එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
www.facebook.com/buddhist.foundation
සිදත් චාමර මහතා රු 25,000.00
උපේන්දා රනසිංහ අක්කා රු 19 247.53
මනුර නානායක්කාර මහතා රු 10000.00
සදරුවන් හීනපිටිය මහතා රු
10000.00
තාරක රොශාන් මහතා රු 8060.00
රන්ග ගමගේ මහතා රු 6500.00
උපේන්ද්‍රා රණසිංහ මහත්මිය රු 5084.00
දුලානි
ශාලිකා නංගි රු
5,000.00
තාරක මම්පිටියආරච්චි මහතා රු 5000.00
තාරක මම්පිටියආරච්චි මහතා රු 5000.00
ජයනාත් නානායක්කාර මහතා රු
4000.00
තිලින සේනානායක මල්ලි රු 4000.00
චන්දිම සුමනතුංග මහතා රු
2000.00
හිතාෂි පිටිගල මහත්මිය රු
2000.00
දමිත් රනසිංහ මහතා රු
2000.00
දීප්තිකා ධර්මපාල මෙනෙවිය රු 2000.00
නිශාන්ත ගුණරත්න මහතා රු 2000.00
බණ්ඩාරවෙල නංගි රු
1000.00
තරිදු වික්‍රම සිංහ මහතා රු 1000.00
හිරන්ත මදුසංක මහකා රු 500.00
අශාන් චාරුක මහතා රු 500.00
නෙත්මි වාසනා මහත්මිය රු 500.00
----------------------------------------------------
ලද මුලු මුදල --------------------රු120,391.53
ඒ් සියලු මුදල් ස්වාමීන් වහන්සේගේ ගිනුමට ලබා දුන්නා ...
තරාතිරම නොබලා දයාවෙන් පිරි සිතින් රෝගීන්ට උවටැන් කළ යුතු වන්නේ කවර හෝ මොහොතක තමන් ද රෝගියකු විය හැකි බැවිනි.
එවන් විටකදී කවරකුගේ හෝ සරණක් පැතීමට තමන්ටද සිදුවන නිසාත් රෝගියකුට උවටැන් කිරීමෙන් ජීවිතයේ පවත්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය පිළිබඳව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසාත් රෝගීන්ට කරන උපස්ථානය තමන්ටද මහත් සේ උපකාරවත්ය. පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ සියතින්ම උවටැන් කිරීමෙන් ගිලානෝපස්ථානයේ වැදගත්කම ආදර්ශයෙන්ම පෙන්වා දුන් සේක.
උවටැන් කිරීමේදි නිවැරැදි ඖෂධය නිසි පරිදි පාවිච්චි කළ පමණින්ම හෝ උපස්ථාන කරන කෙනා යහපත් වූ පමණින්ම රෝගියකු සුවපත් නොවේ. ඒ සඳහා රෝගියා අතින් ද යම් කාර්යභාරයක් ඉටුවිය යුතුය.සංයුක්ත නිකායේ ගිලාන සූත්රයෙහි, ගිලනකු විසින් අත්හරිනු ලැබිය යුතු කරුණු පහක් ද අනුගමනය කළ යුතු කරුණු පහක් ද දක්වා ඇත. එයින් පෙනී යන්නේ රෝගියකු වටිනා ප්රතිපත්ති කිහිපයක් පුරන පරිද්දෙන් රෝගය දුරුකර ගැනීම සදහා කරුණු කිහිපයක් අනුගමනය කළ යුතු බවයි. රෝග සුවය වෙනුවෙන් කැපවිය යුතු බවයි.අත්හළ යුතු ගතිගුණ අතර මුලටම එන්නේ ‘අසප්පායකාරි හොති”
(ලෙඩට අහිතකර දෑ කරන සුළු) යන්නය. අනුගමනය කළ යුතු ඊට සමගාමී යහපත් ගතිගුණය වන්නේ ‘සප්පායකාරි හොති’
(ලෙඩට හිතකර දෑ කරන සුළු) යන්නය. ව්යාධියක් වැළඳුණූ පසු පළමුව කළ යුත්තේ ඊට අහිතකර දැයින් වෙන්වීමයි. එසේ නොමැති වුවහොත් කොතරම් ප්රතිකාර කළත් ඉන් ඵලක් නොලැබේ.
