රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, December 31, 2021

වසරේ අවසන් දිනයේ සිදුකල සලාක පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පිරිවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වන පූජණීය සාමණේරයන් වහන්සේලා දැඩි ආහාර අර්බුදයකට මුහුණ පාලා තියෙන බව දැනගන්න ලැබුන. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් විහාරස්ථානයේයි.  ඒ අනුව නව වසර ලබන්නට පැය කිහිපයක් ඉතිරිව තිබියදී රු 50,000.00 කට ආසන්න සලාක රැගෙන යන්න අපිට පුලුවන් උනා.  ඒ වෙනුවෙන් පහත පිරිස දායකත්වය දැරුවා.

Thursday, December 30, 2021

ගෞතම බුදු සසුනේ අප සිදුකල 37 වන කරඩු පූජා පින්කම ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය දිනක අපි සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් තවත් කරඩුවක් පූජා කලා. මේ පූජාව සිදු කෙරුනේ ප්‍රභාත් සමින්ද්‍ර අයියාගේ දායකත්වයෙන්. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 65,000.00. කරඩුව වැඩමවාගෙන යාම සදහා ප්‍රවාහන වියදම් ලෙද රු 2000.00 ක් වැය කලා. ඒ අනුව වැය වූ මුලු මුදල රු 67,000.00යි.

Wednesday, December 29, 2021

තවත් අසිරිමත් ධර්ම දානයක් ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසු ගිය දනක අපි ආරණ්‍යවාසී මහා සංඝයා උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා...

පිරිවෙන් වාසී සංඝරත්නයට ත්‍රිපිටක ධර්මය උගන්වන්නේ ආරණ්‍ය හිමිවරුන් විසින්. ඒ සූම් තාක්ෂණය ඔස්සේ. ඉතින් ආරණ්‍ය වාසී හිමියන්ගේ දුරකථනය හදිසියේම බිම වැටී කැඩී බැදී ගියා. ඒ වෙනුවට නව දුරකථනයක් ලබාදෙන්නට පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් බාරගත්තා. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 24,500.00 ක්.

Thursday, December 23, 2021

වැල්ලවායේදී සිදුකල අසිරිමත් වැසිකිලි සහ නානකාමර පූජාව ....

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

   පින්වත් මිතුරුකැලගේ දායකත්වයෙන් අපි අසිරිමත් පූජාවක් සිදුකලා. ඒ වැසිකිලි හා නාන කාමර පූජාවක් ...

 එය සිදුකලේ වැල්ලවාය පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී .... මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය දැරුවා ...

 සෑම් වැලිවත්ත මහතා------------------ රු 170,000.00
අවන්ත ඕපාත මහතා-------------------රු 130,000.00
හර්ෂ ජයලත් මහතා ඇතුලු මිතුරු කැල රු 70,339.00
ඉසුරු ජයගීත් මල්ලි------------------------රු 70 000.00
දිනුක ගුනසිංහ මහතා--------------------රු 50,000.00
සචනි රණවක නංගි-----------------------රු 30,000.00
ශම්මික අයියා------------------------------රු 13,000.00
සුරම්‍යා දිසානායක මහත්මිය--------------රු 5000.00
හිරන්ත මදුසංක මහතා--------------------රු 1000.00
දනංජනී බෙන්තර විතානගේ නංගි---------රු 100.00
-------------------------------------------------------------
ලද මුලු මුදල--------------------------------539,439.00

Tuesday, December 21, 2021

හයවන සක්මන් මලු පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක හයවන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වැල්ලවාය ඇතිලි වැව පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථනයේදීයි. මේ වෙනුවෙන් රු 10,000.00 කපූර්ණ මූල්‍ය දායකත්වය දැමුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පින්වත් නැගනියක් ...

පින්වත් නංගි ඔබ විසින් සිදුකලේ මහත් පිනක්.

සක්මන් භාවනාව බුදු හිමියන් විසින් අනුදැන වදාල දෙයක්. සක්මන් භාවනාවේ ආනිසංස රාශියක් තියෙනව.

දීර්ඝ ගමන් ඉවසිය හැකිවෙයි.
පදන් වෙර වැඩීමට හිතකර වෙයි.
රෝගාබාධ අල්ප වෙයි.
ආහාර මැනවින් දිරවීමට පත්වෙයි.
සක්මනෙහි උපදවාගත් සමාධිය බොහෝ කලක් ස්ථාවරව පවතියි.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ – චංකමානිසංස සූත්‍රය..

සක්මන් මලු කියන්නෙ සේනාසන පූජාවේම කොටසක්. ඒ නිසා සේකාසන පූජාවේ ආනිසංස මේ පින්කම වෙනුවෙනුත් ලැබෙනව.

