේ අපට වාගෙ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත්කසාවතක් හැඳපෙරවගෙන මේ සීතලඋණුසුමබඩගින්නපිපාසමැසි-මදුරු පීඩාඅවු-වැසි-සුළං පීඩා විඳගෙනමේ වනාන්තරයට වෙලා සිදු කරන්නේ කෙළෙසුන් දමනය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේදමෙවැනි උතුමන්  කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නේද කියලාතමන්ගේ ගමන නවත්තලා ස්වාමීන් වහන්සේ ආපසු එන්න මත්තෙන්එතැන තමංගේම දෑතින් දැව සපයලා කුඩා කුටියක් හැදුවාමේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින්  ඇඳක් හැටියට හදලාපුටුවක් හැටියට හදලාපැත්තකට වෙලා බලාන හිටියාස්වාමීන් වහන්සේ බොහෝම දුර බැහැර ඉඳලා පිණ්ඩපාතෙ යන්න තියෙන්නෙඑනකොට හවස් වෙනවාදානෙ වලඳලා ඉර අවර උණාට පස්සේ එතෙන්ට වැඩලාමේ කුටියට ඇතුල් වෙලා වාඩි උණාමේ බෝසතාණන් වහන්සේ වැඳනමස්කාර කරලා කිවුවා, “ස්වාමීනිමේ වාගෙ කුටි සෙනසුන් ඔබවහන්සේලාට කැප ?” “එසේය පිංවතමේක මට බොහෝම උපකාරකයිමීට ඉස්සර මං මේ ගහ මුල හිටියාවැස්සට තෙමුනාපිනි බෑවාමැසි මදුරු පීඩා අනන්තයිසතුන් සර්පයන් පවා එනවාඅනේ මට මේ කුටිය හදාපු ඔබගේ දෑත සිතූ පැතූ සම්පත් ලැබෙන පිං අතක්සුරතුරක් වාගේ වේවා!” කියලා පිං දුන්නා වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කිවුවා ස්වාමීන් වහන්සමේක තාවකාලික කුටියක්කොළ අතු වලිං හෙවිලි කරලා තියෙන්නෙස්වාමීනි මට අවසරයිමම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණයෙන් මහණදම් පුරන්නට කුටියක් හදනවාඑච්චරත් නෙමෙයි ස්වාමීනිමම ඉන්න මගේ ගේ අහවල් තැන තියෙන්නෙමගේ අඹුදරුවන් සහිතව ඔබවහන්සේ ගේ කැපකරු දායකයන් බවට පත් වෙනවා වගේම ස්වාමීනිඔබවහන්සේ ගමේ පිඬු සිඟා වැඩියාම දානෙ ලැබුණා හෝ නොලැබුණා හෝමගේ නිවසට වඩින සේක්වාමම හැම දවසේම ඔබවහන්සේ  කැපසුරුප් බන්දනයෙන් උපස්ථාන කරන්ඩ ඇප වෙනවා” කියලා පොරොන්දු වුණාඊලඟට මෙතුමා සමීපයෙහි බිම සුද්ධ කරලාස්ථාවර කුටියක් හැදුවාකුටියට අවශ් වන ඇඳ-පුටු-ඇතිරිලිකොට්ට-මෙට්ට සහිත සියළුම ශ්රමණ පරිෂ්කාරත් සම්පූර්ණ කළා වගේම පැන් පහසුවට පොකුණකුත් හැදුවාජලය පානයට ලිඳකුත් හැදුවාමිදුලක් හදලාවටේට ඉණි වැට හදලාසතුන්ගෙන් කරදර නොවෙන්ඩ ආරක්ෂාව  සැළසුවාසියල්ල කරලාස්වාමීන්වහන්සේ  පූජා කරලවඩාහිඳෙවුවාදිනපතා තමංගේ ගෙදර දානය පිරිනැමුවාදිනපතා සුව දුක් සොයා බැලුවාඋන්වහන්සේ   සෙනසුණ පරිහරණය කරමින්සීල සමාධි ප්රඥා පුරලානොබෝ දිනකින් සවුකෙළෙස් නසා මහා රහත් භාවයට පත් වී වදාළාරහතන් වහන්සේනමක් හැටියට බොහෝ කළක් වැඩ ඉඳලා කාලෙ අවුරුදු විසිදහසක් ආයුෂ නෙඑච්චර කළක් වැඩ ඉඳලා පිරිණිවන් පෑවා ආදාහන කටයුතු පවා මෙතුමා ගේ අතින් සියල්ල සිද්ධ කළා.

