රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, November 3, 2013

කඨින පින්කමක් වෙනුවෙන් සිවුරු පිරිකර විස්සක් පරිත්‍යාග කල වගයි ...



පින්වත් යහලුවනේ මේ කාලයෙදි අපි පින්කම් රාශියක් සිදුකරමින් පවතිනව. පහුගිය කාලෙ කල සියලුම පින්කම් බලන්න මෙන් මේ බ්ලොග් එකට යන්න. බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.


ඉතින් අද දින  ඒ කියන්නෙ 2013/11/03 දින පැවැත්වූ කඨින චීවරය පූජාව වෙනුවෙන් පැමිණි විසිනමක් (20) පමණ වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම අපි සිව්රු පිරිකර  පූජා කලා. කඨින පූජාව පැවැත්වුනේ කුරුණෑගල බෝයගේනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයේදීයි. මේ වෙනුවෙන් විදෙස්ගතව සිටින අපේ පින්වත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම දායක උනා. ඒ අයගේ නම් මෙසේයි.

01.  නිශාන් සුරංග

02.  අසංක ජයමාලි

03.  මංජුල කිලක් කුමාර

04.  ගගන මංජුල

05.  ප්රභාත් ප්රේමතිලක

06.  සුනාලි මධුවන්ති

07.  නිරෝෂා දමයන්ති

08.  නෙත්සර තේජාන්

09.  චමින්ද රත්නායක

10. දර්ශන නිලාන් පරණමාන්න
       යන පින්වත් සොයුරැ සොයුරියන් තමයි මේ වෙනුවෙන් දායක උනේ.


ඉතින් යහලුවනේ කඨිනයේ මෙන්ම කඨින පූජාවට අදාලව කරන පූජාවන්හි ආනිසංස කියා නිමකරන්න බැහැ. ඒ පිලිබදව සදහන්වෙන්නේ නාගිත ථේරාපදානයේයි.  ඒ පිලිබද පංචි විස්තරයක් මේ.

01.  යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලා ට අවශ්‍ය කරන සියලු පිරිකර හැම දා ම නිරතුරු ව පූජා කිරීමෙන් ලැබෙන ආනිශංසය ත්, කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිශංස ත්, අතර සොළොස් කලාවෙන් කලාවක් නො වටින ගුණයක පරතරයක් ඇත. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලැබේ.

02.  ලොව ඇති උසස් ම වර්ගයේ වස්ත්‍රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරුවලින් මහමෙර උස ට ගොඩ ගසා පූජා කළ ත්, කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිශංසත් එක්ක ගත් විට දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් නො වටින්නේ ය.

03.  ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්න ත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නො වේ. කඨින දානයකින් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා බල සම්පන්න වේ.

04.  මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්න ත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එය ට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලබා දෙයි.

05.  මේ මිහිපිට දෙන දන් අතරින් සංඝයා ට දෙන ලද කඨින දානය ම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබේ.

06.  මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීම ට මෙ ම කඨින පූජාවක ආනිසංසවල ට බලයක් ඇත.


ඉතින් මෙවන් පූජාවකට අයත් වෙන්නෙ කඨින චීවරය පමණක් නෙවෙයි.  කඨින දවස පූජ කරන සියලුම දේවල් කඨින පින්කමට අයත්වෙනව. කඨින තුන්මාසෙ කරන පින්කම පවා කඨින පින්කම් ලෙස හැදින්වෙන්නෙ ඒකයි.  ඉතින් පින්වත් යහපලුවො සිදුකරගත් පින්කම සුලුපටු දෙයක් නෙවෙයි.

කඨින චීවර පූජාවේ ආනිසංස නාගිත ථෙරාපදානය තුළින් අපට මනා ව අවබෝධ කරගන්න පුලුවන්. කල්ප අනූඑකකට පෙර විපස්සි බුදුරදුන් සමයෙහි මහා සංඝරත්නයට කඨින චීවරයක් පූජාකොට තමන් ලැබූ ආනිසංස, නාගිත තෙරුන් වහන්සේ විසින් ගෞතම බුදුරදුන් සමීපයෙහි අනාවරණය කරමින් ප‍්‍රකාශ කරන ලද ගාථා පෙළින් තෝරාගත් ගාථා කීපයක් මතු සදහන් වෙනව.
කඨිනදානං දත්‍වාන සංඝෙ ගුණවරුත්‍තමෙ ඉතොතිංසෙ මහාකප්පෙ නාභිජානාමි දුග්ගතිං
ගුණයෙන් උතුම් ව මහ සඟරුවනට කඨින චීවරයක් පුදා කල්ප තිහක් තිස්සේ දුගතියක නූපන්නෙමි.

