රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, November 28, 2018

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල දහතුන්වන රෝද පුටු පරිත්‍යාගය ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් සුරේන්ද්‍ර ප්‍රභාත් මහතාගේ මූල් දායකත්වයෙන් සිදුකල දහතුන්වන රෝද පුටු පරිත්යාගය පසුගිය දා සිදු කලාසසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන වට්ටාරම ප්රදේශයේ අංශභාගය වැලදුන අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

ලබා දුන් මුදල රු 13,000.00

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල දොලොස්වන රෝද පුටු පරිත්‍යාගය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් රසික සම්පත් මහතාගේ මූල් දායකත්වයෙන් සිදුකල දොලොස්වන රෝද පුටු පරිත්යාගය පසුගිය දා සිදු කලාසසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන රඹුක්කන ප්රදේශයේ අංශභාගය වැලදුන අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

ලබා දුන් මුදල රු 13,000.00

වියදම
රෝද පුටුව සදහා වියදම රු 12,540.00
ගමන් වියදම රු 2500.00
---------------------------------------
මුලු වියදම රු 15040.00
.
රු 13,000.00 – 15,540.00 =  හිග මුදල රු 2,750.00

හිග රු 2540.00 පදනමින් ගෙව්වා ...

මහ පින්කමක අනුසස් බලමු ...


Monday, November 26, 2018

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායක්වයෙන් සිදුකල 19 නක සූර්ය බල ආලෝක පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ 19 වන සූර්ය බල ආලෝක පූජාව සිදුකරන්න අපිට පහුගිය දවසක අවස්ථාව ලැබුන. ඒ බූන්දල  වනවාසී ආරණ්‍යයකටයි ...

ඒ සදහා මූල්‍ය දායකත්වය ...

මුලු ලැබීම් -
.
දිනිති රණතුංග මහත්මිය --------------------රු 25000.00
මල්ෂා  මහත්මිය හා රංග මල්ලි ------------රු 21,000.00
ගංගා විජේසේකර මහත්මිය ---------------රු 15,000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා -----------------------රු 10745.50
රසික විතානගේ මහතා ----------------------රු 8500.00
ඉෂාන් වික්‍රම මහතා --------------------------රු 5000.00
මදුෂාන් ඉසුරු මහතා -------------------------රු 5000.00
ප්‍රදීම් පෙරේරා මහතා -------------------------රු 5000.00
නදුන් විෂ්වනාත් මහතා ----------------------රු 2500.00
සේනුක ගෝවින්ද මහතා --------------------රු 1000.00
හිරන්ත මදුසංක මහතා ----------------------රු 1000.00
අසංක මනෝජ් මහතා -----------------------රු 1000.00
බුද්ධික මහතා --------------------------------රු 1000.00
පුලනි වෑවලගේ මහත්මිට --------------------රු 500.00
-------------------------------------------------------------------
මුලු ලැබීම් ---------------------------------- 102,245.00

අපි ආරන්‍ය දෙකකට සූර්ය පැනල මිලදී ගත්තත් එක් ස්වාමීන් වහන්සේ නමක් පැනල ප්‍රතික්ෂේප කල නිසා එකයි සවි කලේ. එහෙත් අපි දෙකටම වියදම් දැරුවේ එකටයි. ඒ නිසා එම පැනල් දෙක සදහාම වියදම් විස්තර පහත දැක්වේ.


Sunday, November 25, 2018

තුන්වන සක්මන් මලු පූජාව උඩුදුම්බරදී සිදුකල වගයි ...



එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක තුන්වන සක්මන් මලු පූජාවත් සිදුකලා. වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා ...

ශෙහානි බොතේජු නංගි රු 25,000.00
තුෂාර ජනක මහතා රු 15,000.00
--------------------------------------------
මුලු ලැබීම් රු 40,000.00

Friday, November 23, 2018

අසරණ දෙමාපියන් දෙනෙකුට තාවකාලික නිවසක් ඉදිකර දුන් වගයි ...


.
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පසුගියදා අපි අසරණ  මව්පියන් දෙනෛකුට තාවකාලික නිවසක් ඉදිකර දුන්නා.

