රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, November 28, 2014

නෙත් දෙකෙහි සුද මතුවීම නිසා ශෛල්‍යකර්මයකට භාජනය කිරීමට සදහා වසර හතක් පමණ වයස පුංචි පුතෙකුට පින්වත් කළණ මිතුරු යුවලකගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් රු 30,090/-ක මුදලක් පරිත්‍යාග කල වගයි ...





පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද මේ බ්ලොග් එක පුරාවටම දැනගන්න පුලුවන්.

අපේ පිටුවට එක්වන්න.
www.facebook.com/buddhist.foundation

කුරුණෑගල බෝයගනේ නයිලිය ප්‍රදේශයේ ජීවත්වන පුංචි පුතෙකුගේ ඇස්වල සුද මතුවීම නිසා ඔහුව ශෛල්‍යකර්මයකට භාජනය කිරිමට සිදුවි තිබෙනවා. නව කාච යුවලක් බද්ද කිරීමට අවශ්‍ය බවත් ඒ සදහා රු 25,000/- ක පමණ මුදලක් අවශය බවත් වෛද්‍යවරුන් කියා හිටියා. ඒ අනුව ඒ පුංචි පුතාගේ ශෛල්‍යකර්මය වෙනුවෙන් රු 30,090/- ක මුදලක් අද දින (2014/11/28 )පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පූර්ණ ධන පරිත්‍යාගය සිදුකලේ මා හිතාදර දුලිප් දෙනවක මහතාත්, ඔහුගේ බිරිද වන තනුජා නයෝමි නිස්සංක මහත්මියත් විසින්.
එම දෙපල මුදල් පරිතයාග කරන අවස්ථාව වන විටත් කිහිප දෙනෙක් මුදල් ලබා දෙන්නට කැමැත්ත පලකර සිටියත් දුලිප් මහතා විශේෂ උනන්දුවකින් සිය බිරිද සමග මේ පින්කමට දායක උනා. මුදල් එවන ලෙස මා ඉල්ලා සිටි සැනින් දුලිප් මහතා විසින් මුදල් ප්‍රේෂණය කර මාහට රහස්‍ය අංකය ලබාදෙන්නට තරම් ඉතාම උනන්දුවෙන් මේ පින්කමට දායක උනා.
     පින්වත් දුලිප් මිතුර, නයෝමි නංගියේ ඔබ සිදුකරගත්තේ පුංචි පින්කමක්නම් නොවේ.

අප මහා බෝසතාණන් වහන්සේ සිවි නම් රජ කෙනෙකුව ඉපිද රාජ්‍ය කරන සමයෙහි උන්වහන්සේගේ දාන පාරමිතාව සපුරණු වස් සියලු දේ දන් දුන් සේක. ඉදින් මාගේ දාන පාරමිතාව මෂ්ථකප්ප්‍රාප්ත කරනු වස් යමෙක් මාගේ ශරීර අවයවයක් ඉල්ලා සිටීද එයද දන්දෙමියි සිතා ගත්තේය මෙය දුටු සක්දෙව් රජ මහලු බමුණකුව වෙස්වලා ඇවිත් ඇස්දෙක ඉල්වීය. රජ තෙම ඉතා සතුටුව සිය රාජකීය වෛද්‍යවරයා කැදවා සිය දෑසම ගලවා බමුණාට දෙන්නයැයි අන කලේය.
එවිට වෙදතෙම බොහෝ බෙහෙත් එක්කොට නිලුපුලෙක්හි ගල්වා දකුණුනාසයට එලුයේය. එකෙනෙහි ඇස්බැම වැටී නහර වැලෙහි එල්ලී සිටියේය. ඇස් දෙකෙහි අධික වේදනා උපන්නේ . ලේ දහරින් සළු තෙමුණේය. රජ පිරිස මහ ජනයා සමඟ රජු පාමුල ඇද වැටී හැඬූහ. වෙදතෙම වමතින් ඇස අල්ලා දකුණතින් සැතගෙන නහරය කපා රජ්ජුරුවන්ගේ අතෙහි තැබීය. රජතුමා තවමත් එල්ලෙමින් තිබෙන ඇසින් ඇස බලා බමුණා කැඳවා බුදුබවම ලැබේවායි පතා එය බමුණාට දුන්නේය. එතෙමේත් බොහෝ දෙනා බලා සිටියදී තමා ඇස් වලෙහි එය ඔබා ගත්තේ එකානෙහිම පෙනීමේ ශක්තිය ලද්දේය. රජතුමා ඉතා සතුටට පත්ව අනිත් ඇසත් ගලවා දුන්නේය. මහළු බමුණා එයද තම ඇස් මත්තේ තබා ප්රකෘතිමත් කොට ඉන් නික්ම ටික දුරක් ගොස් අන්තර්ධාන වී ගියේය.
 පසුව බවුන් වැඩීමට ගිය රජු හට දානානිසංස බෙලෙන් නැවතත් නෙත් පහල වූ බවත් ඒව දිවය
 නේත්‍ර වූ බවත් සිවි ජාතකයේ සදහන් වේ. ( සිවි ජාතකය කියවන්න - http://jathakakatha.lk/sinhala/index.php?option=com_content&view=article&id=320:485-&catid=59:451-500-&Itemid=102 )