මේ පුදුම පිංකමක් නේදඑක ස්වාමීන්වහන්සේනමක් වුනත්එතුමානන් ගේ හිතේ පහළ වුණේ මගේ මේ කුටියමගේ මේ උපට්ඨානයඅනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහාසංඝරත්නයට වේවා!” කියන මේ ප්රාර්ථනාවයිඑපමණක් නෙවෙයිඑතුමාණන් ගේ ප්රාර්ථනාව වූයේ මේ සෑම කුසළයක් මට අනාගතයේදී ලොවුතුරා බුදුබව පිණිස වේවා!” කියන පැතුමයි වගේම  කුසළ බලයෙන් එතුමාණන් ඉන් පසු මනුශ්යයන්ට පරමායුශ අවුරුදු අසංඛ්යයක කාලයේදී හත් වාරයක් චක්රවර්ති රාජ්යයට පත් වුණාඑයින් හත් වැනි වාරයේදී මහා සුදස්සන කුමාරයා හැටියට පහළ වුණේඅවුරුදු අසූහාරදහසක් මවුපියන් ගේ හෙවනේ සැපෙන් කුමාර ජීවිතයක් ගෙවුවාතවත් අවුරුදු අසූහාරදහසක් උප රජකෙනෙක් හැටියට පියාණන්  සහයෝගෙන් රාජ්යයට සහාය වුණාඊලඟට තමන්  සක්විති රජ වුණා.

සක්විති රජ වෙලා බොහෝ කාලයක් ගත වෙන අතරත එතුමාණන්  හිතුනා දානයක් දෙන්ඩ මේ රටවැසියන්ටමෙන්න මෙතනයි මං දානයක් දෙන්නේ” කියලාදංසැලක් හදන්ඩ තැනක් හිතුවාපහුවදා ගිහින් බලනකොට අංග සම්පූර්ණ දංසැලක් පහල වුණාමෙතන මං උයනක් හදන්න ඕනෙමෙතන මං පොකුණක් හදන්න ඕනේ” හිතන හිතන සියල්ල උන්වහන්සේට පහල වුණාමොකදඅර එක ස්වාමීන්වහන්සේ නමකට රහත් වන තුරු අර කුටි සෙනසුන් කරවලාපැන් පොකුණු කරවලාපහසුකම් සැළසූ මේ කුසළයේ බලයෙන් සිතූ පැතූ සියල්ල පහල වුණා ස්ථානයෙහි කල්පවෘක්ෂත් පහල වුණාඅන්තිමේදී රට වැසියන්ට දැනුම් දීලා අවුරුදු අසූහාරදහසක් තිස්සේ දිව්යමය ආහාඅර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා.

ඔය අතර රටවැසියෝ කල්පණා කළා රජ්ජුරුවන්ට කෝටි ගාණක මුදලක් එකතු කරගෙන ගෙනැත් දෙන්ඩ හැදුවාරජ්ජුරුවෝ ප්රතික්ෂේප කළා, “මේ එකක්වත් මට එපාමට මේ තියෙන දේවල් දීලා ඉවර වෙන්නේ නෑ නිසා ඔබලා කැමති දෙයක් කරන්නැයි” කිවුවාරටවැසියෝ එකතු වෙලා කථා කළා අපි එහෙනම් මහ රජ්ජුරුවන්ට අළුත්  අළුත් මාලිගාවක් හදමු” කියලා තැනක් කථා කළා මෙන්න මෙතැනයි හදන්නේ” කියලාරජ්ජුරුවන් ගේ පිනේ මහිමය කොහොමදඅර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර අසූහාරදහසක් ඇතිවිශාල ප්රාසාදයක් පහල වුණාපුදුම ආශ්චර්යයක් නේදපස්සේ රජ්ජුරුවන්ට මේ ප්රාසාදය පිරිනැමුවා.