ගයාෂි නංගි රු 95,135.00
ජනක මහතා රු 20,000.00
නම සදහන් නොකල රු 10,000.00
----------------------------------
මුලු ලැබීම් රු 125,135.00

මුලු වියදම්

ලෑලි රු 19800.00
කුලිය රු 17,800.00
ගෘහභාණ්ඩ රු 16650.00
කොන්ක්‍රීට් කනු  රු 14820.00
තහඩු නිවසට රු 10,780.00
වැලි සහ මැටල් රු 8000.00
පොල් ලී රු 8370.00
වැසිකිලියට කොන්ක්‍රීට් වලලු රු  6700.00
ප්‍රවාහනය රු 4880.00
චිප්ගල් රු 4000.00
දහවල් ආහාර ( වැඩකරුවන්ට ) රු 2850.00
සිමෙන්ති රු 2850.00
වැසිකිලියට තහඩු රු 2455.00
ගඩොල් රු 2200.00
රීප්ප රු 1200.00
තින්ත  රු 1040.00
ඇණ රු 450.00
පොලිතින් රු300.00
-------------------------
මුලු වියදම් රු 125,135.00

අය වැය සමාන හෙයින් අතිරික්තයක් හෝ හිගයක් නෙවුනි.

මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවන් වන්නේ ආහාර, ඇදුම්, නිවාස, බෙහෙත්ය. අවම වශයෙන් මූලික අවශ්‍යතාවයන්වත් නොතිබෙන්නට මිනිසුන්ට ජීවත් වීමට අපහසුය. එහෙත් අද ලෝකයේ මූලික අවශ්‍යතාවයන් පවා දක්නට නොමැති පිරිස් මොන තරම් ඉන්නවාද? මේ අසරණ අම්ම තාත්ත ගෙව්වෙ බොහොම දුක්ඛිත ජීවිතයක්.  දූ දරුවන් නොසිටින මේ අම්ම තාත්ත බොහොම වයෝවෘද්ධයි. ඒ වගේම ඒ තාත්තගෙ ඇස් දෙකම අන්ධයි. හරි හමන් වාරුවක් නැහැ. තුෂාර ජනක අයිය පරිත්‍යාග කල රෝද පුටුව ආධාරයෙන් තමයි යන්නෙ එන්නෙ. එයාල හිටපු නිවසත් බොහොම අබලන් වෙලා තිබුනෙ. අව්ව වැස්ස ඒ දෙපලට අකුරුණික බලපෑම් කලා. දුලග දුන්න පීඩාවත් ඊට දෙවෙැනි නැහැ. අයාලේ යන කටුසු අප්පුල, ඇහැටුලු දණ්ඩියො විතරක් නෙවෙයි කවුටු හාමිලත් එයාලට කරදර නොකර හිටියෙ නැහැ.  ඉතින් අපේ පින්වත් යාලුවන් යෙහෙලියන් එකතු වෙලා එයාලට තාවකාලිකව නිවසක් හදල දුන්න. ඒ විතරක් නෙවෙයි. නිවසට අවශ්‍ය ඇද, පුටු, මේසත් අරන් දුන්න. වැසිකිලියකුත් කරල දුන්න. තාවකාලිකව හැදුවෙ මේ ඉඩම ඒ අයට අයිති නැති නිසයි. ඒ අය එච්චර මනාප නැහැ ස්ථිර ගොඩනැගිලි ඉදිකරනවට. කොහොම නමුත් අද ඒ අය නව නිවස තුල කරදරයක් නැතිව සතුටින් ජීවත් වෙනව. 
.
අසරණයන්ට ඉතාමත්ම වටිනා ගුණාංගයක් බව ඔබට අලුතින් පැහැදිලි කරන්න දෙයක් නැහැ.  ලොව්තුරු බුදුරජාණන් වහන්සේද සිදුකලේ අසරණයන්ටම පිහිට වෙන එක තමයි.  උන් වහන්සේ මිනිස්සු දුක්ඛිත සංසාරයෙන් ගැලවීම වගේම අසරණයන්ට සරණ වීමත් සිදුකලා. සුනීත සෝපාක වැන්නවුන් මහණ කරල ඒ අයට සමාජ ගෞරවය ලබාදීම, පුණ්නා වැන්නවුන් දාස භාවයෙන් නිදහස් කිරීම විතරක් නෙවෙයි.  හදිසි අනතුරු වලින් මියගොස් සතර අපායට වැටෙන්න හිටි අය ඒ අනතුරින් මුදවා දිව්‍ය තල වලට පත්‍කලේ ලොව්තුරු බුදු හිමියන්ගේ අපරිමිත කරුණාව නිසයි.
ඉතින් පින්වත් ඔබ ගමන් කලේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ගමන් කල මාර්ගයේයි. ඒ පිලිබද නැවත නැවත සිතා සතුටු වෙන්නට පුලුවන්.
ඉතින් දායක වූ පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.
ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

මේ පින් අප පතන බෝධියෙන් නිවන් දකින්නට හේතු වාසනා වේවා ...


චායාරූප නරඹන්න