සේනාසන පූජාවේ ආනිශංස –

විෂෙන් ආරක්ෂා වීම
අවි ආයුධවලින් ආරක්ෂා වීම
දියෙන් ආරක්ෂා වීම
කලට වැසි ලැබීම
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම

ඊලගට මේ පින්කම සදා පින් වැඩෙන පින්කමක. මේ බලන්න.

හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,

ආරාමරෝපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං

තෙසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහි පිහිටි,ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

මේ කියන්නෙ මේ සක්මන් මලු ආදිය නිතර පරිහරණය වෙන්න වෙන්න පින් ජනනය වෙනව.

අපි මැරුනත් අපිට අඛණ්ඩව පින් ගලාගෙන එනව.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
------------------------------------------------------------------------

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

විස්තර නරඹන්න.

[flagallery gid=530]












මහා සංඝරත්නය උදෙසා කල අසිරිමත් ධර්ම දානය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසු ගිය දනක අපි පිරිවෙන් වාසී මහා සංඝරත්නය උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා...

ඒ පිරිවෙන් වාසී සංඝරත්නයට අකුරු කරවීමට අවශ්‍ය වයිට් බෝඩ් පූජා කිරීමයි. දැඩි දුෂ්කරතා මත ඉලෙනීම් සිදුකරන අරංතලාව පිරිවෙන් විහාරස්ථානයට අපි මේ වයිට් බෝඩ් පූජා කරනවා ...

Monday, December 20, 2021

මහා සංඝරත්නය උදෙසා කල ගිලානෝපස්ථානය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ අපි කොරෝනා හේතුවෙන් බොහෝ විහාරස්ථාන රැසකට වියලි සලාක රැගෙන ගියා. පොල්පිතිගම ප්‍රදේශයේ පන්සල් සදහා සලාක බෙදන අවස්ථාවේ ඉන්සියුලින් නොමැතිකම නිසා දැඩිව ගිලන්ව සිටි හිමිනමක් වෙනුවෙන් අපි ඉන්සියුලින් ලබා දී උන් වහන්සේ සුවපත් කලා. ඒහෙත් දිනපතා ඉන්සියුලින් අවශ්‍ය නිසා පින්වත් බොහෝ පිරිසක් උන් වහන්සේ වෙනුවෙන් උදව් උපකාර කලා ...

Saturday, December 18, 2021

ගෞතම බුදු සසුනේ අප සිදුකල 36වන කරඩු පූජා පින්කම


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය මහා වස්සානයේ අපි අසිරිමත් රන් කරඩු පූජාවක් සිදු කලා. ඒ මහා වස්සනායේ කඨින මහා පින්කමට වැඩි මහා සංඝරත්නය 16 නමක් උසො කරඩුව බැගින් පූජා කිරීමයිත මේ වෙනුවෙන් පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් දායකත්වය ලබා දුන් අතර ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 160,000.00 ක් ...

Friday, December 17, 2021

ගෞතම බුදු සසුනේ අප සිදුකල 33, 34 හා 35 වන කරඩු පූජාව ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 අප විසින්පසුගිය දින රන් කරඩු පූජාවක් සිදු කලා ... ඒ කුරුනෑගල පොතුහැර, ගොළඹලාමුල්ල පොත්ගුල් විහාරස්ථානයටයි ...

 මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ පහත පින්වත් පිරිස විසින් ...

 ප්‍රභාත් සමින්ද අයියා------- රු 70,000.00
අනූෂා නංගි---------------------- රු 60,000.00
-----------------------------------------------
ලද මුදල--------------------------  රු130,000.00

Tuesday, December 14, 2021

පින්වත් ඔබේ දායකත්වයෙන් ඉදිවූ අසිරිමත් මාණික්ඛමඩු ධර්මශාලාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. අම්පාර මාණික්කමඩුව රජ මහා විහාරයේ ධර්ම ශාලාව වහලය ගසා අවසන් කර සග සතුකොට පූජා කිරීමයි.
මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

Saturday, December 11, 2021

2021 වසරේ කල දෙවන කඨින මහා මංගල්‍යය ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 මෙවර කඨින මහා පින්කම අම්පාර දීඝවාපී පරිවාර චෛත්‍ය අසිරිමත් මාණික්කමඩුවපන්බිමේදී සිදු උනා …  මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් යමුනා බටුවන්ගල මහත්මිය විසින්… ඊට අමතරව පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස්ද මේ වෙනුවෙන් ආදාර උපකාර කර තිබුනා

 පින්කම සදහා වැය වූ මුලු මුදලරු  ලක්ෂ 04 කට ආසන්න වූ අතර කඨින පින්කමට සමගාමී ව්‍යාපෘති සමග සමස්ථ මුදල රු ලක්ෂ 25කට ආසන්න මුදලක් දැරුවා...