රජ්ජුරුවෝ කල්පණා කළා, “මං මේකෙන් හොඳ වැඩක් ගන්න ඕනේ” කියලාතමං ගේ වැඩිමල් පුතාට ඔටුනු පළන්දවලාමේ මාලිගාවට ගොඩ වුණානිවේදනය කළා මට දානය ගේන එක උපස්ථායකයෙක් ඇරකිසි කෙනෙක් නොපැමිණිය යුතුයි” කියලාමාලිගාවට ඇතුල් වෙන පියගැටපෙළ රියන් දාහතරක් උසයිඑතන ගොඩවෙලාහිතේ අධිශ්ටානයක් කළාකාම විතර්කය මෙතැන නවතිනුමින් ඉදිරියට නොයනුව්යාපාද විතර්කය මෙතැන නවතිනුමින් ඉදිරියට නොයනු!විහිංසා විතර්කය මෙතැන නවතිනුමින් ඉදිරියට නොයනු!” කියලා තමං ගේ හිතට අණක් දෙනකොට  අර පූජනීය ස්වාමීන් ව්හන්සේට මඟඵල නිවන දක්වා උපකාර කළ පිනේ මහිමයෙන්  පියගැටපෙළේ මුඳුනේදීම මෙත්තාකරුණාමුදිතාඋපෙක්ඛා ධ්යාන පහල වුණාධ්යාන ලාභියෙක් හැටියටයි මේ මාලිගාවට ඇතුල් වෙලාදවසක්-දෙකක්අවුරුද්දක්-දෙකක් නෙමෙයිඅවුරුදු අසූහාරදසක් තිස්සේ ධ්යාන භාවනා වැඩුවාඅවසාන දවසේදී එතුමාණන්  හිතක් පහල වුණා මගේ නෑදෑයෝ දකින්ඩ ඕනෙ කියලානෑදෑයන්ටත් හිතක් පහල වුණා අපේ මහරජ්ජුරුවෝ දකින්ඩ ඕනේ කියලාතමං ගේ උපස්ථායකයට කිවුවා මැද මිදුලේ පටු ඇඳක් පණවන්ඩ කියලාමේ පටු ඇඳේ ඇල වුණා දකුණු ඇලයෙන්,

