රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 8, 2014

පින්වත් කලණ මිතුරෙකුගේ දායකත්වයෙන් වැසිකිලියක් ඉදිකිරීමට රු. 20,000/- ක් පරිත්‍යාග කල වගයි ...





පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://sasuna.blogspot.com/

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://www.facebook.com/buddhist.foundation
ඉතින් පින්වත් යාලුවනේ අටමහා කුසල් වලින් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් මටත් ලැබුන. සම්පූර්න නම හෙලි කිරීමට අකමැති වූ සුමිත් කියල විතරක් හදුන්වන්න අවස්ථාව දීපු පින්වත් කලණ මිතුරෙක් තමයි මේ වෙනුවෙන් දායක උනේ. මීට කලින් අවස්ථාවකත් පින්කම් වලට දායක වූ මේ මිත්‍රය අද පිරිවෙන් විහාරස්ථානයක වැසිකිලියක් සාදවා පූජා කරන්න දායක උනා. ඉහත රෑපයෙන් දැක්වෙන්නේ රු. 20,000/- මුදල මා විසින් ස්වාමීන් වහන්සේට පූජා කරන අවස්ථාව. ‍ ඔබ මේ වෙනකොට දන්නව අපි පිරිවෙන් විහාරස්ථානයක ලිදක් කපමින් සිටින බව. ඒ විහාරස්ථානයේ අඩුපාඩු කම් ඇති වැසිකිලි පද්ධතිය වෙනුවෙන් දායක වන අවස්ථාවක් තමයි මේ.
හොදයි අපි බලමු වැසිකිලි කැසිකිලි පූජාව මොනතරම් ආනිසංස දායකද කියල.

කඨිනං පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේමෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

වැසිකිළි කරවීම



අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.



ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.



එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත.



ඉතින් මෙවන් මහා පින්කමක් සිදුකරගත් දයාබර සුමිත් යහලුවේ. මේ පින් ඔබවන් පින්වත් දරුවෙක් බිහිකල රත්තරන් දෙමාපියන්ට පින් පඩුරක් වශයෙන් පූජාවේවා. කිදුක් නිරෝගී සුවබර ජීවිතයක් හිමිවේවා. ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු දුරුවී සෞභාග්‍යමත් කාලයක් උදාවේවා.  වයෝවෘද්ධ බව කාටක් උරැම දෙයක් උනත් ඉන් ඇතිවන පීඩාවන් අවම වේවා.

               ඔබටත් මේ පින්බලෙන් ජීවිතයේ සියලු දුක් කම්කටොලු දුරුවේවා. යහපත් අනාගතයක් උදාවේවා. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදි පංච බල ධර්මයෝ වඩා වර්ධනය වේවා. 
අවසනදී ඔබටත් දයාබර දෙමාපියන්ටත්, ඔබේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් එකම සද්ධර්ම මණ්ඩපයකදී ලොව්තුරු දහම අවබෝධ කරගැනීමට හැකිවේවා. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති පරම රමණීය වූ අජරාමර වූ අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා.



ඔබත් මෙවන් මහ පින්කමකට දායක වන්නට කැමතිනම්  මා අමතන්න - 0712933180

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.

'

Thursday, August 7, 2014

පින්වත් මිතුරියකගේ අනුග්‍රහයෙන් රු. 10,500/= ක් වටිනා පිත්තල පාත්‍ර තුනක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...




පින්වත් මිතුරියකගේ අනුග්‍රහයෙන් පිත්තල පාත්‍ර තුනක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://sasuna.blogspot.com/

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අද අපි ලොකු පින්කමක් සිදුකර ගත්ත. ඒ තමයි පිත්තලෙක් නිර්මානය කල පාත්‍රා තුනක් ගෞතම බුදුසසුනට පූජාකිරීම. පින්වත් සොයුරියක් ගූගල් වෙබ් අඩවිය තුල මෙහෙණි ආරාම පිලිබද  පිලිබද සොයමින් සිටියදී මා විසින් සිදුකල පින්කමක් නරඹා මට කථා කලා. ඒ අනුව එතුමිය යම් පින්කමකට සම්බන්ද වෙන්න අවශය බව පැවසුව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ පාත්‍ර තුන පූජා කිරීම සිදු උනේ.

මේ පාත්‍ර තුන පූජා කලේ කුරුණෑගල බොයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම පුරාණ විහාරස්ථානයටයි. ඉතින් අපි පාත්‍ර පිදීමේ අනුසස් පොඩ්ඩක් හොයල බලමු.

ආහාර පාත් භාජන පිදීමේ අනුසස් දහය

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට මහා සංඝයා වහන්සේට පාත් සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ලබයි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරගත් දයාබර නිසංසලා සොයුරියේ. පළමුකොට මේ පින් ඔබ වැනි යහපත් දරැවකු බිහිකල දයාබර අම්මටත් අප්පච්චිටත්  අනුමොදන් වේවා. ඒ අය සුගතිගාමී වී සිටීනම් තව තවත් ඒ සැපසම්පත් වැඩිවේවා.

එසේම ඔබේ දුවා දරුවන්ගේ සියලු අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා... සියලු අපල බාධක දුරුවි දුවා දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු ආදිය සාර්තක වේවා. ඔබේ පින්වත් ස්වාමි යාටත් මේ පින් ඒකාකාරවම ලැබී සියලු දුක් කම්කටොලු බාධක දුරුවේවා. සැපතින් සැපතට පත්වේවා.

මේ පින්කම සිදුකල  දයාබර නිසංසලා ශාමිණී ගුණරත්න සොයුරියේ. සසර පුරා ඔබ සිදුකරගත් අප්‍රමාණ කුසල් බෙලෙන් ඔබ තිහේතුක ප්‍රතිසංධියක් ලැබුවා. මිනිසත් භවයක් ලැබීමත්, අංග විකල නොවීමත්, උතුම් සිරි සද්ධර්මයේ පහස ලැබීමටත් ඔබ වාසනාවන්ත උනා. ඒ විතරක් නෙවෙයි. සසර බිය හොදින් හදුනාගෙන මෙවන් පින්කම් කරමින් සසර කෙටිකරගැනීමට උත්සාහ කිරීමට තරම් ඔබ සිතිවිලි පහල කරගත්තා. ඒ සියල්ල ඔබ සසර පුරා සිදුකල යහපත් කුසල කර්මයන්ගේ ප්‍රතිඵලයි.

දයාබර සොහුරියේ, ඔබ සිදුගරගත් සියලු කුසල් මෙන්ම අද දින සිදුකල මේ සියලු කුසල් බෙලෙන්ද ඔබේ ප්‍රාර්ථනාවට යෝධ ශක්තිය ලැබේවා. මේ භවයේදීම ඔබ බලාපොරොත්තුවන උතුම් නිර්වාණ සුවයම ලැබේවා. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරනයක් නැති අජරාමර, පරම රමණීය නිවන් සුවෙන් මේ භවයේදීම සැනසෙන්නට ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා.

අනන්ත බුදුගුන බෙලෙන් තුන්ලොවම සැනසේවා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...