රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, November 12, 2013

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි ...





ආයුබොවන් පින්වත් ඔබ සැමට. අදත් කියන්න යන්නෙ අපි සිදුකල මහ පින්කමක් පිලිබදවයි. කලින් කල පින්කම් මේ බ්ලොග් එක පුරාම තියෙනව.

චෛත්යරාජයන් වහන්සේ සසුනට පිද්න දා පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් අපි සසුනට පූජා කලා. මේ මහා පින්කමට දායක උනේ රෝෂිණී පෙරේරා මහත්මියයි. පින්කමට අදාල සියලු පින්තූර මෙහි පහල දැක්වෙනව.

හරි. එතකොට මේ මහ පින්කම ධර්ම දානයක් බව දන්නවනෙ. හොදයි මොනවද ධර්මදානයේ ආනිසංස.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට පිරය වීම (බහුනො ජනස්ස පියො හොති)

2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)

3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම

2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම

4. ධර්මය ඉගැන්වීම

5. පිරිස් වලට බණපොත් කියවීම

6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ් වියදම් දීම,

12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම වැඳීම සාදුකාර දීම කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ රෝෂිණී අක්කගෙ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා.. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවන අත්වේවා. විශේෂයෙන් ඔබවන් පින්වත් දරුවෙක් හදා වඩා පෝෂණයකල ඔබේ පින්වත් දෙමාලියන්ට මේ කුසලය මහා පාරමිතාවක්ම වේවා. ඔබගේ දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. කෙලවර පතන බෝදියෙන් නිවන් දැක්මට හේතාවේවා වාසනා වේවා ...

මම එරන්ද ලක්මාල්ද සිල්වා ...



ස්වාමීන් වහන්සේ පොත් වහන්සේ අතැතිව ...
          පූජා කල මොහොත .
                            
                               ලබාදුන් සොහොයුරියගේ නමින්...



වැය වූ මුදල ...



මේ පින්කමට අදාල සියලු කටයුතු මෙතනින් නිම වන අතර සහය දුන් සැමට චතුසත්‍යයම අවබෝධ වේවා ...

.
 


මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් කොත් වහන්සේලා දෙනමක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...

පිනවත් යාලුවනේ ‍අපි තවදුරටත්  පින්කම් කිහිපයක් කලා. කල සියලු පින්කම් මේ බ්ලොග් එක පුරාවටම තියෙනව.
පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි කොත් වහන්සේලා දෙනමක් පූජාකලා. මේ කොත් වහන්සේලා දෙනම පූජා කලේ පොල්ගවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයටමයි. හරියටම  කියනවනම් චෛත්‍යරාජයන් වහන්සේ පූජාකල පන්සලට. මේ විහාරස්ථානයේ ධාතුමන්දිරය පමණයි තිබුනෙ. ඒ අවස්ථාවදි පුස්ථකාලයක් නිර්මාණය උනා. ඉතින් පින්වත් යාලුවනේ මේ පුස්තකාලය සහිත ධාතු මන්දිරයට කොත් වහන්සේලා දෙනමක් පූජා කරන්නට අපිට හැකි උනා. ඒ සදහා දායක උනේ
01.  මොශාන්ත නිරන්ජන් මහතා - රු. 6750/=
02.  රුවන් එස් ජයසිංහ මහතා - රු.6750/=

රු. 13500/= කට මේ කොත් වහන්සේල අපිට ලැබුන. මේ පිලිබද විස්තර සහිත ඡායාරූප  මෙහි ඡායාරූපවලින් බලන්න පුලුවන්.

ඉතින් මේ පින්කමේ වටිනාකම ඉහලම එකක්. හරියටම කියනවනම් ත්‍රිවිධ රත්‍නත්‍රයට ඔටුන්නක් පැලදුවා හා සමානයි. නැතිනම් තුන්රුවන ඔටුන්නකින් පිදුවා හා සමානයි. ඉතින් මේ මහ පින්කම්වල බලය මෙපමණයි කියන්න බැහැ. අනිත් අතින් කඨිනය දවසෙ සිදුකල මේ පූජාව කඨින පූජාවක් වෙනව. ඊලගට මේ කොත් වහන්සේලා පිත්තල නිසා අවුරුදු සිය ගණනක් පවතිනව. ඉතින් එතෙක් කල් අඛණ්ඩව පින් ගලාගෙන එනව. මේවට කියන්නෙ සදා පින්වැඩෙන පින්කම් කියල. අනික වෙහෙර විහාරස්ථාන හදන එක ඒවට දායක වෙන එක සදා පින්වැඩෙන පින්කමක්.

