පින්වත් දුලිප් දෙනවක මහතාගේ
දායකත්වයෙන් සිදුකල අලුත් අවුරුදු වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදු කලා.
ලද මුදල රු 8500.00ක්.
වියදම් වූ මුදල රු 8500.00
-------------------------------
හිග මුදල රු 1500.00 පදනම් අරමුදලින්
පියෙව්වා
හොදයි. දානයේ ආනිසංස මොනවාද ?
අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.