ගිරිමානන්ද සූත්රයේ සඳහන් චක්ඛු රොගො,
සොත රොගො, ඝාණරොගො, ජීව්හා රොගො, කායරොගො, සීසරොගො,
කණ්හ රොගො, මුඛ රොගො,
දන්තරොගො යනාදි වශයෙන් දැක්වෙන ව්යාධි ජීවිතයේ කවර හෝ මොහොතක වැළැඳිය හැකිය. එසේ වැළැඳුණූ යම් රෝගයක් ගැන නොසිතා නොතකා උණුදිය ඇල්දිය ආදිය සිතු සිතුසේ පාවිච්චි කරමින් ,අව්ව වැස්ස පින්න ගැන නොතකා, අපත්‍ය ආහාර ගනිමින් නොගිලනකු සේ හැසිරීමෙන් ප්රතිකාරයේ නියම ප්රතිඵල ලබා ගැනීමට නො හැකිය. රෝගයට හිතකර දෑ පමණක් ගනිමින් හැමවිට රෝගයට ඔරොත්තු දෙන විලසින් දෛනික චරියාව ක්රියාත්මක කිරීම මින් අවධාරණය වේ.
මෙම ගිලාන සූත්‍රයේ’ රෝගියකු අත්හළ යුතු පස්වැනි කාරණය, වශයෙන් සඳහන් වන්නේ ‘උප්පන්නංවා ශාරිරිකානං අමනාපානං පානහරනං අනධිවාසක ජානකො හොති’ (උපන් දුක් හෝ තීව්‍ර වු රළු වු කටුක වු අමධුර වු අමනාප වූ ප්රාණහරණ වු ශාරීරික වේදනාවන් නො ඉවසන සුළු) යන්නයි. සමගාමීව තමන් තුළ පිහිටුවාගත යුතු ගුණාංගය වන්නේ, උපන්නා වු තීව්‍ර වූ රළු වූ කටුක වූ ශාරිරික වේදනා ඉවසනාසුළු වීමයි. රෝගයෙන් හටගන්නා බරපතළ වේදනාව වුව ඉවසීමේ ගතිය නියත වශයෙන් පැවැතීම රෝගියකුගේ සුවිශේෂ ලක්ෂණයක් බව නොකිවමනාය. රෝගයෙන් දැනෙන වේදනාව ඉවසිය නොහැකිව සමහරුන් කෑගසමින් නොයෙක් අසභ්‍ය වදන් කියමින් උමතුවූවන් ලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. සමහරු වේදනාව ඉවසිය නොහැකිව සියදිවි පවා නසාගනිති.
එවැනි පටු ක්රියා බුදුරජාණන් වහන්සේ කිසිසේත් අනුමත නොකළහ. ඉවසීම පාරමිතාවක් ලෙසත් වේදනාව අනුපස්සනාවක් වශයෙනුත් අනුදැන වදාළේ එබැවිනි. ඉහත කරුණට අනුව ඉවසීම හෙවත් ක්ෂාන්තියත්,වේදනානුපස්සනාවත් රෝගියකු විසින් මෙනෙහිකළ යුතුය. මෙම අනුගමනය කළ යුතු යහපත් ගතිලක්ෂණ පහ සහ අත්හළ යුතු පස්වැදෑරුම් ගතිගුණ ගැන සැලකිලිමත් වීමෙන් රෝගියකු උපස්ථායකයාගේ හිත මනාපය ලබාගෙන සැලකිල්ලෙන් උපස්ථාන ලබනු ඇත. එවැනි ගිලනුන්හට උවටැන් කිරීමට පහසු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
එමෙන්ම සංයුක්ත නිකායේ ගිලාන වග්ගයට, අනුව, විශාලාමහනුවර කූටාගාර ශාලාවේදී රෝගාතුර වු භික්ෂුවක අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරුණූ පහකින් සම්පූර්ණ වු ගිලන් භික්ෂුවක චිත්තවිමුක්තියත් පඤ්ඤා විමුක්තියත් ලබන බවයි. එම කරුණු පහ මෙසේයි.
