රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, July 12, 2014

ඔබ පින්කම් වලට එවූ මුදලින් පින්කම් කර ඉතිරි වන සුලු මුදල් වලින් අද පුන් පෝය දා බලු කපුටු දානයක් දුන්න ...




පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://sasuna.blogspot.com/


බුදු
දහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://www.facebook.com/buddhist.foundation

යාලුවනේ අපි පහුගිය කාලෙ කල පින්කම් වලින් පුංචි පුංචි මුදල් ඉතිරි උනා. සමරහරි විට රැපියල දෙක, දහය පහලොව ඉතිරි උන මුදල් එහෙමම තැන්පත් කරල තිබ්බ.  ඉතින් ඒවයින් වැඩක් ගන්න ඕනි නිසා මම අද ඒකට පුංචි මුදලක් එකතු කරල බලු කපුටු දානයක් දුන්න. අසරන අහිංසක බලු පැංචියො  පැංකො වගේම පැටව් ගහන්න ඉන්න බලු අම්මල මේ දානෙන් බඩ පුරව ගත්ත. අයිතිකාරයෙක් නැති අයාලෙ හැදෙන දවසෙ වැඩි කොටසක් බඩගින්නෙඉන්න බලු රංචුව අද බඩ පුරවගත්ත. බුදු බලේ සදහන්වෙන්නෙ තිරිසනෙකුට දෙන දානය ආත්ම සියයක් විපාක දෙන බවයි. ඉතින් ඔබ අප සියලු දෙනාම අද කරගත්තෙ මහගු පින්කමක්. පින අනුමොදන් වෙන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවම සැනසේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල් ...