ඉතින් මේ සිදුකල මහ පින්කම් බෙලෙන් පින්වත් ඔබ දෙපලගේ සියලු යහපත් පැතුමන් ඉටුවේවා. කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. මොශාන්ත අයියාගේ දෙමාපියන්  ජීවත්ව සිටිනවානම් ඒ අයට දීර්ඝායුෂ ලැබේවා. පරලෝගාමි වී ඇත්කම් යහපත් ආත්මභාවයන් ලැබී සුඛී සුවපත් බව ලැබේවා. රුවන් අයියාගේ පින්බර පියා සී.පීත ජයසිංහ පින්වත් පියානන්ට මෙපින් බෙලෙන් වඩ වඩාත් සුඛිත මුදිත ආත්මභාවයන් ලැබී සුවපත්භවට පත්වේවා. මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා.  ඔබගේ දරු මුණුබුරුන්ගේද සියලු යහපත් පැතුමන් ඉටුවේවා. කරන කියන සෑම සියලු දෙයක්ම ත්‍රිවිධ රත්නත්‍රයේ ආනුභාවයෙන්ද, සතරවරම්, සතර මහා දෙවියන් ආදී සම්‍යදෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වේවා. කෙළවර ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සැනසීම ලැබේවා.

මම එරන්ද ලක්මාල්ද සිල්වා.

කොත් වහන්සේ සවිකිරීමට පෙර ධාතු මන්දිරය සහිත පුස්ථකාලය ...
 

කොත් වහන්සේලා රැගෙන ආ මොහ‍ොත ...

 ගරු ස්වාමීන් වහන්සේ බාරගත් අවස්ථාව

 කොත් වහන්සේලා සවිකල අවස්ථාව



වැයඋනු මුදල සහිත බිල්පත
 

මේ පින්කමට අදාල සියලු කටයුතු මින් අවසන් වන අතර සහය දැකවූ සියලු දෙනාටද, වචනයෙන්, ලයික්, ශෙයා කිරීමෙන් ආදියෙන් සහය දැක්වූ සැමට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ...

Monday, November 11, 2013

බුදුපිලිම වහන්සේ දෙනමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි ...



පින්වත් යාලුවනේ  අපි පහුගිය කාලෙ සිදුකල පින්කම් පිලිබද විස්තර මෙන්න මේ බ්ලොග් එක පුරාවටම බලාගන්න පුලුවන්...



ඉතින් අපි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතසංස්කරණය කරල ඊයෙනෙ සසුනට පූජ කලේ. ලින්ක් එක පහල දැක්වෙනව. ඉතින් චෛත්‍යරායන් වහන්සේට අපේ පින්වත් යහලුවන් දෙදෙනෙක් අනුග්‍රහය දක්වමින් බුදුපිලිම වහන්සේ දෙනමක් පූජා කලා. ඒ සදහා දායක වු පින්වත් දෙපලක් ඉන්නව.



ලයනල් ගුණතිලක මහතා

මංජුල සිල්වා මහතා



බුදුපිලිම වහන්සේ දෙනමට ගිය වියදම රුපියල් අටදහසක්. ඒ සියලු විස්තර පහත ඡායාරූප වලින් බලන්න පුලුවන්.



ඉතින් ඔබ දෙපල කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්. බුදුපිලිම නෙලීම, නෙලවීම, පූජාව  අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක. මේ බලන්නකො අනුසස්.



බුදුපිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.



ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.



ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.



ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.



ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,



මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,



මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,



මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.



ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.



ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.



පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.



පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා.



බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව "සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ" කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.



ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා "ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති" කියලා.



ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා.



බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.



අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.



ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.



ඉතින් මෙවන් මහ පින්කමකට දායක වු දායාබර ඔබ දෙපලගේ සියලු යහපත් පැතුමන් ඉටුවේවා ... දරු මුනුබුරන් ඇතුලු ඔබ සැමගේ  සසර ගමන යහපත් වේවා. ඔබේ දෙමාපියන් ජීවත්ව සිටීනම් දීර්ඝායුෂ ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම් ඒ භවය සුගතිගාමී වේවා.  කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට හේතුවේවා වාසනාවේවා.

