රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, October 10, 2013

දෙවන අදියර ලෙසින් දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි ...


පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා අද. ඒක කියන්න කලින් කලින් කල පින්කම් දැකල නැති අයට මෙන්න මේ ලින්ක් එක බලන්න දෙමුකො. පින්වත් යාලුවනේ අපි කලින් සිදුකල සියලු පින්කම් මෙන්න මෙතන තියෙනව.

http://www.sasuna.blogspot.com/

හොදයි යහලුවනේ අද අපි අඩු ආදායම් ලාභී දරුවන් කිහිප දෙනෙකුට නිල ඇදුම් පරිත්‍යාග කලා. මේ ක්‍රියාත්මක උනේ දෙවන අදියර විදිහටයි. පළමු අදියර පිලිබද මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

ඉතින් මේ පින්කම සිදු උනෙත් ඔය කලින් උදව් කල අයගේම මූල්‍ය ආධාරය යටතේම තමයි. මා ගැන විශ්වාසය තබමින් මේ මුදල් ලබාදුන් ඒ පින්වත් සොයුරු සොයුරියන්ට උපහාරයක් විදිහට මම නැවත ඒ අයගේ නම් මෙතන පල කරනව.


ලයනල් ගුණතිලක මහතා
දිනුෂ විජේතුන්ග මහතා
රුවන් එස්. ජයසිංහ මහතා
නෙවුශිකා හේරත් මිය
චාමර මහතා
බියන්කා තෙන්නකොන් මිය
ජගත් කුමාර මහතා රුවන් හෙට්ටිආරච්චි හා  මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල
නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා යුවල
මංජුලා මිය 
රන්ජිත් මුණසිංහ මහතා
රේණුකා හේරත්  මිය
රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ යුවල

මේ පිලිබද සියලු විස්තර පලමු අදියර ගැන කියවෙන මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන් ...


පසුව දෙවන අදියර වෙනුවෙන් තව යහලුවක් = 2500/=ක මුදලක් ලබා දුන්නා. එතකොට  මේ සියල්ල
17100.00 + 2500 = 19600 ක් වෙනව.

ඉතින් අපි දෙවන අදියර වෙනුවෙන් ගත් නිල ඇදුම් වලටය රු. 7170/= ක් වියදම් උනා.
ඒ පිලිබද බිල්පත්වල ෆොටෝ එක්ක සියලු විස්තර පහල සටහන් වෙනව.


ඉතින් තව රුපියල් 12430/= ක මුදලක් ( 19600 - 7170 = 12430) ඉතිරිවෙලා තියෙනව. ඒ මුදල් වලින් හෙට අනිද්ද පාසැලකට සංගීත භාභ්ඩ අරන් දෙන්න කල්පනා කලා.

ඉතින් පින්වත් යාලුවනේ මේ පින්කමට තවත් අයෙක් ලොකුවට උදව් කලා. ඒ සරත් කුමාර අයිය. එයා තමයි කොලඹ ගිහින් කඩවල් කානෙ ඇවිදල අතින් වියදම් කරන් මේ පින්කම් දෙකටම සහය දුන්නෙ.  ඉතින් එයාටත් අපි හදවතින්ම ස්තුති වන්ත වෙන්න ඕනි.


ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක් බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ද වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...

මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා ... මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා ...

සත්වග කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් විසින් ගෞතම බුදු සසුන තුලදීය ...

නිල ඇදුම් ලද දරුවන්






 පාසැලේ දර්ශන




 විදුහල්පති තුමාගේ ස්තුතිය

රෙදි මිලට ගත් බිල්පත

No comments:

Post a Comment