Friday, December 10, 2021

2021 වසරේ කල පලමු කඨින මහා මංගල්‍යය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක 
www.facebook.com/buddhist.foundation

 මෙවර කඨින මහා පින්කම රාජාංගණය යාය 07 අක්කර සියය දූපත, නිස්සරණ ආරණ්‍ය සේනාසනයේ සිදු උනා …  මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්… ඊට අමතරව පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස්ද මේ වෙනුවෙන් ආදාර උපකාර කර තිබුනා

 පින්කම සදහා වැය වූ මුලු මුදලරු  ලක්ෂ 12 කට ආසන්න වූ අතර ඉන් ප්‍රධාන දායකත්වය දැරූ කුමෝෂා නංගි විසින් රු ලක්ෂ 08කට ආසන්න වියදමක් දරා තිබුනා. ඉතිරි මුදල් පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස් විසින් දැරුවා ...

Wednesday, December 8, 2021

අසිරිමත් මහා සංඝයා උදෙසා සිදුකල පාත්‍රා පූජාව ....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි බිබිල යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන වෙනුවෙන් සියලු ස්වාමීන් වහන්සේලා උදෙසා පාත්‍ර 30ක් පූජා කලා ...
ඒ වෙනුවෙන් රු 45,000/- ක මුදලක් පරිත්‍යාග කලේ පින්වත් අවන්ත ඕපාත මල්ලි විසින් ...
 මහා සංඝරත්නය උසො පාත්‍රා පූජා කිරීමේ අනුසස් මොනවාද ?

Saturday, December 4, 2021

ආරණ්‍යයක පාරුවක් වෙනුවෙන් සිදුකල කේබල් පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

රාජංගණය යාය 07 අක්ක සියය දූපතේ මහා සංඝරත්නයට එතෙර වීමට ඇති පාරුවට දමා තිබූ කම්බිය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබූ බැවින් පාරුවට තාවකාලිකව තන්ගුස් ලනුවක් දමා තිබුනා. එහෙත් අධික වර්ෂාව හේතුකොට ගෙන එම ලනුව කැඩී යාමේ අවදානමක් තිබූ බැවින් වහාම පාරුව ඉවත් කර දැමුනා. කඨින පින්කම් දන වලදී බෝට්ටුවක් යොදා ගත් අතර යලිත් පාරුව යෙදීම සදහා අප කේබල් එකක් පූජා කරනු ලැබුවා ...

ඒ සදහා ායකත්වය දැරුවේ අසේල සම්පත් අයියා විසින්. ඒ රු 30,000/- ක වියමක් දරමින්. මේ වෙනුවෙන් හිරන්ත මදුසංක මල්ලිත්රු 1000/- ක් පරිත්‍යාග කලා.

පින්වත්  ඔබ විසින්  මේ සිුකලේ මහා පින්කමක්. පින්වත් මහා සංඝරත්නයට එතෙර වන්නට පහසුකම් සලසා දීම පාලමක් සදා දුන්න වගේ වැඩක්. ඉතින් මේ පින්කමේ ආනිසංසත් පාලමක් සදා දීමේ පින්කමට සමානයි. ඒ නිසා අපි පාලමක් පූජා කිරීමේ ආනිසංසම මෙතනදි දක්වනවා ...

මේ වෙනුවෙන් ලස්සන කතාවක් සදහන් වෙනවා ...

"තේසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඪති "===============================================

හිමවතින් ප්‍රභූත භාගිරථි ගඞ්ගා තොමෝ (ගඞ්ගානදිය) එකල්හි හංසවතී නගරද්වාරයෙන් ගලා බස්නී ය.

ගංඉවුරෙහි මැනවින් කරණ ලද සොභිත නම් ආරාමයෙක් විය. එහි ලොකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.

තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කේශරසිංහ රාජයකු මෙන් වැඩහුන්නේ ය.

මම හංසවතී නගරයෙහි බමුණෙක් ව වෙසෙමි. නමින් ඡළඞ්ග නම් වෙමි. එනම් ඇති මහමුනිවරයෙක් වෙමි.

එකල්හි අටළොස් සියක් (-එක්දහස් අටසියයක්) ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගඞ්ගාතීරයට එළඹියෙමි.

එහි දී කොහොන්කම් විරහිත දොවා හළ පව් ඇති ශ්‍රමණයන් වහන්සේ දිටිමි. (උන්වහන්සේ) භාගීරථි ගඟ තරණය කරණ කෙණෙහි මම මෙසේ සිතීමි.