අට්ඨාරසන්‍තං කප්පානං දෙවලොකෙ රමාමහං චතත්‍තිංසක්‍ඛත්‍තුං දෙවිෙන්‍දා දෙවරජ්ජමකාරයිං
කල්ප දහඅටක් දෙව්ලොව සැප වින්දෙමි. තිස්හතර වාරයක් සක්දෙව් රජව දෙව්ලොව රජ කළෙමි.
ආරපථෙ ආරපථෙ චක්‍කවත්‍ති සුඛං ලභෙ පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛ්‍යයා
 කඨින චීවරය මැසීමේදී ගසනු ලද ඉදිකටු පාර ගණනට චක‍්‍රවර්ති රාජ සම්පත් ලදීමි. මහත් වූ ප‍්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැක.

භොගෙ මෙ ඌණතා නත්‍ථි කඨිනදානස්සිදං ඵලං යත්‍ථ යත්‍ථුප්පජ්ජාමි ලභිත්‍වා සබ්බ සම්පදං පරිසානං උත්‍තමො හොමි කඨිනදානස්සිදං ඵලං
 මගේ භෝග සම්පත් කිසිදා අඩු නොවී ය. යම් යම් තැනක උපදිම් ද ඒ ඒ තැන සියලූ සම්පත් ලබා පිරිස අතර උත්‍තම තත්‍වයට පත්වීමි.

හත්‍ථි යානං අස්ස යානං සිවිකංසන්‍දමානිකං සබ්බං තං පටිලාභාමි කඨිනදානස්සිදං ඵලං
ඇත් යානා අස් යානා සිවිකා යානා ආදී සියලූ යානයින් ලැබීමි.

රුක්‍ඛග්ගෙ පබ්බතග්ගේ වා අන්‍තලික්‍ඛ ච භූමියං යදා ඉච්ඡාමි දුස්සෙහි සබ්බං පටිලාභාමහං
 ගස් මුදුන්හිදී ද පර්වත මුදුන්හිදී ද අහසේදී හෝ භූමියේදී ද යම් වස්ත‍්‍රයක් කැමති වීම් ද ඒ සියල්ල ලැබීමි.

මේ සියල්ල  කඨින පින්කමේ ආනිසංස. කඨින දවසෙ සිදුකරන සියලු පින්කම් වලට මහ අනුසස් ලැබෙනව.

එසේම මෙය පිරිකර පූජාවටත් අයත්වෙන පින්කමක්.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වනව. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28,850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ. අටමහ කුසල් යනු පංච ආනන්තරිය පාප කරම් හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් පින්කමක්.

ඉතින් මේ මහා පින්කයේ ආනිසංස කියල නිම කරන්න බැහැ. මේ මහා පින්කමට සහභාගි උන ඔබවන් පින්වත් දරැවන් බිහිකල පින්වත් දෙමාපියන්ට පලමු කොට මේ පින් පූජා වේවා. ඔවුන් ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී ජීවිතයක් ගතකරන්නට වාසනාව ලැබේවා. සියලු කරදර බාදක දුරුවේවා. ලෙඩවීම, ජරාවට පත්වීම ආදිය හැම ජීවිතයකට පොදු කරුනක්. නමුත් මහලුවීම පවා අප්‍රමාණ වේදනාවක් බවට පත්වන අය සමාජයේ අපි දකිනව. හරීරය පණ නැතිව ඇස් නොපෙනී දුක් විදින අය සමාජයේ ඉන්නව. නමුත් මේ පින් බලෙන් ඔබේ දෙමාපියන් ඒ සියලු කරදර වලින් මිදේවා. නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් කෙලවර නින්දෙන් පිබිදුනාක් මෙන් කිසිදු දුක් පීඩාවකින් තොරව සුගතිගාමී වන්නට මේ පින් හේතුවාසනා වේවා. කෙලවර අමා මහ නිවන් සුව ලැබේවා. විශේෂයෙන් පසුගිය දින උපන්දිනය සැමරූ දර්ශන නිලාන් අයියාගේ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගීව සියවසක් ආයු වලදන්නට මේපින් හේතුවේවා. වාසනාවේවා.
ඒ පින්වත් දෙමාපියන් මියගොස් සිටීනම් ඒ අය සුගතිගාමීව සිටීනම් වැඩි වැඩියෙන් සැප සම්පත් ලැබේවා. අත්වැරදීමකින් හෝ අභව්‍ය ස්ථානයක ඉපිද සිටීනම් සුගතිගාමී වේවා.
මේ පින්කමට දායක වූ ඔබටත් ඔබේ දූ දරුවන්ද, ස්වාමියා හෝ භාර්යාවන්ද සියල්ලන් සැපවත් ජීවිත ලබත්වා. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සුද්කලේ. ඒ ලෙසින්ම භබටු දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ශාසනාරක්ෂක, ලෝකපාලක, දෙවියන් මෙන්ම සතර වරම් දෙවියන්ද මේ පින් අනුමොදන්ව ඔබට සතර වටින් ආරක්ෂාව සලසත්වා. උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන්ද, ජයසිරි මහ බෝ හිමියන්ගේ අනුහසින්ද, වාම,දක්ෂිණ දන්තධාතූන් වහන්සේලාගේ බලයෙන්ද, ලලාට දාතුන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුලු සිලුමින සෑයේ, නාගලොවේ වැඩ සිටින මෙන්ම තුන්ලෝකය පුරා වැඩ සිටින සර්වඥ ධාතුන්වහන්සේලාගේ බලයෙන්, අරහත් මහ ධාතූන් වහන්සේලාගේ බලයෙන්, තුන්ලෝකයේ වැඩ සිටින බුදුපිලිම වහන්සේලා, චෛත්‍යරාජයන් වහන්සේලා. ඇතුලු ශාරීරික, පාරිභෝගික, උදේදේසිය චෛත්‍ය ආනුභාවයෙන් සියලු ග්‍රහ දෝෂ, කර්ම දෝෂ, අමනුෂ්‍ය දෝෂ, භූමි දෝෂ ආදි සියලු දෝෂයන් හිරු දුටු අදුර මෙන්, දුරුවී යේවා. මරනින් මතු නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී වීමෙන් කෙලවර බුදු පසේබුදු මහරහත් උතුමන් නිවී සැනසී වදාල ජාතියක්, ජන්මයක්, මරණයක්, දුකක්, සෝකයක් නැති ශාන්ති ලක්ෂණ පැතූ බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා..

