රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, December 24, 2018

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දුන් වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

පිනවත් ප්‍රදීප් පෙරේරා මහතාගේ දායකත්වයෙන්  මහා සංඝරත්නය උදෙසා Vacuum cleaner යක් සහ Exhaust Fan එකක් ලබා දෙන්නට අපිට පුලුවන් උනා.  උන්වහන්සේ වැඩ සිටින්නෙ ශීතල ප්‍රදේශයක බැවින්  කුටියේ දොර නිතර වසා තිබෙනවා. කුටිය තුල සධාතුක කරඩුවට පහන් දැලවීම හා සුවද දුන් පිදීම නිසා වාතයේ කාබන්ඩයාක්සයිට් ප්‍රමාණය ඉහල යාමත්, වායු සංසරනය නොවීමත්  ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්වයට නුසුදුසු හෙයින් එක්සෝස් ෆෑන් එක මගින් ඒ විෂ වාතය එලියට අදිනු ඇති. Vacuum cleaner  කුටියේ ඇති කුනු දූලි ඉවත් කරනු ඇති.  එහෙයින් එය  උන් වහන්සේ ට දීර්ගායුෂ පතා කල පූජාවක් වෙනවා.
ඉතින් ඒ ආකාරයෙන් ගත් විට පිරිසිදු කිරීමේ පුන්‍ය කර්මයක් වගේම මහා සංඝරත්නයේ නිරෝගී බව උදෙසා කල ඖෂධ පූජාවක් සමාන පූජාවක් වෙනවා.

ලද මුදල රු 18,000.00

වියදම්
වැකියුම් ක්ලීනරයට රු 11,500.00
එක්සෝස් ‍ ෆෑන් එක රු 2850.00
වයර් කෝඩ් එක සහ ස්විච ආදියට රු 1300.00
ස්වාමීන් වහන්සේට සහ පිරිකරට ප්‍රවාහනය රු 1200.00
----------------------------------------------------------------
මුලු වියදම රු 16,850.00

ඉතිරි
18,000  16850.00 =  රු 1150.00

එම මුදල ජනවාරි සෝමාවතී වන්දනාවට යොමු කලා ...

පින්වත් යහලුවනේ මේ උපකරණ දෙකම යොදාගන්නෙ පිරිසිදු කිරීමේ උපකරන විදිහටයි. එ‍හෙමනම් මෙය ඇමදීමේ ආනිසංස වලට සමාන වෙනවා.


අපමන පින් දෙන ඇමදීම -

වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන්  ස්ථාන අපවිත්රව තිබෙනු දැක දැක නො සළකා නො යා යුතුයතමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුයමලසුන් අපවිත් වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුයවිහාරගෙය අපිරිසිදු වී නම් ඇමද පිරිසිදු කළ යුතුයමිදුල් ඇමද පිරිසිදු කළ යුතුයදාගැබ අවට බෝධිය අවට කසල ඇති නම් ඇමද ඉවත් කළ යුතුයතණ හා වල් පැළෑටි වැවී ඇති නම් ඉවත් කළ යුතුයසිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකිඑහි අනුසස් බොහෝ එය ශ්රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි.

ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමජ්ජක ථෙරාපදානයබෝධිසමජ්ජක තෙරාපදානය යන දෙක්හි දක්වා තිබේඋපදින උපදින ජාතියේ අංග ප්රත්යංග සම්පූර්ණ වීමඋසමහතින් යුක්ත වීමශරීරය වර්ණවත් වීමසම සිනිඳු වීමජනප්රිය වීමදීර්ඝායුෂ්ක වීමශරීරය ශක්තිමත් වීමබෝ කල් දුක් විඳින ජනයාට අප්රිය වන ලාදුරු පරංගි කඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීමසුදුකබර වායු ගෙඩි ඉණිගැට සුදුලප කළුලප කුරුළෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නො හට ගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ.

ස්ත්රීන්ටසත්පුරුෂයන්ට අපරාධ කිරීමපරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පව්කම්වලින් කුෂ්ඨ රෝගය හට ගන්නා බවත් කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෛද් ග්රන්ථවල කියා තිබේගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදහමෙහි  කියා තිබේකෙතෙක් ප්රතිකාර කළ  නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨ රෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්රතිකාරයෙකිකලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨ රෝගය නිෂ්ඨාවටම සුව වේ.

ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමට  හේතු වන පින්කමෙකිමාගේ මේ ව්යායාමයෙන් මේ ස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ – ද්වේෂ – මෝහ – මාන – දෘෂ්ටි – විචිකිත්සාදි කෙලෙස් කසළින් මාගේ සිත  පිරිසිදු වේවා” යන අදහස ඇතිකර ගෙන ඇමදීම කළ යුතුයඑසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධිය  ලැබේචිත්තපාරිශුද්ධිය සත්ත්වයනට ඉතාම අවශ් දෙයකිසත්ත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ  චතුස්සත්යාවබෝධ කොට නිවනට නො පැමිණිය හැකිව සසර රැඳී සිටින්නේ  සිතෙහි අපිරිසිදු බව නිසාම චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත් කිරීම .

පඤ්චානිසංස සම්මජ්ජනියා සකචිත්තං පසීදති පරචිත්තං පසීදති දෙවතා අත්තමනා හොන්තිපසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාතිකායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
(පරිවාර පාළි)

තේරුම:
ඇමදීමෙහි අනුසස් පසෙකිතමාගේ සිත පහදීඅනුන්ගේ සිත පහදීදෙවියෝ සතුටු වෙතිරූප ශෝභාව දෙන පිනක් රැස් කරයිමරණින් මතු ස්වර්ගයෙහි උපදී.

මේ දේශනාව පිළිබඳ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි එන විස්තරය මෙසේ .

කටකන්දරවාසී ඵුස්සදේව තෙරණුවෝ සෑමළුව හැමද නිකමල් අතුලාක් මෙන් සමව පිහිටි වැලි ඇති සෑ මලුව බලමින් බුද්ධාලම්බණ ප්රීතිය උපදවාගෙන සිටියහඑකල්හි මාරයා පර්වත පාදයේ උපන් කළු වඳුරෙක් මෙන් වී එහි පැමිණ ගොම විසුරුවා සෑ මළුව අපවිත් කර පළා ගියේයඑයින් තෙරුන් වහන්සේට අර්හත් ඵලයට නො පැමිණිය හැකි වියදෙවන දවස  තෙරුන් වහන්සේ මළුව ඇමද ප්රීතිය උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගොන් වෙසකින් පැමිණ මළුව අපවිත් කර ගියේයතුන්වන දින සෑමළුව ඇමද තෙරුන් වහන්සේ බලා සිටින කල්හි මාරයා කොරකුගේ වේශයෙන් පැමිණ පා අදිමින් ගොස් සෑ මළුව විරූප කළේයඑකල්හි තෙරුන් වහන්සේ මෙබඳු භයානක පුරුෂයෙකු යොදුනක් පමණ ඇති මේ ගොදුරු ගමෙහි දැක නැතමොහු මාරයාවත්දෝ යි සිතා නුඹ මාරයාදැ” යි ඇසූහඑසේය” යි පිළිතුරු දිණනැවත ඔබ බුදුරදුන් දැක ඇත්තෙහිදැ” යි තෙරුන් වහන්සේ ඇසූහඑසේය” යි මාරයා පිළිතුරු දිණමාරයා නම් මහානුභාව ඇතියෙකඔබට බලය ඇති නම් බුදුරදුන්ට සමාන ඇත්මභාවයක් මවන්න” යයි තෙරණුවෝ කීහහිමියනි බුදුරදුන් වැනි ආත්මභාවයක් නො මැවිය හැකියඑහෙත් තරමක සමාන ආත්මභාවයක් මවමි” යි කියා මරු බුද්ධ වේශය ගෙන තෙරුන් වහන්සේට පෙනී සිටියේයතෙරුන් වහන්සේ මරු දෙස බලා බුද්ධ වේශයෙන් සිටිනා කල්හි කෙලෙස් සහිත වූ මොහු මෙතරම් හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කොතරම් ශෝභමාන වන්නට ඇතිදැ යි සිතා බුද්ධාලම්බණ ප්රීතිය උපදවා විදසුන් වඩා අර්හත් ඵලයෙහි පිහිටියේය බව දත් මාරයා ඔබ විසින් රවටන ලද්දෙමි” යි කීයතෙරුන් වහන්සේ මාරය නුඹ වැනියන් රවටන්නේ කුමකටදැ” යි කීහ.

