රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, June 25, 2014

මුහුණුපොතේ පින්වත් මිතුරන් තිදෙනෙකුගේ දායකත්වයෙන් චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන්, මුරගල් හා කොරවක්ගල් නිර්මාණය වූ වගයි ...






පින්වත්
යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

මේ පින්කමට දායක උනේ

දිල්ශාන් ප්‍රබෝධ මහතා      - රු. 60,000/=
සම්පත් ජයසුන්දර මහතා    - රු. 10,000/=
මංජුල සිල්වා මහතා           - රු 5,000/=
---------------------------------------------
මුලු මුදල              - රු. 75,000/=

ඉහත සදහනි මුදල් වියදම් උනේ මේ ආකාරයටයි.

සදකඩ පහන් දෙකට හා මුරගල් හතරට  රු.  37,000/=
(සදකඩ පහනක් - 11,000/=, මුරගලක් - රු. 3750/=)

ප්‍රවාහවයය සදහා ගිය වියදම  -    රු. 5000/=

කොරවග්ගල් සදහා වැලි කියුබ් ½ හා සිමෙන්ති කොට්ට 04 රු. 7080/=

ගඩොල් සදහා ගිය වියදම            -    2800/=
චෛත්‍යයට‍ අවශ්‍ය තින්ත සදහා වියදම  - රු. 2750/=

කොරවග්ගල් නිර්මාණයට බාස් හා ගෝල කුලිය - රු .9600/=
                               __________________
මේ සදහා ගිය වියදම් වල එකතුව  -රු. 64230/=

ඉතිරි මුදල 75000.00 64230.00 = රු. 10770/=

(ඹට අදාල බිල්පත් ලිපිය අවසානයේ පලකර තිබෙනව.)

තවදුරටත් කොරවග්ගල් වල මූර්ති නිර්මාණ සිදු කිරීමට ඇති අතර ඒ සදහා දළ වශයෙන් රු. 30,000/=ක පමණ මුදල් වැය වේ. ඒ නිසා ඉතිරි රු. 10,770/= ගව මස් කඩ ටෙන්ඩරය මිලදී ගැනීම වෙනුවෙන් යොමු කරනව.


ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා. (Kavindu Abeysinghe ගේ කමෙන්ටුවක් ඇසුරිනි..)

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා. සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.


බෞද්ධ සන්නිව්චනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන්  එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි ...






Tuesday, June 24, 2014

ආර්ථික අපහසුතා ඇති විහාරස්ථානයකට රු. 15,000/= ක් වටිනා විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපකරණ ගලිගමුවේ ඥානදීප හිමියන් අතින් පරිත්‍යාග කල වගයි.



පින්වත්
යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

මේ පින්කමට දායක උනේ ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදුන් අයමයි. මොකද ඒ වැඩ සටහනේ ඉතිරි මුදල් මේ වෙනුවෙන් යෙදෙව්ව.

අජිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි) - රු.12986.00
සුමිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි) - රු.11739.00
නිම්මි නදී අක්කා                                - රු.11800.00
ජනක සම්පත් මහතා                             - රු. 5000.00
මදුෂ රණතුංග මහතා                            - රු. 7500.00
අප විසින් යෙදූ මුදල                             - රු 975.00
                                              _____________    
මුලු මුදල                                       - රු.50,000/-     

මුදල් වියදම් වූ අයුරු.
නිල ඇදුම් සදහා               රු. 5850/-
ඩී.එස්.අයි සපත්තු සදහා       රු. 12540/-
මේස් සදහා                   රු.  1560/-
පොත් පත් හා ලිපි ද්‍රව්‍ය        රු. 12500/-
                          ______________
එකතුව                      රු. 32450/-

මෙහි ඉතිරි මුදල වන රු. 17,550/- ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථානයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න යොමු කලා.

විදුලි උපකරණ වෙනුවෙන් වැය උන මුදල රු. 14,350/=ක් පමණ වෙනව. බිල්පත් විස්තර පහත දක්වල තියෙනව.

යාලුවනේ විදුලි ආලෝක පූජාව පහන් පූජාවේ ආනිසංස වලට බොහෝ දුරට සමාන වෙනව. ඒ නිසා පහන් පූජාවේ ආනිසංස බලමු.


පහන් පූජාවේ අනුසස්,
"
දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. 

පහන් පූජාවේ අනුසස් -
ප්රඥාව ලැබීමට හේතු වීම
හො ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත් වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා...
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා ...
‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලික අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා ... සියලු සැප සම්පත් පහල වේවා ... ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ... සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා ...
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...
බෞද්ධ සන්නිව්චනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන්  එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි ...


'