රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, November 30, 2021

අසිරිමත් මහා වස්සානයේ සිදුකල විදුලිජනක යන්ත්‍ර පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/ 

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

   අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා... විදුලි ජනක යන්ත්‍රයක් පූජා කිරීමයි. මහා වස්සාන සමයේ සිදුකල මේ මහ පින්කම සිදුකලේ දීඝවාපී පරිවාර චෛත්‍ය මාණික්කමඩු විහාරස්ථානයට කඨින පින්කම දවසේදියි.

 පහත පින්වත් පිරිස මේ වෙනුවෙන් දායක උනා ...
කුමෝෂා අබේවීර නංගි-------රු 65,000.00
අනිල් දිසානායක මල්ලි--------රු 17,000.00
---------------------------------------------------------
ලද මුලු මුදල------------------- රු 82,000.00

Monday, November 29, 2021

මාණික්කමඩුව විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා සවි කිරීම ….




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

 දීඝවාපී පරිවාර චෛත්‍ය මාණික්කමඩු විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් අපි පසුගිය වස් තුන් මාසය තුල CCTV කැමරා සවි කිරීම සිදු කලා.

 ඒ වෙනුවෙන් රු 105,000/-ක් වියදම් වූ අතර ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නේ  යමුනා බටුවංගල මහත්මිය විසින් ...

Sunday, November 28, 2021

40 වන මහ පැන් පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි කටුපොත ආරණ්‍ය සේනාසනයකට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.

පින්වත් දුෂාන්ති හේරත්  නංගි විසින් රු 100,000/- ක වියදමක් දරන්නට යෙදුනා ...

ලිද සදහා පමණක් අපේ දායකත්වය ලබා දුන් අතර ඉතිරි කටයුතු විහාරස්ථානය විසින් සිදුකරගත්තා.

== පැන් පිදීමේ අනුසස් ==

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං

මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.

මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.

(ආපදාන පාළියෙන්)

== පැන් පූජා කළ දාසියක් ==

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.

පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.

එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය. කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.

තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.

එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වේ)

== ගිලන්පස පූජාවේ අනුසස් ==

අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.

අම්බපාන – ජම්බුපාන – චෝචපාන – මෝචපාන – මධුපාන – මුද්දිකපාන – සාලුකපාන – ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.

පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.


භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,
ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
අනුපද්දවො අනීති ච හොමි අපචිතො සදා
න මෙ පියවියොගො’ත්ථි තස්ස නිස්සන්දතො මම

(අපදාන පාළි)

ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා ය.

== බුද්ධවර්ම මුදලාලි ==

දඹදිව පාටලීපුත්‍ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහ. ඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය. “බුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳ තෙමේ “හිමියනි! තථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා “අම්බපානය – ජම්බුපානය – චෝචපානය – මෝචපානය – ඵාරුසකපානය – මධුපානය – මුද්දිකපානය – සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාල සේක. වෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීය. එය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.

වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ ය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් විය. පැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණ. මිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීහ. ඔහු එයින් ගෙන පැන් පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනිණ. ඔහු එදා මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්‍රික පානයෙන් පිරී තිබිණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට ද හඬ නගා කීය. සැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නො විණ. ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක ම සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්‍රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් විය. ඉන්පසු ද දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ ය.

(රසවාහිනියෙන්)

තවද දිවා රාත්‍රී පින් වැඩෙන පිංකම් පහක් පිළිබඳව වන රෝප සූත්‍රයෙහි සඳහන් වේ.

ආරාම රෝපා වනරෝපා
යේ ජනා සෙතු කාරකා
පපඤ්ච උදපානං ච
යෙ දදන්ති උපස්සයං
තේසං දිවා ච රත්තෝච
සදා පුඤ්ඤං පවඩ්ඪති

ඒවා නම් මෙසේය.

