රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, December 31, 2018

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් නා උයන ආරණ්‍ය සේනාසනයට දැව බුදුපිලිමයක් පූජා කල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

පින්වත් පින්වත් ගයේෂා අබේවීර නංගි  විසින් නා උයන ආරන්‍ය සේනාසනයට පූජාකල අසිරිමත් දැවමය සම්බුද්ධ ප්රතිමාව පසුගියදා  ගෞතම බුදුසසුනට පූජා කෙරුනා.

මේ බුද්ධ ප්රතිමා වහන්සේ වෙනුවෙන් රු 35,000.00ක් ඇය විසින් ලබාදුන්නා.

මේ මහා පින්කම සිදුකලේ නාඋයන ආරණ්‍ය දේනාසනාධිපති හිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙනයි ...

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 21 වන සූර්ය බල ආලෝක පූජාව ...



එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ 20 වන සූර්ය බල ආලෝක පූජාව සිදුකරන්න අපිට පහුගිය දවසක අවස්ථාව ලැබුන. බලංගොඩ වේලි ඔය ආරණ් සේනාසනයටයි. ...

සදහා මූල් දායකත්වය ...

මුලු ලැබීම් -
.
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 48,000.00

Sunday, December 30, 2018

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායක්වයෙන් සිදුකල 20 වන සූර්ය බල ආලෝක පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ 20 වන සූර්ය බල ආලෝක පූජාව සිදුකරන්න අපිට පහුගිය දවසක අවස්ථාව ලැබුන. බලංගොඩ තැන්න ආරණ්‍ය සේනාසනයටයි. ...

සදහා මූල් දායකත්වය ...

මුලු ලැබීම් -
.
දිනිති රණතුංග මහත්මිය --------------------රු 25000.00
මල්ෂා  මහත්මිය හා රංග මල්ලි ------------රු 21,000.00
ගංගා විජේසේකර මහත්මිය ---------------රු 15,000.00
ඉෂාර ප්රනාන්දු මහතා -----------------------රු 10745.50
රසික විතානගේ මහතා ----------------------රු 8500.00
ඉෂාන් වික්රම මහතා --------------------------රු 5000.00
මදුෂාන් ඉසුරු මහතා -------------------------රු 5000.00
ප්රදීම් පෙරේරා මහතා -------------------------රු 5000.00
නදුන් විෂ්වනාත් මහතා ----------------------රු 2500.00
සේනුක ගෝවින්ද මහතා --------------------රු 1000.00
හිරන්ත මදුසංක මහතා ----------------------රු 1000.00
අසංක මනෝජ් මහතා -----------------------රු 1000.00
බුද්ධික මහතා --------------------------------රු 1000.00
පුලනි වෑවලගේ මහත්මිට --------------------රු 500.00
-------------------------------------------------------------------
මුලු ලැබීම් ---------------------------------- 102,245.00

Thursday, December 27, 2018

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් Vacuum cleanerක් සහ Collar Micක් පූජා කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් චමිල රත්නායක  මහතාගේ දායකත්වයෙන්  මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ චේතන රංග මහතාගේ මූල්‍ය දායකත්වයෙන් Collar Mic එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනාස්වාමීන් වහන්සේ අභිධර්මය උගන්වනු ලබන ධර්ම ශාලාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  නිරන්තරෙයෙන් කුනු දූලි වලින් අපිරිසිදු වීමත් වීමත්, හූනන් වැනි කුඩා සතුන්ගේ වසුරු වැටීමත් නිසා අපවිත්‍ර වීමත්, ධර්ම පොත්පත් දූවිලි වලින් අපවිත්‍ර වීම වලක්වන්නටත්,  ස්වාමීන් වහන්සේගේ කුටිය පිරිසිදු කිරීමටත් මේ සියල්ල සිදුකරන්නේ ලොව පරමාර්ථ සත්‍ය වන අභිධර්ම මන්දිරයක වීමත් නිසා මේ Vacuum cleaner ය බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරේම සිදුකල පූජාවක් වනවා.
එසේම චේතන රංග මහතා ලබාදුන් Collar Mic එක නිසාස්වාමීන් වහන්සේ ඉතා පහසුවෙන් අභිධර්ම දේශනාවන් සිදුකරනු ලබන අතර විශේෂයෙන්ම ධර්මය උගැන්වීමේදී හිටගෙන ඉගැන්වීම නිසා සිදුවන විනය නීති බිදවැටීමේ ගැටලුව නිරාකරනය වෙනවා. ඒ අනුව මෙම කොලර් මයික් එක ධර්ම දේශනා සදහා රුකුලක් වන බැවින් ධර්ම දානයක් ලෙසද,  ස්වාමීන් වහන්සේගේ විනය ආරක්ෂා කරගන්නට කල මහා උපකාරයක් ලෙසද හදුන්වා දෙන්නට පුලුවන්.
  