මෙවන් මහ පින්කමකට දායක වන්න.
http://sasuna.blogspot.com/p/blog-page_21.html

මම සතවයා කෙරේ මෙත්සිතින් එරන්ද ලක්මාල්ද සිල්වා ...

'


දානය පූජා කරමින්



කඨින චීවර පූජාව

 සිව්රු පිරිකර පූජා කලෙමි.



Friday, November 1, 2013

සොනි මයික්‍රෝෆොනයක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...






පින්වත් යහලුවන්‍ගේ දායකත්වයෙන් අපි මහ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර ඔබ බලන මේ බ්ලොග් එකෙන් බලන්න පුලුවන්.

ඔය ලින්ක් එකේ පෙන්වන බ්ලගේ එකේ බලන්න සැරියුත් මුගලන් පලිම දෙකක් පරිත්‍යාග කරන්නත් පහන් ගෙයක් සදා පූජ කරවන්නත් දායක උන කෙනෙක් පිලිබද විස්තර තියනව. ඔයු නමින් කල්පන අතුරැගිරිය මහතායි.

එතුමා සැරියුත් මුගලන් පිලිම වහන්සේලා වෙනුවෙයන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කලා. ඉන් ඉතිරි වූ මුදල් පහන් ගෙයක් ඉදිකිරීමටත්, දොලොස් මහේ පහණක් පූජා කරන්නත් අපි දායකත්වය ලබා ගත්ත. තවත් මුදල් ඉතිරි වූ නිසා ඒ මුදල් තව පින්කමකට යොදාගත්ත. ඒ සෝනි කොන්ෆරන්ස් මයික්‍රෆොනයක් ගෞතම ශාසනයෙහි පූජා කිරීම සිදු උනා.
                   අපේ කල්පන මිතුරා මේ සිදුකරගත්තෙ පුංචි පින්කමක් නෙවෙයි. බුදුහාමුදුරුවො දේශනා කරනව සියලු දානයන් අභිබවා ධර්ම දානය උතුම් කියලයි.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

ඉතින් මේ මහ පින්කමට දායක උන කල්පන මහතාගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා... ඔබේ දරුවන්ට බිරිදට මෙන්ම පවුලේ දෙමාපියන් සොයුරු සොයුරියන් සියලු දෙනාට නිදුක් නිරෝගී, සුවපත් ජීවිත ගත කිරීමට අවස්ථාව ලැ‍ෙබ්වා. විශේෂයෙන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල අදෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී ජීවිත ගතකිරීමටත් කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා වේවා ...

මෙවන් මහ පින්කමක් සිදු කිරීමට ඔබත් දායක වන්න.

චෛත්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න.



මම එරන්ද ලක්මාල්ද සිල්වා ...

.


Friday, October 18, 2013

පින්වත් මිතුරියකගේ අනුග්‍රහය මත අද වප් පුන් පෝ දා පිරිකර පූජාවක් සිදුකල වගයි ...


අයුබොවන් පින්වත් යාලුවනේ, පහුගිය ටිකේම එක දිගටම පින්කම් සිදුකරන්න පුලුවන් උනා. මටත් හරිම සතුටුයි. පින්වත් යහලුවො යෙහෙලියො දිගටම පින්කම් වෙනුවෙන් මිල මුදල් ලබාදුන්න පහුගිය ටිකේ. ඇත්තටම මේක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. ධර්මය පිහිට කරන් ජීවත්වෙන කොට ධර්මය විසින්ම අපිට ධර්ම මාර්ගයේ යන්න පාරකපල දෙනව. පින්වත් මිතුරු මිතුරියො මා කෙරේ තබපු විශ්වාසය මම ඒ යුරින්ම රැකල තියෙනව. පින්කම් වෙනුවෙන් එවපු එකම සතයක වටිනාකමකවත් මම  මගෙ පුද්ගලික ප්‍රයොජනයට අරන් නැහැ. මේ සියලු පින්කම් සදහා මම මගෙ අතින් රුපියලක් හරි වැඩියෙන් වියදම් කරනවමයි. අඩුම තරමින් ප්‍රෙට්‍රල් ගාම්තු, දුරකථන ගාස්තුවලනිවත් මම ඒ වියදම කරල ඇති. ඒ නිසා හදවතට එකගව බුදු සිරිපතුල් මත අත තියල දිව්රන්න පුලුවන් මම එක සතයක වංචාවක් මේ එකදු පින්කමකින්වත් සිදුකරල නැහැ කියල. සිදුකල සියලුම පින්කම් පිලිබද විස්තර මේ බ්ලොග් අඩවියෙන්ම බලාගන්න පුලුවන්.