ඔබේ සියලු ව්‍යාපාර, ආදී කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේව‍ා. උපදින හැම භවයකදීම අප්‍රමාණ වස්තු සම්පත් ලැබී වැඩි වැඩියෙන් පින්දහම් කිරිමට ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැන‍ෙස්වා...



මම එරන්ද ලක්මාල්ද සිල්වා ...


පින්කමට අදාල ඡායාරූප














පින්කමට අදාල සියලු  කටයුතු මින් අවසන් වන අතර වදනයෙන්, ලයික් , කොමෙන්ට් වලින් සහය දුන් සැමට මේ පින් අමා මහ නිවන් දකින්නට පාරමිතාවක් වේවා ...

.

Sunday, November 10, 2013

චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පුද ලද වගයි ...


චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පුද ලද වගයි ...

පින්වත් යාලුවනේ  අපි පහුගිය ටිකේ පින්කම් විශාල ප්‍රමාණයක් සිදුකලා. මේ බ්ලොග් එක පුරාවටම තියෙන්නෙ ඒ පින්කම්.

ඉතින් 2013/11/10 කියන්වෙ ඊයෙ දිනයේ පොල්ගහවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයේ පවත්වන ලද කඨින පින්කම වෙලාවෙදි චෛත්‍යරාජයන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කලා. ඒ ලින්ක් එක මේ ලිපිය අවසානෙදි තියෙනව.

ඉතින් ඒ අවස්ථාවෙදි චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පූජා ලැබුව. ඒ වෙනුවෙන් දායක උනේ මුහුණුපොතේ යහලුවන් අටදෙනෙක්.

01.  රුවන් එස් ජයසිංහ මහතා - (රු. 3250 /=)
02.  මොශාන්ත නිරන්ජන් මහතා - (රු. 2874 /=)
03.  ඉෂාර ප්‍රනාන්දු මහතා - (රු. 3502 /=)
04.  නෙව්ෂිකා හේරත් මිය - (රු. 2000/=)
05.  වත්සලා ජීවපානී මෙනෙවිය. (රු. 1000/=)
06.  මදුෂ රණතුංග මහතා (රු.2500/=)
07.  ලයනල් ගුණතිලක මහතා (රු. 5000/=)
08.  මංජුලා මහත්මිය (රු. 2000/=)

මෙහි එකතුව රු 22126/=ක් වෙනව. පිරිකරක් රු.2750/= ක මුදලට ගත්තෙ. ඒ අනුව රු. 22000/= ක මුදලක් වැය උනා. 126/= ක මුදල වෙනත් පින්කමක් සදහා බැංකු පොත තුල ඉතිරිවෙනව. මේ සියලු විස්තර, බිල්පත, හා ඡායාරූප ලිපිය අවසානයේ තියෙන ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
මේ අටපිරිකර චෛත්‍යරාජයන් වහන්සේට පූජ කරල පස්සෙ සාංඝික කරල පූජ කලා. ඉතින් ඒකෙන් දෙවරක්ම අටපිරිකර පූජා උනා.

 හොදයි දැන් අටපිරිකරක් පූජා කිරීමේ ආනිසංස බලමු.

අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන, ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.

අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.

අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,

1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම

4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.

අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.

පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.

දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.

පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.

1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම

පටි පිදීමද මහානිශංස සහිතයි

1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.

මීට අමතරව තවත් අනුසස් රාශියකි.

ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ.

අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුවෙන් එදා ගෞතම බුදුන් හමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