Wednesday, December 26, 2018

පින්වත් මිතුරියන් දෙදෙනෙකු‍ගේ දායකත්වයෙන් පාසැල් දරුවන් දෙදෙනෙකුටත් අසරන පවුලකටත් පිහිට වීමු ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පසුගියදා අපි අසරණයන්ට සරන වන වැඩ සටහනක් දියත් කලා. ඒ අසරණ දරුවන් දෙදෙනෙක් වෙනුවෙන් පාසැල් උපකරන ලබා දීම සහ අසරන පවුලකට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමයි.

ගයාෂි නංගි රු 15,000.00

වියදම්
පොත්පත් රු 4070.00
පාවහන් රු 3500.00
බෑග් රු 3200.00
නිලඇදුම් රු 2910.00
ප්‍රවාහන රු 1200.00
--------------------------
මුලු වියදම රු 13600.00

ඉතිරි රු 120 පදනම් ගිනුමට බැර කලා

දුෂාන්ති හේරත් නංගි

 ලබා දුන් මුදල රු 35,000.00

වියදම්
පෙර මස වියදම රු 9764.00
මේ මස වියදම රු 7479.00
------------------------------------------
මාස දෙකේ වියදම රු 17,243.00
.
 ඉතිරි 35,000- 17,243.00 = රු 17,757.00

ඊලග මාස වෙනුවෙන් යොමු කලා.

දුෂාන්ති නංගි එවපු මුදල් වරින් වර ඒ අම්මලට ආහාර ලබාදෙන්නට යොමු කරනවා. මොකද ඒ අය අතට මුදල් දුන්නොත් නාස්ති කරගන්නවා. එකපාර වියලි ආහාර ද්‍රව්‍ය ගෙනිච්චොත් ඒව විනාශ වෙලා යනව. ඒ නිසයි වරින් වර ලබාදෙන්නෙ.
.
පින්වත් ගයාෂි නංගි කතා කරල හදිසියේම සංවිධානය කරගත්ත පින්කම් නිසයි පාසැල් දරුවනට් අවශ්‍ය උපකරන ලබා දුන්නේ. මේ අය ඉතාම දිලිදු තත්වයෙන් තමයි ඉගෙනීම් කටයුතු සිදු කරන්නේ. ඉතින් ඒ අයට ශක්තියක් වෙන්න අපිට පුලුවන් උනා.

මේ පින් බලය ගයාෂි නංගිගේ යුග දිවිය සාර්ථක වෙන්නටත්, දුෂාන්ති නංගිගේ ප්‍රාර්ථනාවන් ඉටු වන්නටත් හේතුවක් වේවි.

ඉතින් පින්වත් ඔබ ගමන් කලේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ගමන් කල මාර්ගයේයි. පිලිබද නැවත නැවත සිතා සතුටු වෙන්නට පුලුවන්.
ඉතින් දායක වූ පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත් සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්ත් ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.
ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ් ක්රියා සිදුකරමින්, සිල සමාධි ප්ාව ආදිී ත්රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

මේ පින් අප පතන බෝධියෙන් නිවන් දකින්නට හේතු වාසනා වේවා ...
  

චායාරූප නරඹන්න