1. ආරාම රෝපණය :- මෙහි ආරාම රෝපනය යනු මල් වතු පළතුරුවතු වැවීම අදහස් කෙරේ.
2.වන රෝපනය :- වන සංරක්ෂණය කිරීම හා වතු වගා කිරීම මින් අදහස් කෙරේ.
3.ඒ.ඒදඬු පාළම් කරවීම (සේකුකාරක)
4.පැන්හල් ළිං පොකුණු සෑදවීම (පපංච උදපානංච)
5.වාසස්ථාන කරවාදීම (උපස්සය දානය)

මේ අනුව ස්වාමීන් වහන්සේට පැන් ලබාදීම සදා පින් වැඩෙන පින්කමක් බව ධර්මයේ සදහන් වේ.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබත් අන් සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම් වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන් ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා. ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

විස්තර නරඹන්න











ගෞතම බුදු සසුනේ සිදුකල දෙවන බෝධි ප්‍රාකාරය ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

නිල්ගල මහ වන මැද පිහිටි ආරණ්‍ය සේනාසනයේ බෝධින් වහන්සේ වටා මෙම බෝධි බැම්ම ඉදිකරන්නට අපිත් දායක උනා...

අශාන්ත ආරියදාස මහතා ----------රු 25,000.00
පාත් නිර්වාණ ( ජනක) මහතා----- රු 20,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය----------- රු 20,000.00
දිලානි හෑගොඩ සොහොයුරිය------ රු 20,000.00
සුරේෂා ගමාරච්චි සොයුරිය--------- රු 15,000.00
----------------------------------------------------------------
අප විසින් පරිත්‍යාග කල මුලු මුදල රු 100,000.00

Saturday, November 27, 2021

ගෞතම බුදු සසුනේ සිදුකල තුන්වන පාලම් පූජාව ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් මහා පින්කමක් සිදුකලා. ඒ පදියතලාව බුදුරාපොත ආරණ්‍ය සේනාසනයටයි. මේ ස්ථානයෙන් ගලන්නේ මහඔයයි. ආරණ්‍යයට සහ ගමට යන්නට තිබුනේ ඔය මහ ඔය හරහායි. වැසි කාලයට ස්වාමීන් වහන්සේට දානය පවා නැති වෙනව. ආරණ්‍යයෙන් හදිසියකට පිටට යන්නවත්, ගිහින් හිටියොත් ආරණ්‍යයට එන්නවත් බැහැ මේ ඔය ඉතිරුවොත්. ගමේ දරුවෙක් සර්ප දෂ්ඨනයකින් මිය ගිහින් තිබුනේ ඔවන් වකවානුවකදී එකෙර වන්නට නොහැකිව ... ඒ ස්ථානයටයි අප මේ පාලම නිර්මාණය කලේ ..


මේ වෙනුවෙන් පිටිගල ධම්මවිනීත හිමියන් සහ ආරණ්‍ය වාසී කුසලධම්ම හිමියන් අවවාද අනුශාසනා ලබා දුන්නා...

Tuesday, November 23, 2021

55 වන සූර්ය බල ආලෝක පූජාව ... ...

 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/ 

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

   අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා... මාණික්සික මඩු රජමහා විහාරයට සිදුකල සූර්යබල ආලෝක පූජාවයි ...

Monday, November 22, 2021

47,48,49,50,51,52,53 හා 54 වන සූර්ය බල ආලේක පූජා ... ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා... ඒ රාජාංගනය විලදගොඩ ආරණ්‍ය සේනාසනයේ සිදුකල සූර්යබල ආලෝක පූජාවයි ...

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 41 පියවර ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Sunday, November 21, 2021

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 40 පියවර ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Friday, November 19, 2021

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 39 පියවර ....



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Thursday, November 18, 2021

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 38 පියවර ....