ඉතින් මේ පින්කමට අටපිරිකර පූජා කිරීමේ අනුහසින් රුවන් එස් ජයසිංහ මහතාගේ ආදරණිය පියාණන් C.P.ජයසිංහ පින්වත් පියාණන්ට මේ පින් ලැබේවා. පින්වත් රුවන් මහතා පමණක් නෙවෙයි. අපි හැමෝම සිදුකරන පින් ඒ දයාබර පියාණන්ට අනුමොදන් වේවා. යම් අත්වැරදීමකින් අභව්‍ය ස්ථානයකින් ඉපදි ඇත්නම් සුගතිගාමී වේවා. සුගතීගාමී වී ඇත්නම් තව තවත් ඒ දිව්‍ය සැප වර්ධනය වේවා. වඩා වැඩියෙන් පින්දහම් කරන්නට නිතර ශ්‍රී සද්ධර්මය ඇසෙන තුසිත දෙව්ලොව හෝ මනුලොව සම්‍යදෘෂ්ටික අප අතරම ඉපදී වඩ වඩාත් පින්දහම් කර, මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන කෙලවර අමා නිවනින් සැනසීම ලැබේවා. දයාබර රුවන් එස්. ජයසිංහ මහතාටත් ඇතුලු පවුලේ සැමට මේපින් නිවන් මග පිණිසම හේතුවාසනා වේවා...

මොශාන්ත නිරන්ජන් මහතාගේ පවුලේ සැමට මේ පින් හේතුවාසනා වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ජීවිතයක් වෙනුවෙන්ද මලගිය පින්බලාපොරොත්තු වන ඥාතීන්ට මේ පින් බෙලෙන් කල්ප වෘක්ෂ පහලවී සැප සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනයද අපි සිදු කරමු. ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේව‍ා. අපි කල සියලු පින්ද ඔබත් එබේ පවුලේ සැමත් මියගිය සියලු ඥාතීන්ද අනුමොදන් වී සැපතින් සැපතට පත්වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබත්වා.

එසේම ඔක්තෝබර් 31 දින උපන්දිනය සැමරූ කේෂරා කෙත්මිණි ෆර්නෑන්ඩෝ පුංචි දුවට නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කරන්නටත්, ඉගෙනීම් ආදී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නටත්, ඇගේ සියලු යහපත් පැත්ම් ඉටුවන්නටත්, මේ පින්බිම වෙනුවෙන්  ඇගේ ඉහලම සේවය ලබාදෙමින් මේ රටත් සම්බුද්ද ශාසනයත් වෙනුවෙන් ඉහලම මෙහෙයක් ඉටුකරන්නටත් හැකියාව ලැබේවා. ඇගේ පියා විසින් සිදුකල අටපිරිකර පූජාවේ ආනිසංස වගේම අප සියලු දෙනා සිදුකල පින්වල ආනිසංස ඇයට ලැබේවා. පුංචි දුවට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, දළදා හාමුදුරුවන් වහන්සේ, සෝමාවතී මහසෑ රදුන් වහන්සේ ඇතුලු තුන්ලෝකයේම වැඩ සිටින සියලු ධාතූන්වහන්සේලා, පුතිමා වහන්සේලා, බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා. දෙව්මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සැනසෙන්නට පුංචි දුවට මේපින හේතුවාසනා වේවා ...

නෙව්ශිකා හේරත් දයාබර අක්කේ. ඔබ මා අදුනගත් දා පටන් නිතර මා අගයමින් මට ලබාදෙන්නෙ පුදුම ශක්තියක්. ඔබ මේ සිදුකල මහ පින් බලෙන්ද අප රැස්කර ගත් සියලු පින් බෙලෙන්ද ඔබේත්, ඔබේ පවුලේ සැමගේත් සියලු යහපත් පැතුමන් ඉටුවේවා. ඔබේ සියලු මියගිය ඥාතීන් මේ පින් අනුමොදන් වේවා.  ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේවා... කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා.

වත්සලා ජීවපානී දයාබර අක්කේ. ඔබ මා අදුනගත් දා පටන් නිරන්තරයෙන් මා පිලිබද සොයමින් මාගේ සෞඛ්‍යය ගැන නිතර සොයා බලමින් මට ලොකු ශක්තියක් ලබාදෙනව. නිතර දුරකථනයෙන් මට කථා කර  මට ඇති අඩුපාඩු සම්පූර්ණ කරන්නට පවා ඔබ කාරුණික උනා. ඔබ මේ සිදුකල පින් බලය මෙන්ම අප රැස්කල පින්ද ඔබත් අනුමෝදන් වෙන්න. ඔබට ජීවිතයේ තියෙන යම් කරදර බාධක සියල්ල මේ පින් ‍ෙබලෙන් දුරුවේවා. අපි සිදුකල  අටමහ කුසල් වලට යටපත් කරන්න බැරි පංච ආනන්තරිය පාප කර්ම පමණයි. ඔබ මේ ජීවිතයේදී පංච ආනන්තරිය පාකර්ම එක් අකුසලයක්වත් සිදුකර නැහැ. ඒ නිසා මේපින් බෙලෙන් ඔබේ සියලු පුරාණ කර්ම යටපත්වේවා. ඔබගේ ජීවිතය් සියලු යහපත් පැතුම් ඉටුවේව‍ා. කෙලවර මේ පින් බලය අමා මහ නිවනටම හේතුවේවා... වාසනා වේවා.