හොදයි. ඊශ්‍රාඉල් වල සේවය කරන පින්වත් නංගියෙක් ඉන්නව මුහුණුපොතේ. හැබැයි මම නම කියන්නෙ නැහැ. එයාගෙ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් මේ නංගියගෙ දෙමාපියන්ට ඉක්මනින්ම ධර්ම මාර්ගයට ගෙන්නගෙන මේ සසර දුකින් එතෙර කරවන්න නංගියගෙ ප්‍රාර්ථනාව. ඒත් එක්කම නංගිය දැනට ගතකරන නිදහස අඩු ජීවන රටාව ඉක්මනින් වෙනස් වෙලා නංගිය නිදහසේ වැඩ කටයුතු කරගන්න ලැබේවා කියලයි එයා ප්‍රාර්ථනා කරන්නෙ.
                       පින්වත් යාලුවනේ මේ නංගියට වැඩ කරන්න තියෙන්නෙ සතියට දවස් හයයි. ඒත් මේ නංගිය දවස් හතම වැඩ කරල එක දවසක පඩිය ඉතුරු කරගෙන පින්කම් කරනව. තමන්ගෙ නිදහස සසුන වෙනුවෙන් කැප කරන මේ පින්වන්තිය සිදුකරන්නෙ පුංචි පින්කමක් නම් නෙවෙයි. තමන්ගෙ නිදහස සසුනට පුදන්න තරම් අගේ පින්බර හදවත ධර්මාවබෝධයෙන් පිරිල.

මේ පින්වත් නංගිය සිදුගල පින්කමට මම උදාහරණයක් දෙන්නම්. මේ කථාව උපුටාගත්තෙ පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ඉතා පැරැණි සිංහල බණ කතාපොතෙන්.


සුමන බාලිකාවගේ කථාව
********************
තාම්‍රපර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේ ය. හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර දේවේන්ද්‍රයාගේ පුරය මෙන් බබළයි. ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ වනයට වැද සත්දිනක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේ ය. අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය:

 “දුව, මේ ආහාරය ඔබට දෙමි. එය කැමති සේ අනුභව කොට ශරීර ශක්තිය ලබාගෙන කැමති තැනකට යවයි. ක්ලාන්ත වූ මාගේ ශරීරය දුර්වලය, මට ආහාර රුචි නොවේ; එබැවින් මෙය ගෙනයනු මැනවි; ඔබට මාර්ගෝපකරණ වන්නේයයි දැරිය කීය. මා විසින් එය පරිත්‍යාග කරන ලදී, ඔබට කැමති දෙයක් කරනු මැනවි. මම වැඩිදුරක් නැති ගමකට යමියි මිනිසා කීය.

ඉක්බිති ජීවිතයෙහි අපේක්‍ෂා නැතිව ගස් සෙවනෙහි හොත් ඕතොමෝ මෙසේ සිතී, මේ වනයෙහි යාමත් අපහසුය, දැන් පිනක් කරන්නට කාලය පැමිණියේය. මම පිනක් කොට මරණයට පැමිණෙන්නෙමියි. ඕ පොළොවේ අත ගසා යන්තම් නැගිට අත් පා පිසදමා අත්පුඩි ගසා මෙසේ කීය: ඉදින් මහත් ඍද්ධි ඇති බුද්ධ පුත්‍රයෝ මට අනුකම්පා කෙරෙත් නම් ඒ මහාවීරයෝ මෙහි පැමිණ මා අපායෙන් මුදත්වායි. දිවකණින් ඒ කීම ඇසූ පුවඟු දිවයිනේ එක් රහත්නමක් අහසින් ඇවිත් ඇය ඉදිරියෙහි සිටියේය.

පහන් සිතැති සුමනා තොමෝ අතිමහත් පී‍්‍රතියට පත්ව වැඳ ඒ බත ඒ තෙරනමට පිදී. නැවත ඉවතට ගොස් කොළ අතු ඇඳගෙන තමා ඇඳ සිටි වස්ත්‍රය අතට ගෙන තෙරුවන් වෙත අවුත් ස්වාමීනි, මේ මාගේ අන්තිම දානය සම්පූර්ණ එකක් වේවා: නෑයන් නැති දුගී වූ මාගේ මේ වස්ත්‍රය පිළිගත මැනවැයි කීය.