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

හතරවන අදියර

https://wp.me/p4XCOM-Mu
https://sasuna.blogspot.com/2020/04/04.html

පස්වන පියවර
https://wp.me/p4XCOM-MB
https://sasuna.blogspot.com/2020/05/05.html

හයවන අදියර
https://wp.me/p4XCOM-MH
http://sasuna.blogspot.com/2020/05/06.html

හත්වන අදියර
https://wp.me/p4XCOM-MN
https://sasuna.blogspot.com/2020/05/07.html

අටවන පියවර
https://wp.me/p4XCOM-N0
https://sasuna.blogspot.com/2020/06/08.html

නවවන පියවර
https://wp.me/p4XCOM-Nm
https://sasuna.blogspot.com/2020/06/09.html

දසවන පියවර
https://wp.me/p4XCOM-Nx
https://sasuna.blogspot.com/2020/07/10.html

එකොලොස්වන පියවර
https://wp.me/p4XCOM-NQ
https://sasuna.blogspot.com/2020/08/10.html

දොලොස්වන අදියර
https://wp.me/p4XCOM-Pw
https://sasuna.blogspot.com/2020/11/12.html

දහතුන්වන පියවර
https://wp.me/p4XCOM-PF
https://sasuna.blogspot.com/2020/12/13.html

දාහතරවන පියවර
https://wp.me/p4XCOM-Qy
https://sasuna.blogspot.com/2020/12/14.html

පහලොව පියවර
https://wp.me/p4XCOM-QB
https://sasuna.blogspot.com/2020/12/15.html

දහසය පියවර
https://s https://wp.me/p4XCOM-QF
https://sasuna.blogspot.com/2020/12/15_26.html

දාහත්වන පියවර
https://wp.me/p4XCOM-QL
https://sasuna.blogspot.com/2020/12/17.html

දහඅටවන අදියර
https://wp.me/p4XCOM-QQ
https://sasuna.blogspot.com/2020/12/18.html

දහ නමවන අදියර
https://wp.me/p4XCOM-SB
https://sasuna.blogspot.com/2021/01/19.html

විසිවන අදියර
https://wp.me/p4XCOM-SS
https://sasuna.blogspot.com/2021/02/20.html

විසිඑක්වන අදියර
https://wp.me/p4XCOM-SW
https://sasuna.blogspot.com/2021/02/21.html

විසි දෙවන අදියර
https://wp.me/p4XCOM-TE
https://sasuna.blogspot.com/2021/02/22.html

විසිතුන්වන අදියර
https://wp.me/p4XCOM-TR
https://sasuna.blogspot.com/2021/03/23.html

විසිහතරවන අදියර
https://wp.me/p4XCOM-Uj
https://sasuna.blogspot.com/2021/04/24.html

විසිපස්වන අදියර
https://wp.me/p4XCOM-Vr
https://sasuna.blogspot.com/2021/06/25.html

විසිහයවන අදියර
https://wp.me/p4XCOM-VM
https://sasuna.blogspot.com/2021/07/26.html

විසිහත්වනඅදියර
https://wp.me/p4XCOM-VR
https://sasuna.blogspot.com/2021/07/27.html

විසිඅටවනඅදියර
https://wp.me/p4XCOM-W1
https://sasuna.blogspot.com/2021/07/blog-post.html

විසි නවවන අදියර
https://wp.me/p4XCOM-W6
https://sasuna.blogspot.com/2021/07/29.html

තිස්වන අදියර
https://wp.me/p4XCOM-Wa
https://sasuna.blogspot.com/2021/07/30.html

31 වන අදියර
https://wp.me/p4XCOM-Wf
https://sasuna.blogspot.com/2021/07/31.html

32 වන අදියර
https://wp.me/p4XCOM-Wk
https://sasuna.blogspot.com/2021/07/32.html

33 වන අදියර
https://wp.me/p4XCOM-Wn
https://sasuna.blogspot.com/2021/08/33.html

34 වන පියවර
https://wp.me/p4XCOM-Wv
https://sasuna.blogspot.com/2021/08/34.html

35 වන පියවර

https://wp.me/p4XCOM-WO

https://sasuna.blogspot.com/2021/09/23-24-25-26-27.html

 

36 වන පියවර

https://wp.me/p4XCOM-XF
https://sasuna.blogspot.com/2021/11/36.html

 

37 වන පියවර

https://wp.me/p4XCOM-XJ
https://sasuna.blogspot.com/2021/11/37.html

38 වන පියවර සදහා පහත පින්වත් පිරිස මුල් පරිත්යාග කලා.

