රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, November 9, 2018

ඉදකටු පහරක් පසා සක්විති රජකම් ලැබෙන පලමු මහා කඨින පින්කම …



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවර අපි කඨින පින්කම් දෙකක් සිදුකල අතර ඉන් පලමු වැන්න සිදුකලේ ගල්ගමුව හුනුගල්ලෑව විහාරස්ථානයේදීය. කඨින පින්කම් දෙකටම දායක වූ පින්වත් ඔබේ නම් මේ ආකාරයට සටහන් කරමි.

ගයාෂි හා කුමෝශා නංගි රු 210,000.00
දිල්ශාන් එරංග මල්ලි රු 150,000.00
සුමිත් නන්දන මහතා රු 100,000.00
අනෝජ් ගුණවර්ධන මල්ලි රු 72,132.67
ක්රිෂාන්ත මගේ මහතා රු 30,000.00
ජනිතා ලාලනී මහත්මිය රු 23,101.00
සුභාෂිනී අක්කා රු 12,000.00
අමිල හෙට්ටිආරච්චි මල්ලි රු 10,500.00
ඉෂාර අයියා රු 10,400.00
චන්දිමා පීරිස් මහත්මිය රු 10,000.00
කේෂරා නංගී රු 10,000.00
සේපාලිකා නංගි රු 10,000.00
ඉෂාන් වික්රම මල්ලි රු 10,000.00
ශාමලී ආටිගල මෙනෙවිිය රු 10,000.00
තුෂාර අයියා රු 6,000.00
ප්රශාන්ත මහතා රු 5,000.00
නුවන් ලක්මාල් මහතා රු 5,000.00
චන්දන මදුරංග මහතා රු 5,000.00
තිලංගා පෙරේරා මහත්මිය රු 5,000.00
දීප්තිකා ධර්මපාල මෙනෙවිය රු 5,000.00
ලලින්ද් මහතා රු 5,000.00
මනෝරි පෙරේරා මහත්මිය රු4,500.00
රුවන් ජයසිංහ අයියා රු 4,500.00
යොහානි සිල්වා මහත්මිය රු 3,000.00
පේශලීද සිල්වා මහත්මිිය රු 3000.00
තරුෂි මහත්මිය රු 3,000.00
ශශිකලා මදුශානි මහත්මිය රු 3,000.00
`දුන් විශ්වනාත් මහතා රු 3,000.00
රංග ගමගේ මලලි රු 2,000.00
හිරන්ත මධුසංක මල්ලි රු 1,500.00
සේනුක ගොවින්ද මහතා රු 1000.00
තිළින විෙජ්වර්න මහතා රු 1,000.00
නිශාමිනී අනුරාධා මහත්මිය රු 500.00
දේශානි සිල්වා මෙනෙවිට රු 500.00
ජූඩ් සිලවා මහතා රු 500.00
-------------------------------------------
ලද මුලූ මුදල රු 735,133.67


.
නිශා කොස්තා මහත්මිය - ඖෂධ මංජුසා 60
යමුනා බටුවංගල මහත්මිය - කුඩ 30
යටිගල මහත්මිය කුඩ 10
ලහිරු මහතා සහ කවීශා නංගී - රසකැවිලි 
යෙනුෂා ශෂිමාලි මහත්මිය - කුඩ 25
( ධර්මාසනය හා පන්සිය පනස් ජාතක පොත පූජා කලේ දෙවන කඨින පින්කමේදීය ...)

 කඨින පින්කම් දෙකටම එකට වියදම් කල නිසා මෙහි අයවැය වාර්ථා ඉදිරිපත් නොකරන අතර ඊලග පින්කමේ පෝස්ට් එක මගින් සියලු අය වැය ඉදිරිපත් කෙරේ.

අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

කඨින දානය.
අටපිරිකර පූජාව
ආවාස පූජාව
බුද්ධ ප්රමුඛ සංඝයාට දන්පිදීම
ධර්මය ලිවීම
කෙත්වතු පූජා කිරීම
බුද්ධ ප්රතිමා කිරීම
වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම
යන මේ පින්කම් අට සාමාන්යයෙන් අටමහ කුසල් වශයෙන් ප්රසිද්ධයි.
අනුව කඨින චීවරයක් පූජා කිරිම අටමහ කුසල්වලට අයිති වෙනවා. මෙබඳු කඨින චීවර පූජාවක් කරන්නට පුළුවන් වෙන්නේ යම් සම්බුදුවරයෙකුගේ සාසනයක් තුළ පමණයි. එය කළ හැක්කේ මේ මිනිසුන් සිටින පොළෝ තලයේ පමණයි. දිව් ලෝකවල, බ්රහ්ම ලෝකවල තිරිසන් ආදී අපායවල මේ පින්කම කිසිසේත්ම කරන්නට බැහැ, දකින්නටත් බැහැ. මිනිස් ලෝකෙත් හැම තැනම මෙය දකින්නට හෝ කරන්නට බැහැ. මෙය වෙන පින්කම් සේ හැමදාම කරන්නටත් බැහැ. ලෝකයේ සම්මත කරගත් වෙනත් ආගම්වල මේ පින්කම දකින්නට නැහැ.

