රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, November 1, 2013

සොනි මයික්‍රෝෆොනයක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...






පින්වත් යහලුවන්‍ගේ දායකත්වයෙන් අපි මහ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර ඔබ බලන මේ බ්ලොග් එකෙන් බලන්න පුලුවන්.

ඔය ලින්ක් එකේ පෙන්වන බ්ලගේ එකේ බලන්න සැරියුත් මුගලන් පලිම දෙකක් පරිත්‍යාග කරන්නත් පහන් ගෙයක් සදා පූජ කරවන්නත් දායක උන කෙනෙක් පිලිබද විස්තර තියනව. ඔයු නමින් කල්පන අතුරැගිරිය මහතායි.

එතුමා සැරියුත් මුගලන් පිලිම වහන්සේලා වෙනුවෙයන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කලා. ඉන් ඉතිරි වූ මුදල් පහන් ගෙයක් ඉදිකිරීමටත්, දොලොස් මහේ පහණක් පූජා කරන්නත් අපි දායකත්වය ලබා ගත්ත. තවත් මුදල් ඉතිරි වූ නිසා ඒ මුදල් තව පින්කමකට යොදාගත්ත. ඒ සෝනි කොන්ෆරන්ස් මයික්‍රෆොනයක් ගෞතම ශාසනයෙහි පූජා කිරීම සිදු උනා.
                   අපේ කල්පන මිතුරා මේ සිදුකරගත්තෙ පුංචි පින්කමක් නෙවෙයි. බුදුහාමුදුරුවො දේශනා කරනව සියලු දානයන් අභිබවා ධර්ම දානය උතුම් කියලයි.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

ඉතින් මේ මහ පින්කමට දායක උන කල්පන මහතාගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා... ඔබේ දරුවන්ට බිරිදට මෙන්ම පවුලේ දෙමාපියන් සොයුරු සොයුරියන් සියලු දෙනාට නිදුක් නිරෝගී, සුවපත් ජීවිත ගත කිරීමට අවස්ථාව ලැ‍ෙබ්වා. විශේෂයෙන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල අදෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී ජීවිත ගතකිරීමටත් කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා වේවා ...

මෙවන් මහ පින්කමක් සිදු කිරීමට ඔබත් දායක වන්න.

චෛත්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න.



මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

.


No comments:

Post a Comment