37 වන පියවරෙන්----------------------------රු83,065.00
දේවිකා කුමාරි අක්කා ---------------රු 147,000.00
----------------------------------------------------------------
මුලු ලැබීම් ------------------------------------රු 251,065.00

වියදම්

රු 15,000/- බැගින් වියලි ආහාර මලු 10 රු 150,000.00
ප්රවාහන වියදම-------------------------------- රු 15,000.00
---------------------------------------------------------------------
දරන ලද වියදම --------------------------------රු 165,000.00

ඉතිරි මුල (251,065.00 – 168,000.00) =  ඉතුරු රු 65,065.00

ඊලග පින්කමට එය රැගෙන ගියා  ...

හොදයි. දානයේ ආනිසංස මොනවාද ?

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග් දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

එය ඇසූ තථාගතයන් වහන්සේ සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් දානය ක්රමානුකූලව සියතින්ම සාදා ශ්රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේයැයි සිටුතුමාට වදාළා.

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්රමයෙහි බවයි. වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන. ඔබ දකින්න ඇති අපි මේවා ලබාදුන්නේමොන තරම් ගෞරවයෙන්ද යන වග.

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා.

දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. වගේම දානය හොඳින් සකස් කර ක්රමානුකූලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. වගේම ශ්රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

තථාගතයන් වහන්සේ මේ සූත්රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාම බ්රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත් අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත් අසූහාර දාහක රන්පුරවා , ලෝහ පාත් අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ් රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් කාලයේ ඉදළා නැහැ කියලා.

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ් වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, දුගි මගී යාචකයන්ට දෙන දානය.

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත් සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්රතිපත්ති දානය දියුණු කළ නො හැකියි. දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත් යැයි කියමින් අනිත් මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි. වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්රද්ධාවෙන් දෙන දානය උතුම්.

සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

දායක තෙමේ බොහෝ දෙනාට පිරයමනාප කෙනෙක් වේ.

දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.

ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.

යහපත් කල්යාණ මිත ආශරය ලැබේ.

එසේම දානානිසංස සූතරයට අනුව,

ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.

තව මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනි, තව සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූතරයට අනුව මෙසේ . සත්පුරුෂ දාන ආනිසංස පහ

රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් රද්ධාවෙන් දන් දෙත්වා !

සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුතරයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)

ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.

ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.

තමා අන් අය වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා .

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්යයන් ඊට සහභාගී කර නො ගනී. හේතුවෙන් අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

තමා දන් නො දෙන අතර දෙන දානයකට සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙක නො ලැබේ.

තම ධනය යොදා අන් අය ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙකම ලැබෙනු ඇත.

ශ්රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.

බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ාගේ ප්රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව. වගේම ඉතාම සුදුසු අහිංසක දුප්පත් අය තෝරලයි මේ උපකාරය සිදු කලේ. ඔබ දකින්න ඇති අපි සියලු දේවල් ලබාදුන්නේ අයදුම් පත්රයක් පුරවාගෙනයි. වගකිව හැකි පුද්ගලයන් එහි අත්සන යොදා තිබෙනව.

පින්වත් සොයුරනි, සොයුරියනි. ඔබ මේ සිදුකල දානමය පුණ් ක්රියාව නිසා අද අසරණ පවුල් කීයක්නම් සතුටින්  කුස පිරෙන්න ආහාර ගන්නව ඇතිද? විශේෂයෙන්ම මේ සිංහල අලුතු අවුරුදු කාලයේ අසරණ දෙමාපියන් හැඩූ කදුලින් පින්වත් ඔබට ආශිර්වාද කලා. සියල්ල වීඩියෝ පටයේ දක්වල තියෙනව.

මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා ...

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ් වන විට දිව් බොජුන් පහලවේවා. දිව් ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්රික වේවා. ගොවිතැන් බත්, හරකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත් සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්රාප්ත වේවා. ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව් රාජයෙක් වේද මෛත්රී නම් වූ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව් රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් අයුරින්ම ත්රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.;

විස්තර නරඹන්න