රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, April 25, 2013

පාරමිතා පදනමේ අපි බිම් උලු පරිත්‍යාගයක් සිදුකලෙමු ... ...


යහලුවනේ පාරමිතා පදනම කියන්නෙ විදේශ රටවල ඉන්නඅපේ සහොදර සහෝදරියො එකතු වෙලා හදාගත්ත ඉතින් පාරමිතා පදනමින් ලැබුන ආරාධනයක් මත එහිසාමාජිකත්වය ලබාගන්න මට හැකියාව ලැබුන.
ඇත්තටම පාරමිතා පසනම කියන්නෙ විදෙස්ගතව සිටින අපේ සහෝදර සිංහල බෞද්ධයන් එක්වෙලා පිහිටුවගෙන සිටින සංවිධානයක්. එයාල දහදිය මහන්සියෙන් හොයන මුදල්වලින් කොටසක් සිංහල බෞද්ධයා මෙන්ම විහාරස්ථාන ගොඩනැගීම පිණිස වෙන්කරනව. 
ඉතින් මේ සංවිධානයට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් විදිහට මම රැකියාව කරන ප්‍රදේශයේ දිලිදු විහාරස්ථානයක් වෙනුවෙන් උදව් කරන්න අවස්ථාවක් මට ලැබුන. ඒ කුරුණෑගල බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයයි. ඒ පන්සලේ සංඝාවාසයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය බිම් උලුවලින් කොටසක් ලබාදන්න අපිට පුලුවන් උනා. ඒ විහාරස්ථානයේ ඡායාරූප තමයි ඔබට ඔය දකින්න තියෙන්නෙ.
පාරමිතා කණ්ඩායමේ අපි පසුගිය බක් පොහෝ දිනයෙදි ඒ පන්සලට ගිහින් එදිනම මේ බිම් උලු ටික ලබාදුන්න. ඒ විතරක් නෙවෙයි. එදා සිල් අරන් සිටි උපාසක අම්මලට තාත්තලට එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන බෙහෙත් ද්‍රව්‍ය පාර්සලයක් ලබාදෙන්නත් දහම් පත්‍රිකා බෙදා දෙන්නත් අපිට පුලුවන් උනා.
මේ පාරමිතා පදනමේ අපි ගැන විස්තර මෙන්න මේ වෙබ් අඩවියෙන් බලන්න පුලුවන්. --http://www.sriparamitha.com/index.html

පාරමිතා පදනමේ මුහුණුපොතේ පිටුවකුත් තියෙනව.
https://www.facebook.com/groups/buddhistparamitha/?fref=ts

ඔබටත් පාරමිතා පදනම හා එක්වෙන්න පුලුවන්.

මේ තියෙන්නෙ පාරමිතා පදනමේ ටයිල්ස් ලබාදුන්න අවස්ථාවේ ගත්ත ඡායා රූප.
මේ ඉන්නෙ අපේ කට්ටිය


අපි තෑගි දුන්න සිල් ඇත්තන්ට


පුංචි සංග්‍රහයක් අපිට


විහාරස්ථානෙ ස්වාමීන් වහන්සෙ එක්ක


බෝ හාමුදුරුවොයි  චෛත්‍ය රාජයන් වහන්සෙයි


දුන්න ටයිල්ස්


ස්වාමීන් වහන්සේගේ ස්තුති කිරීමේ ලිපිය



Saturday, April 20, 2013

ආරාමයක සිවිලිමක් සකස් කිරීම


අපි ජයග්‍රහණය කලෙමු ........
තවදුරටත් අපට ඔබේ දායකත්වය ලබාදෙන්න.

ආයුබොවන් යහලුවනේ. අද ඔයාලට දෙන්නෙ සතුටුදායක පණිවිඩයක්. ගොඩදෙනෙක් මට බනිනව මුහුණු පොතට වෙලා කාලෙ කනව කියල. අපි මොනවගේ දේවල්ද කරන්නෙ කියල ඔයාලට පුංචි ඉගියක් ගන්න පුලුවන් මේකෙන්. ඔයාලට මතක ඇති මම කාලෙකට කලින් ආරාමයක් වෙනුවෙන් උදව් කරන්න කියල ඔයාලගෙන් ඉල්ලීමක් කලා. ආරාමයකට ත්‍රිපිටකය අරන්දෙන්න කියල සහ තවත් ගොඩක් අඩුපාඩු තියෙනව කියල මම කිව්ව. 

 ලිපියට ගොඩක් ප්‍රතිචාර ලැබුන. හැබැයි කියන්න කණගාටුයි. අසපු යන අසපු ත්‍රස්ථවාදීන් කිහිපදෙනෙක් ඒකට දිගින් දිගටම බාධා කලා. මම හොර කරනව කිව්ව. මම මුදල් ගසා කන්න හදනව කිව්ව. අන්තිමට ආධාර දෙන්න පොරොන්දු උන අයත් මග ඇරිය. 

ඒත් මුහුණු පොතේ ඉන්න දයාබර සොහොයුරියක් මගෙ කථාව විශ්වාස කලා. ඇය මට උදව් කරන්න පොරොන්දු උනා. ඇයගේ අකමැතිකම නිසා ඇයගේ නම හෙලිදරව් කරන්න විදිහක්නම් නෑ. මේ කුටිය හදල තිබුනෙ. වැඩ නිමකරන්න වෙන්කල මුදල මදිවෙලා තිබුනෙ. ඒ නිසා සිවිලිම නැතිව තිබූ අවස්ථාවකයි අපි මේ වැඩේ ඉාරගත්තෙ. 