මේ අයුරින් සසර පුරා නෙත් දන්දිම, නෙත් සුවපත් කිරීම පමණක් නොව නෙත් වලින් රවා නොබැලීම ආදී මහා කුසලයන් නිසා බුදුවූ භවයේදී බුදුහිමියන් වහන්සේගේ නෙත් වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් දෙකක් විද්‍යාමාන විය.

01.     ඉතා නිල්වන් නෙත් ඇතිබව (අභිනීලනෙත්ත ලක්ඛණං )
02.      එකෙනෙහි උපන් වසු පැටියෙකුගේ බදු දිගු සුන්දර දැස් ඇති බව ( ගෝපකුම ලක්ඛණං )

දුටුවන් මන වශී කරනා කාන්තිමත් නෙත් යුවලක් මෙන්ම කෙතරම් බලා සිටියත් දෙව්, බඹු, මිනිස් කිසිවෙකුට තෘප්තිමත්වීමක් නැති මනස්කාන්ත නෙත් යුවලක් හිමිවීමද දිව්‍ය නේත්‍ර පහලවීමද උන් වහන්සේ සසර පුරා කරන ලද පින්කම්වල ආනිසංසයි.

ඉතින් පින්වත් දුලිප් මිතුරාටත්, නයෝමි නංගියාටත් මේ සිදුල පුණ්‍යකර්මයේ බලය සසර පුරාවට නිවන් දක්නා ජාති දක්වාම ඇස්වලට වැලදෙන කිසිම රෝගයක් හට නොගැනීමටත්, ඉතා පිරිසිදු  දර්ශණීය පෙනුමැති ඇස් පහළ වීමටත්. සැමවිටම දුර දක්නා නුවණ පහල වීමටත්. රාත්‍රියේ පවා පෙනිම ඇතිවීමටත්, කෙතරම් නිදි වර්ජිත උවත් ඇස්වල පීඩා ඇති නොවීමටත්, වයසට යාමෙන් හෝ ඇස් පෙනීම දුර්වල නොවීමටත්, දිව්‍ය නේත්‍ර පහල වීමටත් හේතුවාසනා වෙනව. ඒවන් මහ පින්කමක් සිදුකරගත් ඔබ අපවත් ඒ පින්කමට දායක කරගැනිම පිලිබද අපද පුණ්‍යානුමෝදනා සිදු කරනව.
         එසේම මේ පින් බලෙන් නිවන්දක්නා ජාති දක්වාම සසර පුරාවට නිදුක් නිරෝගී සුවබර ජීවිතයක්ම උදාවේවා. අසවල් දේ නැහැයි බැහැයි නොකියන පරම පිවිතුරු ජීවිතම ලැබේවා. නැහැ බැහැ නොකියා දන් දියහැකි මහේෂාක්‍ය ජීවිතම පහල වේවා. දිව්‍ය නේත්‍ර ලැබේවා. සියලු අධ්‍යාපන කටයුතු ආදිය සාර්තක වේවා.
ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උදාරතර දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරව ලැබේවා. දෙලොවම ජීවිත සාර්ථක වේවා. සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් මග දැක සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාතයන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...











Thursday, November 13, 2014

පුංචි නෙතග සතුටු කදුලු නංවමින් රු. 56,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි ...




පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද මේ බ්ලොග් එක පුරාවටම දැනගන්න පුලුවන්.

අපේ පිටුවට එක්වන්න.
www.facebook.com/buddhist.foundation


පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. පොල්ගහවෙල පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 56,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.



මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.

