රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, January 13, 2014

සමාධි බුදුපිලිම වහන්සේට මල් පොච්චි දෙකක් පූජා කල වගයි ...




පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

බුදුදහම ප්රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

අපි සමාධි බුදුපිළිම වහන්සේ ට විශාල මල් පෝච්චි දෙකක්  පූජා කිරීම සිදු කලා. මේ පින්කම මහා අනුහස් ඇති පින්කමක්.  

මල් පූජාවේ අනුසස්
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

ඉතින් ඔබ සිදුකලේ එක මලක් දෙකක් නෙවෙයි. මේ බුදුපිලිම වහන්සේ මෙතැන වැඩ සිටින තාක්කල් මේ මල් පෝචිචිවල බුදුහිමියන් නමට මල් පිපේවි.

ඉතින් මේ මහ පින්කම සිදුකලේ විදෙස්ගතව සිටින නිම්මි නදී මහත්මිය. ඉතින් මේ පින්වත් සොයුරිය සිදුකල අප්රමාණ කුසල් ඔබවන් පින්වත් දරුවකු බිහිකල දයාබර දෙමාපියන්ට පින් පිණිස හේතු වාසනා වේවා. ඔබේ සියලු පැතුමන් අයුරින්ම සාර්ථක වේවා. ඔබේ පින්වත් ස්වාමියාටත් මේ පින් ඒකාකාරව ලැබී ඔහුගේ ජීවිතය පවා වාසනාවන්ත වේවා. ඔබේ පින්නවත් දරුවන්ට නිදුක් නිරෝගී නාගතයක් උදාවේවා ... ඔබේ මෙලොව ජීවිතය දුක් කරදර කම්කටොලු දුරුවේවා. මේ සියලු පින් බලෙන් ඔබට මෙලොවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගැනීම මේ සියලු පින්කම් හේතු වාසනා වේවා ...

ඔබත් මෙවයන් මහ පින්කම් වෙනුවෙන් දායක වන්න. ආරාමයක දුෂ්කර මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ පින්කම වෙනුවෙන් දායක වන්නට කැමතිනම් මා අමතන්න.
071-2933180

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...





'

No comments:

Post a Comment