රහත් තෙරනම එය ද පිළිගෙන හංසරාජයකු මෙන් අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයට පැමිණියේය. සා පිපාසාවෙන් පෙළුණු ඈ මොහොතක් වාඩිවී සිට දුක ඉවසිය නොහැකිව මුර්ඡා වී බිම වැටුණි. හෙළදිව යම් පමණක් දේවතාවෝ වෙත්නම් ඒ සියලු දෙන ඒ දානයට පසසමින් සාධුකාර දුන්හ: අහෝ ඉතා වටිනා දානයකි, දක්ෂිණාර්හයන් කෙරෙහි ආහාරයද සළුව ද දී ජීවිතය පරිත්‍යාග කරන ලදැයි, ඉක්බිති ඒ ශබ්දය ඇසූ සක්දෙව් රජ ඇයට සාත්තුසප්පායම් පිණිස විශ්වකර්මයා යැවී, දෙව්රජු විසින් එවන ලද හෙතෙමේ ලෝම කූපයන්හි දිවෙය්‍යීජස් බහා ඇය සුවපත් කෙළේ ය.

විශ්ව කර්ම තෙමේ සුවපත් වූ ඇය දෙවඟනක් මෙන් සරසා ඒ කාරණය ප්‍රකාශ කරමින් අහසින් නුවරට ගියේය. ඒ ශබ්දය අසා ද්විපාධිපති වූ රජ ඇය තමාගේ භාර්යා තනතුරෙහි තැබීම සඳහා ගෙන ඒමට රථයක් යැවීය. ඈ එහි ජීවත්ව සිටිතාක් රජු සමඟ සම්පත් අනුභව කොට නොයෙක් පින් රැස්කර ගෙන පිදිය යුත්තන් පුදා ආයුෂය ගෙවී ගිය කල්හි භික්ෂූන්ට මෙසේ කීය:

චාතුර්මහාරාජික තාව - තිංසාදි දෙව්ලෝවලින් ආ රථ මෙහි තිබෙත්. ස්වාමිවරුනි, කොතැන්හි ඉපදීම යහපත්ද? ලෝක හිතෛෂීන්ට කවර තැනක් වාසත්ථානවීද? කොතැනක උගත් දෙවියෝ නිතර ධර්මශ්‍රවණය හා ඝෝෂණය කරත්ද? “තුසිතපුරය පුරුෂෝත්තමයන්ගේ වාසස්ථානයකි. එහි හැමකල්හි ධර්ම ශ්‍රවණය පවතී. ඒ තුසිත දෙව්ලොවෙහි ඇලීම කරව.ඒ දේවී තොමෝ එක්කළ දෙ අත් නැමති පියුම හිසමත තබාගෙන බුද්ධපුත්‍රයන්ගේ කීම අසා තුසිත පුරයෙහි ඉපදීමට කැමති විය. අප්‍රමේය ගුණයන්ට වාසස්ථාන වූ මනා කෙතෙහි දක්ෂ ජනයෝ පින් නැමැති බීජ වපුරති. ඔවුහු බොහෝ කලක් දෙව් මිනිස් සැප අනුභව කොට පසුව නිවන් සැපද ලබත්.

බුද්ධානුශාසනය පිළිපදින්නා වූ අප්‍රමේය ගුණ ඇති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු බොහෝ භය ඇති සංසාර සාගරයෙන් එතෙරව අමෘතය නමැති මී පැණි අනුභව කරත්.

පේනව නේද පින්වත් නංගිය සිදුකරන පින්කමේ තරම.  මේ වගේ  පින්කම් සිදුකරන නංගියෙ. ඔයා බලාපොරොත්තු වෙනව වගේ කෝටි ප්‍රකෝටි වාර ගණනක් ඔයාගෙ ප්‍රාර්ථනාව ඉටුවෙනව.

පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබේ. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වෙනව.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වෙනවය.

අනිත් කාරනේ මේ පිරිකර දුන්නෙ බොහොම දුගී දුප්පත් උදවියට. ඔය පින්තූරෙ බලන්නකො පුංචි උපාසක අම්ම කෙනෙක් ඉන්නව. එයාට ගොඩක් වයසයි. නමුත් ශරීරය වැඩිල නැහැ. ඔතන පිලිකා රෝගයකින් පෙලෙන කෙනෙකුත් ඉන්නව. ඉතින් බලන්න මොන තරම් උත්තම පින්කමක්ද මේ.
ඉතින් මේ පින්කමේ අනන්ත අ‍ානුභාවයේ බලයෙන් නංගියගෙ දෙමාපියන්ට ඉක්මනින් සත්‍යය වැටහෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරමු. ඒ අයට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ... නංගියගෙ මියගිය ඥාතීන්ට පින් ලැබිල ඒ ඇත්තො දුකින් ඉන්නවනම් සැපතටත් සැපෙන් ඉන්නවනම් තව තවත් සැපතටත් පත්වේවා.
ඒ වගේම නංගියගෙ ජීවිතය තව තවත් සාර්ථක බවට පත්වේවා. පුංචි පුංචි කරදර බාධක කොයි ජීවිතේටත් පොදු දේවල්. ඒ උනත් මේ මහ පින්කමේ බලයෙන් නංගියට සියලු දුක් කරදර සංසිදේවා. සියලු පැතුම් ඉටුවී මත් නිවනින් සැනසෙන්න හේතුවාසනා වේවා.

