රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, December 22, 2014

පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් ධර්ම සන්නිවේදනය සදහා සන්නිවේදන උපකරණ ගෞතම බුදු සසුනට පූජාකල වගයි ...



පිනවත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් මේ සසුන බ්ලොග් අඩවියෙන්. අනිත් ලින්ක් ටිකත් බලන්නකෝ.
www.sasuna.blogspot.com

අපේ පිටුවට එක්වන්න.
 www.facebook.com/buddhist.foundation

පින්වතුනේ අද දිනත් අපි ලෝකයේ උතුම්ම පූජාවක් කලා. තමයි සන්නිවේදන උපකරණ කට්ටලයක්  අද දින කුරුනෑගල බෝගමුව ජේතවන විහාරස්ථානයට පූජා කිරීම සිදු කලා. මේ පරිත්යාගයට පූර්ණ අනුග්රහය ලබාදුන්නේ මා හිතවත් කඝ්යාණ මිත්රයන් වන ජීවන් විජේතුංග මහතාත්, තනුජය විජේතුංග මහතාත් විසින්.

ජීවන් විජේතුංග මහතා ලබාදුන් මුදල රු 30,490.00
තනුජය විජේතුංග මහතා ලබා දුන මුදල රු 5,000.00
_______________________________________
එකතුව  රු 35490.00

ඈම්ප් එකට සහ හෝන් දෙකට රු - 31450.00
වයර් රෝල සහ මල්ටි ප්ලග් එකට රු - 2550.00
ප්රවාහන වියදම                    රු 900.00
----------------------------------------------------
එකතුව                 රු 34,000.00

ඉතිරි රු1490.00  වෙනත් පින්කමක් සදහා යොමු කර දැනුම් දෙන්නම්.

මෙහි ප්රවාහන වියදම් සදහා 900/- වියදමක් ගියේ අඩු මුදලට වැඩි වටිනාකමක් ඇති උපකරණ සොයා ගිය නිසයි. මේ උපකරණ කට්ටලයක් රු 47,000/-ක් පමණ මිලවන බව බොහෝ තැන් වලින් කිව්ව. ඉතින් අඩුමිලට ගන්න පුලුවන් තැනක් හොයල තමයි මේ ගත්තෙ. නිසා ප්රවාහන වියදම ටිකක් වැඩි උනා.

පින්වත් යාලුවනේ ඔබ හතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්. කලින ල්ප්ය තියෙන්නෙ ත්රිපිටක පොත් පූජාවක් ගැන. මෙතනදිත් කියන්න වෙන්නෙ ලිපියෙ අන්තර්ගත දේවල්මයි. කොහොම නමුත් මා හිත මිතුරන්ගේ පහන් සන්නිවේදනය සදහා ලිපියයේ අන්තර්ගතය නැවත පලකරනව.

පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

වරත් බුදුහාමුදුරුවො දේශනා කරනව ධම්මං විනා නත්ථි පිතාච මාතා කියල. ධර්මය ඉක්මවා ගිය  මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ.

ඊලගට ධම්මෝෂධ සමං නත්ථි - ඒතං පිවත භික්ඛවෝ කියල කියනව. කියන්නෙ  ධර්මය හා සමාන ශසුවක් නැත, එය පානය කරව් කියල.

ඊලගට සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)

3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම

2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම

4. ධර්මය ඉගැන්වීම

5. පිරිස් වලට බණපොත් කියවීම

6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ් වියදම් දීම,

12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම වැඳීම සාදුකාර දීම කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

දිනපතා මේ විහාරස්ථානයේ ත්රිපිටක පොත් වහන්සේලා සජ්ජායනය කෙරෙනව. පිරිත් සජ්ජායනය කරනව, ඊට අමතරව සියලු සාමණේර භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා පුරුදු කරන්නත් බලාපොරොත්තු වෙනව.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ජීවන් විජේතුංග මහතාත්, තනුජය විජේතුංග මහතාත් යන ඔබ දෙපලගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවන අත්වේවා. ඔබට මෙලොව උත්පත්තිය ලබාදුන් දයාබර මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට වගේම ඔබගේ බිරිදට,  දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. විශේෂයෙන් ජීවන් විජේත්රංග මා කළ්යාණ මිත්රයා නිරන්තරයෙන් විශාල වශයෙන් මා වෙත මේ පින්කම් සදහා මුදල් වෙන් කරනවා. ඔබතුමා මා කෙරේ තබා ඇති විශ්වාසයට අනේක වාරයක් පින් සිදුවේවා. ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබතුමාගේ සිත් පහලවීමම ඔබ ලද මහා භාග්යයක්. එසේම තනුරජ මහතා මේ පින්කම වෙනුවෙන් කිහිප විටක්ම මා අමතා ඉතාම උනන්දුවෙන් මේ වෙනුවෙන් කටයුතු කලා. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවා. මේ සියලු පින් ඔබටත්පවුලේ  සියලු දෙනාටත් දෙව් මිනිස් සැප කෙළවර ජාතියක්, ජරාවක්, ව්යාධියක්, මරණයක් නොමැති පරම ශාන්ත නිවන්මග පතන බෝධියෙන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. සත් බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා.

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ...

 








No comments:

Post a Comment