“මහත් කීර්ති ඇති මේ බුද්ධපුත්‍රයෝ සවස්හි ද උදයෙහි ද මේ ගඟ තරණය කරන්නාහු තමන් වෙහෙසට පමුණුවත්. ඔවුන්ගේ ආත්මභාවය පෙළෙයි.

දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජ තෙම අග්‍රයයි කියනු ලැබේ. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි (කළ) සසර ගමන්මග පිරිසිදු කරණ පින්කමකුදු මට නැත.

බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ගඟෙහි හෙයක් කරන්නෙම් නම් ඉතා මැනැවි. මේ පින්කම කරවා මේ භවය තරණය කරමි යි.

මා විසින් කරණ ලද පින්කම් මහත්ඵල වන්නේ යයි අදහමින් මම ලක්‍ෂයක් දී හෙයක් කරවීමි.

ඒ හෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මේ වචනය ද කීමි:

“මහාමුනීන් වහන්ස, මා විසින් ලක්‍ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත් වූ හෙයක් කරවන ලදී. ඒ පිළිගණු මැනව” යී.

ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:

“යමෙක් පහන් වූයේ සියතින් මට හෙයක් කරවූයේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.

මෙ තෙම කඳුරකින් (=පර්‍වතවිවරයකින්) වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි ගිලිහුනේ නමුදු (ඉන්) ගිලිහුනේ ම පිහිට ලබන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.

වැඩිගිය මුල්සමූහය ඇති නුගගසක් වාතය බලයෙන් උදුරා නො දමන්නාක් මෙන් පසමිතුරෝ (මොහු) නො මැඩලත්.

මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නො ගනිත්. රජවරු මොහුට අවමන් නො කරත්. සියලු පසමිතුරන් ජය ගන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.

එලිමහනකට ගියේ නමුදු දැඩි අව්වෙන් තැවුනේ නමුදු ඒ සේතුදානමය පුණ්‍යකර්‍මයෙන් යුත් මොහුට (දුක්) වෙදනාවෝ නො වන්නාහු ය.

දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්තියානයක් ඔහුගේ අදහස පරිදි එකෙණෙහි පහළ වන්නේ ය.

වාතවෙගයෙන් දුවන ශීඝ්‍රවාහන වූ දහසක් සෛන්‍ධවයෝ උදය සවස වෙත එළඹෙන්නාහු ය. සේතුදානයාගේ මේ විපාක යි.

මෙ තෙම මිනිසත්බවට පැමිණ සැපවත් වන්නේ ය. මෙහි මිනිස්කල්හි දු ඔහුට හස්තියානයක් වන්නේ ය.

කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ මෙතෙම සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේය” යී.

පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරෙහි බුහුමන් කොට මම ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.

කාය - ජීවිත දෙක්හිත් අපේක්‍ෂා රහිත වූයෙම් වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනෙම් වෙමි. සන්හුන් වූයෙම් උපධිරහිත වූයෙම් ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. පැමිණෙනලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි

මාගේ ක්ලෙශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්භවයෙක් නැත.

සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමොක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුසසුන කරණ ලදි.

මේ අයුරින් අයුෂ්මත් ධෝතක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

සාදු සාදු සාදු ....


තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා / ප්රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් දායක වූ පින්වත් ඔබසැමට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේපින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමටලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන්වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයටසේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතනඋතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරකබාධක, සතුරු උපද්‍ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවිආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්,පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්,තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටුඅදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේබලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලුරෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේඅරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේදුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනාඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම්වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහසෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලකදෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බලයෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේඅවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනයකරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

විස්තර නරඹන්න











Friday, December 3, 2021

අභිනව චෛත්‍යරාජයන් වහන්සේ උදෙසා කල බුදුපිලිම පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි අභිනව චෛත්‍යරාජයන් වහන්සේ නමක් වෙනුවෙන් බුදුපිලිම වහන්සේලා සිව්නමක් පූජා කලා ...
ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය දැරුවා ... 

Thursday, December 2, 2021

ගිලන් මහා සංඝරත්නය උදෙසා පූජාකල දෙවන ශීතකරණ පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

   පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි රාජාංගණව, කලාඔය, ශ්‍රී ජයබොධිරාජාරාමයට මෙම පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ  කවි ද කොස්තා විසින්.

නංගි විසින් නුගේගොඩින් ඒ සදහා මුදල් ගෙවූ අතර අපි රාජාංගණයෙන් නොච්චියාගමින් එය ලබාගත්තා ...