රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, July 15, 2019

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල අසිරිමත් තුලාබාර පින්කම ...




එන්න අපේ වෙබ්අඩවියට

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

යාලුවනේ අපි දින කිහිපයකට කලින් අසිරිමත් පින්කමක් කලා. ඒ ගැබිණි මවුන් 10 දෙනෙකුට ඔවුන්ගේ බරට වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය. මේක පුරාණ පින්කමක්. නම තමයි තුලාබාර දානය.

මේ පින්කම වෙනුවෙන් පහත නම් සදහන් අය දායක උනා...

කුමෝශා නංගි -------------------රු 150,000.00
ශශිකලා මදුශානි නංගි-----------රු 15,500.00
දිශානි පෙරේරා නංගි -------------රු 15,000.00
ගයාෂි නංගි ------------------------රු 15,000.00
සේපාලිකා නංගි -------------------රු 15,000.00
කපිල විමලරත්න මහතා--------- රු 10,000.00
රසික සම්පත් මහතා -------------රු 10,660.00
ලලින්ද්‍ර මහතා -----------------------රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය --------රු 2000.00
හිරන්ත මදුසංක මහතා -----------රු 1000.00
-----------------------------------------------------
මුලු එකතුව ----------------------රු 239,160.00

වියදම්
වියලි ආහාර ද්‍රව්‍ය ------------රු 117,150.00
අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීම රු 50,000.00
ප්‍රවාහන පිරිවැය -----------------රු 7650.00
තරාදිය සදහා --------------------රු 1500.00
-------------------------------------------------
මුලු වියදම ---------------------රු  176,300.00
.
ඉතිරි මුදල 239,160.00 176,300.00 = රු 75,860.00

ඉතිරි සියලු මුදල් රුවන් වැලි මහා සෑ කප්රුක් පූජාව වෙනුවෙන් වෙන් කලා...


යහලුවනේ ගැබිණි මව්වරුන්ට ලබාදෙන දානය හරිම වටින එකක්. ඔබ අහල ඇති ප්රත්යලාභීන් අතර අග්රස්ථානය ලද සීවලී මහ රහතන් වහන්සේ. උන්වහන්සේ වරක් පිණ්ඩපාතෙ ගිහින් ඉවරවෙලා දානය වැලදුව. වළදල ඉවර උනාට පස්සෙයි දැක්කෙ පැටව් ගහපු බැල්ලියක් කෑම ටිකක් ලැබන තුරු බලන් ඉන්නව. මොනව කරන්නද? ආයි පිණ්ඩපාතෙ වඩින්නත් බැහැ. උන්වහන්සේ ගිරියට ඇගිල්ල ගහල වමනය කලා. අර බැල්ලි වමනය ආහාරයට ගෙන කුස පුරව ගත්ත. පින්බලෙන් තමයි ප්රත්යලාභීන් අතර අගතනතුර ලැබුනෙ. බුදුහාමුදුරුවො පවා දුර ගමන් යන අවස්ථාවලදි සීවලී හාමුදුරුවො වැඩ ඉන්නවද කියල බලල තමයි ගමන් කරන්නෙ. ඒවගේම අපිට නිතර අම්මල කියන දෙයක් තමයි ගැබිනි සත්තු බලන් ඉද්දි කෑම කන්න එපා කියල. ඒව මහ පව්වැඩ. ඒව ඉක්මනින් පඩිසන් දෙන පව්. වරක් ගැබිණි මවක් කෑම ගනිද්දි ගැබිණි බැලි කික්කියක් ඇවිත් බලන් හිටියලු. අර අම්ම බැල්ලිව පැන්නුවලු. බැල්ලි හිතේ වේදනාවෙන්නෙ යන්න ඇත්තෙ. කොහොම නමුත් දසකඩ මසක් අවසානයෙදි අර අම්මට බලු මුහුණු තියෙන බබාල හම්බ උනා කියල ජනප්රවාදයේ සදහන් වෙනව. කොහොම නමුත් විශේෂයෙන් අපේ සිංහල ජාතිය වදවෙමින් පවතින මොහොතක ගැබිනි මව්වරුන් වෙනුවෙන් යමක් කරනව කියන්නෙ ජාතිය රැකගන්න කල පිනක් හා සමානයි.

විශේෂයෙන්ම තුලාබාර දානය කියන්නෙ පුදුම ආනිසංසදායක පින්කමක්.  පොලොන්නරු යුගයේ පළමු විජයභාහු රජතුමා ක්‍ර.ව.1055 දී මුල්වරට ආරමිභ කලබවට අඔගමුව සෙල්ලිපියේ සදහන් මෙම තුලාභාර දානමය පිංකම හරිම අසිරිමත් පින්කමක්. එතුමන් මෙවන් පින්කම් කිහිපයක් සිදුකල බව අසන්නට ලැබෙනව. මේ පින්කමට දායක වූ ඔබේ බරට කෙදිනක හෝ රන් මිණි මුතු ලැබේවි.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්,  අයටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ඔබ ලද මහා භාග්යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. සසරේ සුදුකල බොහෝ අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවා. ව්යාපාර, අධ්යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත් සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනමවෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

චායාරූප නරඹන්න



































No comments:

Post a Comment