ලෝකන්තර විහාරයේ දත්ත නම් තරුණ භිෂුවක්  චෛත්යංගණය හැමද බලා සිට ඕදාත කසින ධ්යානය ලැබ අෂ්ට සමාපත්තිය උපදවා විදසුන් වඩා සෝවාන් සකෘදාගාමී අනාගාමි යන ඵලත්රයට පැමිණියේ .

පරසිත් පැහැදීම:

තිස්ස නම් තරුණ භික්ෂුවක් දඹකොළ සෑ මළුව හැමද කසළ ඉවත කරන පැස අතින් ගෙන සිටියේ එකල්හි තිස්ස දත්ත නම් මහ තෙර නමක් නැවකින් බැස අවුත් සෑ මළුව බලා ඇවිදින්නේ සිත දියුණු කළ කෙනෙකු විසින් අමදින ලද තැනක් බව දැන සතුටු වී තරුණ භික්ෂුවගෙන් ප්රශ්න දහසක් ඇසීයතරුණ භික්ෂුව සියල්ල විසඳුයේයඑක්තරා විහාරයක තෙර නමක් සෑමළුව ඇමද තැබුයේයයෝනක රටින් චෛත්යවන්දනාව සඳහා ස්ථවිරවරුන් සතර නමක් එහි පැමිනියහහැමද පිරිසිදු කර තිබූ සෑ මළුව දැක සිත පැහැදී එක් තෙර නමකට අටකපක් අතීතය සිහි කළ හැකි වියඑක්නමකට සොළොස් කපක් සිහි කළ හැකිවියඑක් නමකට විසි කපක් සිහි කළ හැකි වියඑක් නමකට තිස් කපක් සිහි කළ හැකි විය.

දෙවියන් සතුටු වීම:

එක් විහාරයක භික්ෂුවක් සෑ මලුව හා බෝ මලුව ඇමද නෑමට ගියේයදෙවියෝ මේ විහාරය කළ තැන් පටන් කිසි දිනෙක මෙසේ වත සම්පූර්ණ කොට ඇමදූ භික්ෂුවක් නො වීය යයි ප්රසන්නව මල් ගෙන භික්ෂුව එන මඟ බලා සිටියෝ භික්ෂුව අවුත් ඔවුන් දැක තෙපි කවර ගමකදැ” යි ඇසීයස්වාමිනි අප මෙහි  මේ විහාරය කළ තැන පටන් මේ වන තුරු මෙසේ වත සම්පූර්න කොට ඇමදීම කළ අන් භික්ෂුවක් නැති නිසා අපි පැහැදී නුඹ වහන්සේට මල් ගෙන ආවෙමු” යි දේවතාවෝ කීහ.

රූප ශෝභාව ඇතිවීම:

පෙර අනුරාධපුරයෙහි විසූ අභය තෙරුන් වහන්සේ ගේ රූප ශෝභාව ඉතා මනහර වියඋන්වහන්සේ සුන්දර රූපය ඇතියෙකු වශයෙන් ප්රසිද්ධ කෙනෙක් වූහඑසේම රූප ශෝභාවෙන් ප්රසිද්ධ අමාත් පුත්රයෙක්  විය දෙදෙනාගෙන් වඩා ශෝභමාන තැනැත්තා කවරේ  යන කථාව ජනයා අතර ඇති විය දෙදෙනා එක් තැනකදී දැකිම සඳහා දිනක් අමාත් පුත්රයා ගේ ඥාතීහු ඔහු හොඳ ඇඳුම් පැලඳුම් වලින් සරසා චෛත්යය වන්දවන්නෙමුය යි රුවන්වැලි මහා සෑය වෙත කැඳවා ගෙන ආහඅභය තෙරුන් වහන්සේගේ මව  ලස්සන සිවුරක් පිළියෙල කර තෙරුන් වහන්සේට යවා හිස රැවුල් බාවා ගෙන මේ සිවුරු පොරවාගෙන වන්දනාව සඳහා රුවන්වැලි මහා සෑය වෙත එන ලෙස දන්වා යැවුවායඅමත් පුත්රයා නෑයන් පිරිවරා ගෙන ප්රාචීනද්වාරයෙන් රුවන්වැලි මහා සෑමළුවට ඇතුල් වියඅභය තෙරුන් වහන්සේ  භික්ෂුන් පිරිවරා දක්ෂිණද්වාරයෙන් සෑ මළුවට පිවිසියහදෙදෙනා එක් වූ කල්හි ඔබ මහළු තෙරුන් වහන්සේ හැමදූ තැන කසළ ගෙන ගොස් දමා මා හා තරඟ කරන්නෙහිදැ” යි අභය තෙරුන් වහන්සේ අමාත් පුත්රයාට කීහඅතීත ජාතියේ අභය තෙරුන් වහන්සේ මහතෙර නමක් වී කතරගම සෑ මලුව ඇමදූහඅමාත් පුත්රයා මහ උවසුවකුව සිට උන්වහන්සේ ඇමද එක් කළ කසළ ඉවත් කළේය දෙදෙනාට විශේෂ රූප ශෝභාව ඇති වුයේ එයිනි.
(සමන්තපාසාදිකාවෙන්)

තියුණු නුවණ ලබීම:

කාශ්යප බුදුරදුන්ගේ සසුන පවත්නා කල්හි එක් ගංතෙරක බොහෝ භික්ෂූන් වෙසෙන සංඝාරාමයක් වියඑහි වෙසෙන වත් සම්පූර්ණ කරන භික්ෂුහු උදයෙන්  නැගිට ඉදල් ගෙන බුදුගුණ සිහි කරමින් මිදුල් අමදිතිඑක් තෙර නමක් ඇමදූ කසළ එකතු කොට සමීපයෙන් යන සාමණේර නමක් දැක සාමණේරය මේ කුණු ඉවත් කරන්න” යි කීයසාමණේර නම නො ඇසුනාක් මෙන් ගියේයදෙවන තුන් වර  එසේ කී නමුත් සාමණේර නම ඇහුන්කන් නො දුන්නේයතෙර නම කිපී සාමණේර නමට ඉදල් මිටින් පහරක් ගැසීයසාමණේර තෙමේ බිය වී හඬමින් කසල ගොඩ ගෙන ගොස් දමා මේ කසළ ඉවත් කිරීමේ පිනෙන් මම නිවනට පැමිණෙන තුරු උපදින උපදින ජාතියේ නභෝමධ්යගත සූර්යයා සේ මහාතේජස් ඇති වෙම්වා” යි පැතීයඉක්බිති සාමණේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රළ වේගය දැක කුණු ඇද දැමීමේ පිනෙන් මතු උපදින උපදින ජාතියේදී මේ රළ වේගය බඳු ස්ථානෝචිත ප්රඥාව ඇත්තේ වෙම්වාක්ෂය නොවන ප්රඥාව ඇත්තේ වෙම්වා!” යි දෙවනුව  පැතීයමහතෙර නම ඉදල තැන්පත් කොට නෑම සඳහා තොටට ගියේ සාමණේර නමගේ ප්රාර්ථනාව අසා මාගේ නියමය නිසා කසළ ඉවත් කළ මොහුට කොපමණ මහත් දෙයක් සිදුවේ නම් සැදැහැයෙන් ඇමදීම කළ මට මෙතරම් මහත් අනුසසක් ලැබෙන්නට ඕනෑ දැයි සිතා නිවනට පැමිණෙන තුරු මම උපදින උපදින ජාතියේ මේ රළ වේගය මෙන් ක්ෂය නොවන නුවණ ඇත්තේ වෙම්වාමොහුගේ සකල ප්රශ්නයන් විසඳීමට සමත් වෙම්වා!” යි පැතීයපසු කාලයේ මිළිඳු රජ වූයේ  සාමණේර නමයනාගසේන තෙරුන් වූයේ ඇමදූ තෙර නමය.
(මිළින්ද ප්රශ්නයෙන්)

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම
--------------------------------------------------------