මේ පින්කමේ විශේෂත්වය තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අරමුණු කරගෙන බෞද්ධ පිරිසක් හෝ එබඳු අවබෝධාත්මක සිතක් ඇති කෙනෙක් විසින් කිරීම. භික්ෂූන් නැතිව මෙම පින්කම කොහොමවත් කරන්නට බැහැ. කොහොම වෙතත් කඨින චීවරයක් පූජා කිරිම, එම චීවර පූජාව සමඟ මොනයම් හෝ ලොකුª කුඩා දෙයක් කියන්නේ අඩු තරමින් ඉඳිකට්ටක්, නූල් බෝලයක් පූජා කිරිම පවා මහා බල සම්පන්න කුසල් නැත්නම් ආනිසංස ගෙනදෙන බව කවුරු කවුරුත් බලවත් ලෙස විශ්වාස කරනවා. බව නොයෙක් ධර්ම ග්රන්ථවල මේ විදියහට සටහන් කරලා තිබෙනවා.

යාවතා සම්බ පරික්බාරේ
සංඝස්ස සතතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කාලං නාග්ඝති සෝළසිං

යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලාට අවශ් කරන සියලු පිරිකර හැමදාම නිරතුරුව පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසයත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසත් අතර සොළොස් කලාවෙන් කලාවක් නොවටින ගුණයක පරතරයක් තිබෙනවා. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්රතිඵලයක් ලැබෙනවා.

ගිරිරාජ සමංරාසිං
සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළිසිං

ලොව ඇති උසස්ම වර්ගයේ වස්ත්රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරු වලින් මහමෙර උසට ගොඩ ගසා පූජා කළත් කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිසංසත් එක්ක ගත්තාම දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් වටින්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහමෙර උසට සිවුරු පූජා කරනවාට වඩා කඨින චීවරයක් පූජා කිරීම බලසම්පන්න බවය. මේ ගාථා දෙකම දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා 500ක් ඉදිරියේ දී.
තවත් ගාථා ගොඩකින්ම කඨින පූජාවක ඇති වටිනාකම කියලා තිබෙනවා.

යාවතා සම්බ දානානි
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්නත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නොවේ. කඨින දානයකින් ලැබෙන ප්රතිඵල ඊට වඩා බල සම්පන්න වෙනවා.

යාවතා පඤ්ච හේ සජ්ජං
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්නත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එයට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්රතිඵලයක් ලබා දෙනවා.

සබ්බ දානං දදන්තේන
අස්මිං පුථුවි මණ්ඩලෙ
සංඝස්ස දින්නං කඨිනංඅග්ගං
බුද්ධෙන වණ්ණිතං

මේ මිහිපිට දෙන දන් අතුරෙන් සංඝයාට දෙන ලද කඨින දානයම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබෙනවා.

මානුසිකාච සම්පත්ති
දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති
සබ්බමේතේන ලබ්භති

මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීමට මෙම කඨින පූජාවක ආනිසංසවලට බලයක් තිබෙනවා.
 කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය ....

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.
දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.

ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්නආනන්ද හාමුදුරුවෝ කියන විදිහට කලාම 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේ වැඩ හිටියා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න
මේ කාරණය අහපු මහ රහතන් වහන්සේලා අතරින් නාගිත කියන මහ රහතන් වහන්සේ ඉදිරියට ඇවිත් මේ විදිහට කියන්න පටන් ගත්තා.

ස්වාමීනි, මාගේ බුදුරජාණන් වහන්ස ! මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි කියලා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා හිටියා. කාලේ බන්දුමතී කියලා නුවරක තිබුණා. නුවර තමයි මම කාලේ උපන්නේ. කාලේ මම දුගී මගී යාචකයන්ට හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කළා. එක දවසක් බන්දුමතී නගරයේ රජ්ජුරුවන් සහිත පිරිස මැද්දේ සවණක් ගණ බුදුරැස් විහිඳුවමින් වැඩ සිටිය විපස්සි බුදු හාමුදුරුවන්ව දැකල බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්රද්ධාවෙන් දන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත කඨින චීවර දානයක් පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්රාර්ථනා කළා. එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව් ලෝකේ හරි මනුෂ් ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. තමයි මම කළ කඨින චීවර පූජාවේ ප්රතිලාභ නැත්නම් ආනිසංස.

උන් වහන්සේ පහත සඳහන් ගාථා කියමින් මේ විදිහට කඨිනයක ඇති ආනිසංස නැත්නම් ප්රතිඵල ගැන ප්රකාශ කළා.

