රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, February 14, 2014

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් රු. 10,000/= ක් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීමට පූජා කල වගයි ...







පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. මේ බ්ලොග් එක පුරාම තියෙන්නෙ එවැනි පින්කම්.



මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ 



පද්මිණි දේවේනද්‍ර මහත්මිය  (රු. 5000/=)

අමල් ආර්. මහගෙදර මහතා (රු. 3000/=)

නිම්මි නදී මහත්මිය (රු. 2000/=)



යන පින්වත් සොයුරු සොයුරියන් විසින්.

 චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. ඒ විතරක් නෙවෙයි සදා පින්වැ‍ඩෙන පින්කමක්. අපි මියගියත් හැමදාම පින් ජනිතවෙනව. මොකද මේ චෛත්‍යයට හැමදාම මල් පූජ කෙරෙන නිසා. ඊලගට අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.



මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් ... ... තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය. එහෙනම් මේ කරල තියෙන්නෙ මෛත්‍රීය බුදුන් දැක නිවන් දකින් පින්කමක්.



ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සැදැහැවත්හු යොදුනක්‌ උස ස්‌වර්ණ චෛත්‍යයක්‌ කරවූහ. ඒ චෛත්‍යයට පිරිවර සහිතව පැමිණ රජතුමා හා නුවර වැස්‌සෝ ද දිනපතා මල් ගෙන ගොස්‌ පිදූහ. එබැවින් මල් දුර්ලභ විය. එක්‌ දිනක්‌ උපාසකයෙක්‌ මල් සෙවීමට මාලාකාර වීථියෙහි ඇවිද එක්‌ කහවණුවකට එක බැගිනුදු මල් සොයාගත නොහැකිව කහවණු අටක්‌ද රැගෙන මල් වත්තකට ගියේය. එහි ගොස්‌ මේ කහවණු අටට මල් අටක්‌ හෝ ඉල්ලීය. මල් සියල්ල නෙලා දී අවසන් යෑයි මල්කරු කීය. උපාසක තෙමේ මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමියි කීය. එසේ නම් උයනෙහි ඇවිද සොයාගන්න යෑයි මල්කරු කීය. උපාසක තැන උයනට පිවිස මල් සොයමින් ඇවිදින විට බිම වැටී තිබූ මල් අටක්‌ ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් ඔහුට කහවණු අට ගන්නැයි කීය. "මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙනි. ඒ නිසා මේවාට මම මුදලක්‌ නොගනිමියි මල්කරු කීය. "මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමියි" කියා උපාසක තැන කහවණු අට මල්කරු ඉදිරියේ තබා මල් රැගෙන ගොස්‌ සැදැහයෙන් චෛත්‍යයට පිදීය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදින.



දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන සේක්‌ මහත් වූ ශ්වේත හස්‌තිරාජයකු පිට නැගී අප්සරාවන් පිරිවරා දිශාවන් ආලෝකවත් කරමින් දිව්‍යානුභාවයෙන් අහසෙහි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළ සේක. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටි සේක. එකල්හි තෙරුන් වහන්සේ දෙව්පුත් අමතා "තොප මේ සම්පත්තිය ලැබූයේ අතීතයේ කිනම් කුශලයකින්දැයි විමසා සිටි සේක.



හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක්‌ පහන් සිතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒපිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍යභෝජනාදී වස්‌තු මට ඒ පිනෙන් පහළවන්නේ යෑයි කීය.



මල් ජනයාගේ නෙත් සිත් පිනවන ශෝභාවක්‌ හා සුගන්ධයක්‌ ද ඇත්තා වූ දෙයකි. මල් පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ. මල් පිදීමේ පිනෙන් දුටු දුටුවන් වශී වන රූප සම්පත්තියක්‌ හිමිවේ. ස්‌වර්ණතිලකාවට දුටු දුටු පුද්ගලයන් උමතු කරවන රූප ශෝභාවක්‌ හිමි වූයේ ද මල් පිදීමේ අනුහසිනි.