අග් මහේෂිකාව භද්රා දේවිය ඇතුළු අසූහාරදහසක් බිසෝ වරුත්දරුවොත්මැති-ඇමතිවරුත්නෑදෑයොත්විශාල සංඛ්යාවක් මේ මාලිගාවෙ මැද මිදුලට ආවා වේලාවේ දීමේ භද්රා කියන අග මෙහෙසිය රජ්ජුරුවන් ගේ පැවැත්ම ගැන හිතුණා රජ්ජුරුවෝ අද අපවත් වේදෝ” කියලාකිසිම ලෙඩක් පේන්ට නෑහිතක් පහල වුණා වෙලාවේ ආරාධනා කළා, “ස්වාමීනිඔබ වහන්සේට මාලිගා  අසූහාරදහසක් මේ ජම්බුද්වීපයේම තියෙනවා කාලේ නගරවල් අසූහාරදහසේ අසූහාරදහසක් රාජ මාලිගාඅසූහාරදහසක් මාලිගා වගේම සියළු දේවල්මංගල ඇතුන් අසූහාරදහසයිමංගල අශ්වයන්මංගල රථමඟුල් කඩුමඟුල් ඔටුණුඔක්කෝම අසූහාරදහස බැඟින් තියෙනවා වගේම එක එක නගරයක රාජකීය පැන් පොකුණු අසූහාරදහස බැගින්මේ විදියට එකක් නෙමෙයිසියල්ල  අසූහාරදහස බැඟින් තියෙනවා සියල්ලට හිමිකම් ඇතුව නැවතත් අපේ රජ පවුලේ  පහල වෙන්ඩ ප්රාර්ථනා කෙරෙත්වා!” කියලා ආරාධනා කළා වෙලාවේ බෝසතාණන්වහන්සේ කිවුවා භද්රා දේවීන්ට, “දේවීන් වහන්සඑහෙම කියන්ඩෙපාමෙහෙම කියන්ඩදෙවයන්වහන්සඔබ වහන්සේට මේසා විසාල සම්පත් අසූහාරදහස බැඟින් තියෙනවාඅලපතක දියත්තක් රැඳෙන් නැතුවා වගේනෙළුම් මලකනෙළුම් කොලේක දිය රැඳෙන් නැතුවා වගේ මේ කිසිවක් ගැන ආශාව තබා නොගන්නා සේක්වා!” කියලා ආරාධනා කරන්ඩ කිවුවා  විදිහට ආරාධනා කළා – කඳුළු වගුරවමින් වෙලාවේ බෝසත් මහා සුදස්සන රජ්ජුරුවෝ සෑම දෙනාට කථා කරලා කිවුවා, “මං කුඩා කාලයේ පටන් නිති පංසිල් රැක්කාපොහොය අටසිල් රැක්කාමවුපියන් ජීවත්  ඉන්න කාලෙ මන් මැනෙවින් උපස්ථාන කළාමං උප රජ කම අවුරුදු අසූහාරදහසක් කළාඅවුරුදු අසූහාරදහසක් තිස්සේ මහා දානයක් මං පිරිනැමුවාඅවුරුදු අසූහාරදහසක් තිස්සේ මා මේ සීලසමාධිප්රඥාධ්යානභාවනා වඩමින් මේ මාලිගාවේ සුවසේ විවේක වත් පිරුවානෙක්ඛම්මය පිරුවාමඟේ ජීවිතය පුරා මා රැස්පත් කරගත්ත සෑම කුසලයක් මඟේ මේ නෑදෑයෝමගේ මේ රට වැසියෝ අනුමෝදං වෙත්වා වගේම මා අතින් මගේ ජීවිත කාලය තුළ යම් ප්රමාද දෝශයක් මේ අයට ඇතොත් සියල්ලට සමා වෙත්වාමම අනාගතයේදී බඹ ලොව ඉපිදඉන් නොනැවතී මතු අනාගතයේ ලොවුතුරා බුදු පදවිය ලබනවාඔබ සෑම දෙනාටත්  බුදු සසුණේ දී නිවන් සුව අත් වේවා!” කියලා නෙත් දෙක පියා ගත්තාපුදුම ආශ්චර්යයක් නේදසතෝ-සම්පජානකාරී නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගෙන සුව නින්දට වැටුනා වගේ එහෙම්මම නිරුද්ධ වෙලා බඹ ලොව උපන්නා.