මේ පින්කමට රෙදි ආදිය ගේන්න මම ගියෙ නැහැ. ඒව කොළම ඉන්න සරත් කියල අයිය කෙනෙක් තමයි සිදු කලේ. එයා තමන්ගෙ කාලය ධනය වියදම් කරගෙන මේවට දුවල පැනල වැඩ කරනව. ඉතින් අයියෙ ඔයා සිදුක්නනෙත් අමිල මෙහෙයක්. ඔයාටත් පවුලේ අයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. කෙළවර අමා නිවන් සුවය ලැබේවා.

මේ පින්කම සිදුකිරීම තුලින් මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකරන්නට ශක්තිය මා වෙත ලැබේවා. ඉදිරියේ දී සිදුකරන්නට බලාපොරොත්තුවන ලෝක ශාසනික සේවා සියල්ල අතිශයින් සාර්ථක වේවා. ඒ සියල්ලට උරදෙන මුහුණුපොතේ මගෙ අම්ම වෙච්ච මගෙ මංජු අක්කටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. සසර කථරේ අතරමං වී නිරා දුක් විදින අසරණ සත්වයන් නිවන් මගට රැගෙන යාමට මා පතන බෝධියෙන් අමා මහ නිවනම අත්වේවා.

ඔබත් මෙවන් පිරිකර දානයකට දායක වන්න. පහත ලින්ක් එකෙන් විස්තර දැනගන්න.
https://www.facebook.com/photo.php?fbid=609582972424913&set=a.341796045870275.80280.100001196487578&type=1&relevant_count=1&ref=nf

මම සත්වයා කෙරේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද.
පිරිකර ධර්ම ශාලාවට අරන් ආව මොහොත


              

 සිල් ගත්ත උපාසක අම්මල

 ස්වාමින් වහන්සේ පිරිස මෙහෙයවමින් 

පිරිතර බෙදාදුන්නෙමි .. 

 දායක සභාවේ සභාපති අතිනුත් ...

පිරිකර බෙදා දුනිමි ..

 පිරිකර ලබා ...

මේ වෙනුවෙන් වැයවූ වියදම

.


Friday, October 11, 2013

දිලිදු පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි ...

 

පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා අද. ඒක කියන්න කලින් කලින් කල පින්කම් දැකල නැති අයට මෙන්න මේ ලින්ක් එක බලන්න දෙමුකො. පින්වත් යාලුවනේ අපි කලින් සිදුකල සියලු පින්කම් මෙන්න මෙතන තියෙනව.

http://www.sasuna.blogspot.com/

හොදයි යහලුවනේ අද අපි අඩු ආදායම් ලාභී දරුවන් ඉගෙනගන්නා පාසැලකට අපි සංගීත භාණ්ඩ වගයක් පරිත්‍යාග කලා.  මේ පළමු අදියර විදිහටයි පරිත්‍යාගය සිදු කලේ. ඉතින් මේ පාසැලේ දිනපතා බුද්ධ පූජාව තියන බව විදුහල්පති තුමා සදහන් කලා. අපි තම්මැට්ටම් දෙකක්, දවුල් දෙකක් හා හොරණැවක් පරිත්‍යාග කලා. ඒ පා‍සැල තමයි කුරැණැගල මල්පිටිය බෝයගනේ මහා විද්‍යාලය.  අවශය ඕනිම කෙනෙකුට මේ සියලු පින්කම් සිදුකල ස්ථාන බලන්න පුලුවන්.

ඉතින් මේ පින්කම සිදු උනෙත් ඔය කලින් උදව් කල අයගේම මූල්‍ය ආධාරය යටතේම තමයි. අපි ඊයෙ පාසැලක දරුවන්ට නිල ඇදුම් පරිතයාගයක් සිදු කලා කියල ඔබ දන්නව නේද? මේ තියෙන්නෙ ඒ ලින්ක් එක.


මෙහි සදහන් වන විදිහට රුපියල් 12 430/= ක් ඉතිරිවෙලා තියෙනව. ඉන් අපිට රුපියල් 11,000/= ක්මේ පරිත්‍යාගය වෙනුවෙන් වියදම් උනා. ඉතිරි 1430/= පොතේ ඉතිරිවෙලා තියෙනව. ඒක වෙන පින්කමක් වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනව.