කඨින දානං දත්වාන
සංඝෙ ගුණවරුත්තමෙ
ඉතෝ තිංසෙ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං

උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී මහා කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනයක ආනිසංස.

අට්ඨාරසන්නං කප්පානං
දෙවලෝකේ රාමමහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දො
දෙවරජ්ජමකාරයිං

කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. තිස්හතර වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨිනයක් පූජා කිරීමෙන් ලැබුණු ප්රතිඵල.

ආරපථෙ ආරපෙථ
චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං චතුක්ඛත්තුං
චක්කවත්ති අහොසහං

ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා තිසිහතර වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇත සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් අසූ හතර වාරයක් චක්රවර්ති රාජ් සම්පත් ලැබූ බව දැක්වීමෙන් කඨින දානයෙහි අනුසස් පැවැසූ අයුරුයි.

යත්ථයත්ථූපපජ්ජාමි
ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින දානයක ආනිසංස.

දේව භවේ උපපජ්ජාමි
දෙවෙවා පි මානුසෙ
අඤ්ඤං ගතිං ජානාමි
කඨිනදානස්සිදං ඵලං

දිව් ලෝකෙත්, මනුෂ් ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනානිසංස,

දේව කුලේ උපපජ්ජාමි
බත්තියෙ වා පි බ්රාහ්මණෙ
හීනෙ කුලෙ ජානාමි
කඨිනදානස්සිදං ඵලං

රජ සහ බ්රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක උපන්නේ නැහැ. මේ තමයි කඨින දානයේ ප්රතිලාභ.

චක්කවාළමූපාදාය
මහිං සාගර කුණ්ඩලං
බොමදූස්සෙහි ජාදෙය්යං
කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්යන්ත වූ චක්රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ කඨින දානයෙහි අනුසස් තමයි.

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ
අහෝ සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන
ලද්ධං මේවිපුලං සුබං

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අර්හත්වය, නෛයර්්යාණිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යය, මවිසින් එක කඨින චීවරයක් දුන් විපාකයෙන් මේසා මහත් සම්පත් ලැබුවා.

තෙනෙව කුසලකම්මෙන
පියොහං දෙවමානුසෙ
තස්සෙ භද්දකම්මස්ස
පත්තොස්මි අමතං පදං

කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට , මිනිස් ලොව උපන් විට මිනිසුන්ට , ප්රියමනාප පුද්ගලයෙක් වූයෙමි. යහපත් කුසල කර්මයෙන් නිවනද ලැබුණා.

ඒවං නාගව්හයෝ ථෙරො
මජ්ක්ධ සංඝස්ස සොභනො
පකාසෙයි සකං කම්මං
අනොතත්ත මහාසරෙ

මසේ සඟ මැද බබලන ශාන්ත වූ ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනොතත්ත මහවිල්හිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානයේ ආනිසංස ප්රකාශ කළා.

කඨින චීවරයක් මහා සංඝයා වහන්සේට පූජා කරන්නට ලැබෙන එක වාසනාවනක්, එයින් ලැබෙන පින මහා බලසම්පන්නයි. පින සොර සතුරටන්ට ගන්න බැහැ. රජවරුන්ට, ආණ්ඩුවලට රාජසන්තක කරන්න බැහැ. අව්වෙන් වැස්සෙන් ගින්නෙන් අවි ආයුධ වලින් විෂ වර්ගවලින් හෝ වෙනත් යන්ත් මන්ත්රවලින් විනාශ කරන්න බැහැ. නිසාම එයට කඨිනය කියන තේරුම ලැබිල තියෙනවා.

කඨිනය කියන එකේ තේරුම තමයි තද බව, ඝන බව, ශක්තිමත් බව, ස්ථාවර බව, කියන එක.

පඨවිරිව ජාතු කම්පතෙ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව භිජ්ජතෙ ඝනං
තමිද මතො කඨිනන්ති චුච්චනි

කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින මහ පොළොව මෙන් කම්පා වන්නේ නැහැ. කම්පා කරවන්නත් බැහැ. මහ මේරු පර්වතය මෙන් සුළඟින් සොළවන්නත් බැහැ. දියමන්ති කන්දක් බිඳින්න බැරුව වගේ කඨිනයෙන් ලබන පිනද බිඳින්න බැහැ. තරමට පින ස්ථාවරයි. ශක්තිමත් බලසම්පන්නයි.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.
ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..
එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම මෙම කරඩුව නිර්මාණය කල ශාන්තඅයියාටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

 ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ඔබ ලද මහා භාග්යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවාජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.
පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවා. ව්යාපාර, අධ්යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත් සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනමවෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

චායාරූප නරඹන්න






























































No comments:

Post a Comment