සුළුගුලු උපාසක යනු මලියමහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආධාරයෙන් පණ තිබියදීම තව්තිසා දෙව්ලොව සැරිසැරීමට අවස්‌ථාව ලැබුණු අයෙකි. දෙව් ලොවදී ඔහුට විවිධ සම්පත් ඇති බොහෝ දෙවිවරු දැසින්ම දැක ගත හැකි විය. උපාසකතුමා සිළුමිණි සෑය අසල සිටින විට රක්‌ත වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසි රක්‌ත වර්ණ අශ්වයන් යෙදූ රථයකින් එක්‌ දෙවි කෙනෙක්‌ එහි පැමිණියේය. රක්‌ත වර්ණයෙන් සැරසුණු සුරංගනාවෝ රක්‌ත වර්ණ චාමර ගෙන පවන් සලති. මෙසේ නොයෙක්‌ ආකාරයේ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්චර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තැන හිමියනි, මෙබඳු සම්පත්තියක්‌ ඇත්තකු මින් පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය ලැබී ඇත්තේ කිනම් පිනකින් දැයි ඇසීය.



එවිට තෙරුන් වහන්සේ කියන්නේ උපාසකය, මොහු පෙර ජාතියේ ෙච්තිය විහාරය අසල ගමක ගොපලු දරුවෙක්‌ව සිටියේය. දිනක්‌ අනෙක්‌ ගොපලු දරුවන් සමඟ ගවයන්ට තණ කෑමට හැර වැලි තලාවක ක්‍රීඩා කරමින් වැලි එකතු කොට සෑයක්‌ තනවා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවිත් එම සෑයට පුදා මල් වියළී නොයනු පිණිස අතු කඩා ගෙනවිත් ආවරණයක්‌ කොට සිත පහදා සවස ගවයන් රැගෙන නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත් ආබාධයකින් මියගොස්‌ දෙව්ලොව උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළ සේක.



සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,



1.හැම තැනම ප්‍රදීප දැල්වේ.

2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)

3.තීක්ෂණ නුවණ ලැබේ.

4.යසසින් දිලිසෙත්

5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්

6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.



මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ සුධා පිණ්ඩියයන නමින් ද හඳුන්වන ලදහ.



මෙවන් මහ පින්කමක් කල  පින්වත් ඔබවන් දරුවන් බිහිකල දයාබර දෙමාපියන්ට නිදුක් නිරෝගී කාලයක් උදාවේවා. දීර්ඝායුෂ ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මෙපින් බලෙන් සැපවත් ජීවිතයකට මග පෑදේවා. ඔබේ ස්වාමියන්, බිරින්දෑවරුන්ටත් මේ පින් ලැබේවා. ඔවුන් සැපවත් ජීවිතයක් ගතකෙරේවා. ඔපේ දරුවන්ගේ ජීවිතය වාසනාවන්ත වේවා. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා.

             මේ පින්කම සිදුකල ඔබටත් සියලු සම්පත් යස ඉසුරු වර්ධනය වේවා. ඔබේ රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. නිවන් දකිනා තාක් කල් නැහැ බැහැ කියන වචනයක් අසන්නටවත් නොලැබේවා. ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේපින් හේතු වාසනා වේවා ...



මෙවන් මහ පින්කමකට ඔබත් දායක වන්න. මා අමතන්න. 071 2933180.



මම එරන්ද ලක්මාල්. ( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙනි.)

 



Thursday, February 13, 2014

පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් රු. 68,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.




පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  ඒ පිලිබදව අපේ බ්ලොග් එක සම්පූර්ණ විස්තර තියෙනව.

මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.



ඉතින් අපි වැඩිදුරටත් මේ පින්කම් සිදුකරල මේ සසුන වෙනුවෙන් රැකවරණයක් සැදිය යුතුයි. ඒ නිසා අපි සංවිධානයක් විදිහට එක්වෙන්න කල්පනා කලා. සංවිධාන මොනතරම් තිබුනත් ප්‍රායෝගිකව වැඩකරන්නෙ සංවිධාන කිහිපයයි. එයිනුත් සසුන වෙනුවෙන් යමක් කෙරෙනවනම් අතලොස්සක් පමණයි. දැනට අපි කිහිපදෙනෙක් සංවිධානයට අදාල වැඩ කටයුතු සිදුකරගෙන යනව. ඉතින් වෙබ් සයිට් එකක් කරන්නත් කටයුතු සැලසුම් කලා. දැනට වැඩ ආරම්භ කරලයි තියෙන්නෙ. අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම දිලිදු පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල බෝයගනේ බෝගමුව මහා විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 68,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.



මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.



01. ක්‍රිශාන්ති සමරතුංග මිය - රු. 24,900.00

02. කල්පන අතුරුගිරිය. - රු. 6,400.00

03. අමන්දි ඉසුරිකා මිය - රු.5000.00

04. තනුජ විජේසිංහ මයා - රු. 5000.00

05. නිරෝ සත්කුමාර - රු.5000.00

06. *************- රු. 5000.00

07. ************ - රු. 5000.00

08. ජයනාත් කුමාර - රු.4275.00

09. රාධිකා ප්‍රනාන්දු මිය. රු. 2000.00

10. නදීශා රණවක මිය රු. 1000.00

11.සංජය ජයරත්න මයා. රු.500.00

12. නිපුණ අබේකෝන් මයා - 500.00

13.මදූ මංචනායක මිය රු. 3000.00

            එකතුව - රු. 65575.00





මීට අමතරව තවත් පින්වත් යාලුවෙක් අපිට සපත්තු ජෝඩු 07ක් ලබා දුන්න. ඒ සපත්තු දුන්න කෙනයි ඔය තරු ලකුනින් සටහන් වෙලා ඉන්න දෙන්නයි එයාලගෙ නම් සදහන් කරල නැහැ. කරුණාකර ඒ ඔබනම් මුදල් එවූ දිනය සමග මට පොඩි මැසේජ් එකක් දාන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව.



ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...



මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා ... මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා ...



ඔබත් මෙවන් පින්කමක් සිදුකරන්නට කැමතිනම් මා අමතන්න. 071 2933180



බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...


.











































Saturday, February 8, 2014

පින්වත් මිතුරකු සිය උපන්දිනය වෙනුවෙන් ඉපැරණි බුදුගෙයක වහලයක් අලුත්වැඩියා කල වගයි ...



පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.  මේ බ්ලොග් අඩවියේ අනිත් ලින්ක් වලින් බලන්න පුලුවන්.

මෙවන් පින්කම් රාශියක් අපි සිදුකරගෙන යනව. ඔබත් ඒ වෙනුවෙන් දායක වෙන්න කැමතිනම් මා අමතන්න. 071 - 2933180.



ඉතින් අපි වැඩිදුරටත් මේ පින්කම් සිදුකරල මේ සසුන වෙනුවෙන් රැකවරණයක් සැදිය යුතුයි. ඒ නිසා අපි සංවිධානයක් විදිහට එක්වෙන්න කල්පනා කලා. සංවිධාන මොනතරම් තිබුනත් ප්‍රායෝගිකව වැඩකරන්නෙ සංවිධාන කිහිපයයි. එයිනුත් සසුන වෙනුවෙන් යමක් කෙරෙනවනම් අතලොස්සක් පමණයි. දැනට අපි කිහිපදෙනෙක් සංවිධානයට අදාල වැඩ කටයුතු සිදුකරගෙන යනව. ඉතින් වෙබ් සයිට් එකක් කරන්නත් කටයුතු සැලසුම් කලා. දැනට වැඩ ආරම්භ කරලයි තියෙන්නෙ. අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍ෙම්ක.






අමල් ආර් මහගෙදර නම් අපේ  මුහුණුපොතේ පින්වත් යහලුව පෙබරවාරි 09 වැනි දිනට  ( අද දින ට)  යෙදෙන උපන්දිනය වෙනුවෙන් මේ ඉපැරණි විහාරස්ථානයේ වහලය අලුත්වැඩියා කරන්න තීරණය කලා. අමල් මහතා අපිට මේ පින්කම වෙනුවෙන් රු 26200/= ක මුදලක් එවා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ වියදම් පිලිබද විස්තරය.



ලද මුදල රු. 26200.00



උලු සදහා වැයවූ මුදල                       - රු. 18480.00

රීප්ප සදහා  ( අඩි 500)                      - රු. 4000/=

ඇණ සදහා සහ අනිකුත් සුලු ද්‍රව්‍ය        -රු. 380/=

ප්‍රවාහන වියදම්                                   - රු. 300/=



එතතුව                                       - රු. 23,160.00



ඉතිරි මුදල රු. 3040/= වන අතර ඒ මුදලට තවත් මුදලක් එකතු කර  මේ සතිය තුල  අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයන් වහන්සේ  නමක් කපරාරු කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනව.