මේ පින්කම් වලට ඉහත සදහන් කල පින්කම සිදුකල අයම  දායක උනා.
ලයනල් ගුණතිලක මහතා
දිනුෂ විජේතුන්ග මහතා
රුවන් එස්. ජයසිංහ මහතා
නෙවුශිකා හේරත් මිය
චාමර මහතා
බියන්කා තෙන්නකොන් මිය
ජගත් කුමාර මහතා රුවන් හෙට්ටිආරච්චි හා  මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල
නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා යුවල
මංජුලා මිය
රන්ජිත් මුණසිංහ මහතා
රේණුකා හේරත්  මිය
රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ යුවල
නලින් කොඩිතුවක්කු මහතා

මේ පින්කම මහා ආනිසංස දෙන පින්කමක්. ශබ්ද පූජාව කියන්නෙ පුංචි පින්කමක් නෙවෙයි. මේ තූර්ය භාණ්ඩ යොදාගෙන බුද්ධ පූජාව වඩමවයන්න විදුහල්පති තුමා බලාපොරොත්තු වෙනව. ඒක මහත්ඵල මහානිසංස දෙන පින්කමක්.
 
බෞද්ධයන් කරන පින්කම්වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සලකනව. ඒ ශබ්ද පූජාව ඉතා අතීතයේ පටන් ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පේනව.

ප්‍රාතිහාර්‍යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදි තූර්ය භාණ්ඩ වලින් ඉබේ ම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බව යි.

පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදි ග්‍රන්ථවල මල් පූජා, ආහාර පූජා, වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා තියෙනව. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබෙනව. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථා ය.

අත්ථදස්සි බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනිය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියලු තූර්ය භාණ්ඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් ඒ පිනෙන් දිව්‍යරාජව නිර්මාණරතියෙහි උපන් බවත්, එතැන් පටන් සසර දෙව්මිනිස් දෙගතියේ සැප විඳ අප බුදු සසුනෙහි පැවිදිව රහත්වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වෙනව..

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරමින් පාසෙලේ බුද්ධ පූජාව වැඩමවීමෙනුත්, මේ අසරණ දූදරුවන්ට ඉගෙනීමට අවස්ථාව ලබාදෙමිනුත් සිදුකල මේ මහා කුසල් සම්බාරයේ බලයෙන් ඔබට අනන්ත අප්‍රමාණ කුසල් ලැබෙනව.

මෙහි අනිකුකත් රූපරාමු මෙහි පහල දක්වල තියෙනව.

ඉතින් පින්වත් යහලුවනේ බුද්ධ පූජාව වැඩමවීමේ ශබ්ද පූජාව ලබාදීමෙනුත් මේ දරුවන්ට ඉගෙන ගන්නට තූර්ය භාණ්ඩ ලබාදීමෙනුත් ඔබ පබන පින් ඊයෙ සිදුකල පින්දීමම විදිහටම මේ පින්කම වෙනුවෙනුත් සිදු කරන්නම්. මේ සිදුකලේ බුද්ධ පූජාවක්.  බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ද වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. විශේසයෙන්ම ශප්ද පූජාව නිසා මිහිරි කටහඩවල් ඇතිවෙනව. පැහැදිලි වචන ඇතිවෙනව.  තමන්ගෙ වචනයට හැමෝම අවනත වෙනව. මේවගේ ආනිසංස රැසක් ලැබෙනව. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුෂ ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...

මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා ... මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා ...

සත්වග කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් විසින් ගෞතම බුදු සසුන තුලදීය ...







Thursday, October 10, 2013

දෙවන අදියර ලෙසින් දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි ...


පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා අද. ඒක කියන්න කලින් කලින් කල පින්කම් දැකල නැති අයට මෙන්න මේ ලින්ක් එක බලන්න දෙමුකො. පින්වත් යාලුවනේ අපි කලින් සිදුකල සියලු පින්කම් මෙන්න මෙතන තියෙනව.

http://www.sasuna.blogspot.com/

හොදයි යහලුවනේ අද අපි අඩු ආදායම් ලාභී දරුවන් කිහිප දෙනෙකුට නිල ඇදුම් පරිත්‍යාග කලා. මේ ක්‍රියාත්මක උනේ දෙවන අදියර විදිහටයි. පළමු අදියර පිලිබද මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

ඉතින් මේ පින්කම සිදු උනෙත් ඔය කලින් උදව් කල අයගේම මූල්‍ය ආධාරය යටතේම තමයි. මා ගැන විශ්වාසය තබමින් මේ මුදල් ලබාදුන් ඒ පින්වත් සොයුරු සොයුරියන්ට උපහාරයක් විදිහට මම නැවත ඒ අයගේ නම් මෙතන පල කරනව.


ලයනල් ගුණතිලක මහතා
දිනුෂ විජේතුන්ග මහතා
රුවන් එස්. ජයසිංහ මහතා
නෙවුශිකා හේරත් මිය
චාමර මහතා
බියන්කා තෙන්නකොන් මිය
ජගත් කුමාර මහතා රුවන් හෙට්ටිආරච්චි හා  මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල
නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා යුවල
මංජුලා මිය 
රන්ජිත් මුණසිංහ මහතා
රේණුකා හේරත්  මිය
රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ යුවල

මේ පිලිබද සියලු විස්තර පලමු අදියර ගැන කියවෙන මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන් ...