01. එරංග සෙනෙවිරත්න මහතා - රු. 5,000.00

02. ඉෂාර ප්‍රනාන්දු මහතා. - රු. 4000.00

03. සමීර මධුරංග මහතා - රු.2000.00

04. මාධව ජයසේන මහතා - රු. 14,000.00

05. නදීරා තේජානි මිය- රු. 15,000.00

06. ගිහාන් ගමගේ මහතා - රු. 2000.00

07. ඉෂංක නානායක්කාර මහතා - රු.2147.00

08. අටපිරිකර පූජාවේ ඉතිරි. රු. 21343.00



            එකතුව - රු. 65490.00



( අට පිරිකර පූජායට මුදල් ලබාදුන් අය මෙසේයි. රුවන් එස්. ජයසිංහ මහතා, ඉෂාර ප්‍රනාන්දු මහතා, ප්‍රභාත් සමින්ද්‍ර මහතා, ලයනල් ගුණතිලක මහතා, ජිත් විජේසිංහ  මහතා, ලක්ෂාන් රණසිංහ මහතා


           

පාවහන් සදහා වියදම් උන මුදල රු. 55776.60 ක්. ප්‍රරවාහන වියදම රු 150.00 යි.

DSI ආයතනය මූක ප්රවාහන පහසුකම දින කිහිපයකට කලින් අපේ නිවසට නොමිලේ ලබාදුන්න. ප්රවාහන වියදම් ගියෙ නිවසේ සිට පාසැලට අරන් යන්න.
මින් ඉතිරිවන රු. 9563.60 මුදල වෙනත් පින්කමක් සදහා යොදාගන්නව.



ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරුකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ.

අසරණ දරුවන්ට ඉගෙනිමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම මගින් එයාලගෙ ඉගෙනීම් කටයුතුවලට ඇති බාධා ඉවත් වෙනව. චිත්ත පීඩා ඉවත් වෙනව. ඒමගින් සිතේ සැනසීමෙන් ඉගෙනීම් කටයුතු කරගන්න පහසුවෙනව. ඉතින් ඒ අයගෙ සිතේ ඇතිවන සතුට අපිට කුසලයක් විදිහට අනුමෝදන් වෙනව. මොකද අපි එයාලට අවශ්‍ය පහසුකම් ලබාදුන් නිසයි එයාලට සතුටින් ඉගෙනීම් කටයුතු කරගන්න හැකියාව ලැබුනෙ.

අනෙක් අතින් මේ සියලු දෙනා සිංහල බෞද්ධ දරුවො. ජාතිය රැකගන්න ෆේස්ුබුක්එකට වෙලා කෑගහන කීබෝඩ් වීරයො නොවී අපි සැමදෙනා ජාකිය රැකගන්න ප්‍රායෝගිකව දායක උනා. ජාතිය රැකෙනව කියන්න ආගමත් රැකෙනවයි කියන එකමයි. මේ දරැවො හොදින් ඉගෙනගෙන බුද්ධිමත් දරුවො විදිහට සමාජගත වෙනවනම් ඒක අපි ලබන ලොකු පිනක්.

 ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතිගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...



මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා ... මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා ...




බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...


පාවහන් බෙදාදීමේ ‍විශේස අවස්ථා ...

















Wednesday, November 5, 2014

තවත් දර්ම දානමය පින්කමක් සිදුකල වගයි ...





පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද මේ බ්ලොග් එක පුරාවටම දැනගන්න පුලුවන්.

අපේ පිටුවට එක්වන්න.

www.facebook.com/buddhist.foundation

අද දින අපි ධර්ම දානයක් සිදුකලා. මුදල්මය වශයෙන්  වටිනාකම අඩු උනත් ධර්මදානමය පින්කමක වටිනාකම මෙච්චරයි කියන්න බැහැ. මේ පින්කමට කාරුනික අනුග්‍රහය ලබාදුන්නෙ තුසාර සම්පත් කියන මගෙ හොද හිතමිතුරෙක්.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.


1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඉතින් මේ සිදුකල මහා පින්කමේ බලයෙන් ඔබට සසර පුරාම දුකින් කදුලින් ‍තොර ජීවිතයක් ලැබේවා.  සුගතියෙහිම උපත සිදුවේවා. නිතර බුදුබණ ඇසෙන. නිතර පන්සිල් සුරකින යහපත් සුදී ජනයන් අතරම උපත සිදුවේවා. සසර පුරාවට නැහැ, බැහැ, කියන වචනයක්වත් අසන්නට නොලැබේවා.  වැඩි වැඩියෙන් මෙවන් මහ පින්කම් කරගන්නට තව තවත් අවස්තාව ලැබේවා. ඉක්මන් භවයකදීම  අමා මහ නිවනින් සැනසෙන්නට ‍මේ පින හේතුවාසනා වෙව්වා ...

බෞද්ධ සන්නිවේදනය සදහා වු ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...