උතුම් වූ  ධම්ම සේනාධිපති මහා සාරිපුත්ත අග්රශ්රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ උතුම් වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ  මහා කාශ්යප මහරහතන් වහන්සේ උතුම් වූ  මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ උතුම් වූ  මහා කච්චායන මහරහතන් වහන්සේ ,/ උතුම් වූ මහා කොයිත මහරහතන් වහන්සේ උතුම් වූමහා කප්පින මහරහතන් වහන්සේ ./ උතුම් වූ ආනන්ද මහරහතන් වහන්සේ ,/ උතුම් වූ උපාලි මහරහතන් වහන්සේ ,/ උතුම් වූ මහා චුන්ද මහරහතන් වහන්සේ ./ උතුම් වූ මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ  ඇතුළුඅසූ මහා ශ්රාවකයන් වහන්සේලා ප්රධාන කොට ඇති මහා සඝරත්නය පරම්පරා අනුපිළිවෙලින් උපාලි මහරහතන් වහන්සේ ./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික දාසක මහරහතන් වහන්සේ ./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික සෝණක මහරහතන් වහන්සේ ,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ,/ සිග්ගව සහ චණ්ඩවර්ජි මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරිකමොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික දීපඅප්රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ  සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා ලක්දිව ප්රථමයෙන් අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූලක්දිව මහා සඝ පරපුර තිස්සදත්ත මහරහතන් වහන්සේ  කාළසුමත මහරහතන් වහන්සේ  දිඝනාමක මහරහතන් වහන්සේ  දිසසුමන මහරහතන් වහන්සේ  වශයෙන් පරම්පරානුගතව අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ ස්වාමින් වහන්සේලා  එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක එම නිසා  අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර නියෝජනය කරන සේක්  . / වර්තමානයෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා නිසා අනාගත සඝ පරපුර  බිහිවන්නාහු  . / එම නිසා  පවත්නාහු  . / එහෙයින් අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා අනාගත සස පරපුර  නියෝජනය කරන සේක්   අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා කර්ම වාක්ය ප්රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි නියෝජිත භාවය ලබා ඇත්තාහු  ./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට අතීතයෙහි වැඩ විසුවා වූ  අනාගතයෙහි පහළ වන්නා වූ  වමානයෙහි වැඩ වසන්නා වූ   සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි උතුම් වූ  භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි උතුම් වූ සංඝරත්නය කෙරෙහි අප විසින් ශ්රද්ධා ගෞරව පෙරදැරිව පිළියෙල කරන ලද මෙම සියලු පූජාවෝ වන්දන මානන සහිත  පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන්  අපගේ නිවන පිණිස  අප නිවන් දන්නා තුරු 7 නිරවද්ය වූ ත් පහසු වූත් සැප සහිත වූත් වාසය කිරිම පිණිස  අප නිසා නිවන් දක්නා වූ සියලු සත්වයන් හට අනුකම්පා පිණිස  ඔවුන්ගේ  නිවන පිණිස  මෙත්රි පෙරදැරිව පිළිගන්නා සේක්වාකරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වාඅනුකම්පා කරමින්  පිළිගන්නා සේක්වා!

.
ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වාසැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවාකෙලවර අමා මහ නිවන අත්වේවාමේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබරමෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවාමියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම්  යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.
ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවාධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයිමෙපින් බලෙන් ප්රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රටජාතියආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවාවිශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..
එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්විශේෂයෙන්ම මෙම කරඩුව නිර්මාණය කල ශාන්තඅයියාටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාදායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

 ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම  ඔබ ලද මහා භාග්යයක්යමෙක් දෙවියෙකු කරන්නේදතිරිසනෙකු කරන්නේද මේ සිතයිඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවාසසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවාකෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.
පින්වත් යාලුවනේපංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවාසියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවාව්යාපාරඅධ්යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවාවැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවාමේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවාසතර දිගින් සතර මහා වස්තු පහල වේවාසිව් දිගින් කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසිවැටේවාපොළවෙන් මුතු මැණික් මතුවේවාසසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවාමෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවත,සෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්ස,ඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම්දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘදිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්සමහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලුදෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි

සියලු විස්තර නරඹන්න ...

















No comments:

Post a Comment