1. අසුභානුපසසිං විහරති (කයෙහි අසුබය නුවණින් දැක වෙසෙයි.)
2. සබ්බලෝකෙ අනභීරත සඤ්ඤා (නොඇලීමෙහි සිහිය)
3. ආහාරෙ පටික්කුල සඤ්ඤා (ආහාරයේ පිළිකුල් බව පිළිබඳ සිහිය)
4. සබ්බ සංඛාරෙසු අනිච්චානුපස්සි (සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දැකීම)
5. මරණ සඤ්ඤි (මරණය පිළිබඳ සිහිය)
මෙම කරුණු පහ සමස්තයක් ලෙස සලකා බැලු කල පඤ්චස්කන්ධයේ පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණ කෙරෙහි ඍජු ආරම්මණයක් තැබීමට රෝගියාට පෙළැඹවීමක් සිදු කෙරේ. එහෙත් මෙය බාහිර වශයෙන් ගත්කල ව්යාධියෙන් සන්සිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ප්රතිපත්ති මාලාවක් ලෙස සැලකිය හැකිය.
පළමු කාරණයට අනුව, පීඩාකාරි දුක් දෙන රෝගයක් වැළැඳුණූ කල කෑගසමින් කෙඳිරිගාමින් අනුන්ට කරදරයක් වන ලෙස වේදනාව පළකරනවාට වඩා තම ශරීරයේ පවතින දෙතිස් මහා කුණප ගැන සිතීමෙන් අපහසුතා සමනය කරගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත. තමන්ට කුළුපග දායකයන් හා ඥාතීන් කෙරෙහි ලොල් වී ඔවුන්ගේ පැමිණීම, උදව් ලබාගැනීම හා නොයෙක් ඇප උපකාර ලබාගැනීම ආදිය අදහස් කිරීම මෙහිලා සිහියට නොගත යුතු බවද දෙවැනි කරුණින් අවධාරණය කෙරෙයි. තමන් පිළිගන්නා ආහාරය සමහර විට රෝගයට උචිත, අහම්බෙන් ලැබෙන රසමුසු අහරක් විය හැකිය.එහෙත් ඊට කෑදර සිතින් නැවත නැවතත් ලබා ගැනීමේ අටියෙන් වළඳනවාට වඩා ආහාරයේ පිළිකුල වටහාගෙන අනුභව කිරීම යෝග්‍ය වේ. අනෙක් අතට නිරෝගීව සිට ගනු ලබන ආහාරය ලෙඩ වූ කල සිතට ගතට එපාවීම නිසා ඉක්මනින් පිළිකුල් බව පසක් වෙයි. තෙවැනි කරුණින් අදහස් වූයේ එයයි. එසේම තමන් විසින් තම අන්තේවාසිකයන්ට, දායක පාර්ශවවලට කරන ලද මෙහෙවර ගැන සිතමින් හා ඔවුන්ගෙන් තමන්ට ලැබුණු නොලැබුණු පුද සත්කාර ගැන සිතමින් කාලය නැසීමට වඩා ඒ සියල්ලෙහි අනිස්ථීර බව සලකා කටයුතු කළ යුතු බවද සිව්වන කරුණින් සිහිකර දෙයි. ‘මරණ සඤ්ඤි’ යන පස්වැනි කරුණෙන් කායික විපරිණාමයේ ස්වභාවය තුළින් මරණයේ යථා ස්වරූපය මෙබඳු වේයැයි වැටහීමක් ඇතිකර ගනිමින් මරණානුස්මෘතිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන්න අදහස් කෙරේ.