සිදුකල වියදම් පිලිබද  බිල්පත් ආදිය පිලිබද විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.



ඉතින් මේ පින්කම සිදුකල පින්වත් යාලුවගේ උපන්දිනය අදට යෙදිල තියෙනව. බලන්න මොනතරම් ආදර්ශමත් පින්කමක්ද කියල. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මත්පැන්බොමින්, සතුන් මරා භුක්ති විදිමින් දුරාචාරයේ යෙදෙන මිනිසුන් සිටිනා ලොවක ඔබවන් ශ්‍රෙෂ්ඨ පුතෙක් පහලවීම පිලිබද ඔබේ පින්වත් මව් පියන් පවා අපමණ සතුටුවෙනවා ඇති.

           බුදුසසුන තුල මෙවන් පින්කම් හදුන්වන්නේ සදා පින් වැඩෙන පින්කම් හැටියටයි. ඔබ ජීවමාන ලොව්තුරු බුදු පියාණන් වහන්සේට හිසට සෙවනක් සැලසුවා හා සමානව සිදුකල පින්කමක් මේක. ඒ විතරක් නෙවෙයි. ඔබ සෙවිලිකල උලු පවතිනතාක්කල් ඔබට අඛණ්ඩව පින්රැස්වෙනව මේ පින්කමෙන්. ඔබ කෙදිනක හෝ මියගියත් මේ පින්කමෙන් රැස්වන කුසල් ඔබට නිරන්තරයෙන් ජනිතවෙනව. මොනද ඔබ මියගියත් මේ වහලය බුදුපිලිම වහන්සේ වෙනුවෙන් අඛණ්ඩව සෙවන සලසන නිසා.

          ඒ විතරක් නෙවෙයි ආරාම වනසෙනෙසුන් වගේ නිර්මාණය අටමහ කුසල් වලට අයත් වෙනව. ඔබ සිදුකලෙත් එවන් මහා කුසල කර්මයක්. මේ පින්කම්වල ආනිසංස ප්‍රමාණය මෙච්චරයි කියල කියන්න බැහැ කියනව. ඒව විපාක දෙන කල්ප ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම් අනන්තයි.



ඉතින් තුන්සිත පහදවාගෙන ඔබ සිදුකල මේ අනන්ත කුසල කර්මයන්ගේ බලයෙන් ඔබවන් පුතෙක් බිහිකල පින්වත් දෙමාපියන්ට මේ පින් අත්පත් වේවා. ඔවුන්ට දීර්ළායුෂ ලැබී නිදුක් නිරෝගී බවට පත් වේවා. ඔබේ පින්වත් දූදරුවන්ටද බිරිදටද මේපින් ලැබී සැපතින් සැපතට පත්වේවා. විශේෂයෙන්ම පුංචි දරු පැටවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී මේ රටට දැයට වැඩ ඇති දරුවන් බවට පත්වේවා.



ඔබ සිදුකල මේ පින් බෙලෙන් ඔබට ඇති දුක් කරදර කම්කටොලු තුරන් වේවා. රැකියාවේ දී සියල්ලන්ගේ සිත් දිනාගනිමින් සියලු කටයුතු සාර්ථක අයුරින් සිදුකරන්නට ඔබට දිරිය විරිය ලැබේවා. සියලු ලෙඩදුක් සංසිදේවා. මෙතැන් පටන් නිවන් දකිනා ජාති දක්වාම නැහැ, බැහැ යන වචන අසන්නටවත් නොලැබේවා. මතු දිනක ඔබත් ඔබේ පවුලේ සැමත් පතන බෝධියකින් නිවන් දකින්නට මේපින් හේතු වාසනා වේවා.



ඔබත් මෙවන් මහ පින්කමකට ඔබත් දායකවන්න.

මා අමතන්න.

071-2933180



මම එරන්ද ලක්මාල්ද සිල්වා ...
 







මේ වෙනුවෙන් දැරූ වියදම්වල බිල්පත් මෙන්න.