මුලින් අපි ගණන් හැදුවෙ රු. 67 000/= කට විතර. නමුත් හාමුදුරුවන්ගෙ අවශ්‍ය තාවය අනුව සිවිලිම කිරීමේදී අවසානයේදී බඩුමිල වැඩිවීමත් එක්ක ඒ මුදල රු 135 000/= දක්වා වැඩි උනා. ඒත් ඒ සෑම දෙයකටම නොසැලී ඒ සොහොයුරිය මාව නිරන්තරයෙන් දිරිමත් කලා. මට නිතර කථාකරල සහයෝගය ලබා දුන්න. දයාබර මවුකෙනෙක් වගේ. 

අවසානය ඉතාම සුන්දර උනා. අද අපි ඒ ඉලක්කය ජයගත්ත.
 දැන් ඒ සිවිලිමේ වැඩ ඉවරයි. තව තින්ත ගාන්න තියෙනව. හදිසියේ වැඩිය තායිලන්ත හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට නවාතැන් දෙන්න තියෙන නිසා තින්ත ගාන්න ටික දවසක් ඉන්න වෙනව. ඒකට දවසක් යයි.

යහලුවනේ මේ වගේ පින්කම් සදා පින්වැඩෙන පින්කම්.

මේ පින්කමට උදව් කල මගේ දයාබර් අක්කේ. කවද හරි අවුරුදු සියයක් ගිහිල්ල හරි මේ සිවිලිම විනාශවෙනකල් අපිට අඛණ්ඩව පින් ලැබෙනව. හරියට බැංකු පොතේ ස්ථාවර තැන්පතුවක් දැම්මම අඛණ්ඩව පොලී ගලා එනව වගේ. ඒ විතරක්ද උපන් උපන් ආත්මවල මහේශාක්‍ය සම්පත් ලබනව. අව්වැසි පීඩා නොලබනව. නිවන් අවබෝධකරගන්න ඉතාම පහසු වෙනව. ආරාමයක් හදල පූජ කරනව කියන්නෙ අටමහා කුසල් වලින් එකක්. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. අරාමයක් හදල පූජ කරන එක මේ අටමහ කුසලයට අයත්. දැන් මේ සිවිලිම ගහපු එකත් ඒ වගේම හරිම පින්කමක් නිසා ඒ පිනත් ආරාමයක් හදන කටයුත්තට දායක වීමක් නිසා මහ ලොකු පිනක්.. මොකද කරදරයක් නොවී භාවනා කරන්න මේ සිවිලිම හරි ප්‍රයෝජනවත්. 



කොහොම උනත් තව මේ ආරාමෙ අඩුපාඩු ගොඩක් තියෙනව. මේ කුටිය තියෙන්නෙ අඩි සියයකට කිට්ටු උසක් තියෙන කන්දක. යන්න හරි හමන් පාරක් නෑ.පොලවෙ පඩිපෙල කපල තියෙන්නෙ. ගොඩක් දුෂ්කරයි ඉහලට නගින්න. ඒවත් කැඩිල ගිහින්. මෙහි වැඩවෙසෙන්නෙ භාවනා කරන තායිලන්ත ස්වාමීනව් වහන්සේ නමක්. පහල කුටියෙයෙනම් අපේ සිංහල ස්වාමීන්වහන්සේ නමක් ඉන්නෙ. පන්සලට උදව් කරන්න ඉන්න දායකවරු ඒතරම් ආර්ථික මට්ටමක් ඇති අය නෙවෙයි. ඔයාලට පුලුවන්නම් මේ පඩිපෙල ඉදිකරන්න ඒක මහා කුසලකර්මයක් වෙනව. ඒ විතරක් නෙවෙයි. පහත ආනිසංස ලබනව.



පුත්‍රයෝ බොහෝ ලබති
තැතිගැනීමක් නැත
හැමකල්හි අනුන් විසින් පීඩා නොකලහැක්කෙක් වේ
සැම විටම සැම පැත්තෙන්ම ආරක්ෂාවේ
වැරදීම් සිදුනොවේ
සිතෙහි පෙලීමක් නැත

මීට අමතරව ඔයාලගෙ ශරීරය බොහොම ශක්තිසම්පන්න වෙනව. වැටීම් පෙරලීම් සිදු නෙවේවි. යෝධ බල යෝධ ශක්තිය ලැබේවි.

අපි හොයන මුදල් නිකන් නිස්කාරනේ නොයෙක් දේවලට වියදම් කරන වෙලා මුලු සසර පුරාවටම වැදගත් දෙයක් කරන්න පුලුවන්නම් ඉතාම වටිනව. ඔයාලට මේ වෙනුවෙන් ටිකක් ලොකු වියදමක් දරවන්න වේවි. කිහිප දෙනෙක් එකතුවෙලා හරි මේ පඩිපෙල ඉදිකරල දෙන්න පුලුවන්නම් ඔබට නිවන් දකින ජාති දක්වා පලදෙන මහ පිනකමක් වේවි. ඒ සදහා ඔබේ කාරුණික අවධානය යොමු කරත්වා.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා එරන්ද ලක්මාල් විසින් හදපිරි සොයුරු දමින් බැදී මේ සත්කාර්යය ගෝතම සාක්‍ය සිංහ ශාසනය තුල මෙසේ නිමකල වගයි

මුහුණු පොතේ පලකල ලින්ක් එකට    මෙතනින්     යන්න



සිවිලිම කරන වෙලේ ගත් ඡායා රූප