කෙනෙකු කායික වශයෙන් ලෙඩ වු විට ඇතැම් විට ඊටත් වඩා වේගයෙන් මානසික වශයෙන් ලෙඩ වේ. කායික ව්යාධියට මුහුණදීමේදී ශක්තිමත් මනැසක් ඇතිකර ගැනීම තුළින් රෝගයෙන් මිදෙමින් සමබර සෞඛ්‍ය තත්ත්වයක් රඳවා ගැනීමට ඉහත කරුණු පහ වැදගත් වේ.
සංයුත්ත නිකායේ ගිලාන වග්ගයේ සඳහන් පරිදි, රෝගී වූ මහාකාශ්යප මහරහතන් වහන්සේටද මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේටද සප්ත බොජ්ඣංග ධර්ම මෙනෙහි කරමින් සූත්‍ර දේශනා බුදුහිමියන් විසින් පවත්වන ලදී. එමෙන්ම මහාචුන්ද හාමුදුරුවන් වහන්සේට අනිච්චසඤ්ඤා ,අනත්තසඤ්ඤා , අසුබ සඤ්ඤා , පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා, සබ්බ ලොකේ අනභිරත සඤ්ඤා, සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා ආදි වශයෙන් මෙනෙහි කරන ලෙස දේශනා කළේද කායික ව්යාධියක් හටගත් අවස්ථාවකදීය.
රෝගියකු හට උපස්ථාන කරන උපස්ථායකයාද උවටැන් කිරීම සඳහා කායික හා මානසික යෝග්යතාවයෙන් යුතු සිහි බුද්ධියෙන් වැඩකරන අයකු විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. විශේෂයෙන් සංයුක්ත නිකායේ ගිලානුපට්ඨාන සූත්රයේදී උපස්ථායකයකු විසින් දුරැලිය යුතු කරුණූ පහක් දක්වා ඇත. එවැනි ලක්ෂණවලින් යුතු අය ගිලනුන්ට උවටැන් නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. එම ලක්ෂණ පහ මෙසේයි.
1. බෙහෙත් සංවිධානය කිරීමේ හැකියාවක් නොමැතිවීම
2. සප්පායදෑ,අසප්පාය දැ නොදැනීම; එනම් රෝගියාට හිතකර -අහිතකර දෑ නොදැනීම
3. මෙත්සිත නැතිකම සහ ලාභ අපේක්ෂා ඇතිව උවටැන් කිරීම
4. මළමුත්‍ර වමනය සහ කෙළ ආදිය පිළිකුල්වීම
5. කලින් කල කළ යුතු දැහැමි කතාවෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හැකියාවක් නැතිකම
මේ කරුණු අනුව පෙනී යන්නේ රෝගියකුට උවටැන් කළ යුත්තේ ඒ වෙනුවෙන් උනන්දුවක් ඇති, පැසුණූ බුද්ධියක් සහ කරුණාබර හදවතක් ඇති අයකු පමණක් බවයි. රෝගියාද ධර්මය පසක්කර ගැනීමට රෝගය මාධ්යක් කරගත යුතු බව මින් පෙනේ. රෝගය යනු මරණයෙහි අනුගාමික ඡායාවක් වන අතර රෝගියා උපස්ථායකයාගේ හිත දිනාගෙන, ඖෂධයෙන් යැපී ඉක්මනින් සුවපත් වීමට සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු බවද මේ අනුව නිගමනය කළ හැකිය.
ඉතින් පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසානොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.
ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්,කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ,ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලුසර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී,පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී,වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින්සාර්ථක වේවා.
අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා ..
No comments:
Post a Comment