පසුව දෙවන අදියර වෙනුවෙන් තව යහලුවක් = 2500/=ක මුදලක් ලබා දුන්නා. එතකොට  මේ සියල්ල
17100.00 + 2500 = 19600 ක් වෙනව.

ඉතින් අපි දෙවන අදියර වෙනුවෙන් ගත් නිල ඇදුම් වලටය රු. 7170/= ක් වියදම් උනා.
ඒ පිලිබද බිල්පත්වල ෆොටෝ එක්ක සියලු විස්තර පහල සටහන් වෙනව.


ඉතින් තව රුපියල් 12430/= ක මුදලක් ( 19600 - 7170 = 12430) ඉතිරිවෙලා තියෙනව. ඒ මුදල් වලින් හෙට අනිද්ද පාසැලකට සංගීත භාභ්ඩ අරන් දෙන්න කල්පනා කලා.

ඉතින් පින්වත් යාලුවනේ මේ පින්කමට තවත් අයෙක් ලොකුවට උදව් කලා. ඒ සරත් කුමාර අයිය. එයා තමයි කොලඹ ගිහින් කඩවල් කානෙ ඇවිදල අතින් වියදම් කරන් මේ පින්කම් දෙකටම සහය දුන්නෙ.  ඉතින් එයාටත් අපි හදවතින්ම ස්තුති වන්ත වෙන්න ඕනි.


ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක් බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ද වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා ...

මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා ... ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා ... මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා ...

සත්වග කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් විසින් ගෞතම බුදු සසුන තුලදීය ...

නිල ඇදුම් ලද දරුවන්






 පාසැලේ දර්ශන




 විදුහල්පති තුමාගේ ස්තුතිය

රෙදි මිලට ගත් බිල්පත

Monday, October 7, 2013

මුහුණුපොතේ පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් රු. 5000/-ක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...




පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා අද. ඒක කියන්න කලින් කලින් කල පින්කම් දැකල නැති අයට මෙන්න මේ ලින්ක් එක බලන්න දෙමුකො. පින්වත් යාලුවනේ අපි කලින් සිදුකල සියලු පින්කම් මෙන්න මෙතන තියෙනව.

http://www.sasuna.blogspot.com/

හොදයි. අපේ ගමට ගම් දෙකකට එහායින් අභිනවයෙන් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකලා. ඒ පන්සල තියෙන්නෙ පොල්ගහවෙල කොළඹලාමුල්ල ප්‍රදේශයේ. ඉපැරණි විහාරස්ථානයක්.  ඉතින් අද ඒ චෛත්‍යරාජයන් වහන්සේගේ ධාතු නිධානොත්සවය සිදු කලා. ඉතින් රාජකාරි කටයුතු නිසා මේ අවස්ථාවට සම්බන්ධ වන්න බැරි අනා. හවස මගෙ පියතුමා සමගින් ගිහින් චෛත්‍යරාජයන් වහන්සේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කලා.
               අපි මේ වෙනුකොට තවත් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරනය කරගෙන යනව. ඒ ලින්ක් එක මෙන්න මෙතනින් බලන්න පුලුවන්.


ඉතින් යාලුවනේ මේ පින්කමට මුදල් පරිත්‍යාග කලේ මුහුණුලොතේ අක්ක කෙනෙක්. එයා මුහුණු පොතේ මගෙ ලගම හිතවත් අක්ක කෙනෙක්. මේක එයා තනියම සිදුකල පරිත්‍යාගයක් නිසා මෙතන මම එයාගෙ නම දාන්නෙ නැහැ. නමුත් මම කලින් දුන්න බ්ලොග් එක බලන්නකො. ඒකෙ පින්කම් වැඩි හරියකටම ඒ අක්ක දායක උනා. ඒ විතරක් නෙවෙයි. මම මේ සිදුකරන ශාසනික කටයුතු වලදි මගෙ ලගින්ම ඉදන් ඒව ගැන හොයල බලන්නෙ මේ අක්ක. හරියට මගෙ මුහුණු පෝතේ ඉන්න අම්ම මෙයයි.
හොදයි මේ පින්කම සිදු කිරීමේ ආනිසංශ මොනවාද?

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

ඉතින් පින්වත් යහලුවනේ මෙවන් මහා පින්කමකටයි අද මේ අක්ක දායක උනේ.  ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ ඔබ‍ටත් පවුලේ සැමටත් නිරෝගී සුවයම ලැබේවා. ජීවත්වන ඇත්තන්‍ට  ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. මියගිය ඥාතීන්ට  ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා. මගේ දෙමාපියන්ටත් මේ පින් හේතු වාසනා වී දීර්ඝායුෂම ලැබේවා ...

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා.  සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.

මෙවන් මහ පින්කමකට ඔබත් දායක වන්න. එහි ලින්ක් එක පමතින් දක්වල තියෙනව.


අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා ...

මම එරන්ද ලක්මාල්ද සිල්වා ...


චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවෙමින් පවතී ...