මදුෂ රණතුංග මහතාණෙනි, මුහුණුපොතින් මා හදුනා, මේ පින්කම්වල අගය වටහාගෙන ඔබත් සිදුකරගත්තේ මහ පින්කමක්. මේ පින් බෙලෙන් ඔබේ පවුලේ සැමට යහපතම උදාවේවා. සියලු දුක් කම්කටොලු බාධක දුරුවේව‍ා. මියගිය ඥාතීන්ට මේපින් ලැබේවා. ඔබේත් පවුලේ සැමගේත් යහපත පිණිස මේපින් හේතුවේවා. කෙලවර අමා මහ නිවනින් සැනසේවා.

ලයනල් ගුනතිලක මහතාණෙනි, මේ පින්කමට අදාලව පින්කම් දෙකක් ඔබ සිදුකරගත්තා. අටපිරිකර පූජාව වගේම බුදුපිලිම වහන්සේලා දෙනම පූජාව. ඒ පිලිබදව ලිපිය හෙට පලකෙරෙනව. මේ පින් බෙලෙන් ඔබේ පවුලේ සැමට යහපතම උදාවේවා. සියලු දුක් කම්කටොලු බාධක දුරුවේව‍ා. මියගිය ඥාතීන්ට මේපින් ලැබේවා. සියලු රැකියාකටයුතු ආදිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබේත් පවුලේ සැමගේත් යහපත පිණිස මේපින් හේතුවේවා. කෙලවර අමා මහ නිවනින් සැනසේවා.

දයාබර මංජු අක්කේ. ඔබ පිලිබද සටහන් තබන්නට මට තව ලිපි දහසක්වත් ලියන්න වේවි. අදුනගත් දා පටන් නිතර සෙවනැල්ලක් වූ ඔබ දුරු රටක සිටියද සැබැවින්ම මා පසුපස සිටින යෝධ ශක්තියක්. ඉතින් තවදුරටත් මොනවා කියන්නද? ඔබ සිදුකරනා මේ මහ පින් බලය ඔබේ මියගිය පින්වත් මවුතුමියට මහපින්කමක් ලෙස පූජාවේවා. ඔබේ පුංචි පුතාට මේ පින්බලය යෝධ ශක්තියක් වී ඉගෙනීමට මහා ශක්තියල් ලබාදේවා. ඔබ මා සිදුකරන මහා ශාසනික මෙහෙවර තවදුරටත් ගෙනය්නට මේ පින්කම් හේතුවාසනා වේවා...

මේ මහ පින්කමට වචනයෙන්, ශෙයා කිරීමෙන්, ලයික් කිරිමෙන් ආදීයෙන් පවා දායක වූ සැමට මේපින් හේතුවේවා. සියලයෙහපත් පැතුමන් ඉටුවේවා. ‍ෙකලවර අමා මහ නිවන්නින් සැනසීම ලැබේවා ...

මම එන්ද ලක්මාල්ද සිල්වා.

චෛත්‍යරාජයන් වහන්සේ ගෞතම බුදුසසුකට පූජා කිරිම

 අටපිරිකර චෛත්‍ය රාජයන් වහන්සේට පිදූ මොහොත ...

                        ඉන්පසු සාංඝික කොට පිදූ අවස්ථාව ...



පිරිකර ලබාදුන් අයට පිරිකර වෙන්කලෙමි ...








  

අටපිරිකරක් රු.3450/= ක් වන අතර අටක් මිලදී ගත් නිසා රු.2750/=ක් වැනි මුදලකට මිදී ගැනීමට හැකවිය.



මේ පින්කමට අදාල සියලු සටහන් මෙතැන්නින් නිමාවන අතර සැමට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් මෙන්ම කෙලවර අමා මහ නිවන් සුවය ලැබේබා ...