රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, September 28, 2019

මහා වස්සානයේ සිදුකල දෙවන ධර්ම දේශනය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

වස්සාන මහා ධර්ම දේශනා මාලාව වෙනුවෙන්  පලමු ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ පදනන්ගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසිනි.
.මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි ඇතුලු පවුලේ අය විසිනි.

දරන ලද වියදම්.
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දරන ලද මුදල රු 28,000.00
හේවිසි සදහා රු 2,000.00
විදුලි ආලෝක කරණය  රු15,000.00
ශබ්ද වාහිනී සදහා රු 5000.00
ප්රචාරණ ටයුතු වෙනුවෙන් රු 5000.00
දන්සැල වෙනුවෙන් රු 2000.00
-----------------------------------------
දරනලද මුලු වියදම රු 57,000.00

Tuesday, September 24, 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල 20 වන මහා පැන් පූජාව ...







එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දා වේයන්ගොඩ වේයන්ගොඩ  බොරුක්ගමුව විහාරස්ථානය වෙ. අපි 20 වන මහා පැන් පූජාව සිදුකලා ...  මේ වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් ... අබලන්ව තිබූ බල ලිදක් අපි යථා තත්වයට පත්කරන්න කටයුතු කලා ...


මුලු ලැබීම්

කුමෝෂා අබේවීර නංගි ---------- රු 28,005.00

වියදම්
මෝටරයට ඇතුලු මුලු වියදම ---= රු 28,005.00

Saturday, September 21, 2019

මහා සංඝරත්නය උදෙසා සිදුකල ඇද, මේස, පුටු පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ තමයි ආරණ්‍යයකට ඇදන් පුටු මේස ආදිය පරිත්‍යාග කිරීම. ඒ රත්නපුර කහවත්ත ප්‍රෙද්ශයේ පිහිටා ඇති ආරාමයක් සදහායි.

ලහිරු මල්ලිකාරච්චි මහතා ලබාදුන් මුදල රු 31,100.00

ඇදන් මේස පුටු ආදියට වියදම------------ රු 29,500.00
මදුරුදැල් සදහා -------------------------------රු 1600.00
-------------------------------------------------------------
මුලු වියදම----------------------------------- රු 31,100.00

ඇද ඇතිරිලි තුසිත හිමියන් විසින් ලබා දුන්නා.

මහා පින්කමක අනුසස් දැකගනිමු.

Thursday, September 19, 2019

ගෞතම බුදුසසුනේ සිදුකල 19 වන මහා පැන් පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

  පසුගිය දිනෙක රත්නපුර , කහවත්ත, ඇන්දාන ආරන් සේනාසනයට මහා පැන් පූජාවක් සිදු කලා. ආරන් සේනාසනයට අවශ් වතුර පෙරණයක් පරිත්යාග කිරීමෙන්.


මුලු ලැබීම්

ලහිරු මල්ලිකාරච්චි මහතා ---------- රු 61500.00
චින්තක රාජපක්ෂ මහතා ------------රු 15,000.00

වියදම්
පලමු බිල--------------------= රු 5,320.00
දෙවන බිල ------------------= රු 5,035.00
තුන්වන බිල------------- = රු 29,220.00
හතරවන බිල --------------=රු 13,000.00
පස්වන බිල ------------------= තුන්වන බිලට ගියා
හයවන බිල -----------------=රු      425.00
ප්‍රවාහන ගාස්තු ------------රු 23,500.00
--------------------------------------------------------
මුලු වියදම --------------------= රු 76,500.00

Tuesday, September 17, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 31 වන රෝද පුටු පරිත්‍යාගය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පින්වත්  මහතා විසින්   31 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා.  එම පරිත්‍යාගය කලෙත් බිබිල ප්රදේශයේ ගහෙන් වැටුන  අසරණ පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල 12,000.00

වියදම්.
රෝද පුටුවට දෙකට රු 11,400.00

12,500.00 – 11,330.00 = රු 600.00

ඉතිරි මුදල රු 600.00 ගමන් වියදම් වලට යොමු කලා.

Monday, September 16, 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල සිල් රෙදි බෙදා දීම ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අයුබොවන්
පින්වත් යාලුවනේ, පහුගිය ටිකේම එක දිගටම පින්කම් සිදුකරන්න පුලුවන් උනා. මටත් හරිම සතුටුයි. පින්වත් යහලුවො යෙහෙලියො දිගටම පින්කම් වෙනුවෙන් මිල මුදල් ලබාදුන්න පහුගිය ටිකේ. ඇත්තටම මේක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. ධර්මය පිහිට කරන් ජීවත්වෙන කොට ධර්මය විසින්ම අපිට ධර්ම මාර්ගයේ යන්න පාරකපල දෙනව. පින්වත් මිතුරු මිතුරියො මා කෙරේ තබපු විශ්වාසය මම යුරින්ම රැකල තියෙනව. පින්කම් වෙනුවෙන් එවපු එකම සතයක වටිනාකමකවත් මම  මගෙ පුද්ගලික ප්රයොජනයට අරන් නැහැ. මේ සියලු පින්කම් සදහා මම මගෙ අතින් රුපියලක් හරි වැඩියෙන් වියදම් කරනවමයි. අඩුම තරමින් ප්රෙට්රල් ගාම්තු, දුරකථන ගාස්තුවලනිවත් මම වියදම කරල ඇති. නිසා හදවතට එකගව බුදු සිරිපතුල් මත අත තියල දිව්රන්න පුලුවන් මම එක සතයක වංචාවක් මේ එකදු පින්කමකින්වත් සිදුකරල නැහැ කියල. සිදුකල සියලුම පින්කම් පිලිබද විස්තර මේ බ්ලොග් අඩවියෙන්ම බලාගන්න පුලුවන්.