නැවත නැවත නැවත මනුලොව ඉපදෙමින්පහල වෙමින්බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිම ආත්මභාවයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහලවලොවුතුරා සම්මා සම්බුදු වුණා මේ සර්වඥයන් වහන්සේ ගේ ශාසනයේ තමයි මේ කුටි සේනාසන පූජාව සිද්ධ වුණේදන් මෙතන සඳහන් වුණා මහා බෝසතාණන් වහන්සේ කුටියපූජා කළේ මේ කුටි සේනාසනයමේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහා සංඝරත්නයටසීලසමාධිප්රඥා ගුණ පූරණය කරමින්සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්ධ්යානඅභිඥාමාර්ගඵල නිර්වානාවබෝධය කරගැනීමට උපකාර වේවා!” කියන මේ ප්රාර්ථනාවයි වාගේ අද මේ කුටි සෙනසුන් පූජා කළ සෑම දෙනාගේම චිත්ත සංතානෙ අධිශ්ඨානය වන්නේ, “මේ නාඋයන ආරණ්යය සේනාසන වාසී සිල්වත්ගුණවත් බුද්ධ පුත්රයන් වහන්සේලාට අපේ මේ ධනය වැය කිරීමෙන් ගොඩනැඟූ කුටි-සේනාසන සීලසමාධිප්රඥා ගුණ පූරණය කරගනිමින්සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම සියල්ල මුදුන් පමුණුවාගනිමින්ආයුවර්ණ සැපබල ප්රඥා ඇතිවධ්යානසමාධිසමාපත්තිඅභිඥාවිපස්සනා ඥාණ වඩමින්තම තමන් වහන්සේලාගේ ප්රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා!” කියන මේ ප්රාර්ථනාවයි විදිහේ ප්රාර්ථනාවෙන් කරන කුටි සේනාසන පූජාවේ ආනිසංස පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනවදැන් සළකා බලමු

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි 
සිරිංසපේ  මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ

තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

මේ සේනාසනය පරිහරණය කිරීමේදී එම සිල්වතුන් වහන්සේලාට ලැබෙන පහසු විහරණ දහතුනක් මේ ගාථා දෙකෙන් කියවෙනවා පහසු විහරණ තමයි,

සීතං උණ්හං පටිහංතේ – සීතලෙන් වෙන පීඩා වළකිනවාඋණුසුමෙන් වෙන පීඩා වළකිනවා.
තතෝ වාලමිගානි  – නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා.
සිරිංසපේ  මකසේ – බඩ ගානා සර්පයන් ගෙන් වෙන පීඩා වළකිනවාමකසේ – මදුරුවන් ගෙන් වෙන පීඩා වළකිනවා
සිසිරේ චාපි චුට්ඨියෝ – පිනි බෑමෙන් සිදු වන විපත්ති වළකිනවාවර්ෂාවෙන් වෙන පීඩා වළකිනවා,
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී – නපුරු දැඩි සුළඟින් වෙන පීඩා වළකිනවාදැඩි අවු රශ්මියෙන් වෙන පීඩා වළකිනවා
ලේනත්ථඥ්ච –  කුටි සේනාසනය තමංට කාල විවේකයෙන් යුතුව සීල-සමාධි-ප්රඥා පූරණය කරගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා
සුඛත්ථඥ්ච – එම සේනාසනය සිවු ඉරියවුවේම සමථවිපස්සනා භාවනා සැපය උපදවාගන්න හේතු වෙනවා
ඣායිතුංච විපස්සිතුං – ධ්යාන-අභ්ඥා උපදවා ගන්න උපකාර වෙනවාවිදර්ශනා ඥාණ දියුණු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා

මේ ආනිශංස දහතුනක් මේ ගාථා දෙකේ සිද්ධ වුණාසඳහන් වුණාඊලඟට සඳහන් කළේ ගාථාවෙන්,

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං – මේ සංඝයාට විහාරයක්කුටියක්සෙනසුණක්සක්මනක්රාත්රි ස්ථානයක්දිවා ස්ථානයක් වගේම ගිණිහල් ගෙයක්යම්කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිශංස වසයෙන් මහත්ඵල ගෙනදෙන බව සර්වඥයන් වහන්සේ වර්ණනාත්මකව දේශණා කරනවා.

තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ

විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ – එනිසා නැනවත් බෞද්ධයන් විසින් සිත්කළු වූනත්නම් ප්රසාදනීය වූ කුටි-සෙනසුන් විහාර කරවා බහුශෘතආගම බහුශෘතඅධිගම බහුශෘත උතුමන් වහ්නසේලා වඩා හිඳුවා ගනිත්වා!

තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච –  වගේම එම සිල්වතුන් වහන්සේලාට චීවරයදසේනාසනයදපිණ්ඩපාතයදගිලන්පසයද කියන මේ සිවු පසයෙන් උපස්ථාන කෙරේවා!

තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං –  සිල්වතුන් වහන්සේලාතමං මේ සිවුපසය පිළිඅරගෙනපරිහරණය කරමින්  ප්රසාදනීය කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ට අර්ථයෙන්ධර්මයෙන් අනුශාසනා කරනවාමෙලොව දියුණුවටපරලොව සුගතියටශාන්ත නිවනට ධර්මය දේශනා කරනවා.

යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති –  ධර්මය අහන්නා වූ සැදැහැවත් බෞද්ධයාතමාද නිති පංසිල්පොහොය අටසිල් රකිමින්සිවු බඹ විහරණ වඩමින්සමත-විපස්සනා භාවනා වඩමින්ශාන-සීල-භාවනා කුසල් රැස් කරගනිමින්මෙළොවපරලොව ජයගෙනආශ්රවයන් ක්ෂය කරගෙනසතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාදා ගන්නවා.

මේකයි ගාථා පෙළේ කෙටි තේරුමඑනිසා අද මේ කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේදැන් මෙම ස්ථනයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා නොයෙක් දිශාවෙන් පැමිණිලා භාවනානුයෝගීව වැඩ ඉන්නවාපසුගිය කාලෙ කුටි සෙනසුන් ඉඩ මදිකම නිසා කීප නමක්  භාර නොගෙන ඇරියා.  දැන් මේ කුටි සෙනසුන් හයක්  අද අළුතින් ඉදි වුණාපූජා වුණාදැන් තවත් හය නමකට මේ ස්ථානයේ සීල-සමාධි-ප්රඥා ගුණ පූරණය කරගන්න අවකාශ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්.

 වගේම කිසීම ආරාධනාවක් නැතුව සිය කැමැත්තෙන් ඇවිල්ලා භාවනානුයෝගීව වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා තමයි මේ වාරෙත් අසූ දෙනමක් පමණ වස් එළැඹී හිටියේතවත් ඉදිරියට තව වැඩි වෙනවාඋන්වහන්සේලාට මේ සේනාසනය ඒකාන්තයෙන්  තබන තබන පියවරක් ගානේ සති සමාධි ඥාණ වැඩෙනධ්යාන-සමාපත්ති ලැබෙනවිපස්සනා ඥාණ වැඩෙන ජය භූමියක්ක්ෂේම භූමියක්පුන් භූමියක් බවට පත්වේවා කියලා අපි මෛත්රී කරන්න ඕනේ.

කඨින චීවර පූජාවෙන් භික්ෂූන් වහන්සේට හා දායකයන්ට ලැබෙන ආනිසංස

අද වෙන දවස් වල කරන කුටි සෙනසුන් පූජාවක් වගේ නෙමෙයිමේ අශ්ට පරිශ්කාර හා මේ සෙසු පරිශ්කාර සහිත මේ කුටි සෙනසුන් පූජාවේ පරමාර්ථය වන්නේ කඨින චීවර පූජාවට සම්බන්ධ කරගැනීමයිකඨිනානිශංස වසයෙන් වර්ෂයක් පාසා පිංවතුන් බොහෝ සෙයින් ධර්මශ්රවණය කරනවාකඨිනානිශංස වශයෙන්  කෙටි හැඳින්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවාකඨිනෙ කඨිනෙ කියලා කියන්නේ වර්ෂයකට වරක් සිදු කරනු ලබන ආශ්චර්යය වූ චීවර පූජාවක් චීවර පූජාව සර්වඥයන් වහන්සේ අනුමත කොට වදාළේ පාවෙය්යක භික්ෂු සංඝයා වහන්සේලා ගේ දුෂ්කර චාරිකා ගමනක් නිමිති කරගෙනයි.

ඉතිරි  විස්තර සහ චායාරූප නරඹන්න
https://wp.me/p4XCOM-Cp







































































No comments:

Post a Comment